ඉතිහාසයේ ගඳ ගහන අන්තිම කැතම දේශපාලන යුගය තමයි අපි පහු කරමින් ඉන්නේ. දේශාපලන බලය අල්ලන්න ගහන්න තියෙන හැම තුරුම්පුවක්ම ගහලා, ව්‍යවස්ථා කැලේට විසිකරලා මේ නටන නාඩගම්වල ප්‍රතිඵල තව අවුරුදු 20කින් විතර අපේ දරුවන්ට මරුවට විඳින්න පුළුවන්.
තාම මේ රටේ හරි අගමැති කවුද? හරි ආණ්ඩුව මොකක්ද කියලා තෝරගන්න බැරුව උභතෝකෝටිකයක පැටලිලා ඉන්න ජාතියක් අපි. ඊටත් වඩා අවාසනාවන්තයි අපි. කොහොම වුණත් අපේ රටේ මජර දේශපාලනඥයන්ට මේවා වැඩක් නෑ. ඒ අයට ඕනේ තමන්ගේ බලය විතරයි. රටට හෙන ගහලා ගියත් අපි සැපේ ඉන්න ඕනේ. හොඳම උදාහරණ තමයි අර පහුගියදා එහාට මෙහාට පැන පැන ඉන්න මන්ත්‍රීවරු ටික. සමහර අය ඓතිහාසික දේශපාලන පසුබිම් තියෙන අය. දවස් දෙකකට පැත්ත හතර වතාවක් මාරු කළා. පුදුම මිනිස්සු.
දැන් ඒවනම් කමක් නෑ කියමු මේ වෙන දේවල් හැටියට. ඒත් මෙතන තියන අවුල අපේ රටේ පාලකයන් රටේ උත්තරීතර නීතියත් එක්ක නටන නාඩගම මොකක්ද කියලා. ඒක අපිටවත් හිතාගන්න බෑ. මේක අපිට බලාගෙන ඉන්න තැනට වැටිලා ඉවරයි. හේතුව මේ වෙන දේවල් ගැන ජනතාව,දැනුම්වත් නෑ.හිතන්න කී,දෙනෙක් මේ දවස් කීපයේ මගදී හම්බුණාම ඔබෙන් අහන දෙයක් තමයි "මොකද දැන් රටේ වෙන්නේ" කියලා. දැන් මේ අහන අය වෙන රටක අයද? වෙන භාෂාවක් කතා කරන අයද? නෑ මේ හැමෝම මේ රටේ පුරවැසියෝ. ඒත් දැනුවත් නෑ. ඒ නිසා වෙන්නේ මොනවද කියලා අපි බලන් ඉන්නවා.
ලෝකයේ අනෙක් රටවල් ගත්තම ඒ රටවල මිනිස්සු නීතිය ගැන ව්‍යවස්ථාව ගැන අඹ මල් රේණුවක හරි දැනුමක් තියෙනවා. ඒ වගේම අපේ රටේ වගේ අර්ථ නිරෑපණ, හරි වැරදි නෑ. කෙලින්ම රටේ ව්‍යවස්ථාව අනුව කටයුතු කරනවා. ඒ නිසා රටේ නීතිය පැහැදිලියි. ඒත් අපේ රටේ නීතිය අපැහැදිලියි. මේ රටේ පාලකයෝ ව්‍යවස්ථාවේ ගුල් අස්සෙන් රිංගනවා. එහෙම රිංගන්න ඒ අය පුංචි පුංචි ගුල් එහෙම හදාගෙන ඉන්නෙ. මේ ගුල්වලින් රිංගන රිංගිල්ල අන්තිමේදී පඹ ගාලක පැටලිලා තමයි නතර වෙන්නේ.
දැන් ඒ කතාව හරි නේද? අද වෙනකොට රට පඹ ගාලක නෙමෙයිද? ඔළුව උස්ස ගන්න බැරි ආර්ථික අර්බුදයක හිර වෙලා ඉන්න අපිට දැන් සැපද?
ඒනිසා මේ මජර දේශපාලනය ඇතුළේ හැම මොහොතකම ඔවුන් තමන්ගේ වටිනාකම වැඩිකරගත්තා මිසක් රට ගැන හිතුවේ නෑ. හැම මොහොතකම රිංගන්න පුළුවන් හැම අස්සකින්ම රිංගලා ඒ අය ඒ අයට කැමති දේවල් කරගත්තා. ඒත් අන්තිමට රට සූප්පලා දපු ඇඹ ඇටයක් වුණ එක විතරයි වුණේ. දැන්වත් තේරුම් ගන්න කෙනෙක් නැද්ද මේ ගේම් එක මොකක්ද කියලා.
මම
බ්‍රෝ