කාර්යාල ප්‍රවාහන සේවය පසුගිය කාලයේ ජනප්‍රියව තිබුණි. වැඩට එන යන අය පහසුවෙන් ගමන් බිමන් සලසා ගත් බව මතකය. අමතර වාහන ප්‍රමාණයක් මහාමාර්යට එකතු වූ අතර එය තරමක තදබදයක් නිර්මාණය කළේය. රට තුළ සංචරණ සීමා බලපවත්වන කාලයේ කාර්යාල විවෘත කළේ නැත. කොවිඩ් වසංගතය සෑම තැනකම, සෑම අංශයකටම සෑහෙන බලපෑමක් එල්ල කර තිබේ. රජයේ හා පෞද්ගලික අංශයේ කාර්ය මණ්ඩල රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධව සීමා පැනවීය. අත්‍යවශ්‍ය නොවන කාර්යාල තාවකාලිකව වසන ලද අතර සමහර ආයතනවල සේවා කටයුතු අන්තර් ජාලයෙන් කරගෙන යන තැනට පරිවර්තනය විය. කාර්යාල ප්‍රවාහන සේවයෙහි යෙදුණු ව්‍යවසායකයන්ද අපහසුතාවට පත් පිරිස අතරින් කොටසකි.
කොවිඩ් එන්නත්කරණය වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ. නමුත් වෛරසය අලුත් ප්‍රභේදවලට වැඩිදියුණු වන බව විශේෂඥ වාර්තා දක්වයි. පවතින බාධා තුරන් කර නැවත සුපුරුදු ජීවිතය අරඹන දිනයක් ගැන ජනයා ඇඟිලි ගනිති. සමහරවිට වසරකින් දෙකකින් හෝ පැරණි තත්ත්වයට යා හැකි වනු ඇතැයි උපකල්පනය කෙරේ. කෙසේ නමුත් අලුත් අත්දැකීම් ලබා ඇති ව්‍යාපාර හා සේවා අංශ කාර්යාල විවෘත කරන සූදානමක නැත. අත්දැකීම් අනුව වෙනස් වී තිබේ. කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම සේවයට කැඳවීම අවශ්‍ය නැති බව කල්පනා කරති. කාර්ය මණ්ඩලය වැඩට එන්නේ නැති අවස්ථාවක කාර්යාල ප්‍රවාහන සේවා අවශ්‍ය නැත. කොවිඩ් වසංගතයේ බලපෑම සමග නිතිපතා පැවැති ආර්ථික කටයුතු අතරින් ශේෂ වී යන අංශයක් විය හැකිය.
ලෝකයේ තැනින් තැන කියැවෙන තොරතුරු අනුව දිනපතා සේවා අවශ්‍යතාවලින් සෑහෙන කොටසක් තොරතුරු තාක්ෂණයට නැඹුරු වෙමින් පවතී. නොබෝදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ පරිදි යූ.බී.එස්. බැංකුව සිය කාර්ය මණ්ඩයෙන් තුනෙන් දෙකක් ස්ථිර වශයෙන්ම දුරස්ථව තබාගන්නට තීරණය කර තිබේ. ස්විස් බහුජාතික ආයෝජන බැංකුව යූ.බී.එස්. ලෙස කෙටියෙන් හඳුන්වයි. ස්විට්සර්ලන්තයේ මුලස්ථානය පිහිටි එහි ප්‍රධාන කාර්යාල දෙකක් සුරිච් හා බ්රසල්ස්හි ස්ථාපිත කර තිබේ. ලෝකයේ විශාලතම වානිජ බැංකු වලින් ඉහළම පෙලේ එකක් වන යූ.බී.එස්.හි විශ්වාසනීයත්වය හා ඉහළම කාර්යක්ෂමතාවයකින් කරන සේවා ජාත්‍යන්තරයේ ප්‍රසාදයට පත්ව තිබේ.
මෙම බැංකුව ආරම්භ කරන්නේ 1862 දී ය. ඇමරිකානු මුල්‍ය අර්බුදය මෙම බැංකුවේ පැවැත්මට අයහපත් සේ බලපෑවේය. විශාල අලාභ වාර්තා කරන ලද බව සඳහන්ය. කෙසේ නමුත් ප්‍රතිසංස්කරණ ගණනාවකට පසු නැවතත් පැරණි ශක්තිමත් මුල්‍ය වපරිසය අත්පත් කරගෙන තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය සමග තාවකාලිකව කාර්යාල වසා දමන ලද නමුත් පසුව දෛනික ගනුදෙනු දුරස්ථව කරගෙන යන පහසුව ඇති කරන ලද බව කියැවේ. තොරතුරු තාක්ෂණය එයට ඉවහල් වී ඇත. කාර්ය මණ්ඩල නිවසේ සිට බැංකු කටයුතු මෙහෙයවා ඇති අතර එය ගනුදෙනුකරුවන්ට මහත් අස්වැසිල්ලක් විය. අවහිර ඉවත්ව නැවතත් නගර සාමාන්‍ය තත්ත්වයට පත්වන විට බැංකු කටයුතු කාර්ය බහුල වනු නිසැකය. මෙහිදී යූ.බී.එස්. බැංකුව සිය කාර්ය මණ්ඩලයට හයිබී්රඩ් රාජකාරි ක්‍රමයක් යෝජනා කර තිබේ. එම සැලසුම අනුව හැත්තෑ දෙදහසකට වැඩි සේවක පිරිසකගෙන් තුනෙන් දෙකකට අතරමැදි සේවා වාර්තා කිරීමක් තෝරා ගත හැකිය. අවශ්‍යනම් නිවසේ සිට බැංකුවේ රාජකාරි කරන්නට අවසර තිබේ. එහෙත් ගනුදෙනුකරුවන් සමග ගැටෙන කවුන්ටරවල කටයුතු කරන පිරිස සහ අධීක්ෂක අංශවලට මෙය එපමණකට බලපාන්නේ නැත. ඉහළ නිලධාරීන් ගේ පෙළැඹවීමකින් තොරව, නිතිපතා වගකීම ඉටු කරන පිරිස තෝරා ගෙදර සිටින්නට යෝජනා කරන බව දැක්වෙයි. එය අලුත් පිළිවෙළකි. වැඩට එන යන වේලාවද සේවක කැමැත්ත අනුව තීරණ ගත හැකි පරිදි රාජකාරි කාලය සංශෝධනය වනු ඇතැයි සැලකේ.
අලුත් වාර්තා දක්වන පරිදි සමහර බැංකු මෙම පිළිවෙළට කැමැති නැත. වෝල්ස්ටී්රට් හි ගෝල්ඩන් ස්කේච් බැංකුව වහාම සේවයට වාර්තා කරන සේ සියලුම කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබේ. ජේ.පී. මෝර්ගන් ද සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර්වල සිට සම්පූර්ණ කාර්ය මණ්ඩලය කැඳවන තීරණයකය. සමහර වාණිජ බැංකු හා මුල්‍ය ආයතන ප්‍රධානීන් දක්වන පරිදි නිව්යෝක් නගරයේ අවන්හල්වලට යන ඕනෑම කෙනකුට තමන්ගේ රජකාරි ස්ථානයට වාර්තා කරන්නට බැරිකමක් නැත. වාතාවරණය වෙනස් වූ වහාම සේවයට එන සේ නියම කර තිබේ.
දිනපතා රජකාරි සඳහා වැඩට පැමිණීම සමහර අංශවල කාර්ය මණ්ඩලයට අත්‍යවශ්‍යම නැති බව කොවිඩ් වසංගතය සමඟ ඒත්තු ගිය කරුණකි. විශාල ගොඩනැගිලිවල, සෑහෙන ඉඩක් වෙන් කරගෙන සේවය කළ පිරිස නිවසේ සිට වැඩකරන විට අවකාශය ඉතිරි වී තිබේ. විදුලිය පංකා හෝ වායුසමීකරණ නිහඬය. බලශක්ති පිරිවැය අඩු වී ඇති අතර කාර්යාල නඩත්තු වියදම් සෑහෙන ප්‍රතිශතයකින් පහළ වැටී ඇත. වැඩ කරන ජනතාවට පවා ජේත්තුවට හැඩ වී කාර්යාලයට එන්නට අවශ්‍ය නැත. ඇඳුම් පැළඳුම්, සපත්තු හා ඇතැම් ආහාර වර්ගවල අවශ්‍යතාව සීමා සහිතය. හාම්පුතුන්ට හා සේවක සේවිකාවන් යන දෙපැත්තටම නොයෙක් වාසි අත්පත් වී ඇත. තොරතුරු තාක්ෂණය වඩාත් භාවිත කරන අතර නිසි පරිදි රාජකාරි කරන සැලැස්මකින් නොකඩවා &ඔන්ලයින් වැඩට එන්නට* හැකියාව ලැබී තිබේ. මෙම අවස්ථාව වටහාගෙන ඇති ඇතැම් සේවා හෝ ව්‍යාපාරික අංශ සිය කාර්ය මණ්ඩලයට නිවසේ සිට සේවය කරන සේ යෝජනා කරන අතර කරන කාර්ය අනුව වැටුප් ගෙවන්නට තීරණය කර ඇත. නිල රථ, ප්‍රවාහන දීමනා, සාකච්ඡා සැසිවාරවල දී සංග්‍රහ වියදම් සියල්ල සීමා කර ඇත. එම පිරිවැය වෙනුවට අන්තර් ජාල පරිහරණ වියදම් පමණක් වැටුපට අමතරව ගෙවන්නට යෝජනා කර තිබේ.
නිවසින් පිටත්ව රාජකාරියට යන අතර ආපසු හවසට හෙම්බත් වී නිවසට සේන්දුවන යුගය අවසන්වීමට ඉඩ තිබේ. අලුත් මානයකින් හිතන සමහර සමාගම් විප්ලවීය තීරණ ගනිමින් සිටිති. සම්ප්‍රදායික ව්‍යුහය අනුව ආයතන ප්‍රධානියා ගේ පෙනෙන මානයේ සිට රාජකාරි කළ යුතු නමුත් දැන් එවැනි පසුගාමී අදහස් වලංගු නැති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. යූ.බී.එස්. බැංකුව ලෝකයේ එවැනි පරිවර්තනීය ආයතන අතර ඉදිරියෙන් සිටින ප්‍රබල සමාගමකි.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
මිලින්ද මොරගොඩ