ග්‍රහ මණ්ඩලයේ මනාලිය වූ සිකුරු තමාට උච්ඡ රාශි භවන වූ බ්‍රහස්පතිට අයත් මීන රාශියට 2021 මාර්තු මස 17 වැනි බුද දින පාන්දර 3 පසු වී විනාඩි 1ට පිවිසේ. එසේ පිවිස 2021 අප්‍රේල් මස 10 වැනි ශනි දින උදේ 6 පසු වී විනාඩි 29 දක්වාම රජ ගමනක සිකුරු යෙදෙනු ඇත. සිකුරු මීන රාශිගත වීම තුළින් මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට මාලවි නම් පංච මහා රාජයෝග බලය හිමිවන අතර මෙම වකවානුව තුළ ඉහත ලග්න වලින් උත්පත්තිය ලබන දූ දරුවන් හටද එම යෝග බලය හිමවනු ඇත. එම දූ දරුවන් ලස්සන සිරුරකින් යුතු අන් අය සමග මිත්‍රශීලී අය වන අතර කලා හැකියාවන්ගෙන් පිරිපුන් අය ලෙස අනුන් අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත.
අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී කලා කටයුතුවල නියැලී සිටින අයට ශුභ ඵල අත්වන කාලයක් වුවද නාට්‍ය, චිත්‍රපට, කලා අධ්‍යක්ෂණ, නිෂ්පාදන, චිත්‍ර හා මාධ්‍ය අංශවල නියැලී සිටින අයට ඉතා අයහපත් වෙනවා ඇත. ඔවුන්ට මාරක ද ඇතිවීමට ඉඩ ඇති කාලයක් වේ. රට තුළ වයස්ගත වූවන්ට මෙන්ම ප්‍රසිද්ධ කාන්තාවන්ටද මාරකද ඇතිවනු ඇත. මෙම වකවානුව තුළ රටේ ආර්ථිකයේ සුළු වර්ධනයක් දක්නට ලැබේ. දේශපාලන ක්ෂේත්‍රයේ නවතම සිදුවීමක්ද ඇතිවන අතර යම් යම් මන්ත්‍රීවරුන් තමා නියෝජනය කරන පක්ෂ සමඟ මත ගැටුම්ද ඇතිකරගන්නා වූත් කාලසීමාවක් වේ.
• මේෂ - නිවසේ අලුත්වැඩියා
පවුල් දිවියේ සමගියට පැවති බාධා පහ වී යන අතර යම් යම් අලුත් අය ඇසුරු කිරීමටද හැකිවන කාලයක්ද වේ. අලුතින් නිවසේ අලුත්වැඩියාවක් හෝ කොටසක් එක් කිරීමට හෝ ශුභ කාලයක් ද වේ.
• වෘෂභ - ලිංගික ආකර්ෂණය
දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයටද ශුභ වේ. ලැබීම් මාර්ගද ඇතිවන අතර විරුද්ධ ලිංගික ආකර්ෂණයද ඇතිවන කාලයකි
• මිථුන - දරුවකුට ජයක්
සේවා ස්ථානයේ තිබුණු ප්‍රශ්න මගහැරී යන අතර භූමිය ආශ්‍රිතව කරන කටයුතුවලින්ද ඵල අත්වන කාලයක්ද වේ. තම දරුවකුගේ ජයග්‍රහණයක් පිළිබඳව සිතේ සතුට අත්වන කාලයක්ද වේ.
• කටක - ලේඛනයට හොඳයි
ආගමික කටයුතුවලට වැඩි වශයෙන් නියැලෙන අතර නිර්මාණශීලී අදහස්ද ජනිත වේ. ලේඛන කටයුතුවල නිතර වන අයටද ශුභ ඵල අත්වන කාලයකි. විරුද්ධ ලිංගික බැඳීම්ද ඇතිවනු ඇත.
• සිංහ - සෙම් රෝග
ඔබට අයහපත් වන අතර මිතුරන්ගෙන් ප්‍රශ්න හා කරදරද ඇතිවේ. ලියවිල්ලකට අත්සන් කර අමාරුවේ වැටිය හැකි බැවින් පරිස්සම්ද විය යුතු කාලයකි. සෙම් ආශ්‍රිත පීඩාවක්ද ඇතිවනු ඇත.
• කන්‍යා - ව්‍යාපාරවලට හොඳයි
ඔබට යහපත් ඵල අත්වන අතර පවුල් දිවියේ සමගිය වර්ධනය වේ. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වෙයි. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයටද ශුභඵල අත්වනු ඇත.
• තුලා - ජලයෙන් හානි
ඔබගේ කටයුතුවලට විවිධ අයගෙන් බාධා ඇතිවන කාලයක් වන අතර, ජලය ආශ්‍රිත පීඩාද ඇතිවනු ඇත. විශාල මුදල් ගනුදෙනු මෙම වකවානුව තුළ නොකළ යුතු වනවා ඇත.
• වෘශ්චික - නිර්මාණශීලී අදහස්
විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවන අතර අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වේ. දේශපාලන කටයුතුවල නිරත අයටද ශුභඵල අත්වන අතර නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයක්ද වේ.
• ධනු - අලුත් දේපල
ඔබට ඉතා යහපත් කාලවකවානුවක් වන අතර භූමිය ආශ්‍රිත ප්‍රශ්න මගහැරී යයි. සේවා ස්ථානය ආශ්‍රිත පැවති ප්‍රශ්නද මගහැරී යනු ඇත. අලුතින් ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීමකට ශුභවන කාලයකි.
• මකර - සමගිය වර්ධනය වේ
ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ වන අතර සහෝදර සහෝදරියන් සමග සමගිය වර්ධනය වන කාලයක්ද වේ. ආගමික කටයුත්තකට සහභාගි වන වකවානුවක් වේ.
• කුම්භ - ආර්ථිකය යහපත්
අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන අතර ආර්ථික වර්ධනයක්ද වන කාලයකි. ශරීරයේ සෙම් ආශ්‍රිත පීඩාවක් ඇතිවන අතර උගුර ආශ්‍රිත පීඩාද ඇතිවනවා ඇත.
• මීන - හවුලට හොඳය
ඔබට ඉතා යහපත් වන අතර ඔබ කරන කටයුතු සාර්ථක බවට පත්වෙයි. පවුල් දිවියේද සමගිය වර්ධනය වන අතර හවුල් කටයුතුවලින්ද ඵල අත්වේ. ලැබීම්ද ඇතිවනු ඇත.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල