අපේ රටේ සම්ප්‍රදායික මැණික් පතල් කර්මාන්තයේ ඉතිහාසය ඉපැරණි රජ දවස දක්වා දිවෙන්නකි. එමඟින් ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට ලැබී ඇති දායකත්වය අති විශාලය. අනතුරැ අවම, මැණික් කැණීමේ සම්ප්‍රදායික ක්‍රමවේදයන් පිළිබඳව ලෝකයේ මැණික් කර්මාන්තය කෙරෙහි අවධානයෙන් පසුවෙන පර්යේෂකයෝ හා විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත්තේද ශ්‍රී ලංකාවටයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට රුගෙන යාම සඳහා “රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුන” ඉදිරිකිරීමේ කටයුතු පසුගිය 15 වැනිදා ආරම්භ විය.
රත්නපුර දෙමුවාවත ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙම මැණික් කුලුන අදියර දෙකක් යටතේ ගොඩනැගීමට සැලසුම් සකස් කර තිබේ. එහි පළමු අදියර සඳහා රුපියල් ලක්ෂ 3650ක් වැයකර පස් මහල් ගොඩනැගිල්ලක් ඉදි කෙරේ. මෙම කුලුනෙහි දෙවැනි අදියර ලෙස මහල් 14ක් ඉදිකෙරෙන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රැපියල් ලක්ෂ 4500කි.
ඉදිරි වසර 4ක කාලය තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් රුපියල් බිලියන 5ක විදේශ විනිමය ලබාගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙහි අරමුණ වී තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් අරමුදල් භාවිත කරන අතර මෙය අලෙවිකරුවන්ට සහ ගැනුම්කරුවන්ට එකම වහලක් යටට සම්බන්ධ වීමට හැකිවන පරිදි ඉදිකරන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයකි. එමෙන්ම මෙම මධ්‍යස්ථානය ආසියාවේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සඳහා ප්‍රමුඛතම විකුණුම් මධ්‍යස්ථාන වන බැංකොක් සහ හොංකොංහි මෙන් ස්වාධීන තත්ත්ව පරීක්ෂණ සේවා, රසායනාගාර සේවා සහ බැංකු සහ අපනයන සේවා සපයනු ඇත.
කර්මාන්ත පිළිබඳ කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ
අපේ මැණික් වෙළඳාම ජාත්‍යන්තර තලයට ගෙන යාම සඳහා වන මූලිකම අවශ්‍යතාව තමයි අපි මෙලෙස සපුරා ගැනීමට පියවර ගන්නේ. මෙය රත්නපුරය කේන්ද්‍රකරගත් මැණික් කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා එම කර්මාන්තයේ නියැලුණු පිරිස් දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි බලාපොරොත්තුවක්. මා යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශ තුනෙන්, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ අමාත්‍යංශය ඒ හා බැඳුණු සමාජ කොටස්වල අවශ්‍යතා කෙරෙහි පූර්ණ අවබෝධයෙන්, කාර්යක්ෂමව තම වගකීම ඉටුකරන රාජ්‍ය අමාත්‍යාංශයක්.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනයක් මේ රටේ ජනතාව ඇතිකර ගත්තේ තමන් කාලාන්තරයක් තිස්සේ අපේක්ෂා කළ දේවල් ඉටුවන අනාගතයක් නිර්මාණය කර ගැනීමටයි. වසංගත තත්වයක් යටතේ වුවත් අඩු ආර්ථික වර්ධන වේගයක් සහිත රටක් පසුගිය ආණ්ඩුව අපට භාරදී ගියත් මේ රට වැටී ඇති තත්ත්වයෙන් ක්‍රමානුකූලව ගොඩගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමන්, මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් ප්‍රමුඛ අපේ ආණ්ඩුව නායකත්වය දෙමින් සිටිනවා. විපක්ෂයට මේ තත්ත්වය බලා සිටීමට නොහැකිව අද ඔවුන් 2015 ජනවාරි 08 වැනිදාට පෙර ඔවුන් ගෙන ගිය අවලාද ව්‍යාපාරය යළිත් ආරම්භ කර තිබෙනවා.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ
මැණික් කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරිකයන් මෙන්ම සේවකයන් විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑවා. ඔවුන්ගේ පවුල්වල දරුවන්ටත් එහි බලපෑම් එල්ල වුණා. නමුත් දැන් සෞභාග්‍යයේ දැක්ම යටතේ රත්නපුරට මැණික් කුලුනක් ඉදිකිරීමට මුල් ගල තබා තිබෙනවා මෙම අති නවීන මැණික් කුලුනේ ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යාල සංකීර්ණයක්, වෙළෙඳ සංකීර්ණයක්, බැංකු පද්ධතියක්, අධි ආරක්ෂණ පද්ධතියක් මෙන්ම ඔබට අවශ්‍ය වාහන නැවැත්වීමේ අංගනයක්ද ඉදිවනවා ඒ වගේම අපේ මෙම උත්සාහය මල්ඵල දරන විට, ඉදිරි වසර 4ක කාලය තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක විදේශ විනිමය ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා.
ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ මහා සංගමයේ සභාපති පුන්සිරි තෙන්නකෝන්
රත්නපුර කියන්නේ කොහොමත් මැණික්වලට ප්‍රසිද්ධ නගරයක්. ඒ නිසා මෙවනි කුලුනක් රත්නපුරයේ ඉදිවීම පිළිබදව සැබවින්ම අපි සතුටට පත්වෙනවා. ඒ වගේම වත්මන් රජය මේ මැණික් කර්මාන්තය කඩා වැටීමට ඉඩ නොදී ඒ ක්ෂේත්‍රයේ ඉන්න සියළුම දෙනාගේ ජීවනෝපාය තර කරදෙයි කියන විශ්වාසය අපිට තිබෙනවා. සැබවින්ම ජාත්‍යන්තර වෙළඳපොළක් මේ කුලුන ඉදි කිරීමෙන් පසුව නිර්මාණය වෙයි කියලා අපිට බලාපොරොත්තුවක් තියනවා. කෙසේ වෙතත් රටේ ආර්ථිකය මේ මගින් තව වසර තුන හතරකින් ශක්තිමත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
සටහන: හසිත් අංජන