ශ්‍රී ලංකාවේ ජාතික ළමා ආරක්ෂක පනතට අනුව ළමයකු යනු වයස අවුරුදු දහ අටට අඩු තැනැත්තෙකි. ඒ අනුව ළමයා යනු දෙමව්පියන්ගේ ආදරය, කරැණාව හා රැකවරණය උපරිමයෙන්ම ලැබිය යුතු සමාජයෙන් ආරක්ෂාව ලැබිය යුතු කෙනෙකි. 1989 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව 1991 වසරේදී ශ්‍රී ලංකාවද ළමයින්ට අයිතිවාසිකම් හිමිකර දීම වෙනුවෙන් සහාය පළකිරීම සඳහා ඉදිරිපත් විය.
මේ අනුව ප්‍රඥප්තියේ සඳහන් වගන්ති පනස් හතරෙන් පළමු වගන්ති හතළිහ ළමයින්ට අයිතිවාසිකම් හිමිකර දීම පිළිබඳව විස්තර වේ. නමුත් මේ වන විට බොහෝ ළමුන්ට ඔවුන්ගේ ළමා කාලය තුළදී අවශ්‍ය කරන ආදරය, රුකවරණය සහ ආරක්ෂාව මෙන්ම අවශ්‍ය කරන පහසුකම් නිසි ලෙස ලැබී නොමැත. මේ අනුව මේ වන විට ළමා අපයෝජන තත්ත්වයන් බහුල ලෙස සිදුවන බව කරනු ලබන පර් ෙය්ෂණවලින් සනාථ වේ.
&ළමා අපයෝජන ලෙස හඳුන්වන්නේ ළමයාගේ භාරකාරත්වයේ සිටින භාරකරුවන් විසින් ළමයාව හැර යාම, නරක ලෙස සැලකීම, නොසැලකීම සහ පහරදීම යන ප්‍රධාන කොටස් හතරෙන් එකක් හෝ කිහිපයක් සිදු කිරීමයි. ළමයාගේ භාරකාරත්වය මූලිකව දරුවාගේ දෙමව්පියන්ට හිමිවෙනවා. නමුත් භාරකාරත්වය දෙමව්පියන්ට පමණක් හිමිවන කොටසක් වන්නේ නැහැ. ඇතැම් දරුවන් දෙමව්පියන් නොමැතිව නීත්‍යානුකූලව තවත් කෙනකුට භාරකාරත්වය හිමිවෙනවා. ඇතැමුන්ට තාවකාලික භාරකාරත්වය හිමිවෙනවා. උදාහරණ ලෙස ළමයා සහභාගි වන අමතර පන්තියකදී එම භාරකාරත්වය හිමිවන්නේ ඒ තාවකාලික භාරකරුවා වෙතටයි. දරුවා පාසලට යන පාසල් වෑන් රථයේදී ඒ භාරකාරත්වය හිමිවන්නේ පාසල් වෑන් රථ රියැදුරාට හෝ ඒ භාරකාරත්වයටයි. පාසල, රෝහල ආදී සියලු තැන් මේ ළමයාගේ තාවකාලික භාරකාරත්වයයි. මේ අනුව මෙලෙස දරුවා නිවෙසින් බැහැර වන සෑම තැනකදීම ඔහු හෝ ඇය තාවකාලික භාරකාරත්වයකට යොමුවෙනවා.* යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
ළමයින් සඳහා තාවකාලික භාරකාරත්වය මෙන්ම දිගුකාලීන භාරකාරත්වයද හිමිවේ. මේ වන විට සමාජයේ බොහෝ ළමා නිවාස පවත්වාගෙන යනු දක්නට ලැබේ. ඒවායේ ජීවත් වන දරුවන් යොමුවන්නේ දිගුකාලීන භාරකාරත්වයටයි. එමෙන්ම ළමා රුඳවුම් මධ්‍යස්ථාන, ළමා සංවර්ධන මධ්‍යස්ථාන, සහතික කරන ලද පාසල් මෙන්ම රජයේ පුහුණු පාසල්ද අයත් වන්නේ මෙම දිගුකාලීන භාරකාරත්වයටයි. මෙවැනි ඕනෑම තැනකදී දරුවා භාරකාරත්වයේ පසුවන කෙනකු හෝ කණ්ඩායමක් විසින් ඔහුව අපයෝජනයකට ලක් කිරීම හෝ ලක් කිරීමට ඉඩ හැරීම වරදකි.
ළමා අපයෝජන වර්ග කිහිපයකටම බෙදා වෙන් කළ හැකිය. ළමා අපයෝජන ක්‍රියාවලිය ඉතා සංකීර්ණ ස්වභාවයක් ගනී. දරුවාට වුවමනාවෙන් අඩත්තේට්ටම් (Assault) කිරීමෙන්, හිංසා කිරීමෙන් (Ill-treatment), නොසලකා හැරීමෙන් (Neglect) හා අතරමං කරනු ලැබීමෙන් දරුවා කායික අපයෝජනයට ලක් කළ හැකිය.
මේ අතර ඇතැම්හු දරුවන් මානසික අපයෝජනයටද ලක් කරති. ශාරීරිකව කරනු ලබන හිංසාවලින් තොරව මානසිකව අපචාරයට ලක් කරති. බිය ගැන්වීම, තර්ජනය කිරීම, රළු වචන භාවිත කිරීම මෙන්ම හුදෙකලා බවට පත් කිරීම වැනි හේතු මත දරුවාට ලැබිය යුතු ආදරය නොලැබී යාමත් නොසලකා හැරීමත් නිසා දරුවා මානසික අපයෝජනයට ලක් වෙයි.
වර්තමානයේදී ළමා අපයෝජනය පිළිබඳව කතා කිරීමේදී බරපතළම අපයෝජනය වන්නේ ලිංගික අපයෝජනයයි. යම්කිසි වැඩිහිටියකු, පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් දරුවකු ලිංගික අපයෝජනයට ලක් කිරීම, ගැහැනු දරුවකු දූෂණය කිරීම, ළමයින්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීම, අසභ්‍ය ඡායාරෑප හෝ වීඩියෝගත කිරීම වැනි ලිංගික අපයෝජන 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉතා බරපතළ වරදකි.
&1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පනතේ හතළිස් වැනි කොටස යටතේ මෙය සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ කොටස් 13ක් සහ තවත් කොටස් 4ක් ළමයකුට එරෙහිව කිසියම් භාරකාරයකු සිදු කළොත් එය ළමා අපයෝජනයක් ලෙස සැලකෙනවා. ඒ අනුව 2016 වසරේදී ක්‍රියාත්මක වුණු පරිදි දරුවකුට අවුරුදු දහසය දක්වා අනිවාර්ය අධ්‍යාපනයක් ලබාදිය යුතු වෙනවා. එමෙන්ම වයස අවුරුදු දහය දක්වා කිසිම දරුවකු ළමා ශ්‍රමිකත්වය සඳහා යොදාගත නොහැකි වෙනවා. එයට හේතුව වන්නේ ඒ දරුවා පාසල් දරුවකු නිසා ඒ දරුවාගේ අයිතිය දරුවාට ලබාදිය යුතු වෙනවා. එමෙන්ම අවුරුදු දහසය සිට දහ අට දක්වා අන්තරාකාරී රුකියාවල යෙදිය නොහැකි වෙනවා. එවැනි රුකියා පනස් එකක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම අනාථ අසරණ අත්හල දරුවන්ගේ භාරකාරත්වය පිළිබඳව යම් ගැටලුවක් මතුවුවහොත් එය ළමා අපයෝජනයක් ලෙස හඳුන්වනවා. මීට අමතරව 358-ඒ නම් ශුද්ධ නීති සංග්‍රහයේ එක් කොටසක්ද මෙයට ඇතුළු වෙනවා. නමුත් මේ වන විට එය අප සමාජයේ දක්නට ලැබෙන්නේ නැහැ. එනම් දරුවන් ළමා සොල්දාදුවන් ලෙස යොදා නොගැනීමයි. මෙවැනි අපයෝජනයක් පිළිබඳව යම් පැමිණිල්ලක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට යොමුවුවහොත් ඒ සම්බන්ධව අප විසඳුමක් ඉතා ඉක්මනින් ලබා දෙනවා. මීට අමතරව සිදුවනු ලබන අනෙකුත් අපයෝජන පැමිණිලිවලදීද ඒ පැමිණිල්ලට අනුව අදාළ ආයතනය හරහා හෝ එයට ඉතා ඉක්මනින් විසඳුමක් ලබාදීමට අපි ක්‍රියා කරනවා.* යැයිද මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා දේශයට වැඩිදුරටත් පැවසීය.
මේ අනුව 1998 අංක 50 දරන ජාතික ආරක්ෂණ අධිකාරිය පනතේ හතළිස් වන අංගයට අනුව ළමයින්ට අදාළව කරනු ලබන අසභ්‍ය පළකිරීම් හෝ ප්‍රදර්ශනය කිරීම්, ළමයින්ට සිඟා කෑමට සැලැස්වීම හෝ කුට්ටනය කිරීම, ලිංගික සංසර්ගය සඳහා කුට්ටනියකු (ගණිකාවක) වශයෙන් ක්‍රියා කිරීමට ළමයින් කුලියට ගැනීම හෝ සේවයේ යෙදවීම, ළමයින් මානසිකව හෝ කායිකව ක_රත්වයට භාජනය කිරීම යන කරුණු පිළිබඳවද සඳහන් කොට තිබේ.
මේ වන විට ළමා ආරක්ෂණ අධිකාරිය විසින් ළමයින් අපයෝජනයට ලක්වුණු මෙම සියලු අවස්ථා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව ක්‍රමවත්ව සොයා බලා අදාළ නීති රීති ක්‍රියාවට නැංවීමට කටයුතු කරයි.
&ළමා ආරක්ෂණ අධිකාරිය ජනතාවට දරුවන් සම්බන්ධයෙන් ඇති මෙවැනි ගැටලු බාරගැනීම සඳහා බැඳී සිටිනවා. එම නිසා අපි විසින් එම පැමිණිල්ල බාරගෙන එයට අදාළ අංශයට හෝ ආයතනයට යොමුකොට ඉතා ඉක්මනින් සාධාරණ විසඳුමක් ලබාදීමට බැඳී සිටිනවා. ඒ අනුව දරුවන් සම්බන්ධයෙන් පැන නැගෙන ඕනෑම ළමා අපයෝජනයක් 29^ නම් ක්ෂණික දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වීමෙන් දැනුම් දිය හැකියි.* යැයි මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව මේ වන විට ඉතා විශාල පැමිණිලි ප්‍රමාණයක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලැබෙමින් පවතී.
&2019 වසරේ 8558ක් පැමිණිලි ලැබී තිබෙනවා. 2020 වසරේදී 8165ක් පැමිණිලි ලැබී තියෙනවා. මේ වසරේ මේ වන විට 5423ක් ලැබී තියෙනවා. මෙ වසරේ ජනවාරි සිට මැයි 30 දක්වා දුරකථන ඇමැතුම් 48,000ක් අප ආයතනයට ලැබී තියෙනවා. මීට වසර කිහිපයකට උඩදී ළමා අපයෝජන සම්බන්ධයෙන් ඇතැම් ගැටලු සහ පැමිණිලි බාර නොගෙන සිටියද මේ වන විට අප විසින් ඒ අදාළ සියලු ගැටලු සම්බන්ධයෙන් අදාළ විසඳුම් ලබාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරනවා. එම නිසා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පිළිබඳව විශ්වාසය ගොඩනගා ගත් ජනතාව ඒ පැමිණිලි ලබාදෙන බවට අපි විශ්වාස කරනවා. දළ වශයෙන් පැමිණිලි තිහක් පමණ ලබාදෙන අතර 29^ දුරකථන අංකයට දිනකට ඇමතුම් 300ක් පමණ ලැබෙනවා. එක් දුරකථන ඇමතුමක් විනාඩි දහයක් පහළොවක් පමණ දිගු සම්බන්ධතාවයක් පවතින අවස්ථාද තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ ඇති පැමිණිලිවලින් ළමයින්ට සිඟා කෑමට සැලැස්වීම, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ළමයින්ට කුලියට ගැනීම හෝ සේවයේ යෙදීම මෙන්ම කෲත්වයට භාජනය කිරීම හැරුණුවිට අනෙකුත් පැමිණිලි සියල්ලම ලිංගික අපයෝජනයට අයත් වෙනවා.* යැයි ද ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය..
දිශානි ජයමාලි කරුණාරත්න