2021 ජුලි 31 වන සෙනසුරාදා

කාර් එක ඇතුළේ 17 සිසුවියට පොතක් පෙරලූ ටියුෂන් ගුරා

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 62

ටොෆි දෙන්නම් කියා සිසුවියට වැරදි පාඩමක් කියා දුන් ගුරුවරයා - උපකාරක පන්තිය තුළදී දැරියට අතවර - අසැබි වීඩියෝ පෙන්වා දැරියට අතවර කළ ගුරා - බාල වයස්කාර දැරියට අතවර කළ ටියුෂන් ගුරා රිමාන්ඩ් - සිසුවියකගේ නිරුවත පෙන්වා සිසුන් 10ක් කෙළසූ පී.ටී. සර්. දෙවිවරු වැනි ගුරුවරු නමටත් කැළල් ඇතිකළ ගුරුවරුන් ලෙස පෙනී සිටි කාමාතුරයන් මල් වැනි දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක් කළ සිදුවීම් ගැන පළ කළ මාධ්‍ය වාර්තා කිහිපයක සිරස්තල මෙසේ පළ වී තිබුණේ ඉතාම මෑත කාලයේදීය. මෙම සිරස්තල උපුටා ගැනීම හරහා පසුගිය දිනකදී වාර්තා වූ තවත් ගුරුවරයකු මෙන් පෙනී සිටි කාමාතුරයකුගේ අමුතු පාඩම් ඉගැන්වීම පිළිබඳව සඳහන් කරමු.

තලංගම පොලිස් බල ප්‍රදේශයේ පාර්ලිමේන්තුව පෙනෙන මානයේ දියවන්නා ඔය අසබඩ පිහිටි රථගාලක නැවැත්වූ මෝටර් රථයක් තුළදී පාසල් දැරියකට අතවර කළ බව කියන මේ සිදුවීම වාර්තා වී තිබේ. පැවසෙන පරිදි ගම්පහ නගරයට ආසන්න ප්‍රදේශයක පිහිටි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලකි. එහි 12 වැනි වසරේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවියකි. එම පාසලේ තොරතුරු තාක්ෂණවේදය උගන්වා තිබුණේ මැදිවියේ පසුවන ගුරුවරයෙකි. ඔහු පාදයක් අහිමි ආබාධිතයකු බවත් කෘත්‍රිම පාදයක් පැළඳ සිටින අයකු බවත් පැවසේ. පෙර සඳහන් කළ 17 හැවිරිදි දැරිය රූමත්ය. ඇයට අතවර කළ බවට පැවසෙන්නේ මෙම ආබාධිත අයි.ටී. ගුරුවරයාය.

දැරිය කාලයක පටන් දන්නා හඳුනන ගුරුවරයා පවතින කොවිඩ් වසංගතය හමුවේ ඔන්ලයින් පන්ති ආරම්භ කර පවත්වාගෙන ගොස් ඇත. මේ සඳහා පාසලේ දරු දැරියන් සියලු දෙනාම පාහේ සහභාගි වී තිබිණි. එසේ අවසන් වතාවට තොරතුරු තාක්ෂණවේදය විෂය ඔන්ලයින් පන්තිය පැවති දිනයේ පෙරවරුවේ ඊට සහභාගි වූ දැරිය සිය මවට පවසා තිබුණේ මෙවැන්නකි.

අම්මේ.. පුංචි කියපු පොත් එකක්වත් මෙහෙ ගන්න නෑ. අයි.ටී. සර් අඳුරන කොල්ලුපිටියෙ බුක් ෂොප් එකක ඒවා තියෙනවලු. සර් අඳුරන නිසා අඩුවට අරන් දෙන්න පුළුවන් කීවා. අද ක්ලාස් ඉවර වුණාට පස්සේ කැමති නම් සර් එක්ක යන්න එන්න කීවා.

අංශභාග රෝගයෙන් පෙළෙමින් සිටින දැරියගේ මව එය අසා සැනසුම් සුසුමක් හෙළුවාය. ඇගේ නැගණිය විදෙස්ගතව රුකියාවක නිරතව සිටින්නීය. එංගලන්තයේ ලන්ඩන් නගරයේ පදිංචිව සිටින ඇය සිය වැඩිමහල් සොයුරියගේ දියණියට ආදරයෙන් පසු වූවාය. ඇයගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව නිතර විමසිලිමත් වන ඇය වරින් වර  සිසුවියට දන්වා ඇත්තේ මනාව ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා ලෙසය. එසේ වුවහොත් දැරිය එංගලන්තයේ සිටින තමා වෙත ගෙන්වා ගැනීමට වඩාත් පහසු බවද කියා තිබිණි. ඒ සඳහා පහසුවෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමට හැකි පොත් කිහිපයක් ඇති බවත් ඒවා කොළඹ ප්‍රධාන පෙළේ පොත් සාප්පුවලින් මිලදී ගත හැකි බවත් ඇය දියණියට දන්වා තිබිණි. මේ කරුණු දන්නා දියණියගේ මව රෝගීව සිටිමින් අයි.ටී. ගුරුවරයා සමඟ පොත් මිලට ගැනීමට යාම සඳහා අවසර ලබා දුන්නාය.

ඒ අනුව නිවෙසින් පිටත්ව ගිය දියණිය ගම්පහ ඉඳිගොල්ල ප්‍රදේශයේ සිට පැමිණි ගුරුවරයාගේ මෝටර් රථයට ගොඩවී කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයට ගොස් තිබිණි. එහිදී ගුරුවරයා කී පරිදි පොත් කිහිපයක් මිලට ගෙන ඇත. අනතුරුව පිටත් වූ මෝටර් රථය නුගේගොඩ මාදිවෙල හරහා කිඹුලාවල මංසන්ධිය දක්වා ධාවනය විය. එම ගමන්මඟ අතරතුර මොහොතක් නැවතී යමු යැයි යෝජනා කොට තිබුණේ ගුරුවරයා විසිනි. ඊට එක පයින් කැමති වූ දැරිය ගුරුවරයාගේ අදහසට එකඟ වූවාය. ඒත් සමඟ කිඹුලාවල මංසන්ධිය අසල රථගාලකට මෝටර් රථය ඇතුළු කළ පසුව &ඔයා මේ සීට් දෙක මැදින් පස්ස සීට් එකට එන්නකෝ... මම එළියට බැහැලා පස්ස සීට් එකට එන්නම්* යැයි පවසා තිබුණේ ගුරුවරයා විසිනි. උපදෙස් පරිදි දැරිය එතෙක් වේලා සිටි ඉදිරි අසුනට පසෙකින් වූ කුඩා ඉඩ මැදින් පසුපසට රිංගා ගොස් තිබිණි. ගුරුවරයාත් සැණෙකින් පසුපස අසුනට ගොස් දොර වසාගෙන තිබුණි. එය සිදුව තිබුණේ ඉතා කලබලයකිනි. 

කාටත් හොරා සිදු කළ මේ කටයුත්ත පිළිබඳව ඇස ගසා සිටි රථගාල පසෙක නවත්වා තිබූ ත්‍රීරෝද රථයක රියැදුරු මහතෙකි. සිදුවීම සම්බන්ධයෙන් සැක සිතන්නට යමක් නොතිබුණද රථයේ රියැදුරුගේ හැසිරීම සැකයට තුඩු දී තිබිණි. ඒ නිසාම ඒ පිළිබඳව උනන්දු වූ ත්‍රීරෝද රථ රියැදුරුට එම මෝටර් රථයේ විනිවිද පෙනෙන වීදුරු තුළින් දකින්නට ලැබී ඇත්තේ පාසල් වයසේ පසුවන දැරියක බවට සැක කළ හැකි තරුණියක හා පෙර කී තැනැත්තා නිරුවතින් සිටින බවය.

කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ සිදුවන්නේ බාල දැරියක ලිංගික අපචාරයකට ලක් කිරීම බව වටහා ගත් ත්‍රීරෝද රථයේ රියැදුරු කල්පනා කර තිබුණේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කළ යුතු බවය. එම ස්ථානයට නුදුරින් රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු දැක ඔහු අසලට ගිය ත්‍රීරෝද රියැදුරු තොරතුරු දන්වා තිබිණි. ඒ සමඟ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා සැකසහිත මෝටර් රථය පරීක්ෂාවට ලක්කර ඇති අතර දැරියක අපයෝජනයට ලක්වන බවත් සැකකරු හා දැරිය නිරුවතින් සිටි ආකාරයත් නිරීක්ෂණය කර ඇත. ඒත් සමඟ සිදුවීම පිළිබඳව තලංගම පොලිස්ථානය දැනුවත් කර එම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් දිල්රුක් මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්. ඉරේෂා සුභාෂිණී මහත්මිය සමඟ පොලිස් කොස්තාපල් (17828) රන්දික ඇතුළු පිරිසක් එතැනට පැමිණ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

49 වැනි වියේ පසුවූ ගුරුවරයා පාදයක් අහිමි වී ආබාධිතව සිට ඇත්තේ කලකට පෙර සිදුවූ හදිසි අනතුරක් හේතුවෙනි. සැකකාර ගුරුවරයාගේ ඉගැන්වීම් බහක් අනුව දැරිය මවට කරුණු කියා මෙසේ ගුරුවරයා සමඟ ගොස් ඇති බව විමර්ශනයේදී අනාවරණය විය. සැකකරු හා දැරිය තලංගම පොලීසිය වෙත රුගෙන යාමෙන් පසුව සැකකාර ගුරුවරයා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී ඔහු අගෝස්තු 04 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කෙරිණි.

අතවරයට පත්වූ දැරිය මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා වෙත ඉදිරිපත් කළ පසුව දැරිය ලිංගික අතවරයට පත්ව ඇති බව අනාවරණය වී ඇතැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂිණී මහත්මිය පැවසුවාය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ, සහකාර පොලිස් අධිකාරී මාලන් පෙරේරා යන අයගේ උපදෙස් මත තලංගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් දිල්රුක් මහතාගේ මෙහෙයවීයමෙන් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්. ඉරේෂා සුභාෂිණී සමඟ කොස්තාපල් (17828) රන්දික යන නිලධාරීහු විමර්ශන සිදු කරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03