2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

සිසුවාට දුන් කනේ පහරට ලක්ෂ 61/2ක් වන්දි ගෙවූ ගුරුවරයා

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

දරුවකු යනු ආදරයෙන් රැකබලා ගත යුතු සම්පතකි කෲරත්වයෙන් නොසලකා රැකගත යුතු සම්පතකි. ස්ථිර වශයෙන් දහතුන් වසරක පාසල් අධ්‍යාපනය ලබන ළමයින්ට ශාරීරිකව දඬුවම් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය ද අනුමත නොකරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් ළමයින්ට දඬුවම් කිරීම මූලික අයිතිවාසිකම් කඩකිරීමකි.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියෙන් ළමයින්ට දඬුවම් කිරීම අනුමත නොකරයි. ළමා අයිතිවාසිකම් සුරුකීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මුතීන්ට අත්සන් තබා ඇති ශ්‍රී ලංකාව තුළ ළමයින් මුහුණදෙන අසාධාරණකම් කොතෙකුත් වාර්තා වෙයි. බොහොමයක් වගකීම්සහගතව හැසිරිය යුතු වැඩිහිටියන්ගේ නොමනා ක්‍රියාවන්ය. එවැනි අවැඩකට එරෙහිව ක්‍රියාත්මක කෙරුණු නීතිය හමුවේ පාසල් ගුරැවරයකුට සිදුව තිබුණේ ළමයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක් සිය පෞද්ගලික මුදලින් වන්දි ගෙවීමටය.

සිදුවීම සම්බන්ධයෙන් කියැවුණේ ගුරුවරයකු විසින් සිසුවකුට පහර දී කන පලා ඇති බවය. එය වාර්තා වී ඇත්තේ මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයෙනි. එම පාසලේ විනය භාර ආචාර්යවරයා විසින් එසේ පහරදී තිබීම විශේෂ කාරණයකි. එම ගුරුවරයා සිසුවකුගේ කනට ගසා බරපතළ හානි සිදුකිරීමෙන් දරුවාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණේ පසුගිය 12 වැනිදාය. සිදුවූ හානිය වෙනුවෙන් එම ගුරැවරයාගේ පෞද්ගලික මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක් ගෙවන ලෙසත් තවත් රැපියල් ලක්ෂ පහක් අමතර වශයෙන් වන්දි ලෙස ගෙවීමට රජයටත් නියෝග කොට තිබිණි.

මෙම වන්දි මුදල නියෝගය ලබාදුන් 12 වැනිදා සිට මාස හයක් ඇතුළත ගෙවීමට නියෝග කොට තිබුණේ අදාළ අගතියට පත් දරැවාගේ මවුපියන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදීය.
මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ එවකට ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුවකුට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් සිසුවාගේ මවුපියන් වන එච්.එම්. කරුණාපාල හා පී.කේ.ඩී. කුමුදුනී යුවළ විසින් නඩුව ගොනු කර තිබිණි. ඒ මීට වසර හතරකට පමණ ඉහතදීය. නඩුවේ වගඋත්තරකරැවන් ලෙස එම විද්‍යාලයේ ආචාර්ය ජයන්ත සිරිවර්ධන, විදුහල්පතිනි එම්. ලීලාවතී මහත්මිය ඇතුළු සිය දෙනෙක් නම් කර සිටියහ.

පෙත්සමට සම්බන්ධ සිදුවීම 2017 වසරේ පෙබරවාරි 23 වැනිදා හෝ ආසන්න දිනක සිදුව ඇතැයි පැවසේ. පහරකෑමට ලක්වූ සිසුවා සුපුරුදු පරිදි එදින පාසලට ගොස් තිබිණි. එදිනම නියමිත කාලසටහන අනුව එම දරැවා ඇතුළු පිරිසට පළමු හා දෙවැනි කාලපරිච්ඡේද කෘෂිකර්ම විෂය සඳහා වෙන්ව තිබී ඇත. අදාළ සිසුවා ඇතුළු දරුවන් තිදෙනකුට නියම කර ඇත්තේ එළවළු වගාවක් සඳහා තවානක් සැකසීමටය. ඊට එක්වූ සිසුන් පිරිස එම කටයුත්ත අවසානයේ දෑත් දෙපා හා උපකරණ පිරිසුදු කරමින් සිටියහ. එහිදී වෙනත් සිසුන් දෙදෙනකු එතැනට පැමිණ පෙර කී මවුපියන්ගේ 15 හැවිරිදි දරැවා වෙත දන්වා ඇත්තේ විනය භාර ආචාර්යවරයාගේ කාර්යාලයට පැමි‍ණෙන ලෙසය. සිසුවා එම ස්ථානය වෙත ගොස් තිබුණේ අනතුරුවය. එහිදී ගුරුවරයා ප්‍රශ්න කර ඇත්තේ විදුහල්පති විසින් වාඩිනොවන ලෙස දන්වා තිබෙන ස්ථානයක නැගී වාඩිවී සිටීම සම්බන්ධවය. එහිදී විනය භාර ගුරැවරයා සිසුවාගේ වම් කනට පහර දී එතැනින් එළවා දමා ඇතැයි කියති.

සිදුවීමෙන් පසුව දරුවා දැඩි වේදනාවකින් පසුවිය. පසුව පන්තිය වෙත පැමිණි පහරදුන් ගුරැවරයා ඕක ගණන් ගන්න එපා යැයි කියා තිබේ. පසුව පන්ති භාර ගුරුතුමිය දරුවා හමුවේ කියා තිබුණේ පස්සේ ඕක ඇරිලා යයි. ගෙදර ගිහින් එක දෙක කරලා කියන්න එපා යනුවෙනි. වේදනාවෙන් පසුවූ දරැවාට පැනඩෝල් පෙති දෙකක් හැර කිසිදු ප්‍රතිකාරයක් පාසල මගින් ලබා නොදුන් බව පෙත්සම මගින් දන්වා ඇත. අනතුරැව දරැවාට වේලාසන නිවෙසට යාමට අවස්ථාව ලබා දී ඇති අතර මිත්තණිය විසින් දරැවා මාතර මහරෝහලට ඇතුළත් කර තිබිණි. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලටද මාරැ කර යවා තිබිණි. ඒ අවස්ථාවේ දරැවාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලීසිය පියවර ගෙන තිබිණි. පසුදිනක රෝහලෙන් පිටව ගියද දරැවාගේ කනෙහි වේදනාව අඩු නොවූ බවද පෙත්සම මගින් කරැණු දන්වා තිබිණි.

ගුරැවරයා හෝ පහරකෑමට ලක්වූ සිසුවා යන දෙපාර්ශ්වය අතර පෞද්ගලික ආරවුලක් නැති බව වාර්තා වේ. ඉදිරිපත් වූ කරැණු අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය ප්‍රකාරව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව අනාවරණය විය. ඊටත් වඩා අදාළ සිදුවීමෙන් දරැවාගේ ජීවිත කාලයටම බලපාන හානියක් සිදුව තිබෙන බවද හෙළි වී තිබිණි. මෙකී හානිය වෙනුවෙන් අදාළ වන්දි මුදල ගෙවීමට අධිකරණ නියෝග කරනු ලැබීය.
සිසිර ද ආබෘහා මුර්දු ප්‍රනාන්දු මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැ එස්. තුරේරාජා මහතා විසින් මෙම තීන්දුවට එළැඹිණි.

 සමන්ත විල්තෙර

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03