වෙළෙඳ ව්‍යාපාර තුළ අතරමැදියෝ සිටිති. නිෂ්පාදනය එක තැනෙකය. තොග වශයෙන් මිල දී ගන්නෝ සිටිති. ඒවා නැවත නැවතත් වෙළෙඳුන් අත හුවමාරු වෙයි. අවසානයේ දී පාරිභෝගිකයා මිල දී ගන්නේ අතින් අත හුවමාරු වූ භාණ්ඩයකි. හත් අට පොළක දී අතරමැදියන් ලාභ උපයන විට ඒවාට වන්දි ගෙවන්නේ පාරිභෝගිකයන් බව අමතක කළ යුතු නැත. නීති හදා මිල පාලන වැටලීම් කළ යුගය අවසන් වෙමින් තිබේ. මුදලාලිලා නැත. මෙරට ව්‍යවහාරයෙන් සඳහන් කළහොත් ජාවාරම්කාර මාෆියාව අහෝසි වන දිනය අත ළඟය. වෙළෙඳාමට තාක්ෂණය එකතු වෙයි. නිපදවන තැන හා පාරිභෝගිකයා අතර ඍජු සම්බන්ධතා වලින් නැවුම් නිෂ්පාදන අඩුම මිලට සැපයෙන රාමුවක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තා අනාවරණය කරයි.
අන්තර්ජාලයෙන් ඇනවුම් කළ හැකි අතර නිවෙසටම පැමිණෙයි. එය අමෙරිකාව, චීනය යන රටවල දැන් ඉතාමත් ජනප‍්‍රිය වී තිබේ. පොදුවේ වෙළෙඳපොළට නිපදවන සංකල්පය ද සීමාවන ලකුණු පහළ වී ඇත. පාරිභෝගිකයකුට තමන් කැමැති ඇඳුමක් රහිත විලාසිතාව හෝ වර්ණය අනුව අනන්‍ය ආකාරයකට ඉල්ලා සිටියහොත් එය වහා සපයන්නට තරම් ඇඟළුම් කර්මාන්තයට තාක්ෂණය ඇතුළු වී ඇත. එය නිෂ්පාදකයා කෙළින්ම එක පාරිභෝගිකයකුට සපයන ඇඳුමකි. ආහාරපාන යනාදිය පවා කලිනි. ඇනවුම් කළ පරිදි තමන්ට අවශ්‍ය ප‍්‍රමාණයෙන් අවශ්‍ය රසකාරක සහිතව නැවුම්ව පුද්ගලයකුට වෙන්කර නිපදවන ස්වයංකී‍්‍රය යන්ත‍්‍ර නිපදවා ඇති අතර ඒවා කාර්යබහුල සමාජය තුළ භාවිතය ඇරුඹී තිබේ. නිවෙසේ දී ඇනවුම් කරන ආහාරය අතරමඟ නියමිත තැනකින් වාහනයේ සිට මිල දී ගත හැකි තරමට ව්‍යුහය වෙනස් කර ඇත.
මෙවැනි ඇනවුම්, පුද්ගල මිල දී ගැනීම් යනාදී වෙළෙඳාම පවා නැවතත් සංකීර්ණ පැත්තකට හැරී තිබේ. එයට අනුව කිසිම මනුෂ්‍යයකු සම්බන්ධයක් නැති වෙළෙඳාම් ක‍්‍රමයක් ද හඳුන්වා දී තිබේ. ප‍්‍රකට ඇමේසන් ව්‍යාපාරය එය 2018 දී පාරිභෝගිකයන්ට සැපයීය. චිකාගෝ නගරයේ අරඹන ලද අලෙවිසලක කැමරා සිය ගණනක් සහ ඒවාට සම්බන්ධ වූ සෙන්සර් උපාංග විශාල ප‍්‍රමාණයකි. වෙළෙඳසලේ පාරිභෝගිකයා හඳුනා ගන්නා යන්ත‍්‍ර එතැනට පැමිණ භාණ්ඩ තෝරාගෙන පිටත් වන ගනුදෙනුකරුවන්ගේ ගිණුමෙන් මොහොතකින් මුදල් අය කර ගැනේ. ඇමේසන් වෙළෙඳ ජාලයේ ගිණුමක් පමණක් ප‍්‍රමාණවත්ය. ගිණුම් හිමියා ස්වයංක‍්‍රීයව හඳුනා ගන්නා යන්ත‍්‍ර අතට ගෙන දොරටුවෙන් ඉවත් වන පාරිභෝගිකයන් කරන මිල දී ගැනීම අනවශ්‍ය හිරිහැර වලින් තොර කරන ව්‍යාපාරයක් බවට හරවා ඇත. ඇමේසන් සමාගම මෙම වෙළෙඳසල් සැන් ප‍්‍රුන්සිස්කෝ සහ ලොස්ඇන්ජලීස් නගරවල අරඹන ලද අතර පසුව ඉන්දුනීසියාවේ ජකර්තා නගරයට ද හඳුන්වා දී තිබේ. චීනයේ ඩී.ජේ ඩොට් කොම් නමැති ව්‍යාපාරය සම්පූර්ණයෙන් ස්වයංකී‍්‍රය වෙළෙඳසල් සියයක් ආරම්භ කරන්නට සැලසුම් කර තිබේ. එය දැන් ඇමේසන් සමාගම චීනයේ පවත්වාගෙන යන කාර්ය මණ්ඩලයක් නැති පරිගණක ගත වෙළෙඳසලට එකතුවක් වශයෙනි.
චීනයෙන් අනාවරණය වන කරුණු අනුව එරට ග‍්‍රාමීය ජනතාවට පවා නගරයේ ඇති වෙළෙඳසල්වලට ප‍්‍රවේශ වන තාක්ෂණය සකස් කර ඇත. සෙන්සර් පද්ධතියක් මගින් ගනුදෙනුකරු හඳුනා ගන්නා අතර ඕනෑම තැනකින් ඇනවුම් කරන හෝ මිල දී ගන්නා දේ පාරිභෝගිකයා අතට පත් කෙරේ. අලිබාබා හා ඩී.ජේ. ඩොට් කොම් සමාගම් සේවා සැපයීමේ දී සෑහෙන ප‍්‍රගතියක් පෙන්වා තිබේ. චීනය වී චැට් හා අලි පේ ක‍්‍රමයට මුදල් ගෙවන්නට හුරුවෙමින් සිටියේය. එවැනි ක‍්‍රමවලින් බටහිර රටවල වෙළෙඳපොළ වලින් මිල දී ගැනීම කළ නොහැකි තැනක තිබුණි. තාක්ෂණය එය වෙනස් කර තිබේ. අලි පේ වලින් ගෙවන අතර සුප‍්‍රකට වෝල්මාර්ට් වෙළෙඳ සංකීර්ණයේ අලෙවියට තබා ඇති දෙයක් චීනයේ දුර බැහැර නගරයකට ලැබීම අලුත්ම අත්දැකීමක් වී ඇත. තාක්ෂණය හා වෙළෙඳ සහකරුවන් නැති වෙළෙඳාමක් මගින් රුකියා අහිමිවීමක් ගැන භීතියක් තිබුණත්, වෙළෙඳසල තුළ මුදලාලි සංකල්පය වෙනුවට මිල දී ගන්නා දේ වහා ප‍්‍රවාහනය කරන්නට තවමත් මිනිස් ශ‍්‍රමය භාවිත කරන බව චීනය දක්වයි. කෙසේ වෙතත් අනාගතයේ දී ඩ්‍රෝන තාක්ෂණය ද එකතු වෙන්නට ඉඩ තිබේ. සමහර රටවල තරමක දුරක් සුළු භාණ්ඩ ප‍්‍රමාණයක් ඩ්‍රෝන යන්ත‍්‍රවලින් ගුවනින් ගෙන යන බව දැනටමත් ප‍්‍රසිද්ධය.
ඊ වෙළෙඳාම නොඑසේනම් පරිගණක යන්ත‍්‍රවලින් කරන ගනුදෙනුවලදී විශාල ජනගහණයක් සහිත චීනය ඉදිරියෙන් සිටී. 2019 වසරේ ලෝකයේ කරන ලද ඊ වෙළෙඳාමෙන් සියයට 57ක් චීනයෙන් වාර්තා වූ බව සඳහන්ය. එම වසර තුළ කරන ලද ප‍්‍රවර්ධනයක් අනුව අලිබාබා සමාගම කුඩා වෙළෙඳසල් ලක්ෂයක් අන්තර්ජාල ගනුදෙනු ස්ථාන බවට හරවා තිබේ. නොදන්නා තැනක ගනුදෙනුකරුවන් වෙළෙඳසලට නොපැමිණ ගනුදෙනු කරන අතර එය ගනුදෙනුකරුවන් පැමිණ මුදලාලිලා නැති වෙළෙඳසලකින් භාණ්ඩ රුගෙන ස්වයංක‍්‍රීයව මිල අයකර ගන්නට සලස්වා පිටත්ව යන ක‍්‍රමයට වඩා වෙනස්ය. මෙම ක‍්‍රම දෙක මගින්ම දැන් පවතින අධිපතිවාදී වෙළෙඳ රාමුවට තර්ජනයක් ඇති කරන බව නිසැකය.
තාක්ෂණය සමඟ වෙළෙඳාම සේවාවක ස්වරෑපයට පත්ව ඇති අතර පාරිභෝගිකයාට රිසි තැනකින් තමන්ට අවශ්‍ය දේ කැමැති පරිදි මිලයට ගන්නා අවස්ථාව විවෘත වෙමින් තිබේ. අසල ඇති වෙළෙඳසලෙන් එම මුදලාලිගේ අණසක හා නියම කරන මිල අනුව භාණ්ඩයක් මිල දී ගත යුතු රාමුව සහමුලින්ම වෙනස් වන අතර එය පාරිභෝගිකයා වඩාත් උසස් තැනකට කැඳවන සාධාරණ වෙළෙඳ සංකල්පයක් නිර්මාණය කරනු ඇත. නිෂ්පාදකයාට ද එයින් අත්වන වාසිය ඉමහත්ය. ගොවිපොළ තුළ ඊ වෙළෙඳාමක් ආරම්භ කරන්නට හැකියාව තිබේ. මෙවැනි වෙනස්කම් වෙනුවෙන් තාක්ෂණය අවශ්‍යය. තොරතුරු සන්නිවේදනය දියුණු කළ යුතුය. ලෝකයේ අනෙක් රටවල්වල සිදුවන දේසිහින පමණක් විය යුතු නැත. යථාර්ථයක් කරගත හැකි වන පරිදි තාක්ෂණය යාවත්කාලීන කිරීමට පියවර ගැනීම අවශ්‍යය. ආණ්ඩු පමණක් නොව පෞද්ගලික අංශය පවා සන්නිවේදනයේ නවීන ස්වභාවය සමඟ එකතු වන පියවර සාකච්ඡා කිරීම සුදුසුය.
ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.
මිලින්ද මොරගොඩ