පසුගියදා පැවැති රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා තරගාවලිය කොරෝනා ව්‍යසනයෙන් පසු ක්‍රිකට් ලෝලීන් යළි පිටිය වෙත කැඳවූ තරගාවලියක් විය. එම තරගාවලිය ජයගනු ලැබුවේ ඉන්දියාවය. තරගාවලියෙන් දින කිහිපයකට පසු අසන්නට ලැබුණේ අවාසනාවන්ත ප්‍රවෘත්තියකි. ඒ ඉන්දියානු ලෙජන්ඩ්ස් පිලේ නායක සචින් තෙන්දුල්කාර්, ඉර්ෆාන් පතාන්, යුසුෆ් පතාන් සහ බද්‍රිනාත් යන ක්‍රීඩකයන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවටය. අවසන් තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ එක් ක්‍රීඩකයකුද මේ වනවිට කොරෝනාවට ගොදුරු වී සිටින බවට වාර්තා වේ.
කොවිඩ් 19 වෛරසය ලොවපුරා රාජ්‍ය නායකයන්, සිනමා ශිල්පීන්, ක්‍රීඩකයන් වැනි ප්‍රකට පුද්ගලයන්ද අත හැරියේ නැත. ඒ අතුරින් ඇතැම් ප්‍රකට පුද්ගලයන්ගේ ජීවිතද බිලි ගත්තේය. රාජ්‍ය පාලකයන් අතුරින් කොරෝනා වැළඳුණු බවට මුලින්ම වාර්තා වූයේ එංගලන්තයේ රාජකීය පවුලේ සාමාජිකයන්ටය. එලිසබෙත් රුජනගේ වැඩිමහලු පුත්‍රයා වන චාල්ස් කුමරුට හා ඔහුගේ පුත් විලියම් කුමරුටද කොරෝනා ආසාදනය වූ අතර මොනාකෝහි දෙවැනි ඇල්බට් කුමරුද, රියාද්හි ආණ්ඩුකාරවරයා වන සෞදි රජ පවුලේ ෆයිසාල් බින් බන්දාර් අබ්දුල් අසීස් අල් සවුද් කුමරුද සෞදි රජ පවුල් සාමාජිකයන් 150කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොවිඩ් වැළඳීමෙන් සිදුවූ පළමු රාජකීය මරණය වාර්තා වූයේ ස්පාඤ්ඤයෙනි. ඒ මරියා තෙරේසා රජ කුමරියයි. කොරෝනා වැළඳීමෙන් පසුගිය මාර්තු මාසයේ ඇය මරණයට පත්වූවාය.
කොරෝනා වැළඳුණු ලෝක රාජ්‍ය නායකයන් අතර ඉදිරියෙන්ම සිටියේ හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඔහුගේ බිරිය වන මෙලෙනියා ට්‍රම්ද ආසාදිතයකු වූවාය. බ්‍රසීල ජනාධිපති හායෙර් බොල්සොනාරෝ, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, ඇමෙරිකානු සෙනෙට් සභික රුන්ඩ් පෝල්, ඉරානයේ ජ්‍යෙෂ්ඨ උප ජනාධිපති ඉෂාක් ජහන්ගිරි හා උප ජනාධිපති මසුමෙ එබ්තෙකාර්, බුරුන්ඩි ජනාධිපති පියරේ එන්කෘන්සිසා, ඔස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු ආමාත්‍ය පීටර් ඩටන්, හොන්ඩියුරාස් ජනපති හුවාන් ඔර්ලැන්ඩෝ හර්නැන්ඩස්, ඊශ්‍රායෙල සෞඛ්‍ය ඇමැති යාකොව් ලිට්ස්මාන්, යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් සොලොන්ස්කි, රුසියානු අගමැති මිකායෙල් මිෂුස්ටින්, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිනී නදීන් ඩොරිස් වැනි රාජ්‍ය නායකයන්ටද කොරෝනාවෙන් ගැලවීමක් නොවීය.
අසල්වැසි ඉන්දියාවේ රාජ්‍ය නායකයන් කිහිප දෙනකුම කොරෝනා ආසාදිතයෝ බවට පත්වූහ. උප ජනාධිපති වෙන්කයියා නායිදු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය අමිත් ෂා සහ දුම්රිය සේවා අමාත්‍ය සුරේෂ් අන්ගාදි, දිල්ලියේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය මනීෂ් සිසෝඩියා, මධ්‍ය ප්‍රදේශ ප්‍රධාන අමාත්‍ය සිවරාජ් සිං, බීජේපී නායකයකු වන ජෝතිරාදිත්‍යා ෂින්දියා ද රෝගයට ගොදුරු වූ ඉන්දීය දේශපාලකයන් කිහිප දෙනෙකි.. ඔවුන් අතුරින් සුරේෂ් අන්ගාදි මරණයට පත් වූ අතර හිටපු ජනාධිපති ප්‍රනාම් මුඛර්ජි ද ශල්‍යකර්මයකට බඳුන්ව සිටියදී මිය ගියේය. ඔහුටද කොරෝනා ආසාදනය වී තිබූ බැව් පසුව අනාවරණ විය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නි ආරච්චි, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත වැනි දේශපාලකයන් කිහිප දෙනකුටද කොවිඩ් 19 වැළඳීම නිසා ප්‍රතිකාර ගැනීමට සිදුවිය.
ලොව ප්‍රකට නළු නිළියන් ගායක ගායිකාවන් රුසක්ද කොවිඩ් 19 වෛරසයෙන් බැටකෑහ. ඒ අතර ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ නිළි බිරිය රීටා විල්සන්, හොලිවුඩ් නිළි ඔලිවියා නිකනෙන්, බ්‍රිතාන්‍ය නළුවකු හා ගායකයකු වන ඉද්‍රිස් එල්බා, හොලිවුඩ් නළු අන්තෝනියෝ බන්දේරාස්, සුප්‍රකට නිළි ගායිකා මැඩෝනා, ගායක ජෝන් පයින්, ගේම් ඔෆ් ත්‍රොන්ස් චිත්‍රපටයේ නළු නිලියන් වන නිළි ඉන්දිරා වර්මා සහ ක්‍රිස්ටොෆ් හිවුජු, ඔල්ගා කුරිලෙන්කෝ, ඩැනියෙල් ඩේ කිම්, නිළි රේචල් මැතිව්ස්, බිග්බැන්ග් තියරි නළු ජිම් පාර්සන්ස්, නළු හියු ග්‍රාන්ට්, සුප්‍රකට රෙස්ට්ලින් ක්‍රීඩක හා නළු ඩ්වයින් ජොන්සන්, ට්වයිලයිට් චිත්‍රපට නළු රොබට් පැටර්සන්, මෙල් ගිබ්සන්, ගායක හා ගීත රචක පින්ක්, රොක් ගායක ජැක්සන් බ්‍රවුන්, සීඑන්එන් මාධ්‍ය ජාලයේ ක්‍රිස් කියුමෝ, බ_ක් බෝල්ඩ්වින්, සී.එන්.එන්. මාධ්‍ය ජාලයේ සුපක්‍රට චරිතයක් වූ ලැරි කිං, රෑපවාහිනි නිවේදිකාවක වන එලන් ඩී. ජෙනර්ස්, ඒබීසි මාධ්‍ය ජාලයේ ගුඩ් මෝනිං ඇමෙරිකා වැඩසටහන මෙහෙයවන ජෝර්ජ් ස්ටෙපානොපොලොස්, ඇමෙරිකානු මාධ්‍යවේදිනිී ලෙස්ලි ස්ටාල්, පස්වතාවක් ඇකඩමි සම්මානයට යෝජනා වූ සිනමා කැමරා ශිල්පි ඇලන් ඩාවියාවු, ඔපෙරා ගායක ප්ලැසිඩෝ ඩොමින්ගෝ, රුපර්වරයකු වන බ්‍රුඩ් ස්කාර්ෆේස් ජෝඩ්න්, බොන් ජෝවි සංගීත කණ්ඩායමේ ඩේවිඩ් බ්‍රයන්, ඉතාලියානු ඔපෙරා ගායන ඇන්ඩ්‍රියා බොසෙලි යන අයද වූහ.
සුප්‍රකට බොලිවුඩ් නළු අමීර් කාන්, රන්බීර් කපූර් සහ චිත්‍රපට අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්සාලිද මේ වනවිට කොරෝනාවේ ගොදුරු බවට පත්ව තිබේ. අමිතාබ් බච්චන්, අභිෂේක් බච්චන් සහ අයේෂ්වර්යා රායි, කරන් කුමාර්, චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයේ නිෂ්පාදක කරිම් මොරානි, ගායිකා කනිකා කපූර්, චිත්‍රපට අධ්‍යක්ෂ ආනන්ද එල් රායි, වැනි අයද රෝගයට ගොදුරු වූහ. සුප්‍රකට දකුණු ඉන්දීය ගායක එස්. පී. බාලසුබ්‍රමනියම්ගේ ජීවිතය අහිමි වූයේ කොරෝනාව වැළඳීමෙනි.
ටෙනිස් ක්‍රීඩක නොවැක් ඩියොකොවිච්, පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක සාහිඩ් අෆ්‍රිඩි, මලල ක්‍රීඩක උසේන් බෝල්ට්, පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, පැසිපන්දු ක්‍රීඩකයන් වන කෙවින් ඩුරාන්ට්, රෑඩි ගොබර්ට්, ඩොනවන් මිචෙල්, කොළොම්බියානු පාපැදි ධාවක ෆර්නැන්ඩෝ ගැවිරියා, ගොල්ෆ් ක්‍රීඩක ඩස්ටින් ජොන්සන්, පාපන්දු ක්‍රීඩක කැලම් හඩ්සන්වැනි ජාත්‍යන්තර ක්‍රීඩකයන්ද ඇමෙරිකානු බේස් බෝල් ක්‍රීඩකයන් 31 දෙනෙකුද කොරෝනාවට ගොදුරු වූ ප්‍රකට පුද්ගලයන් අතර වේ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්නටද කොවිඩ් 19 වැළඳී තිබිණි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා