ග්‍රහ මණ්ඩලයේ බුද්ධිමතා වූ බ්‍රහස්පති මකර රාශියෙහි නීචව ගමන් කිරීම නවතා තමාට සම රාශි භවනක් වූ සෙනසුරුට අයත් වූ කුම්භ රාශියට 2021 අප්‍රේල් 5 වැනි සඳු දින රාත්‍රී 12 පසුවී විනාඩි 23ට පිවිසේ. අනතුරුව අඟහරුට අයත් දෙනට නැකතේ තුන්වන හතරවැනි පාදවලත් රාහුට අයත් සියාවස නැකතේ සම්පූර්ණවත් බ්‍රහස්පතිට අයත් පුවපුටුප නැකතේ ප්‍රථම දෙවැනි තුන්වැනි පාදවලත් ගමන් කිරීම අරඹයි. එසේ 2021 ජූනි මස 21 වැනි දින වක්‍ර වෙමින්ද 2021 සැප්තැම්බර් 14 වැනි දින වක්‍ර ගමනින්මද නැවත වරක් මකර රාශියට පිවිසෙමින්ද යළිත් 2021 නොවැම්බර් 20 වැනි දින කුම්භ රාශිගත වෙමින්ද 2022 අප්‍රේල් මස 13 වැනි බුධ දින දක්වාම කුම්භ රාශියෙහි ගමන් කරනු ඇත.
බ්‍රහස්පති මාරුව අප රටට ඇති කරන්නා වූ බලපෑම පිළිබඳව විමසා බැලීමේදී මෙතෙක් පැවතියා වූ අයහපත් වූ තත්ත්වය යම්තාක් දුරට මගහැරී යන කාල සීමාවක් වනු ඇත. රටේ ආර්ථිකය ශක්තිමත් බවට පත්වන කාලයක් වන අතර වැඩකරන ජනතාවට පැවතියා වූ ප්‍රශ්න මැගහැරී යන කාලයක්ද වනු ඇත. අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන් රජය විසින් යම් යම් ශුභවාදී ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවන වකවානුවක්ද වෙයි. ආගමික කටයුතු වෙනුවෙන්ද ජනතාව වැඩි වැඩියෙන් යොමුවන සමයකි. රට තුළ නවීන උපකරණ යන්ත්‍ර මෙන්ම භාණ්ඩ වර්ගද මහජනයාට අවශ්‍ය වන විදේශීය නිෂ්පාදනයන්ද බෙහෙත් වර්ගද මෙරටදී නිෂ්පාදනය කරනු ලබන සමයක් වනු ඇත.
• මේෂ - විභාග ජය
ඔබට යහපත් ඵල අත්වන අතර ඔබ කරන කටයුතු සාර්ථක වීමත් තරඟ විභාගවලින් ජයග්‍රහනයන්ද අත්කරගත හැකි වන කාලයක් වේ. භූමියෙන් මුතු මැණික් ආදිය සොයන පතල් හිමියන්ටද ශුභඵල අත්වන කාලයකි.
• වෘෂභ - වාහන ලාභ
ඔබටද යහපත්ය. සේවා කටයුතුවල ප්‍රගතියක්ද අත්වන අතර ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීමට ශුභ කාලක්ද වේ. තැන්පත් ධනය වර්ධනය කරගත හැකි කාලයක්ද වේ.
• මිථුන - උසස් අධ්‍යාපනයට
ඔබගේ යම් යම් කටයුතු අතපසු වන කාලයක් වන අතර ආගමික කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් කාලය යොදවනු ඇත. උසස් අධ්‍යාපනයේ නිරත වී සිටින අය ශුභඵලද ගෙනදෙනු ඇත.
• කටක - නිවාස අලුත්වැඩියාවට
විශාල අන්දමින් මුදල් යොදවා කටයුතු නොකළ යුතු කාලයකි. නිවසෙහි අලුත් වැඩියා කටයුත්තක් හෝ නව කොටසක් එක් කිරීමක් හෝ සිදුකරන කාලයක්ද වේ. අලුතින් අය දැන හැඳිනගන්නාවූත් කාලයක්ද වේ.
• සිංහ - විවාහ ස්ථීර වේ
අවිවාහක අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙමින් විවාහ කටයුතු ස්ථීර කරගත හැකිවනවා ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයටද ශුභඵල අත්වනු ඇත. රිය පැදවීම් කිරීමේදී පරිස්සම් විය යුතු අතර හදිසි ශරීර පීඩාද ඇතිවන බව පැවසිය යුතුය.
• කන්‍යා - රහස් සතුරන්
ඔබගේ කාලත්‍රයාට හදිසි රෝගාබාධ ගෙන දෙන කාලයක් වේ. නෑදෑයකුගෙන් ප්‍රශ්නයක් මතුවන අතර යම් යම් රහස් සතුරු බලවේගද ක්‍රියාත්මක වන කාලයක් වේ. විශාල මුදල් පාඩුද ඇතිවනවා ඇත.
• තුලා - ආර්ථික වාසි
අධ්‍යාපනික කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් වනු ඇත. ආගමික කටයුතුවලටද සහභාගී වන සමයකි. දේශපාලනික කටයුතුවල නිරත අයටද ශුභවනු ඇත. ආර්ථික වාසිද අත්වන කාලයක්ද වේ.
• වෘශ්චික - මුදල් පාඩු
ඔබට යහපත් ඵල අත්වන අතර ඔබ කරන කටයුතු සාර්ථක බවට පත්වන කාලයක්ද වේ. අලුතින් ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීමටද ශුභ වන අතර මුදල් වියදම් කිරීමේදී පරිස්සම් විය යුතු වන්නේ විශාල පාඩුද ඇතිවිය හැකි නිසාය.
• ධනු - නිර්මාණශීලී අදහස්
සහෝදර බැඳීම් වර්ධනය වන කාලයක් වේ. නිර්මාණශීලී අදහස්ද ජනිත වනවා ඇත. අධ්‍යාපනික කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵලද අත්වනු ඇත. පවුල් දිවියේ පැවැති ප්‍රශ්නද මගහැරී යාමට ඉඩ තිබේ.
• මකර - සේවයේ ප්‍රගතියක්
ආර්ථික වාසි අත්වන අතර යම් යම් කටයුතුවලට ඉදිරිපත් වීමෙන් යහපත් ඵල උදාකර ගත හැකි කාලයක්ද වේ. සේවා කටයුතුවලද ප්‍රගතියක් අත්වන කාලයක්ද වේ.
• කුම්භ - ව්‍යාපාරවලට ශුභයි
ඔබට යහපත් ඵල අත්වන අතර ඔබ කරන කටයුතු සාර්ථක බවට පත්වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵලද අත්වන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත අයටද ශුභවනු ඇත.
• මීන - රැකියා වෙනසක්
විශාල මුදල් පාඩු ඇතිවන කාලයකි. සේවා ස්ථානයේ වෙනස්වීමක් අපේක්ෂා කළ අයට තම බලාපොරොත්තු ඉෂ්ට වනු ඇත. නිවසේ අලුත්වැඩියාවක් හේතුවෙන් වියදමක්ද ඇතිවනු ඇත.