2021 මාර්තු 20 වන සෙනසුරාදා

බෝට්ටු හිමියන් දැනගත යුතු නීති

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

ලන්දේසීන් විසින් මේ රට පාලනය කරන සමයේ දී මගීන් හා භාණ්ඩ ප‍්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන ලද්දේ ඇළ මාර්ගයන් ය. කොළඹ ප‍්‍රධාන පරිපාලන හා වෙළඳ මධ්‍යස්ථානය වූ අතර, ඒ අනුව ලන්දේසීන් විසින් කොළඹට ප‍්‍රවේශ වන ඇළ මාර්ග දියුණු කරන ලදී. පුත්තලම සිට කොළඹට දක්වා වන හැමිල්ටන් ඇළ එවැනි එක් ඇළක් ය. එමෙන් ම, ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවල පිහිටි ඇළ මාර්ගයන් ද ලක්දේසි සමයේ දියුණු කරන ලදී.

එම ඇළ මාර්ග මගින් පුවක්, කුරුඳු, කුළුබඩු මෙන් ම මගීන් ද ප‍්‍රවාහනය කරන ලදී. එම ඇළ මාර්ග සාදා නඩත්තු කරන අතර ම, එම ඇළ මාර්ගවල භාවිතා කරන බෝට්ටු හා වෙනත් භාණ්ඩ මගීන් ප‍්‍රවාහනය සඳහා යොදාගන්නා ලද සියලුම යාත‍්‍රා ලියාපදිංචි කිරීම, නියාමනය කිරීම සහ වරදක් කිරීමේ දී ලබාදෙන ලද දඬුවම් ද සඳහන් කර ඇත.

මෙම පනත බෝට්ටු ආඥා පනත යනුවෙන් හැඳින්වෙන අතර, එය 1883 වර්ෂයේ දී සම්මත කොට ඇති අතර, මේ දක්වා ක‍්‍රියාත්මකව පවතී. කෙසේ වෙතත්, 1996 අංක 02 සහ 2018 අංක 01 දරන සංශෝධිත පනත මගින් ධීවර කටයුතු සඳහා යොදා ගන්නා ලද යාත‍්‍රා පිළිබඳව සහ විදේශීය ධීවර බෝට්ටු සම්බන්ධව 1979 අංක 59 පනත මගින් ඒ පිළිබඳ විධිවිධාන සලසා ඇත.

කෙසේ වෙතත්, බෝට්ටු ආඥා පනත අදටත් ක‍්‍රියාත්මකව පවතින අතර, මේ දක්වා සංශෝධනය කර නොමැත. මෙම පනතේ සඳහන් ලියාපදිංචි කිරීමේ ගාස්තු මෙන් ම එසේ ලියාපදිංචි නොකිරීමෙන් අධිකරණය විසින් නියම කරන ලද දණ්ඩන ද භාවිත කරන යාත‍්‍රාවල තත්ත්වයන්ද සම්බන්ධව මේ පනතේ විධිවිධානවලින් ආවරණය කෙරේ.
මෙම ආඥා පනතේ විධිවිධාන අනුව මගීන් හෝ භාණ්ඩ ප‍්‍රවාහනය කරන බෝට්ටු ලියාපදිංචි නොකර භාවිත කිරීම වරදකි. 
මෙම පනතේ (01) වැනි වගන්තිය මෙසේ දැක්වේ. 

කිසිදු වරායකින් හෝ ලංකාවේ වෙනත් ස්ථානයකින් ලංකාවේ වෙනත් වරායකට හෝ යාබද මුහුදේ ඕනෑම කොටසකට කුලියට භාණඩ හෝ මගීන් රුගෙන යාම සඳහා බෝට්ටුවක් ලියාපදිංචි කර නොමැති නම් භාවිත නොකළ යුතුය යනුවෙන් සඳහන් කර ඇත. 

එසේම, භාණ්ඩ හෝ මගීන් කුලියට ප‍්‍රවාහනය කිරීමේ අරමුණ සඳහා බෝට්ටුවක් භාවිතා කිරීමට අදහස් කරන බෝට්ටු හිමියෙකු ඒ සඳහා බලයලත් නිලධාරියෙකු වෙත මෙම පනතේ සඳහන් උපලේඛනය අනුව ලිඛිතව ඉල්ලුම් කළ යුතුය. 
මෙහිදී, බෝට්ටුවේ දිග, පළල, ගැඹුර නිවැරදිව සඳහන් කළ යුතුය. ප‍්‍රවාහනය කරන ධාරිතාව, මගීන් ප‍්‍රමාණය, කාර්යය මණ්ඩලයේ සංඛ්‍යාව, එම බෝට්ටුව වාෂ්පයෙන් හෝ වෙනත් ආකාරයෙන් ක‍්‍රියා කරන්නේ ද යන්නත්, අපේක්‍ෂා කරන බලපත‍්‍රය, පන්තිය සහ බෝට්ටුවේ අයිතිකරුවන්ගේ නම් සහ ලියාපදිංචිය පිළිබඳ විස්තර ද, එම ඉල්ලුම් පත‍්‍රයේ සඳහන් කළ යුතුය.
එමෙන්ම, එම බෝට්ටුව ධාවනය කළ හැකි ස්ථාන හා බෝට්ටුවේ නමක් ඇත්නම් එයද සඳහන් කළ යුතුය. එම ඉල්ලුම් පත‍්‍රය ලැබීමෙන් පසු බෝට්ටුව හොඳ තත්ත්වයේ තිබෙන බවට සෑහීමට පත් වන්නේ නම් එම බෝට්ටුව භාණ්ඩ හෝ මගීන් ප‍්‍රවාහනය සඳහා භාවිත කිරීමට සුදුසු බවට එම බෝට්ටුවේ හිමිකරුට බලපත‍්‍රයක් නිකුත් කළ යුතුය.

හවුල්කරුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනකට අයත් බෝට්ටුවක් ආයතනයකට හෝ හවුල් කොටස් සමාගමකට බලපත‍්‍රයක් නිකුත් කිරීමේදී, එවිට එක් හවුල්කරුවෙකු විසින් හෝ කළමණාකරුවෙකු විසින් හෝ ඉල්ලූම් පත‍්‍රය ඉදිරිපත් කළ හැකිය. සෑම බලපත‍්‍රයක්ම රුපියල් 03/=ක මුද්දරයක් අලවා එම ඉල්ලුම් පත‍්‍රය සමග ඉදිරිපත් කළ යුතුය. (මෙම රුපියල් 03/= ගාස්තුව අදටත් වෙනස් කර නොමැත).
මෙම පනතේ හවුල්කාර සමාගම් එම කාලය තුළ බෝට්ටු මගින් භාණ්ඩ හා මගීන් ප‍්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයේ යෙදී සිටි බව පෙනී යාමෙන් අදහස් වන්නේ මෙම ව්‍යාපාරය විශාල ව්‍යාපාරයක්ව පැවතුණ බවයි. එමෙන් ම, බෝට්ටුවල දිග, පළල, ගැඹුර, ගෙන යන මගීන් සංඛ්‍යාව ඉල්ලුම් පත‍්‍රයේ සඳහන් කිරීම මගින් සහ භාණ්ඩවල ආරක්‍ෂාව කෙරෙහි මෙම පනතේ විධිවිධාන සලසා ඇති බව පැහැදිලි වේ.
මෙම නිකුත් කරනු ලබන සෑම බලපත‍්‍රයක්ම අංකනය කළයුතු අතර, වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දින දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ යුතුය. එමෙන්ම, සෑම බෝට්ටුවක්ම ලියාපදිංචි කිරීමේදී එම ඉල්ලුම් පත‍්‍රයේ ඇති සියලුම විස්තර පොතක සටහන් කරගත යුතුය.

තවද, මෙම බෝට්ටු නිසි පරිදි නඩත්තු කර නොමැති නම්, බලපත‍්‍රය ලබාදී ඇති කාර්යය සඳහා භාවිතා කිරීම නුසුදුසු නම්, බලපත‍්‍රය නිකුත් කළ බලධරයාට එම බලපත‍්‍රය අහෝසි කිරීමට හා මෙම පනත යටතේ විධිවිධාන සහ පනත යටතේ සඳහන් අතුරු ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් වන්නේය.

එම බෝට්ටුව නැවත යථා තත්ත්වයට පත්කර ඉල්ලුම් කිරීමේදී මුද්දර ගාස්තුවක් නොමැතිව ඉල්ලුම් කළ හැකි ය. බලපත‍්‍ර ගාස්තුව රුපියල් 03/=ක් වුවද, එය එම කාලය තුළ විශාල මුදලක් බව පෙනේ. එමෙන් ම, නැවත මුද්දර ඇලවීමක් අවශ්‍ය නොවන්නේ එම කාලයට සරිලන ලෙස එය ඉතා විශාල මුදලක් වූ බැවිනි.

සෑම බෝට්ටුවක්ම හිමිකරු විසින් බෝට්ටුවක තීන්ත ආලේප කිරීමට සැලැස්විය යුතු ය. එම පාට කහ පාට, කළු හෝ සුදු පැහැයෙන් වර්ණකොට හිමිකරුගේ ලියාපදිංචි ස්ථානයේ නම සඳහන් කරමින් සිංහලෙන් ලිවිය යුතු අතර, රුවන් නැවක් වනවිට රැලන්දේසීන් විසින් මේ රට පාලනය කරන සමයේ දී මගීන් හා භාණ්ඩ ප‍්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන ලද්දේ ඇළ මාර්ගයන් ය. කොළඹ ප‍්‍රධාන පරිපාලන හා වෙළඳ මධ්‍යස්ථානය වූ අතර, ඒ අනුව ලන්දේසීන් විසින් කොළඹට ප‍්‍රවේශ වන ඇළ මාර්ග දියුණු කරන ලදී. පුත්තලම සිට කොළඹට දක්වා වන හැමිල්ටන් ඇළ එවැනි එක් ඇළක් ය. එමෙන් ම, ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවල පිහිටි ඇළ මාර්ගයන් ද ලක්දේසි සමයේ දියුණු කරන ලදී.

එම ඇළ මාර්ග මගින් පුවක්, කුරුඳු, කුළුබඩු මෙන් ම මගීන් ද ප‍්‍රවාහනය කරන ලදී. එම ඇළ මාර්ග සාදා නඩත්තු කරන අතර ම, එම ඇළ මාර්ගවල භාවිතා කරන බෝට්ටු හා වෙනත් භාණ්ඩ මගීන් ප‍්‍රවාහනය සඳහා යොදාගන්නා ලද සියලුම යාත‍්‍රා ලියාපදිංචි කිරීම, නියාමනය කිරීම සහ වරදක් කිරීමේ දී ලබාදෙන ලද දඬුවම් ද සඳහන් කර ඇත.

මෙම පනත බෝට්ටු ආඥා පනත යනුවෙන් හැඳින්වෙන අතර, එය 1883 වර්ෂයේ දී සම්මත කොට ඇති අතර, මේ දක්වා ක‍්‍රියාත්මකව පවතී. කෙසේ වෙතත්, 1996 අංක 02 සහ 2018 අංක 01 දරන සංශෝධිත පනත මගින් ධීවර කටයුතු සඳහා යොදා ගන්නා ලද යාත‍්‍රා පිළිබඳව සහ විදේශීය ධීවර බෝට්ටු සම්බන්ධව 1979 අංක 59 පනත මගින් ඒ පිළිබඳ විධිවිධාන සලසා ඇත.

කෙසේ වෙතත්, බෝට්ටු ආඥා පනත අදටත් ක‍්‍රියාත්මකව පවතින අතර, මේ දක්වා සංශෝධනය කර නොමැත. මෙම පනතේ සඳහන් ලියාපදිංචි කිරීමේ ගාස්තු මෙන් ම එසේ ලියාපදිංචි නොකිරීමෙන් අධිකරණය විසින් නියම කරන ලද දණ්ඩන ද භාවිත කරන යාත‍්‍රාවල තත්ත්වයන්ද සම්බන්ධව මේ පනතේ විධිවිධානවලින් ආවරණය කෙරේ.

මෙම ආඥා පනතේ විධිවිධාන අනුව මගීන් හෝ භාණ්ඩ ප‍්‍රවාහනය කරන බෝට්ටු ලියාපදිංචි නොකර භාවිත කිරීම වරදකි. 

මෙම පනතේ (01) වැනි වගන්තිය මෙසේ දැක්වේ. 

කිසිදු වරායකින් හෝ ලංකාවේ වෙනත් ස්ථානයකින් ලංකාවේ වෙනත් වරායකට හෝ යාබද මුහුදේ ඕනෑම කොටසකට කුලියට භාණඩ හෝ මගීන් රුගෙන යාම සඳහා බෝට්ටුවක් ලියාපදිංචි කර නොමැති නම් භාවිත නොකළ යුතුය යනුවෙන් සඳහන් කර ඇත. 

එසේම, භාණ්ඩ හෝ මගීන් කුලියට ප‍්‍රවාහනය කිරීමේ අරමුණ සඳහා බෝට්ටුවක් භාවිතා කිරීමට අදහස් කරන බෝට්ටු හිමියෙකු ඒ සඳහා බලයලත් නිලධාරියෙකු වෙත මෙම පනතේ සඳහන් උපලේඛනය අනුව ලිඛිතව ඉල්ලුම් කළ යුතුය. 

මෙහිදී, බෝට්ටුවේ දිග, පළල, ගැඹුර නිවැරදිව සඳහන් කළ යුතුය. ප‍්‍රවාහනය කරන ධාරිතාව, මගීන් ප‍්‍රමාණය, කාර්යය මණ්ඩලයේ සංඛ්‍යාව, එම බෝට්ටුව වාෂ්පයෙන් හෝ වෙනත් ආකාරයෙන් ක‍්‍රියා කරන්නේ ද යන්නත්, අපේක්‍ෂා කරන බලපත‍්‍රය, පන්තිය සහ බෝට්ටුවේ අයිතිකරුවන්ගේ නම් සහ ලියාපදිංචිය පිළිබඳ විස්තර ද, එම ඉල්ලුම් පත‍්‍රයේ සඳහන් කළ යුතුය.

එමෙන්ම, එම බෝට්ටුව ධාවනය කළ හැකි ස්ථාන හා බෝට්ටුවේ නමක් ඇත්නම් එයද සඳහන් කළ යුතුය. එම ඉල්ලුම් පත‍්‍රය ලැබීමෙන් පසු බෝට්ටුව හොඳ තත්ත්වයේ තිබෙන බවට සෑහීමට පත් වන්නේ නම් එම බෝට්ටුව භාණ්ඩ හෝ මගීන් ප‍්‍රවාහනය සඳහා භාවිත කිරීමට සුදුසු බවට එම බෝට්ටුවේ හිමිකරුට බලපත‍්‍රයක් නිකුත් කළ යුතුය.

 

හවුල්කරුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනකට අයත් බෝට්ටුවක් ආයතනයකට හෝ හවුල් කොටස් සමාගමකට බලපත‍්‍රයක් නිකුත් කිරීමේදී, එවිට එක් හවුල්කරුවෙකු විසින් හෝ කළමණාකරුවෙකු විසින් හෝ ඉල්ලූම් පත‍්‍රය ඉදිරිපත් කළ හැකිය. සෑම බලපත‍්‍රයක්ම රුපියල් 03/=ක මුද්දරයක් අලවා එම ඉල්ලුම් පත‍්‍රය සමග ඉදිරිපත් කළ යුතුය. (මෙම රුපියල් 03/= ගාස්තුව අදටත් වෙනස් කර නොමැත).

මෙම පනතේ හවුල්කාර සමාගම් එම කාලය තුළ බෝට්ටු මගින් භාණ්ඩ හා මගීන් ප‍්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයේ යෙදී සිටි බව පෙනී යාමෙන් අදහස් වන්නේ මෙම ව්‍යාපාරය විශාල ව්‍යාපාරයක්ව පැවතුණ බවයි. එමෙන් ම, බෝට්ටුවල දිග, පළල, ගැඹුර, ගෙන යන මගීන් සංඛ්‍යාව ඉල්ලුම් පත‍්‍රයේ සඳහන් කිරීම මගින් සහ භාණ්ඩවල ආරක්‍ෂාව කෙරෙහි මෙම පනතේ විධිවිධාන සලසා ඇති බව පැහැදිලි වේ.

මෙම නිකුත් කරනු ලබන සෑම බලපත‍්‍රයක්ම අංකනය කළයුතු අතර, වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දින දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ යුතුය. එමෙන්ම, සෑම බෝට්ටුවක්ම ලියාපදිංචි කිරීමේදී එම ඉල්ලුම් පත‍්‍රයේ ඇති සියලුම විස්තර පොතක සටහන් කරගත යුතුය.

තවද, මෙම බෝට්ටු නිසි පරිදි නඩත්තු කර නොමැති නම්, බලපත‍්‍රය ලබාදී ඇති කාර්යය සඳහා භාවිතා කිරීම නුසුදුසු නම්, බලපත‍්‍රය නිකුත් කළ බලධරයාට එම බලපත‍්‍රය අහෝසි කිරීමට හා මෙම පනත යටතේ විධිවිධාන සහ පනත යටතේ සඳහන් අතුරු ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් වන්නේය.

එම බෝට්ටුව නැවත යථා තත්ත්වයට පත්කර ඉල්ලුම් කිරීමේදී මුද්දර ගාස්තුවක් නොමැතිව ඉල්ලුම් කළ හැකි ය. බලපත‍්‍ර ගාස්තුව රුපියල් 03/=ක් වුවද, එය එම කාලය තුළ විශාල මුදලක් බව පෙනේ. එමෙන් ම, නැවත මුද්දර ඇලවීමක් අවශ්‍ය නොවන්නේ එම කාලයට සරිලන ලෙස එය ඉතා විශාල මුදලක් වූ බැවිනි.

සෑම බෝට්ටුවක්ම හිමිකරු විසින් බෝට්ටුවක තීන්ත ආලේප කිරීමට සැලැස්විය යුතු ය. එම පාට කහ පාට, කළු හෝ සුදු පැහැයෙන් වර්ණකොට හිමිකරුගේ ලියාපදිංචි ස්ථානයේ නම සඳහන් කරමින් සිංහලෙන් ලිවිය යුතු අතර, රුවන් නැවක් වනවිට රැවල් මත පින්තාරු කළ යුතුය. එසේ සලකුණු කොට නොමැති බෝට්ටුවක් සලකුණු කරන තුරු එහි බලපත‍්‍රය අත්හිටුවිය හැකිය. 

ඉහත සඳහන් ආකාරයකට බලපත‍්‍රය ලබාදී ඇති බෝට්ටුවක් විකිණීම, තෑගි කිරීම හෝ වෙනත් ආකාරයකින් වෙනත් ස්ථානයකට මාරු කරනු ලැබුවහොත්, එම බෝට්ටුව මාරු කළ තැනැත්තා ඒ බව දැනුම් දිය යුතු අතර, එවිට එම බලපත‍්‍රය සහ පොත එම බෝට්ටුව ලබා ගත් තැනැත්තාට නිකුත් කළ යුතුය. 

කිසියම් බෝට්ටුවක් ගිලී විනාශ වී හෝ භාවිතයට නුසුදුසු නම් බලපත‍්‍රය පොතෙන් එම අංකය මකා දැමිය හැකිවන පරිදි එහි හිමිකරු නිසි බලධාරියාට දැනුම් දිය යුතුය. බෝට්ටුවක මුල් පිටපත බෝට්ටුවේ හිමිකරු සන්තකයේ තබාගත යුතු අතර, එහි අනුපිටපතක් බෝට්ටුව භාරව සිටින තැනැත්තාට භාරදිය යුතු අතර, අවශ්‍ය වූ විට ඉදිරිපත් කළ යුතුය.

කිසියම් බෝට්ටුවක බලපත‍්‍රයක් නැති වී හෝ විනාශ වී ඇති විට බෝට්ටු හිමිකරුගේ ඉල්ලීම මත අනුපිටපතක් නිකුත් කළ හැකිය.
නිසි බලධාරියා විසින් මෙම ආඥා පනත යටතේ නිකුත් කරන ලද බලපත‍්‍ර බෝට්ටු ලැයිස්තුවේ ඇතුළත් කළහොත්, සියලු විස්තර සහිතව තබා ගත යුතු ය. 
කිසියම් තැනැත්තෙකුට එම ලැයිස්තුව කාර්යයාල වේලාවන්හිදී බලා ගැනීමට සහ අවශ්‍ය නම්, එයින් පිටපතක් ලබා ගැනීම නිත්‍යනුකූල ය. 
මෙම පනත යටතේ මුද්දර ගාස්තු ගෙවිය යුතු බෝට්ටුවක් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නම්, එය කාලසටහන් සීමාවන් තුළ භාවිතා කළ යුතුය. තවද, එකම, බෝට්ටුවක් සඳහා එක් බෝට්ටු හිමියෙකුට මුද්දර ගාස්තු එක වරකට වඩා ගෙවිය යුතු නොවේ. 

එකී මුද්දර ගාස්තු ගෙවිය යුතු අධිකාරිය සම්බන්ධයෙන් කිසියම් ප‍්‍රශ්නයක් පැන නගින්නේ නම්, එම ප‍්‍රශ්නය තීරණය කිරීම සඳහා අමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබිය යුතු අතර, අමාත්‍යවරයාගේ තීරණය අවසන් තීරණය වේ. 
මෙම පනතේ විධිවිධානවලට අනුකූල ලෙස පළාත්පාලන ආයතනවල බලතල හා රාජකාරිවලට අදාළ කිසියම් ආඥා පනතක අඩංගු එවැනි මුද්දර ගාස්තු බැහැර කිරීමේ විධිවිධාන මෙයින් අවලංගු කරනු ලැබේ.

 

ලබන සතියට....

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03