කොවිඩ් 19 නිසා රෝහල්ගත වීමට සිදුවීමේ අවදානම සියයට 70 කින් අඩු කිරීමට සමත්, එමෙන්ම අධි අවදානම් රෝගීන්ගේ ජීවිත අහිමි වීම සියයට 71 කින් අවම කරන සහ රෝග ලක්ෂණ පෙන්වන කාලසීමාව සතියක් දක්වා අවම කරන බවටද තහවුරු වී ඇති ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරන උදාසීන කළ ප්‍රතිදේහ දෙකක මිශ්‍රණයක් වන REGN-COV2 ප්‍රතිදේහ කොක්ටේලයට මෙරට හදිසි භාවිතය (Emergency Use Authorization) සඳහා ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවීමත් සමග ඒ ගැන නැවත කතාබහක් ඇරඹී තිබේ.
කොවිඩ් 19 රෝගය වැළඳී අවදානම් තත්ත්වයට පත්විය හැකි අඩු ප්‍රතිශක්තියක් ඇති පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබන “ඇට මිදුලු බද්ධ කිරීම” හෝ වෙනත් අවයව බද්ධ කිරීමක් සිදු වී ඇති හෝ “හදවත් රෝග, පෙනහළු රෝග” හෝ දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන් හා වයස අවුරුදු 60 ට වැඩි රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රනය සාර්ථකව යොදා ගත හැකි බව තහවුරු වී තිබේ. වැඩිදුර පරීක්ෂණවලින් තහවුරු කර ඇති ආකාරයට රෝග ලක්ෂණ පෙන්වන කොරෝනා වෛරස් ආසාදනය සියයට 81කින්ද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් රෝග ලක්ෂණ පෙන්වන තත්ත්වය දක්වා පත්වීම සියයට 31කින්ද අවම කිරීමට සහ ඔක්සිජන් සැපයීම අත්‍යවශ්‍ය වීම වැළක්වීමටද මෙම ඖෂධයට හැකියාව ඇත.
පසුගිය වසරේ ඔක්තෝබර් මස කොරෝනා වෛරසය ආසාදනය වූ අමෙරිකා එක්සත් ජනපදයේ එවකට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රතිකාර කිරීමේදී පවා සාර්ථකව යොදාගන්නා ලද්දේ මේ මිශ්‍රණයයි.
ජෛව තාක්ෂණය මගින් කෘත්‍රිමව නිපදවන ලද ප්‍රතිදේහ 02ක “කොක්ටේලයක්” වන මෙහි ඇති සූවිශේෂීම වැදගත්කම වන්නේ මෙම ප්‍රතිදේහයන් නිර්මාණය කර ඇති විශේෂ ආකාරය නිසා REGN-COV2 මිශ්‍රණයට කොවිඩ් 19 වෛරසයේ වෙනස් වෙන නව ප්‍රභේදයන් හට සාර්ථකව මුහුණදීමට ඇති ප්‍රබල හැකියාවයි. ඒ හැකියාව නව ප්‍රභේද කොතෙක් පැමිණියද නොවනස්ව පැවතීමයි.
දැනටමත් ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය, ජපානය සහ යුරෝපා සංගමයේ රටවල් වන ජර්මනිය, ප්රංශය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ඉතාලිය, ස්වීඩනය, බෙල්ජියම, එස්තෝනියාව, අයිස්ලන්තය, චෙක් රිපබ්ලික් සහ යුරෝපා නොවන රටවල් වන ඊශ්‍රායලය සහ සර්බියා යන රටවල හදිසි භාවිතය සඳහා මෙයට අනුමැතිය හිමිව ඇත.
මෙම REGN-COV2 නමැති ප්‍රතිදේහ මිශ්‍රණය උදාසීන කළ මොනෝක්ලෝනල් ප්‍රතිදේහ ද්විත්වයක් වන Casirivimab හා Imdevimab මිශ්‍රණයක් ලෙස යොදා භාවිතා කර නිර්මාණය කර ඇත. මේවා පර් යේෂණාගාර තුළ නිෂ්පාදිත ප්‍රෝටීන වන අතර ඊට වෛරස් වැනි රෝගකාරක විනාශ කිරීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ඇති හැකියාව අනුකරණය කිරීමට හැකිය. Casirivimab හා Imdevimab යන ප්‍රතිදේහයන් SARS-CoV-2 වෛරසයේ ස්පයික් ප්‍රෝටීනයට එරෙහිව විශේෂයෙන්ම නිර්මාණය කර ඇති අතර ඊට ෙවෙරසය මානව සෛලවලට ඇලීම සහ ඇතුළුවීම වැළක්විය හැකිය. මෙම Casirivimab හා Imdevimab යන ප්‍රතිදේහයන්ට කොවිඩ් 19 ආසාදිත රෝගීන් හට රෝහල්ගත වීමට හෝ මරණයට පත්වීමට ඇති අවදානම අවම කිරීමට ඇති හැකියාව සායනිකව මනාව තහවුරු කර ඇත. රෝගය පැතිරීමට සහ අසාධ්‍ය වීමට මූලික හේතුව බවට දැන් පත්ව ඇති වෛරස තොගය-(viral load), සිරුර තුළ අධික ලෙස ඉහළ යාම මර්දනයට මෙයට හැකියාව ඇති බව සනාථ වී තිබේ.
මේ නිසා රෝගය පැතිරයාම වළක්වා මූලික මට්ටමේදීම කොවිඩ් රෝගීන් සුවපත් කිරීම සදහා මෙය යෝග්‍ය බව තහවුරු වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. ආසාදිතයකුගේ සිරුරුගතව ගොනුවී ඇති වෛරස ප්‍රමාණය-(viral load), දින 07ක කාලයකදී සියයට 95කට වැඩි මට්ටමකට පහත හෙළීමට සමත් මේ “ප්‍රතිදේහ කොක්ටේල” එන්නත හේතුවෙන් කොවිඩ් නිසා රෝහල්ගත වන සංඛ්‍යාව සහ දැඩි සංකූලතාවන්ට ලක්ව මියයන පිරිස දැඩි ලෙස සීමාකර ගැනීමට හැකිවන බව මූලික පර් යේෂණ මගින් සනාථ කර ඇත.
මෙම ප්‍රතිදේහ මිශ්‍රණය මෘදු, මධ්‍යස්ථ කොවිඩ් 19 වෛරස ආසාධනයක් ඇති වැඩිහිටියන්ට සහ වයස අවුරුදු 12 ට වැඩි &අවදානම් තත්ත්වයට රෝගය පෙරළිය හැකි රෝගීන් සඳහා නිර්දේශිතය* මෙලෙස අවදානම් තත්ත්වයට පත්විය හැකි රෝගීන් වන්නේ වයස අවුරුදු 60ට වැඩි රෝගීන් හා අඩු ප්‍රතිශක්ති හැකියාවක් ඇති හෙවත් නිධන්ගත රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන්ය.
සුගත් පී. කුලතුංගආරච්චි