මේ දක්වාම අපේ රටේ සමස්ත රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම, උසස් කිරීම සහ කාර්යක්ෂමතා කඩඉම් විභාග ආදිය පැවැත්වූයේ විභාග දෙපාර්තමේන්තුව මගිනි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව රටේ විභාග පැවැත්වීම සඳහාම වෙන්වූ දෙපාර්තමේන්තුවකි. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සිට ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය දක්වා වූ සෑම විභාගයක් මෙන්ම එයට අතිරේක වශයෙන් රාජ්‍ය බැංකු සේවයට බඳවා ගැනීමේ විභාග ආදී විභාග 350කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට බාර වී තිබිණි.
එසේ වුවද පසුගිය 2021-01-18 දින රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරගෙන ඇති අංක 21/0098/340/002 දරණ කැබිනට් පත්‍රිකාව අනුව රාජ්‍ය සේවයේ විභාග පැවැත්වීමේ වගකීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයට (Sri Lanka Institute of Development Administration – SLIDA) පැවරීමට කටයුතු කර ඇත. ඒ අනුව ස්ලිඩා ආයතනය පැවැත්වූ ප්‍රථම විභාගය වන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය මේ වන විට පවත්වා අවසන් කර ඇත. ඉදිරියේදී රාජ්‍ය සේවකයන් පිළිබඳ සියලු විභාග මෙම ආයතනයෙන් පැවැත්වීමට කටයුතු යොදමින් පවතී.
මෙම යෝජනාව පසුගිය වසරේ ඉදිරිපත් වී තිබුණද එයට විභාග කොමසාරිස්වරයා විරුද්ධ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් එය ක්‍රියාත්මක කිරීම කල් දමා තිබුණි. එහිදී විභාග කොමසාරිස්වරයා පවසා ඇත්තේ මෙම තීරණය මගින් විභාග පැවැත්වීමේ රහස්‍යභාවය නැතිවීමට ඉඩකඩ ඇතිවන බවය. එහෙත් යළිත් වරක් මෙම අලුත් කැබිනට් පත්‍රිකාව අනුමත කරවාගෙන ඇත.
මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ රාජ්‍ය විභාග පැවැත්වීමට විශේෂ පාර්ලිමේන්තු පනතක් මගින් විභාග දෙපාර්තමේන්තුවට බලතල දී ඇති බවය. ඒ නිසා එය වෙනස් කරන්නේ නම් අදාළ පනත සංශෝධනය කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. පනත වෙනස් නොකර විභාග ක්‍රියා පටිපාටිය වෙනත් ආයතනයකට පැවරීම නීති විරෝධී බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව යනු රහස්‍ය රාජකාරි කටයුතු කරන ආයතනයක් වන අතර තරග විභාගවල රහස්‍යතාව රුකීම එහි වගකීම වෙයි. විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය ආදිය කරන රහස්‍ය අංශ එහි ඇති අතර, ඒවායේ සුවිශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි. දෙපාර්තමේන්තුවේ වෙනත් අංශවල සේවකයකුට පවා එයට ඇතුළු වීම තහනම්ය. විභාග දෙපාර්තමේන්තුව මගින් විභාග 350කට වැඩි සංඛ්‍යාවක් පවත්වන අතර එයට පාසල් විභාග මෙන්ම විවිධ දෙපාර්තමේන්තු විභාග ද ඇතුළත් වෙයි. රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සඳහා තරග විභාග පවත්වා ඒවායේ ලකුණු මට්ටම ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවලට හා ආයතනවලට නිකුත් කිරීම විභාග දෙපාර්තමේන්තුවේ වගකීම වෙයි.
ස්ලිඩා ආයතනය විභාග පැවැත්වීම සඳහාම වෙන්වූ ආයතනයක් නොවන අතර එයින් සිදු කරන්නේ රාජ්‍ය සේවයන් පුහුණු කිරීම් හා වැඩමුළු පැවැත්වීම ආදියයි. එහි ව්‍යුහය සැකසී ඇත්තේ ඒ අනුවය.
රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි පවසන්නේ කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ කුඩා අභ්‍යන්තර දෙපාර්තමේන්තු විභාග පැවැත්වීමට පමණක් බවය. ඒවා පමණක් ස්ලිඩා ආයතනයේ පවත්වන අතර මේ වෙනස් කිරීමට හේතුව විභාග පැවැත්වීමේ සහ ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයන් වළක්වා ගැනීමට බවද ඔහු කීවේය.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටර්ලින්:
රාජ්‍ය සේවයට බඳවා ගැනීම සහ උසස්වීම් පිළිබඳ සියලු විභාග කටයුතු මෙතෙක් කල් පැවැත්වූයේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවයි. අවුරුදු 70ක පමණ කාලයක් තිස්සේ රාජ්‍ය සේවයේ සියලු විභාග පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුව ඉතාම කාර්යක්ෂමව, නිසි දිනවල කරනවා. පසුගිය කාලයේ පැවැති කොරෝනා වසංගතය සමයේ වුවද, විභාග නියමිත දින වකවානුවල පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව උපරිම උත්සාහය ගත්තා. වසරකට මෙවැනි විභාග 250ක් පමණ විභාග දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පවත්වනවා.
විභාග කටයුතු ඉතාම රහසිගතව පවත්වාගෙන යාම සඳහා රහස් කාමර, රහසේ මුද්‍රණය කරන යන්ත්‍ර ආදියෙන් මෙම දෙපාර්තමේන්තුව සමන්විත වෙනවා. උපරිම කැපවීමකින් රහස්‍යභාවය රුකීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කරන බව අප දන්නවා. විභාග දෙපාර්තමේන්තුව පවත්වන රාජ්‍ය බැංකුවල විභාගවලට දෙපාර්තමේන්තුවට මුදල් ගෙවනවා. රාජ්‍ය සේවයෙන් පරිබාහිර විභාග පවා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුවට පවරා ඇත්තේ ඒවා විධිමත්ව හා කාර්යක්ෂමව කරන බව සනාථ වන නිසයි. ඉතින් එවැනි ව්‍යුහයකින් ස්ථාපිත විභාග දෙපාර්තමේන්තුවට පැවරී ඇති රාජකාරි එයින් ඉවත් කිරීමට යන්නේ ඇයිදැයි පැහැදිලි නැහැ. මෙයින් සිදුවන එකම දෙය නම් බඳවා ගැනීමේ හා උසස්වීම් දීමේදී මෙතෙක් තිබූ ස්වාධීනත්වය නැතුව යාම පමණයි. එය දේශපාලනීකරණය කරන්නට දරණ උත්සාහයක් බවට සැක කළ හැකියි.
පසුගිය යහපාලන ආණ්ඩුවද මෙලෙස රාජ්‍ය විභාග පැවැත්වීම ස්ලිඩා ආයතනයට දෙන්න උත්සාහ කළා. එහෙත් රජයේ සේවකයන්ගේ විරෝධය නිසා එය අතරමඟ නැවතුණා. දැන් පසුගිය රජය කළ වැඩ පිළිබඳ විවේචනය කරමින් බලයට ආ වර්තමාන ආණ්ඩුව පෙර ආණ්ඩුව නැවතූ වැඩපිළිවෙළ එතැනින් එහාට කරගෙන යන්නයි උත්සාහ කරන්නේ. පුද්ගලයන් මාරු වුණාට දෙගොල්ලොම යන්නේ එකම ගමනක් බව පැහැදිලියි.
මේ පිළිබඳ යම් යෝජනාවක් පාර්ලිමේන්තුවට පැමිණි විට එයට විරුද්ධ වන ලෙස අපි විපක්ෂයේ මෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලා සිටිනවා. පක්ෂ - පාට බේදයකින් තොරව මෙය පරාජය කරන ලෙස ඉල්ලනවා.
රාජ්‍ය සේවයේ මේ දක්වා අමාරුවෙන් රුකගෙන ආ ස්වාධීනභාවය ගුණාත්මකභාවය මෙවැනි සංශෝධන නිසා විනාශ වෙනවා. 1990 දී තරුණ පරපුරේ අසහනය ගැන සෙවීමට පත් කළ කොමිෂන් සභා වාර්තාව අනුව පැහැදිලිව ප්‍රකාශ වී තිබෙනවා රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ තරග විභාග පැවැත්වීමේ ක්‍රමය දිගටම පවත්වාගෙන යා යුතු බව. තරුණ අසහනය නැතිවීම සඳහා ඔවුන්ට රුකියා දීමේදී අපක්ෂපාත ස්වාධීන ක්‍රමයක් පවත්වාගෙන යා යුතු යැයි නිර්දේශ කර තිබෙනවා. බඳවා ගැනීමේ පටිපාටිවල ස්වාධීනභාවය දිගටම ආරක්ෂා විය යුතු බව අවධාරණය කර තිබෙනවා.
20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී 19න් රාජ්‍ය සේවා කොමිසමට පැවරී තිබූ බලතල ඇමැති මණ්ඩලයට අවශෝෂණය කරගෙන තිබෙනවා. ඒ බලතල අනුව තමයි විභාග පැවැත්වීමේ ක්‍රමය අවුල් කරන්නට යන්නේ. 19 ව්‍යවස්ථාව අනුව ඒ සඳහා පූර්ණ බලය තිබුණේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවටයි. එහි නිර්දේශ කැබිනට් මණ්ඩලය අනුමත කළ යුතු වෙනවා. එහෙත් 20 සංශෝධනය නිසා දැන් සිදුවෙන්නේ එහි අනිත් පැත්තයි. අමාත්‍ය මණ්ඩලයට රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම සහ උසස් කිරීම පිළිබඳ රාජ්‍ය සේවා කොමිසම නොසලකා තීරණ ගත හැකියි. ඒ තත්ත්වය ඉතාම බරපතළයි. ස්වාධීන රාජ්‍ය සේවාවක් ඇතිවීම පිළිබඳ අහිතකර වන අතර විභාග ප්‍රතිඵල අනුව සුදුස්සන් තෝරා ගැනීමටද අයහපත් බලපෑම් ඇති කරන්න පුළුවන්.
ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානයේ ජාතික සංවිධායක අශෝක පීරිස් පවසන්නේ තරග විභාග පවත්වා රාජ්‍ය සේවයට සාමාජිකයන් පත්කිරීමේ ක්‍රියාමාර්ගය තුළ යම් පමණකට හෝ රාජ්‍ය සේවය ස්වාධීන මට්ටමෙන් තිබුණු බවය. එහෙත් මෑත කාලයේදී රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේදී සම්මතයට පිටින් ගොස් විවිධ දේශපාලන බලපෑම්වලට නතුවීමට ඉඩ ලැබී තිබුණේ යැයි ඔහු කියයි. එසේ වුවද විභාග දෙපාර්තමේන්තුව මගින් විභාග පවත්වා එහි වැඩි ලකුණු ගන්නා අපේක්ෂකයන් යළි සම්මුඛ පරීක්ෂණයකට යොමුකර බඳවා ගැනීම් සිදු කිරීම දිගින් දිගටම අද දක්වා පවතින බවද මේ ක්‍රමය පිළිබඳව ද දේශපාලන මැදිහත්වීම් තිබුණු බවට පසුගිය කාලයේ කතාබහ මතුව තිබූ බව ද ඔහු කියයි. ඔහු අවධාරණය කරන්නේ එවැනි පසුබිමක් තුළ විභාග පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවෙන් බැහැර කරන්නේ නම් ඊළඟට සිදුවීමට යන දෙය ගැන හිතාගත හැකිය යන්නය.
මෙහෙම අවශ්‍ය වන්නේ ඇයිද? විභාග දෙපාර්තමේන්තුව අකාර්යක්ෂමයි කියලා කියනවා නම් සිදු කළ යුත්තේ එය කාර්යක්ෂම කිරීමයි. රජයක් තිබෙන්නේ ඒකටයි. එහෙම අකාර්යක්ෂම රාජ්‍ය දෙපාර්තමේන්තුවල රාජකාරි වෙනත් අංශවලට දෙනවා නම් රාජ්‍ය දෙපාර්තමේන්තු මත්තට ඉතිරි වේද යන්න සැකයි. මෙය තම අදහස ඉටුකර ගැනීමට දක්වන හේතුවක් මිස සාධාරණ හේතුවක් නොවෙයි.
අනිත් අතට SLIDA ආයතනය සකස් වී ඇත්තේ රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන් සඳහා සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීමටයි. මමත් ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීමේදී SLIDA ආයතනයේ පුහුණුව ලැබුවා. ඒ කාලයේ ඒ ආයතනයේ පුහුණු කළේ රාජ්‍ය සේවයේ මාණ්ඩලික තනතුරුවල නිලධාරීන් වුවද අද වන විට රාජ්‍ය සේවයේ වෙනත් තනතුරු සඳහා ද පුහුණු පන්ති සහ වැඩමුළු පවත්වනවා. එහි ව්‍යුහය සැකසී ඇත්තේ එවැනි පුහුණු කිරීම්වලටයි. එසේ නැතුව විභාග පැවැත්වීමට එහි ඇති සම්පත් ඉතාම සීමිතයි. ඒ නිසා මේ උත්සාහය සාර්ථක නොවනවා ඇති.
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.ඒ.එල්. උදයසිරි පවසන්නේ අංක 21/0098/340/002 හා 2021-01-18 දිනැති රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත කරගෙන මේ වන විට රාජ්‍ය සේවයේ නිලධාරීන් බඳවා ගැනීම උසස් කිරීම ආදී විභාග කටයුතු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයට පවරා ඇති බවය. එසේම පසුගිය දා ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය බඳවා ගැනීමේ තරග විභාගය ස්ලිඩා ආයතනයෙන් පැවැත්වූ බවද ඔහු කියයි.
මෙම විභාගය පිළිබඳව ද දැනටමත් විවිධ පැමිණිලි ඉංජිනේරු සේවා වෘත්තීය සමිති මගින් නගලා තියෙනවා. මෙතෙක් කලක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ දීපව්‍යාප්ත හා සමාන්තර සේවාවලට බඳවා ගැනීමේ විවෘත විභාගය හා සීමිත තරග විභාගය ඇතුළු වෙනත් විභාග සියල්ල පැවැත්වීමට සංවර්ධන පරිපාලන ආයතනයට පැවරී තිබෙනවා. මෙතෙක් කල් මෙම සේවාවලට ආවේ සුදුසුකම් ඇති කුසලතාවයන්ගෙන් පරිපූර්ණ අයයි. ඒත් ඒ තත්ත්වය නැති වුවහොත් එය සමස්ත රාජ්‍ය සේවයටම අහිතකර වෙනවා. විභාග දෙපාර්තමේන්තුව විභාග පැවැත්වීම සඳහා ගොඩනැගූ ආයතන ව්‍යුහයක් ඇති ඒකකයක්. ඒ රාජකාරි ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය වැනි සේවකයන් පුහුණු කරන අර්ධ රාජ්‍ය ආයතනයකට කිරීමට අපහසුයි. මේ අත්තනෝමතික තීරණය නිසා ඉදිරියේදී විවිධ ගැටලු ඇතිවේවි. ඒ නිසා දීපව්‍යාප්ත සේවාවන් සහ සමාන්තර සේවා වැනි ප්‍රමුඛතම සේවාවලට බඳවා ගැනීමේ තරග විභාග ඉවත් කිරීම බරපතළ තත්ත්වයක්.
මෙය අදාළ කිසිදු වෘත්තීය සමිතියක් දැනුවත් නොකර රහසේ වගේ කළ දෙයක්. 1990 දී තරුණ අසහන කොමිෂන් සභාවේ නිර්දේශ මත අංක 15/90 දරණ චක්‍රලේඛයෙන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී තරග විභාග ප්‍රතිඵල මත බඳවා ගැනීමේ ක්‍රමය සහතික කළා. කාලයක් පුරාවට මෙම ක්‍රමය තමා අනුගමනය කළේ. එහෙත් කඩිමුඩියේ මෙලෙස සුවිශාල වෙනස් කිරීමක් කිරීම තේරුම් ගත නොහැකියි.
මෙම සංශෝධනය නිසා බඳවා ගැනීම්, උසස් කිරීම් සහ පුහුණු කිරීම් යන අංශ තුනම එකම ආයතනයකට හිමිවෙලා තියෙනවා. මේ නිසා ඒවායේ විනිවිදභාවයක් නොමැති වීමෙන් විවිධ අක්‍රමිකතා ඇතිවිය හැකි වාතාවරණයක් සකස් වී තිබෙනවා. දක්ෂයන්ට රාජ්‍ය සේවයට පැමිණීමට මෙම තත්ත්වය බාධකයක් වේවි.
අනිත් අතට මෙවැනි රාජ්‍ය සේවක විභාග අවුරුදු පතා පවත්වන ඒවා නෙවෙයි. වසර 3 - 4කට වරක් වගෙයි පවත්වන්නේ. ඒ නිසා විභාග දෙපාර්තමේන්තුවට කිසිදු දුෂ්කරතාවක් ඇතිවන්නේ නැහැ. විභාග පැවැත්වීමේදී යම් ප්‍රමාදයක් හෝ අඩුපාඩුවක් තිබෙනවා නම් එය නිවැරදි කළ යුතුයි. එසේ නැතුව කරගෙන ආ රාජකාරි ඉවත් කිරීම සුදුසු නොවෙයි. අපේ ඒකාබද්ධ කමිටුවට වෘත්තීය සමිති 17ක් අඩංගුයි. ඒ සියලු සමිති එකතුවෙලා මෙම තීරණයට එරෙහිව කටයුතු කරනවා. එයට පරිබාහිර රාජ්‍ය සේවයේ වෘත්තීය සමිතිද සම්බන්ධ කර ගන්නවා. අප දැනටමත් මේ පිළිබඳ ඇමැති, අගමැති සහ ජනපතිවරුන්ට ලියා යවා තිබෙනවා. අපි එයින් සාධාරණ ප්‍රතිඵලයක් ලැබේ යැයි බලාපොරොත්තු වෙනවා. එසේ ප්‍රතිඵලයක් නොලැබුණහොත් සමස්ත රාජ්‍ය සේවයම සමඟ එකතු වී මෙම ක්‍රියා පටිපාටියට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරනවා. මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද දැනුවත් කර ඇති අතර ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේදී මේ ගැන සාකච්ඡා වීමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති මාතර මහ දිසාපති ප්‍රදීප් රත්නායක මේ පිළිබඳ විමසූ විට පැවසුවේ තමන්ට ලැබී ඇති තොරතුරු අනුව ස්ලිඩා ආයතනයට පැවැත්වීමට ඉඩ දීමට යන්නේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාග වැනි අභ්‍යන්තර විභාග පමණක් බවයි. ඒ ගැන තම සංගමය විරුද්ධ නොවන බව ඔහු පැවසීය. රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ තරග විභාග ආදිය මෙලෙස ස්ලිඩා ආයතනයට පැවැත්වීමට ඉඩ දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇතිදැයි විමසූ විට තමා එවැනි වැඩපිළිවෙළක් ගැන නොදන්නා බව කීවේය. විභාග දෙපාර්තමේන්තුවේ දැඩි කාර්යබහුලතාව අඩු කිරීම සඳහා රාජ්‍ය සේවකයන් පිළිබඳව පවත්වන අභ්‍යන්තර විභාග වෙනත් ආයතනයකට බාරදීම පිළිබඳ විරුද්ධ විය නොහැකි බවද එයින් ප්‍රමාදවීම් අඩුවන බවද ඔහු කීවේය.
යසවර්ධන රුද්රිගූ