- හෑගොඩ විපස්සි හිමි
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ ථේරවාදී බුදුදහම ගැන නිතර අධ්‍යයනය කරන බුද්ධ පුත්‍රයෙකි. සමාජයේ දේශපාලන වෙනස්වීම් ගැනද උන්වහන්සේ නිරන්තර විමසිල්ලෙන් පසුවෙති. මේ විපස්සි හිමි භික්ෂුවගේ වර්තමාන කාර්යභාරය විග්‍රහ කරන ආකාරයයි.
භික්ෂූන් වහන්සේ ඍජුව දේශපාලනයට එළැඹ කටයුතු කිරීමෙන් භික්ෂූත්වයට නොගැලපෙන ක්‍රියාකාරකම් සිදුවන බව පේනවා. ඒ ගැන ඔබවහන්සේගේ අදහස?
පුරාණයේ සිටම සිදුවුණේ රටේ පාලකයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට භික්ෂූන් වහන්සේ ඉදිරිපත් වීමයි. &මේ දේ හොඳයි - මේ දේ නරකයි* කියලා පාලකයන්ට කියලා වටහලා දුන්නේ භික්ෂූන් වහන්සේලායි. භික්ෂූන් වහන්සේ කියන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. බුදුන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වන්නේ සියලු රාජ්‍ය සම්පත් අත්හැර දාලයි. ඒ නිසා බුද්ධ ශ්‍රාවකයන් රාජ්‍ය පාලකයන් වෙනවා කියන්නේ කිසිසේත් අදාළ කාර්යයක් නොවෙයි.
බුදුන් වහන්සේ රාජ්‍ය පාලනය ගැන කරැණු දේශනා කර තිබෙනවා නේද?
ඔව්. රටක් පාලනය කළ යුත්තේ කෙසේද යන්න ගැන ඕනෑතරම් සූත්‍ර දේශනාවල තිබෙනවා. අන්න ඒ සූත්‍ර දේශනාවලින් ධර්මානුකූල පැවැත්ම ජනතාවට හා පාලකයන්ට කියලා දීම තමයි භික්ෂු භූමිකාව වන්නේ. නූතන භික්ෂුව බුදුන් වහන්සේගෙන් උරැම වූ මේ අනුශාසනාවෙන් වැළකුණු නිසා ඉතා විශාල අගාධයකට අපි ගමන් කරමින් ඉන්නවා.
ඡන්ද සටන්වල නියැලිලා පාර්ලිමේන්තු යන භික්ෂුව රට පාලනයට හවුල්වෙනවා නේද?
නෑ. නූතන භික්ෂුව දේශය පාලනය කරන්නේ නැහැ. නමට පමණක් පාර්ලිමේන්තුවේ වාඩිවෙනවා. භික්ෂුව ඇතැම් පුද්ගලයන්ට ඡන්දය ජයගැනීමට උදව්කර තිබෙනවා. ඒ භූමිකාව භික්ෂුව හැර අන්‍යාගමිකයන් භුක්ති විඳිනවා. භික්ෂුව හරහා දියවන්නාව තරණය කළ අයගෙන් වරප්‍රසාද ලබාගන්නේ වෙනත් පිරිසක්. වෙනත් ආගමිකයන් තම තමන්ගේ ආගමික මතවාද ප්‍රචාරය කිරීමට රජයෙන් උදව් උපකාර ගන්නා බව පේනවා. භික්ෂු භූමිකාව වන්නේ රට පාලනය කරන පුද්ගලයන් වැරදි මාර්ගයක ගමන් කරනවා නම් ඔවුන් නිවැරදි කිරීමයි. රාජ්‍යය පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා. කිසිම ව්‍යවස්ථාවක නෑ තම තමන් බලයට පත්වුණාම රටේ සම්පත් විකුණගන්න කියලා. ඒ වගේම කිසිම තැනක නෑ දේශපාලනඥයන්ට හොරකම් වංචා කරන්න කියලා.
සමහර භික්ෂූන් වහන්සේලා මන්ත්‍රී පදවිවලට පවා රණ්ඩු දබර වෙනවා අපට පේනවා?
ඔව්. කිසිසේත්ම මන්ත්‍රීකමකට, භික්ෂුව සුදුසු වන්නේ නැහැ. ඒක මහ පිළිකාවක්. ඊට වඩා වටිනාකමක් අපට තිබෙනවා. ඒ %භික්ෂුකම^යි. ඒක ආරක්ෂා කරගත යුතුයි. භික්ෂූන් වහන්සේලා මෑත භාගයේදි පාර්ලිමේන්තුවට වැඩම කිරීමෙන් වූ සෙතට වඩා ඉන් වූ හානිය, අවැඩ ඉහළයි. ශාසනික වශයෙන් වගේම ජාතික වශයෙන්ද ඉන් විශාල හානියක් වුණා. උන්වහන්සේලාට බුදු දහමින්, පොතපතින් ඈත්වෙලා තමයි දේශපාලන වැඩ කරන්න වුණේ. ඊට වඩා ලොකුකමක් අපට තිබෙනවානේ. ඒ භික්ෂු භූමිකාවයි.
භික්ෂූන් වහන්සේලා මන්ත්‍රීවරැ වීම ශාසනයට බලපාන්නේ කෙසේද?
මන්ත්‍රීකම වගේ දේවල් නිසා සිදුවන්නේ ශාසනය සම්පූර්ණයෙන් නැතිවීමයි. මේකෙන් අපි වැළකිය යුතුයි වගේ තීරණයකට එළඹෙනවා නම් තමයි මේ විපර්යාසයෙන් වැළකිය හැක්කේ. එහෙම එළඹීමක් වන්නේ නැහැ. පාර්ලිමේන්තුව භික්ෂුවට සුදුසු තැනක් නොවෙයිනේ. එතැන අපට මධ්‍යස්ථාව ක්‍රියාත්මක වීමට බැහැනේ. මේ ආයතනවලට ගිහින් භික්ෂූන් වහන්සේ කරපු දෙයක් නෑනේ. මේ වනවිට ප්‍රකට බෞද්ධයෝ පවා විවිධ ආගමික කල්ලිවලට ගොදුරැවෙලා. ඒ වගේම ලංකා ඉතිහාසය විකෘති කර තිබෙනවා. බුදු දහමේ නොසරැප් ලෙස හැසිරෙන, අපි බුදුවුණා, රහත් වුණා කියලා හැසිරෙන භික්ෂූන් වහන්සේලා කියලා කියාගන්නා කොටසක් ඉන්නවානේ. අවම වශයෙන් ඒ දේවල්වත් නැති කරන්න ඔය මන්ත්‍රීකම්වලින් බලයක් තිබෙනවාද?නෑ. රාජ්‍ය ආයතනවල වංචා දූෂණ වැහිවැහැලා. රටේ පාලකයෝ ඇමැතිවරැ එදා ඉඳන් හොරකම් කළා. ඒවාවත් නවත්වන්න භික්ෂුවට හැකිවෙලා නැහැ. ශාසනය නැමැති ගොදුරැබිම තුළ ඉඳන් තමයි භික්ෂුවට රට හදන්න පුළුවන්. ඒක පිළිනොගත්තොත් තව අවුරැදු 40ක් පමණ යනවිට ශාසනය පිරිහී යනවා.
එසේ නම් භික්ෂූන් වහන්සේ කළයුත්තේ කුමක්ද හාමුදුරුවනේ?
කළ යුත්තේ පුද්ගලයාගේ ආකල්පමය සංවර්ධනයක්. ඒකට ඥාන දර්ශනයක් අවශ්‍යයි. ඒ ඥාන දර්ශනය තමයි බුදුදහම. ජනතාවගේ චින්තනය බුදුදහම පසුබිම් කරගෙන සකසා ගැනීමට භික්ෂුව මැදිහත් විය යුතුයි. නමුත් ඒ දේ සිදුවන්නේ නැහැ.
මේ රටේ සියලුම ජනතාව බෞද්ධ වියයුතු යැයි අපි අදහස් කරන්නේ නැහැ. නමුත් බුදුදහමේ දේශනා තුළ ඕනෑම ආගමිකයකුට යහපත්ව ජීවත්විය හැකියි. යාපනයේ කුලවාදය බහුලව තිබෙනවා. බුදුන්වහන්සේ කුලවාදය ප්‍රතික්ෂේප කළා. ඒ යහපත් ආකල්ප ගොඩනගා ගැනීමට අවශ්‍ය වටපිටාව ගොඩනැගිමයි භික්ෂුව කළ යුත්තේ. නමුත් පාර්ලිමේන්තු ගිය කවුරැවත් ඒක කළේ නැහැ.
ආදායම කළමනාකරණය කිරීම ගැනත් බුදුන්වහන්සේ දේශනා කළා නේද?
ඔව්. ඒක ඉතා ප්‍රකට දෙයක්. සිඟාලෝවාද සූත්‍රයට අනුව උපයන ධනය යුතුකම් ඉටුකිරීමට. දානමානාදියට, තමන් හා නෑදෑයන්ගේ භාවිතයට සහ අනාගතය උදෙසා ආයෝජන වශයෙන් වෙන්කළ යුතුයි. බෞද්ධ ආර්ථික දර්ශනය මත අපි ජීවත්වුණා නම් අපි ලෝකෙට ණයවීමට අවශ්‍ය නෑනේ. නමුත් දේශපාලනය කරන භික්ෂූන් වහන්සේ මේ දේවල් ජනතාවට කියාදෙන්නෙ නෑනේ. මේ ආර්ථික දර්ශනය මත ක්‍රියාත්මක වුණා නම් පසුගිය වසංගත කාලේ වුණත් කරදරයක් නැතිව ජීවත් වෙන්නතිබුණානේ?
පළාත් සභා, පාර්ලිමේන්තු දේශපාලනයට අමතරව තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් වෘත්තීය සමිතිවලටත් මැදිහත්වෙලා දේශපාලන සටන් කරනවා නේද?
මේක ඉතා නරකම ප්‍රවණතාවක්. මෑත භාගයේදී අපිත් දැක්කා තරැණ භික්ෂූන් වහන්සේලා පවා වෘත්තීය සමිතිවල කාර්යභාරය ඉටුකරන්න යනවා. ඍජු ලෙසම වෘත්තීය සමිතිවලට අවතීර්ණ වෙලා තිබෙනවා. මෙතැනදී මුරැත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරැවන්ගේ භූමිකාව අමතක කරන්න බෑ. උන්වහන්සේ නම් හෙද සංගමයේ නායකත්වය ගෙන කටයුතු කිරීමට මැදිහත් වුණේ බලවත් ඉල්ලීමක් නිසයි. හැමෝටම ආනන්ද හාමුදුරැවෝ වගේ වෙන්න බෑ.
කොහොම වුණත් භික්ෂුවට වෘත්තියක් නෑ. භික්ෂූත්වය ආරක්ෂා කරගෙන ඕනෑම තැනක ජීවත්විය හැකියි. ඒ මත අපට නායකත්වය දෙන්න පුළුවන්. බුදුන් වහන්සේ දේශනා කළා භික්ෂු ආකල්ප මත කටයුතු කරනවා නම් ඕනෑම සමිතියකට අපට අනුශාසනා කළ හැකියි. ගැටලුව තිබෙන්නේ වෘත්තීය සමිතිවලට නායකත්වය දෙන්න ගියාම තමන් වීරයෝ වීමනේ. ඒ ක්‍රියාදාමය හරහා සම්පූර්ණයෙන් භික්ෂූත්වය නැතිවෙනවා. ඒ දේවල්වලට භික්ෂුව අත නොපා ඉන්නවා නම් හොඳයි කියන එක තමයි අපගේ අදහස.
මේ වගේ වැඩකටයුතු නිසා සමාජයේ භික්ෂූන් කෙරෙහි ඇති ගෞරවනීය ආකල්පවලට හානියක් වෙනවා නේද?
ඔව්. සම්පූර්ණයෙන් හානිවෙලා තිබෙන්නේ. භික්ෂු නායකත්වය කියන දේ දැන් ප්‍රතික්ෂේප වෙමින් යන්නේ. ඔය වගේ වැඩ නිසා තමයි. වෘත්තීය සමිතියක් ගොඩනැගෙන්නේ ඇත්තෙන්ම දේශපාලන පදනමක් මතයි. ඒ ක්‍රියාදාමවලින් වැළකී මධ්‍යස්ථව, ධර්මානුකූලව යම් යම් වැරදි තිබේ නම් ඒවා පෙන්වාදීමේ හැකියාව පැවතිය යුතුයි. අපි නායකත්වය දිය යුත්තේ ධර්මයටයි. බුදුදහමට නායකත්වය දීම පමණයි භික්ෂුවගේ කාර්යභාරය විය යුත්තේ.
මහාචාර්ය වල්පොල රාහුල වගේ හාමුදුරැවරු දශක හයකට පමණ පෙර සමාජයේ ආකල්පමය වෙනසකට උත්සාහ කළා නේද?
ඔව්. උන්වහන්සේ භික්ෂුවගේ උරැමය වගේ කෘති රාශියක් රචනා කළා. එවකට පැවති ගැටලු ගැන ශාස්ත්‍රීය පදනමකින් බලා සමාජය දැනුවත් කිරීමට උන්වහන්සේ කටයුතු කළා. ඒ ගැන බොහෝ දෙනෙක් කතා බහ කළා. නමුත් ඒ ධර්ම ශාස්ත්‍රීය පදනම අද නෑ. ගැටලුව තිබෙන්නේ එතැනයි. මෑත භාගයේ බිහිවුණු පාලකයන් පවා කරන්නේ දේශපාලනය නොවේ. ද්වේශයෙන් පාලනය කිරීමයි. ද්වේශය සතර අගතියෙන් එකක්. මේ සතර අගතියෙන් යුත් පුද්ගලයෝ මධ්‍යස්ථාභාවයට පත් කිරීමටයි භික්ෂුව නායකත්වය ගත යුත්තේ.
කුසුම්සිරි විජයවර්ධන
සේයාරුව: සුමුදු හේවාපතිරණ