දත්තවලින් ලෝකය පාලනය කරන දිනය වැඩි ඈතක නොවේ. තොරතුරු තාක්ෂණය ජනජීවිතය වේගයෙන් ආක්‍රමණය කරමින් සිටී. කෘත්‍රිම බුද්ධිය වපරිසය පුළුල් කරන අතර සාමාන්‍ය පැවැත්මට අභියෝගයක් වී තිබේ. ලෝක ආර්ථික සංසදයේ විද්වතුන් නොබෝදා කරන ලද වාර්තාවකට අනුව රටක් පාලනය සඳහා ඉහළ පෙළේ සොල්දාදුවන් පත් කිරීමට වඩා දත්ත ප්‍රයෝජවත් වනු ඇත. හමුදා නිලධාරීන් අනුයුක්ත කර ගැනීම ප්‍රයෝජනයක් නැති දිනය වැඩි ඈතක නොවේ. දත්ත මත පදනම්ව තීරණ ගැනීම හමුදා සේනාංකයක් මෙහෙයවීමට වඩා පහසු කාර්යයක් බවට හැරේ.
සාමාන්‍යයෙන් ආණ්ඩුවේ නීති රීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නිලධාරී පැලැන්තියක් සිටිති. ත්‍රිවිධ හමුදා බල ඇණි පවරන අණට අනුව සේවය කරති. රටක බලය පෙන්වන්නේ සේනාංකයේ තරම සලකාය. නිල ලත් පිරිස මෙහෙවරෙහි යෙදෙති. සිවිල් පාලනය දුෂ්කර අවස්ථා ඇතිවෙයි. ස්වභාවික විපත් හෝ අරගල අවස්ථාවක පොලීසියට හෝ හමුදාවලට බලය පැවරේ. ප්රජාතන්ත්රවාදය බලපවත්වන රටවල සිවිල් කටයුතු වෙනුවෙන් හමුදාව යෙදවීම ගැන ප්‍රශ්න තිබේ. සෑහෙන විවේචන ඇත. තුවක්කුවලින් පාලනය කිරීම ලිබරල් අදහස් ඇති ජනයාගේ නොසතුටට හේතු වෙයි. මෑත කාලය තුළ ලෝකයේ නොයෙක් රටවල හමුදාකරණය සාකච්ඡාවට ලක් වූ කරුණකි. යුද පුහුණුව සහිත සෙබළුන් හදිසි අවස්ථාවක දී, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සහාය වන විට මහා ඉහළින් අගය කරන නමුත් එදිනෙදා පැවැත්මට බලපෑමක් වන බව දැනෙන විට ඇතිවන්නේ නොරිස්සුමකි.
අලුතින් දක්වන අදහස් අනුව දත්ත මගින් කරගත හැකි කාර්යය වඩා පුළුල්ය. ඕනෑම අවස්ථාවක විශ්ලේෂණය කළ හැකි තොරතුරු සම්භාරය දත්ත වශයෙන් සැලකේ. ජනගහණය, ආදායම් මට්ටම, අධ්‍යාපනය හෝ වෙනත් ඕනෑම අංශයක් ගැන ඉලක්කම් තිබේ. නිෂ්පාදන හෝ සේවා අංශ ගැන මෙකී ඉලක්කම් පැතිරී ඇත. තමන් සතු දත්ත කෘත්‍රිම බුද්ධිය සමඟ මෙහෙයවිය හැකි බව දැක්වෙයි. එය පාලකයකුට ශක්තියකි. තරගකාරී සමාජය තුළ අනෙක් පාර්ශ්වයේ ධනය හා බලය සම්බන්ධ දත්ත අනාවරණය කරගත හැකි වුවහොත් එය හොඳ ජයග්‍රහණයකි. හමුදාවක් මෙහෙයවනු වෙනුවට දත්ත මගින් තීරණ ගැනීමට කෘත්‍රිම බුද්ධිය අවස්ථාව පාදා ගනු ඇත
දහ නම වැනි සියවසේ දී කාර්මීකරණය ලෝකය ඉදිරියට ගෙන ගියේය. කර්මාන්ත විප්ලවය සිදුවන කාලවකවානුවේ දී බි්රතාන්ය හා ජපානය එහි පෙරමුණ ගත් බව දැක්විය යුතුය. කාර්මීකරණයේ ඉදිරි පියවර අනුව එම රටවල් දෙක ලෝකයේ සෙසු රටවල් අභිබවා ගියේය. කාර්මික යුගය පසුකර තාක්ෂණික යුගය එළඹෙන අවස්ථාවේ දී ප්‍රතිවාදීන් අභිබවා ඉදිරියෙන් සිටින තරඟයක් තිබේ. තාක්ෂණය සඳහා කරන ආයෝජනය සැලකිය යුතු තරම්ය. තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය සතු රටවල් බලවත්ව, ඉදිරියට පැමිණෙමින් තිබේ. දැනට ඇති තොරතුරු අනුව චීනය හා අමෙරිකාව දත්ත පරිහරණය හා කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ කටයුතුවලදී සාපේක්ෂව ඉදිරියට පැමිණ ඇත. කෘත්‍රිම බුද්ධිය සහිත පරිගණක භාවිතයේ දී ජපානය වඩාත් ඉදිරියෙන්ම සිටින බව අලුත්ම වාර්තා දක්වයි. දෙවනුව අමෙරිකාව හා චීනය තුන්වැනි ස්ථානයෙහි සිටී. කෙසේ නමුත් පස්වැනි පරම්පරාවේ තාක්ෂණය වෙනුවෙන් කරන ආයෝජනය සලකා බලන විට චීනය ඉදිරි කාලය තුළ පියවර ගණනක් වේගවත් විය හැකිය. පර්යේෂකයන් දක්වන අන්දමට කෘත්‍රිම බුද්ධිය භාවිත නොකරන සහ අනාගතයේ එන යුගයට අවතීර්ණ නොවන රටවල් පැරණි කාලයේ තිබුණු වහල්භාවයට සමාන තැනකට කොටු වනු ඇත. එය නූතන අධිරාජ්‍යවදීන්ගේ යටත්විජිත රටවල් විය හැකි අතර තාක්ෂණික අධිරාජ්‍යවාදීන් මෙම යටත් රටවල දත්ත උපයෝගී කරගෙන අලුත් ව්‍යුහයක් ගොඩනගනු ඇතැයි සැලකේ. තාක්ෂණිය යුගයේ යටත්විජිත ක්‍රමයට ගොදුරුවීම හෝ නිවහල්ව තමන්ගේ අවකාශය සූදානම් කර ගැනීම සම්බන්ධ වගකීම සියලු රටවල අයිතියක් බවට පත්වෙමින් තිබේ. අනෙක් රටක වහල්භාවයට පත්වීම ගැන තීන්දු කිරීම අද රටවල් පාලනය කරන නායකයන් සතුය. අවධානය යොමු කළ යුතු පැත්තකි.
තොරතුරුවලට අනුව කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් කරන ආයෝජනය වසරක් පාසා වර්ධනය වෙමින් තිබේ. කොවිඩ් වයිරසයේ බලපෑම එය වේගවත් කර ඇත. ආයෝජන අංශ සිය සැලසුම් තුනෙන් එකක එනම් සියයට තිහක ප්‍රතිශතයකින් වේගවත් කරන ලද බව වාර්තා වෙයි. ප්‍රකට සමාගම් අනාගතය වෙනුවෙන් යුහුසුළු වෙමින් සිටී. ප්‍රවාහනය, නිෂ්පාදනය, සෞඛ්‍ය, අධ්‍යාපන, මාධ්‍ය සහ පාරිභෝගික සේවා යන පැති කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් කරන කැපවීම වේගවත් වී තිබේ.
වසර 2050 වන විට විනෝදය, වෛද්‍ය ප්‍රතිකාර, ස්වයංකී‍්‍රය යාන වාහන යනාදිය කෘත්‍රිම බුද්ධිය යටතේ ජනයා අතට පත්වනු ඇති බව සැලකේ. චීනය කෘත්‍රිම නිවේදකයන් ප්රවෘත්ති කියවන්නට යොදවා ඇත. බී.බී.සී. සේවය සිය භාෂා පරිවර්තනයට හා ව්‍යාකරණ තේරුම් ගැනීමට කෘත්‍රිම බුද්ධිය හඳුන්වා දී තිබේ. අනාගතයේ දී මාධ්‍ය නාලිකාවක හෝ චිත්‍රපට වෙබ් අඩවියක නරඹන්නන්ට අවශ්‍ය දේ තෝරන්නේ කෘත්‍රිම බුද්ධිය වන අතර වෙළෙඳපොළ හැසිරවීම හා ඉල්ලුම පාලනය කිරීම දත්ත මත සම්පූර්ණයෙන්ම යැපෙනු ඇත. කාර්මික විප්ලවය සිදුවූ කාලයේ ඉන්ධන තරමට අනාගත තාක්ෂණික යුගයේ දී දත්ත ඉන්ධනවලට වඩා වැඩි සම්පතක් විය හැකි බව ප්‍රකාශ වෙයි. ලැබෙන, හුවමාරු වන දත්ත පාලනය කිරීම ආණ්ඩුකරණය බවට හැරවෙනු ඇත. එහිදී සොල්දාදුවන් හෝ හමුදා නිලධාරීන්ගෙන් ලබාගත හැකි වන පිටිවහල කොතැනකට යොමුවනු ඇතිද යන්න සලකා බැලිය යුතුය.
ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.
මිලින්ද මොරගොඩ