සිංහල අලුත් අවුරුදු උත්සව සමය ඉක්ම යාමත් සමඟම බොහෝ දෙනකුට දැඩි ආර්ථික ගැටලු මතුවේ. එයට හේතුව සිංහල අවුරුදු උත්සව කාලයේ තමන් අත තිබූ මුදල් සියල්ලම පාහේ වැය වීමයි. ලැබී තිබූ සියලුම ආදායම් බොහෝ දෙනකු වැය කරන්නේ ඉදිරිය ගැන සැලකිල්ලක් නොදක්වමිනි. මේ කාලයේ ඕනෑ දෙයටත් එපා දෙයටත් මුදල් වැය කරන්නෝ බොහෝ වෙති. ඔවුහු අවුරුදු උත්සව දින කිහිපය අවසන් වීමෙන් පසුව ජීවත්වීමේ ගැටලුවලට මුහුණපාති. එයට විසඳුම් සෙවීමට එතැන් සිට ඔවුන්ට සිදුවේ.
උත්සව සමයේදී ජනතාව අතට ලැබෙන ආදායම වැඩි වෙයි. මාස් පඩි ලබන්නන්ට ස්වකීය වැටුප මාසයේ මුල් දිනවල ලැබේ. බොහෝවිට අලුත් අවුරුදු බෝනස් හා පාරිතෝෂිකද වැටුප් සමඟම හෝ වැටුපට පෙර මාසයේ හෝ ලැබෙනවා ඇත. ඊළඟට බොහෝ අයට උත්සව අත්තිකාරම්ද ලැබේ. මෙම අත්තිකාරම් මුදලද සෑහෙන ප්‍රමාණයක් වන අතර එය ඊළඟ වැටුපේ සිට පොලී රහිතව මාසිකව වාරික 10-12කින් කපා ගන්නවා ඇත. මේ ආදී මාර්ගවලින් මාස් පඩි ලබන සේවකයාට විශාල මුදලක් ලැබේ.
ස්වයංරුකියාලාභීන්ට සහ ගොවියන්ටද උත්සව සමය ආරම්භයේදී ලොකු මුදලක් ලැබේ. තම ව්‍යාපාර කටයුතුවල වැඩිපුර නිරතවීම නිසා වැඩි ආදායමක් ලැබෙන අතර හිඟ ණය අයකර ගැනීම ආදියෙන්ද මුදල් හිමිවේ. ගොවියාගේ අස්වැන්න විශාල වශයෙන් ලැබෙන්නේ උත්සව සමය ආරම්භයේදීය. එම අස්වැන්න අලෙවි කර විශාල මුදලක් ලැබෙන අතර ඒවා මිලට ගන්නා අතරමැදියන් මේ කාලයේදී ණයට මුදල් දීමට පවා පෙළඹෙන්නේ ගොවියන් සහ නිෂ්පාදකයන් ඉදිරියේදී තමන්ට නතුකර ගැනීම සඳහාය. මේ ආදී වශයෙන් බොහෝ දෙනා අතර වැඩි ආදායමක් ලැබෙන සමය මෙය වෙයි.
පාරිභෝගිකයන් අතර වෙනදාට වඩා වැඩි මුදලක් ගැවසෙන බව දන්නා ව්‍යාපාරිකයෝ ඔවුන් තමාට නතුකර ගැනීමට විවිධ උපක්‍රම යොදති. තමා ළඟ නොවිකිණී ඉතිරිව ඇති කල් ඉකුත් වූ භාණ්ඩ සේල් දැමීමෙන් අලෙවි කර ගැනීමට කල් ඇතිව කටයුතු කරති. සාමාන්‍ය වෙළෙඳපොළට වඩා මිල අඩු බව හුවා දක්වමින් අලෙවි කිරීමට පෙළඹෙන බවක්ද දක්නට ඇත. මේ වන විට නගරයේ පමණක් ගමේ කඩවල පවා මෙම සේල් පොළවල් පැවැත්වේ. ශබ්ද විකාශන යන්ත්‍ර යොදවා ගීත ප්‍රචාරය කිරීමෙන්, නානා වර්ග විදුලි බුබුළු දැල්වීමෙන්, ඉදිරිපිට රෑකඩ සහ ඔළුබක්කන් නැටවීමෙන් ආදී වශයෙන් පාරිභෝගිකයා ආකර්ශනය කර ගැනීමට විවිධ උපක්‍රම යොදන බව පෙනේ.
සේල් පොළවල අලෙවි කරන භාණ්ඩවල, විශේෂයෙන් පාවහන්, බෑග්, නිමිඇඳුම් ආදියේ පරණ මිල ප්‍රදර්ශනය කර එය කතිරයකින් කපා අලුත් මිල සඳහන් කර තිබේ. එහෙත් මේවායේ මුලින් තිබූ මිල ලෙස වැඩි වටිනාකමක් සඳහන් කර ඇති බැවින් ඇත්තවශයෙන්ම අඩු වී තිබෙන්නේ සුළු මුදලකි. එසේම ඇතැම් අවස්ථාවල කිසිදු මිල අඩුවීමක් සිදුව නැති බව වටහාගත හැකිය. මෙලෙස මිල අඩුවීමක් ප්‍රදර්ශනය කිරීම පාඨකයා රැවැටීමට යොදන උපක්රමයකි.
එසේම ඇතැම් භාණ්ඩ කිසිදු මූලික ගෙවීමකින් තොරව කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත රුගෙන යාමට හැකිව තිබේ. එලෙස කොටස් වශයෙන් ගෙවීමේදී කිසිදු පොලියක් අයකර නොගන්නා බව ප්‍රචාරය කරන නමුත් වාරික සියල්ල ගෙවන විට පාරිභෝගිකයා නොදැනුවත්ව පොලියක් අය වී ඇති නමුදු ඒ බව සොයාගන්නට නොහැකි වේ. පාරිභෝගිකයන් මේ කිසිවක් නොසලකා භාණ්ඩ රුගෙන යාමට උනන්දු වීම නිසා ඔවුහු අමාරුවේ වැටෙති. කොටස් වශයෙන් භාණ්ඩ රුගෙන යන කිසිදු පාරිභෝගිකයකු තමන්ට ඇත්තටම ගෙවන්නට සිදුවන මුදල ගැන භාණ්ඩය රුගෙන යන අවස්ථාවේ ඇගයීමක් කරන්නේ නැත. එසේ ගණන් බලන්නේ නම් තමන් උගුලකට හසුවී ඇති බව ඔවුන්ට වැටහෙනවා නියතය.
විශේෂයෙන්ම මෙලෙස කොටස් වශයෙන් ගෙවන්නට දෙන ශීතකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ ආදියේ ප්‍රමිතිය ඉතාමත්ම පහළ බව දක්නට ඇත. මෙවැනි බාල භාණ්ඩවල ජීවිත කාලය කෙටිය. තමන් අවසාන වාරිකය ගෙවන අවස්ථාව ළඟා වීමටත් පෙර ඒවායේ ජීවිතය අහෝසි වේ.
මේ හැර ආවේගවලට යටත් වී භාණ්ඩ මිලට ගැනීමටද වෙළෙඳ ප්‍රචාරණයට රුවටී මිලට ගැනීම්ද උත්සව සමයේදී බෙහෙවින් සිදුවේ. ඇතැම් අවස්ථාවලදී අවශ්‍ය ප්‍රමාණයට වඩා මිලදී ගනී. සමහර වෙළෙඳුන් පුවරු ප්‍රදර්ශනය කර ඇත්තේ කිලෝවක මිලටය. එවැනි අවස්ථාවල තමන්ට අනවශ්‍ය දෙයක් වුවද කිලෝවක් මිලට ගන්නට සිදුවේ. සමහර විටෙක අනවශ්‍ය භාණ්ඩ වුවද &ගන්නන් වාලේ* මිලට ගැනීම්ද සිදුවේ. තම යෙහෙළියක් යම් ඇඳුමක් මිලට ගත් විට එය දකින අය එයට වඩා කැපීපෙනෙන ඇඳුමක් වැඩි මිලකට ගන්නට පෙළඹෙනවා ඇත. මෙහිදී තමන්ගේ අවශ්‍යතාවට වඩා අන් අය අභිබවා යාමට කටයුතු කරන්නේ ආවේගශීලී ස්වභාවය නිසාය. සමහර පාරිභෝගිකයන්ට මඟ දෙපස ප්‍රදර්ශනයට තබා ඇති භාණ්ඩවලට වශී වූ විට තමන් මිලයට ගැනීමට යන භාණ්ඩය අමතක වී අනවශ්‍ය දෙය මිලයට ගන්නවා ඇත. ඇතැමුන් මිලට ගන්නේ ප්‍රචාරණයට රුවටීම නිසාය. මේ බව දන්නා කපටි වෙළෙන්ඳා චිත්තාකර්ශනීය ප්‍රචාරණ මාධ්‍යවලින් පාරිභෝගිකයා රවටා ගන්නට උත්සාහ කරයි. භාණ්ඩවල නැති ගුණ ඇතිකර ඒවා පිළිබඳ පාරිභෝගිකයාගේ අවධානය ගැනීමට උත්සාහ කරයි. ඇතැම් ආහාර වර්ග, දත්බෙහෙත්, සබන් ආදිය අලෙවි කිරීමේදී වෙළෙන්ඳා මෙම උපක්‍රමය යොදයි. වෛද්‍ය විද්‍යාත්මක ගුණ දක්වයි. ප්‍රචාරණයේදී කියන දෙය තමන්ට අදාළ නොවුවද, තමාට වටහා ගැනීමට නොහැකි වුවද මිලට ගැනීමට පාරිභෝගිකයෝ පෙළඹෙති.
ඇතැම් අවස්ථාවල කාන්තාවන්ට සිදුවන අකරතැබ්බයක් වනුයේ තමා මිලට ගන්නට යන අවශ්‍ය භාණ්ඩය අමතක වී ඒ වෙනුවට අනවශ්‍ය භාණ්ඩයක් මිලදී ගැනීමය. එහිදී සිදුවන්නේ වෙනත් ඒවාට වියදම් කිරීම නිසා තමාට අවශ්‍ය භාණ්ඩය මිලට ගැනීම සඳහා මුදල් නැතිවීමය. තමාට සිදුවූ වරද නිවැරදි කළ නොහැක්කේ භාණ්ඩය ඒ වන විට මිලදී ගෙන හමාරවීම සහ ආපසු බාරගැනීමට වෙළෙඳුන් අකැමැති වීමය. මේ ආදී හේතු නිසා, මානසිකත්වයට වහල් වීම සහ ආවේගවලට නතුවීමට සිදුවීමෙන් බොහෝ දෙනෙක් අමාරුවේ වැටෙති.
එසේම උත්සව සමයේදී ජනතාවට ලැබෙන මුදල් එකතැන රඳා නොසිටී. මුදල වැයවන වේගය වැඩි වේ. අතේ මුදල් රුඳී තිබෙන්නේ සුළු වෙලාවකි. &මේ ගත්තා මේ දුන්නා යැයි කියන්නේ එනිසාය. මෙය ආර්ථික විද්‍යාවේ හඳුන්වන්නේ මුදලේ සංසරණ ප්‍රවේගය ඉහළ යාම ලෙසිනි. එසේම භාණ්ඩ සුලබ වීම නිසා මුදල්වල ක්‍රය ශක්තිය වැඩි වේ. එනම් මුදලේ මිලදී ගැනීමේ බලයට ඉහළ යයි. මුදල් යහමින් ඇති නිසා ඕනෑම දෙයක් මිලට ගත හැකිය යන සංකල්පය ඇතිවේ. දෙවරක් කල්පනා නොකර අත දිගහැර වියදම් කරන්නේ එනිසාය. සමහරුන් මෙයට කියන්නේ &ලෝස් නැතුව* වියදම් කරනවා යනුවෙනි.
මුලදී පැවසූ පරිදි විවිධාකාරයෙන් උත්සව සමයේදී අතට ලැබෙන මුදල් ලෝස් නැතිව වියදම් කරන්නට ගොස් අවුරුදු දින කිහිපය අවසන් වන විට ණය ගන්නට පවා පෙළඹෙන අය සිටිති. තමා අතට කොපමණ ගත්තාද, කීයක් වැය කළාද යන්න පිළිබඳ ගණන් පදම් නැත. සමහරුන්ට උත්සව කාලයෙන් පසුව මාස 1 ½ක පමණ වැටුපක් නැතිව ගෙවන්නට සිදුවීම නිසා පවුලේ අත්‍යවශ්‍ය ආහාරපාන, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ බෙහෙත් ආදිය සඳහා වැය කිරීමට පොලියට මුදල් ගන්නට සිදු වූ අවස්ථා ගැන ලියුම්කරු දනී. මෙහිදී සිදුවන්නේ වැඩිපුර මුදල් ලැබීම නිසා ඊළඟට ණයකරුවකුද වී අමාරුවේ වැටෙන්නට සිදුවීමය. ඒ අතර අනපේක්ෂිත වියදම් සිදුවුවහොත් ඔහු තවත් අමාරුවේ වැටෙනවා ඇත. සමාජයේ වැඩි උගත්කමක් ඇති සුළු වැටුපක් ගන්නා අය මෙන්ම උසස් යැයි කියන රුකියාවල නියුතු උගත් වැඩි වැටුප් ගන්නා අයටද මේ තත්ත්වය උදාවන්නේ ඔවුන් තම තරම ගැන නොදැන අනවශ්‍ය ලෙස වියදම් කිරීමට යාම නිසාය.
උත්සව සමයේදී ජනතාව මෙලෙස අපහසුතාවට පත්වන්නේ මුදල් නිසි පරිදි කළමනාකරණය කිරීමට අපොහොසත් වීම හේතුවෙනි. අවිචාරවත් ලෙස වැය කරන්නට පුරුදු වීම නිසා දැන දැන අමාරුවේ වැටෙති. මූල්‍ය කළමනාකරණය ආර්ථික හා වාණිජ විද්‍යාවේ ප්‍රධානතම අංගයක් වී ඇත. නිසි පරිදි මුදල් කළමනාකරණයට අපොහොසත් වීම නිසා දින කිහිපයක සිදුවන වරදට වසරක් පුරා හෝ සදා කාලයේම දුක් විඳින්නට සිදුවේ.
මෙහිදී අවශ්‍යතා පෙළගැස්සවීම වැදගත් වේ. තමාගේ අවශ්‍යතා වැදගත් වන අයුරු හා වුවමනාව අනුව සකස් කළ යුතු වේ. එසේ සිදුකර තමාගේ ප්‍රමුඛතම අවශ්‍යතාවයට මුලින්ම වැය කළ යුතුය. අවශ්‍යතා පිළිබඳ අධ්‍යයනය නොකර ආවේගවලට ලක්වී හෝ වෙනත් බාහිර බලපෑම්වලට නතු වී මුදල් වැය කරන්නේ නම් එය නැති ගැටලු ඇතිකර ගැනීමක් බව වටහාගත යුතුය. අද සමාජයේ බොහෝ අය අපහසුතාවට පත්වන්නේ තම අවශ්‍යතාවලින් කුමන ඒවා මුලින් ඉටු කළ යුතුද, කුමන ප්‍රමාණයකට කළ යුතුද යන්න සහ ඒ සඳහා කොතරම් වැය කළ යුතුද යන්න අධ්‍යයනය නොකිරීම නිසා බව මූල්‍ය විශේෂඥයෝ පවසති.
මසකට රුපියල් 50,000ක් ආදායම් ලබන පවුලකට වඩා රුපියල් 20,000ක ආදායමක් උපයන පවුලට සාර්ථකව ජීවත් වීමට පුළුවන් වෙයි. එයට හේතුව නිසි පරිදි මුදල් කළමනාකරණය කිරීමය. බලපෑම්වලට හෝ හැඟීම්වලට යටත්ව වියදම් කිරීමට පෙළඹෙන්නේ නම් එය සාර්ථක ජීවිතයකට බාධාවක් වෙනවා ඇත. සමහරු දිනකට රුපියල් 500ක් උපයන්නේ නම් දහසක් වැය කිරීමට පෙළඹී සිටිති. ඔවුන්ට ණය මතම යැපෙන්නට සිදුවේ. නිතර ණය ගන්නට පුරුදු වූ විට ණය නොගෙන සිටීමට නොහැකිය. තමන්ට මෝටර් රථයක් අවශ්‍ය වුවද එය නඩත්තු කිරීමට නොහැකි නම් මිලට නොගත යුතුය. ණය මුදලකින් හෝ මෝටර් රථය මිලට ගන්නට පුළුවන් වුවද එහි ගැටලුව වන්නේ මිලට ගත් පසු නඩත්තු කිරීමය. රථයට ඉන්ධන සැපයිය යුතුය. එසේම අලුත්වැඩියා කිරීම් කළ යුතුය. සේවා කළ යුතු අතර ටයර් ටියුබ් ආදියද බැටරියද නිසි කලට මාරු කළ යුතුය. එසේම බලපත්‍ර ආදී රජයට ගෙවිය යුතු බදුද ගෙවීම අනිවාර්ය වේ. රථය මිලට ගත්තාට පසු එම අවශ්‍යතා සඳහා වැය කළ නොහැකි නම් මෝටර් රථය ගරාජයේ දමා තිබීමට සිදුවනවා ඇත. එවැනි සිද්ධිවලට මුහුණපාන අය කොතෙකුත් සිටිති. ඒ ඔවුන් සතුව නිසි කළමනාකරණයක් නොමැති වීමය.
ස්විප් ජය ලැබීමෙන් හෝ මැණික් ලැබීමෙන් ආදී වශයෙන් අනපේක්ෂිතව ප්රකෝටිපතියන් වූ සමහරුන් වසරකින් දෙකකින් ඒ සියල්ල අවසන් කරගෙන මුලින් සිටියාටත් වැඩි පහළ මට්ටමට වැටුණු අවස්ථා එදා මෙන්ම අදද දැකගත හැකිය. මෙයට ප්‍රධානම හේතුව ලැබුණු මුදල කළමනාකරණය කිරීමට අවබෝධයක් නොමැති වීමය. එවැන්නෝ තම ජීවිත කාලයටම වැය කළ යුතු සියල්ල කෙටි කාලයකදී නාස්ති කිරීමට පෙළඹෙන්නේ විවිධ ඇබ්බැහිවීම්වලට ලක්වීම නිසාය. සමහර ධනවතුන්ගේ පුත්තු කැසිනෝ ක්‍රීඩාවට යොමුවී තම දෙමාපියන්ගේ සියලු වත්කම් එක රුයකින් දියකර හරිති. අන්තිමට ඒ දරුවා දෙමාපියන්ට විපතක් බවට පත්වේ. දෙමාපියන්ට පමණක් නොව මුළු සමාජයටම විපතක් බවට ඔවුහු පත්වෙති.
මේ නිසා තම අතට ලැබෙන මුදල් නිසි පරිදි වැය කිරීමට පුරුදු විය යුතුය. බුදු දහමේ දැක්වෙන්නේ ඉන් ¼ක් ඉතිරි කරගත යුතු බවය. එසේ ඉතිරි කිරීමට අවශ්‍ය වන්නේ ආපදා අවස්ථාවකදී යොදා ගැනීමටය. එහෙත් වර්තමානයේ බොහෝ දෙනෙක් අද ගැන මිස හෙට ගැන නොසිතීම නිසා විහින් අමාරුවේ වැටෙති. ලැබෙන ආදායම නිසි ලෙස කළමනාකරණය කළ යුතු වන්නේ අදට වඩා අනාගතය ගැන සිතීම අවශ්‍ය බැවිනි.
යසවර්ධන රුද්රිගූ