මෙම පනත සම්මත කර ඇත්තේ 1962 වසරේදී ය. ඉන්පසු 1939 අංක 61, 1946 අංක 03 සහ අවසාන වශයෙන් 1946 අංක 52 දරන පනතින් සංශෝධනය කර ඇති අතර, තවමත් ක‍්‍රියාත්මක වන්නේ මෙම පනතය. කෙසේ වෙතත්, දණ්ඩ නීති සංග‍්‍රහයේ 261 වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 09 වැනි පරිච්ඡේදයේ මහජන පීඩා සම්බන්ධව විධිවිධාන සලසා ඇති අතර, එම විධිවිධාන මෙම පනත අවසානයේ සඳහන් කර ඇත.
මහජන සෞඛ්‍ය වඩාත් යහපත් ලෙස ආරක්‍ෂා කර ගැනීම සඳහාත්, පීඩන ක‍්‍රියා මැඩපැවැත්වීම සඳහාත්, විධිවිධාන සැපයීම් සඳහාත් පනවන ලද ආඥා පනතකි.
අද පළවෙන්නේ එම පනත පිළිබඳ ලිපියේ 3 වැනි කොටසයි.
17. සෞඛ්‍ය මණ්ඩලයට හෝ මහේස්ත‍්‍රාත් කෙනෙකුට හෝ සිය යුතුකම් ඉටුකිරීමේ නියුක්ත ඔවුන්ගේ නිලධාරියෙකුට හෝ මෙහෙකරැවෙකුට හෝ ඔවුන්ගේ යුතුකම් ඉටු කිරීම සඳහා හෝ මෙම ආඥා පනතේ බලය අනුව හෝ එහි ප‍්‍රතිඵලයක් වශයෙන් තමන් විසින් කළයුතු හෝ කිරීමට නියම වී ඇති යම් කිසිවක් කිරීම සඳහා යොදා ඇති තැනැත්තෙකුට බාධාවක් හෝ හිංසාවක් කරන කවරෙකු වුවද, වරදකට වරදකාරයා වන අතර, එසේ වරදකාරයා කිරීමේදී රුපියල් 50/- කට නොවැඩි දඩයකටද යටත් වන්නේය.
18. මෙම ආඥා පනත අනුව යම් දඩයක් නියම කරන මහේස්ත‍්‍රාත් කෙනෙකුට, එම මුදලින් දෙකෙන් කොටසකට නොවැඩි යම් මුදල් කොටසක් ඔත්තුකාරයාට ප‍්‍රදානය කළ හැකිය.
19. මෙම ආඥා පනත යටතේ කරන ලද යම් වරදක් කිරීමෙන් මාස තුන (03)ක් ඇතුළත දී ඒ පිළිබඳව මහේස්ත‍්‍රාත් කෙනෙකු ඉදිරියේ පැමිණිල්ලක් නොකළහොත්, ඒ පිළිබඳව කිසි දඩයකට කිසි තැනැත්තෙක් යටත් නොවන්නේය.
20. මෙම ආඥා පනතට විරුද්ධව සිය බල ප‍්‍රදේශය ඇතුළත කරනු ලබන සියලු වැරදි වැළැක්වීම සම්බන්ධයෙන් ආධාර දීම පොලිස් හමුදාවේ සියලුම නිලධාරීන්ගේද, සියලුම ගම්මුලාදෑනිවරැන්ගේද සාමාන්‍යයෙන්, පොලිස් හා සාම නිලධාරින්ගේද යුතුකම වන්නේය. තමාගේම හැඟීම අනුව හෝ අනුන්ගෙන් ලැබුණ ආරංචි අනුව හෝ එබඳු වරදක් ගැන දැන සිටින යම්කිසි නිලධාරියෙක් හෝ ගම්මුලාදෑනියෙක් ඒ සඳහා යථා පරිදි පත්කොට ඇති බලධරයා ඉදිරියේ වහාම හා උනන්දුවෙන් එය පැමිණිලි කිරීමට අපොහොසත් වුවහොත්, ඔහු වරදකට වරදකාරයට වී වරදකාරයා කිරීමේදී රැපියල් 50/- කට වැඩි නොවන දඩයකටද යටත් වන්නේය.
21. මෙම ආඥා පනත තේරැම් කිරීමේදී,
සෞඛ්‍ය මණ්ඩලය’ යන්නෙන් පළාතේ සෞඛ්‍ය මණ්ඩලයද, මහේස්ත‍්‍රාත්’ යන්නෙන් පීඩනය පවත්නා වූ හෝ යම් වැඩක් ඉෂ්ඨ කළ යුතු හෝ කළයුතු ස්ථාන පිහිටි දිස්ත‍්‍රික්කයද අදහස් කරයි.
පරිපාලන ප‍්‍රදේශය’ යන්නෙන් ප‍්‍රදේශාණ්ඩු (පරිපාලන ප‍්‍රදේශ) ආඥා පනතේ 02 වැනි වගන්තිය යටතේ විස්තර කරන ලද පරිපාලන ප‍්‍රදේශයක් අදහස් කෙරෙයි.
එමෙන්ම, දණ්ඩ නීති සංග‍්‍රහයේ 261 වැනි වගන්තිය යටතේ මහජනයාට හෝ සාමාන්‍යයෙන් අසළ පදිංචිව සිටින හෝ දේපළ භුක්ති විඳින ජනයාට පොදු පාඩුවක්, අන්තරායක් හෝ අප‍්‍රසන්නතාවයක් ඇති කරන නැතහොත්, යම් පොදු අයිතිවාසිකමක් භුක්ති විඳීමේ අවස්ථාවකින් ප‍්‍රයෝජනයක් ගැනීමට සිදුවිය හැකි ජනයාට අවශ්‍යයෙන්ම පාඩුවක්, බාධාවක්, අන්තරායක් හෝ අප‍්‍රසන්නතාවයක් ඇතිවන යම් ක‍්‍රියාවකට හෝ එබඳු නීතිවිරෝධී නොකර හැරීමකට වරදරකරැ වන තැනැත්තෙක් මහජනයා කරදරය කිරීමේ වරදට වැරදිකාරයෙක් වේ. යම් පාඩුවක් හෝ ලාභයක් සැලසීමේ කරැණ උඩ මහජන කරදරයකට සමාව නොලැබේ.
මහජන පීඩා
(අ) පීඩා සිදුකරනු ලබන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීම හෝ නතර කිරීම සඳහා වූ ආඥා
(98) (1) මහේස්ත‍්‍රාත්වරයෙකු වෙත වාර්තාවක් හෝ වෙනත් තොරතුරක් ලැබුණු විට හා සුදුසු යයි ඔහු වෙත කල්පනා කරන සාක්‍ෂි (කිසිවක් වෙතොත්) ඒ සාක්‍ෂි සටහන් කර ගැනීමෙන් පසුව:-
(අ) මහජනයා විසින් නිත්‍යනුකූලව ප‍්‍රයෝජනයට ගනු ලබන හෝ ගනු ලැබිය හැකි යම් මාර්ගයකින්, වරායකින්, විලකින්, ගංගාවකින් හෝ ඇළකින් හෝ යම් පොදු ස්ථානයකින් නිත්‍යනුකූලව නොවන යම් බාධකයක් හෝ පීඩාවක් ඉවත් කළ යුතු යයි හෝ,
(ආ) යම් කර්මාන්තයක් හෝ ව්‍යාපෘතියක් හෝ යම් භාණ්ඩ හෝ වෙළඳ භාණ්ඩ තබා ගැනීමක් එය මහජනයාගේ සෞඛ්‍යයට හෝ කායික සුවයට හානිකර වීමේ හේතුව නිසා මැඩ පැවැත්විය යුතු යැයි හෝ ඉවත් කළ යුතු යයි හෝ තහනම් කළ යුතු යයි හෝ,
(ඇ) යම් ගොඩනැගිල්ලක් ඉදි කිරීම හෝ යම් ද්‍රව්‍යයක් බැහැර කිරීම නිසා ගින්නක් හෝ පිපිරීමක් ඇතිවීමට ඉඩතැබීම හේතු කොටගෙන ඒ ඉදිකිරීම හෝ බැහැර කිරීම වැළැක්විය යුතු යයි හෝ නතර කළ යුතු යයි හෝ,
(ඈ) යම් ගොඩනැගිල්ලක් හෝ ගසක් කඩා වැටී ඒ අවට ජීවත්වන හෝ ව්‍යාපාර කටයුතු කරන හෝ ඒ ස්ථානය පසුකර යන තැනැත්තන්ට එමගින් හානි සිදුවීමට ඉඩ ඇති තත්ත්වයක ඒ ගොඩනැගිල්ල හෝ ගස පවතින බැවින්, ඒ ගොඩනැගිල්ල ඉවත් කිරීම, අළුත්වැඩියා කිරීම හෝ එයට මුක්කු ගැසීම හෝ ඒ ගස ඉවත් කිරීම හෝ එයට මුක්කු ගැසීම අවශ්‍ය යයි හෝ,
(ඉ) එවැනි යම් මාර්ගයකට හෝ පොදු ස්ථානයකට යාබද යම් වැවකින්, ළිඳකින් හෝ වළකින් මහජනයාට ඇතිවිය හැකි අනතුරු වැළැක්වෙන ආකාරයෙන්, ඒ වැව, ළිඳ හෝ වළ වටා වැටක් ඉදිකළ යුතු යැයි ඒ මහේස්ත‍්‍රාත්වරයා සලකන කවර විටෙක වුවද, ඒ මහේස්ත‍්‍රාත්වරයා විසින් කොන්දේසි සහිත කොන්දේසි සහිත ආඥාවක් කිරීමෙන් ඒ බාධකය හෝ පීඩාව කරන හෝ ඒ කර්මාන්තය හෝ ව්‍යාපෘතිය කරගෙන යන හෝ එවැනි යම් භාණ්ඩ හෝ වෙළඳ භාණ්ඩ තබාගෙන සිටින හෝ ඒ ගොඩනැගිල්ල, ද්‍රව්‍ය, ගස, වැව, ළිඳ හෝ වළ අයිතිව සිටින, සිය සන්තකයෙ හි තබාගෙන සිටින හෝ පාලනය කරන තැනැත්තන් විසින් කොන්දේසි සහිත ආඥාවෙන් නියම කරනු ලබන කාලයක් ඇතුළත:-
(I) ඒ බාධකය හෝ පීඩා ඉවත් කළ යුතු යයි හෝ,
(II) ඒ කර්මාන්තය හෝ ව්‍යාපෘතිය මැඩ පැවැත්විය යුතු යයි හෝ,
(III) ඒ භාණ්ඩ හෝ වෙළඳ භාණ්ඩ ඉවත් කළ යුතු යයි හෝ,
(IV) ඒ ගොඩනැගිල්ල ඉදිකිරීම වැළැක්විය යුතු යයි හෝ නතර කළ යුතු යයි හෝ,
(V) එය ඉවත් කළ යුතු යැයි හෝ අළුත්වැඩියා කළ යුතු යැයි හෝ එයට මුක්කු ගැසිය යුතු යයි හෝ,
(VI) ඒ ද්‍රව්‍යය බැහැර කිරීම වෙනස් කළ යුතු යයි හෝ,
(VII) ඒ ගස ඉවත් කළ යුතු යයි හෝ,
(VIII) අවස්ථාවෝචිත පරිදි ඒ වැව, ළිඳ හෝ වළ වටා වැටක් ඉදිකළ යුතු යයි හෝ, අණ කරනු ලැබිය හැකිය.
(ආ) පීඩා පිළිබඳ හදිසි අවස්ථාවලදී තාවකාලික ආඥා
(106) (1) මහේස්ත‍්‍රාත්වරයෙකුගේ මතය අනුව, වහාම වැළැක්වීම හෝ ක්‍ෂණික ප‍්‍රතිකර්ම යෙදීම හෝ යෝග්‍ය වන අවස්ථාවලදී, එක්තරා ක‍්‍රියාවකින් වැළකී සිටින ලෙස හෝ තම සන්තකයේ තිබෙන හෝ තම කළමණාකාරිත්වයට යටත් එක්තරා දේපළක් පිළිබඳව යම් කිසි පියවරක් ගන්නා ලෙස යම් තැනැත්තෙකුට විධානයක් කිරීමෙන්, නිත්‍යනුකූලව සේවයේ නියුක්ත කර ලැබ සිටින යම් තැනැත්තන්ට සිදුවන බාධකයක්, කරදරයක් හෝ හානියක් හෝ බාධකයක් සිදුවීමේ අවදානමේ හෝ මනුෂ්‍ය ජීවිතයට, සෞඛ්‍යයට හෝ ආරක්‍ෂාවට සිදුවන අනතුරක් නැතහොත් කැරුල්ලක් හෝ කළහයක් වැළකීමට ඉඩ ඇතැයි හෝ එය වැළකීමට ඒ විධානය තුඩු දේ යයි මහේස්ත‍්‍රාත්වරයා විසින් සලකනු ලැබුවහොත්, ඒ ක‍්‍රියාවෙන් වැළකී සිටින ලෙසට හෝ ඒ දේපළ පිළිබඳ වූ ඒ පිළිවෙළ අනුව ක‍්‍රියා කරන ලෙසට, ඒ අවස්ථා පිළිබඳ වැදගත් සිද්ධි සඳහන් කරන හා 99 වන වගන්තියෙන් විධිවිධාන සලස්වා ඇති ආකායෙන් දෙනු ලැබිය යුතු ලිඛිත ආඥාවක් මඟින් මහේස්ත‍්‍රාත්වරයා විසින් ඒ තැනැත්තාට එසේ විධානයක් කරනු ලැබිය හැකිය.
(3) (1) වැනි උපවගන්තිය යටතේ ආඥාවක්, එක්තරා තැනැත්තෙකු වෙත හෝ එක්තරා ස්ථානයක ගැවසෙන විට හෝ ඒ ස්ථානයට පැමිණෙන විට පොදුවේ මහජනයා වෙත හෝ යොමුකරනු ලැබිය හැකි අතර පසුව සඳහන් අවස්ථාවේදී, ආඥාවේ පිටපතක් 99 වන වගන්තියේ (2) වැනි උප වගන්තියෙන් විධිවිධාන සලස්වා ඇති පරිදි අලවනු ලැබිය යුතුය.
(4) යම් මහේස්ත‍්‍රාත්වරයෙකු විසින් (1) වැනි උපවගන්තිය යටතේ තමා විසින්ම හෝ තම ධූරයේ පූර්වගාමියා විසින් හෝ කරන ලද යම් ආඥාවක් අවලංගු කිරීම හෝ වෙනස් කිරීම කරනු ලැබිය හැකිය.
(05) මේ වගන්තිය යටතේ කරන ලද යම් ආඥාවක්, මනුෂ්‍ය ජීවිතයට, සෞඛ්‍යයට හෝ ආරක්‍ෂාවට අනතුරක් සිදුවන අවස්ථාවලදී හෝ කැරුල්ලක් හෝ කලහයක් සිදුවිය හැකි අවස්ථාවලදී, ගැසට් පත‍්‍රයේ පළ කරනු ලබන නිවේදනයක් මගින් අමාත්‍යවරයා විසින් අන්‍යාකාරයෙන් විධාන කරතහොත් මිස, ඒ ආඥාව කරන ලද දින සිට දින දහ හතරකට වැඩි කාලයක් බලාත්මක නොවිය යුතුය.