මෑත කාලයේදී ඉතා සීඝ්‍රයෙන් රටවල් බොහොමයක ව්‍යාප්ත වුණු, මේ වන විටත් රෝගීන් වාර්තා වන කොවිඩ්-19 වසංගතයෙන් බේරීමට විවිධ ඖෂධ, එන්නත් සහ විවිධ ක්‍රම රටවල් බොහොමයක් අත්හදා බලා තිබේ. ශ්‍රී ලංකාවේද කොවිඩ් වාර්තා වීමත් සමඟ විශේෂයෙන් ආයුර්වේද වෛද්‍යවරු සහ පාරම්පරික වෛද්‍යවරු මෙම වසංගතයෙන් බේරීමට විවිධ ප්‍රතිකාර අත්හදා බැලූහ. ඒවායින් ඇතැම් දෑ විවේචනයන්ට යොමු වූ අතර ඇතැම් ප්‍රතිකාර ප්‍රසිද්ධියට පත් නොවීය. එය විශ්වාස කරනු ලබන පිරිසක් අතර තවමත් ඒවා භාවිතයේ ඇත.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පොදුවේ පිළිපැදිය යුතු සනීපාරක්ෂක ක්‍රමවේදයන් කිහිපයක් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු වූ අතර ඒවා අතර මුඛ ආවරණ පැළඳීම, දුරස්ථභාවය, විෂබීජහරණයක් යොදා දෑත් සේදීම ප්‍රමුඛ වේ.
කොවිඩ් රෝගයෙන් මිනිසාගේ ප්‍රතිශක්තිය අඩුවන බවට වෛද්‍යවරුන් පරීක්ෂණවලින් තීරණය කර ඇති අතර මේ නිසාම ප්‍රතිශක්තිය වඩන ආහාරපාන මෙන්ම ඖෂධ ගැනීම ඉතා වැදගත් බව බොහෝ දෙනකුගේ මතය විය.
කෙසේ වුවත් පසුගිය කාලයේදී ප්‍රතිශක්ති වර්ධක ඖෂධ කිහිපයක් පිළිබඳව බොහෝ දෙනෙක් කතා කළහ. කොවිඩ් වසංගතයට පමණක් නොව මෙම ප්‍රතිශක්ති වර්ධක ඕනෑම කෙනකුට සුදුසු බව ඔවුහු තීරණය කළහ.
මේවායින් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිශක්ති වර්ධක ඖෂධ වට්ටෝරුවකට අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද සංස්ථා පේයාව, පස්පංගුව අනුමත විය. ඊට අමතරව එරුන්දෙණිය මානව ප්‍රතිශක්ති වර්ධකය - පානය, එරුන්දෙණිය වේදුව - ඉන්හේලර්, ජ(ර්)ම් කිලර් - ඉන්හේලර්, Fadna Immune Tea, ශ්‍රී වීර භද්‍ර ධම්ම ප්‍රතිශක්ති ජීව පානය, Epirepies - පානය, Xtrimune - පැණිය, ප්‍රාණ, සුදර්ශන පැණිය, පුලතිසි පෙති, වහරක උණ පැණිය, සත්ධරණී, සුරක්ෂා ප්‍රතිශක්ති වර්ධක පානය සහ ලයිෆ් ගාර්ඩ් ශාකසාර ප්‍රතිවෛරස ඖෂධීය පානය සඳහා ද ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිශක්ති වර්ධක ඖෂධ සඳහා අනුමැතිය හිමිවිය.
&ඖෂධයක් අනුමත කරද්දී එම ඇසුරුම් සහ ඇතුළත ඒ සම්බන්ධව සියලුම විස්තර සඳහන් වෙනවා. මෙම ඖෂධ කොවිඩ් රෝගයට පමණක් අදාළ වෙන්නේ නැහැ. මෙය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ වට්ටෝරුවක්. මෙම ඖෂධවල සියලුම විස්තර භාෂා තුනෙන්ම සඳහන් වෙලා තියෙනවා. මෙම ඖෂධ විශේෂ නිෂ්පාදනාගාරවල වෙන වෙනම නිෂ්පාදනය කළ ඖෂධයි. මෙම ඖෂධ මිලදී ගැනීමට වෛද්‍යවරයකුගේ අනුමත කළ බෙහෙත් වට්ටෝරුවක් (Prescription) අවශ්‍ය වෙන්නේ නැහැ. යැයි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න