2021 ජුලි 31 වන සෙනසුරාදා

නැති තැන අවුල් - ඇති තැන නිරවුල්

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 132

කළමනාකරණය යන්න සරල සමාජ හෝ භෞතික ක‍්‍රියාවලියක් නොවේ. එය සරල නොවන්නේ කළමනාකරණය නිරන්තර නිර්මාණාත්මක ස්වරෑපයක් ගන්නා බැවිනි. නිර්මාණාත්මක මිනිසුන් ද බොහෝ දුරටම ලෝකයෙහි අඩුවීමේ ගැටලුව ද පවතී. නිර්මාණයක් නොවන කිසිවක් ලෝකය තුළ නොමැත. නිර්මාණය යනු ක‍්‍රියාවලියකි. එය මිනිසාගේ, සත්ත්වයන්ගේ, පරිසරයෙහි හෝ මෙම සියල්ල තුළින් ගොඩනැගෙන එකතුවක් විනා කිසිවක් තනි හුදෙකලා නිර්මාණයක්ද සිදු නොවේ. කළමනාකරණය යන්නෙහි හිමිකාරත්වය මිනිසා උරුම කර ගත්තත් මෙය මානව ක‍්‍රියාවලියක් පමණක් ද නොවේ. පරිසරයට සහ එහි ස්වභාවයට එය කළමනාකරණය කර ගැනීමේ හැකියාව පවතී. එය නිවැරදිව කළමනාකරණය නොවන්නේ නම් කිසිදු සත්වයකුට හෝ මිනිසකුට ද ජීවත් විය නොහැකිය. ඒ අනුව ලොව බිලියන ගණන් සත්වයන්ට ජීවිතය දෙන්නේ පරිසරයයි. එහි විද්‍යාත්මක හැකියාව මිනිසාගේ විද්‍යාත්මක චින්තනයට වඩා ඉතා ප‍්‍රබලය. 

කළමනාකරණය යන්න පරිසරය, කාලය සහ භෞතික පැවැත්ම ආදී එකිනෙකින් කිසිදින වෙන් කළ නොහැකිය. කාලයෙන්, පරිසරයෙන් සහ භෞතිකයෙන් වෙන් වූ කිසිවක්ද ලෝකය තුළ නොමැත. ඒවා ලෝකයෙහි සෑම ක‍්‍රියාවලියකටම මූලික වන බැවින් ඕනෑම භෞතිකයක්, පරිසරයක් හෝ ඕනෑම ක‍්‍රියාවලියක් මේවාහි ලක්ෂණ සහ හැඩරුව ගනු ලබයි. මිනිසාගේ චින්තනය තුළ ඇත්තේද මෙහි හැඩරුව සහ ලක්ෂණයි. ඕනෑම සිතිවිල්ලක් නිර්මාණය වන්නේද තමන්ගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟයි. අපේක්ෂා සහ බලාපොරොත්තුවෙහි හැඩරුව සහ ස්වරෑප මානව ක‍්‍රියාවලිය ගනු ලබයි. ඒ අනුව ඕනෑම ප‍්‍රකාශනයක් යනුද පරිසරය, කාලය සහ භෞතිකය පමණක් නොව අපේක්ෂාවන් සහ බලාපොරොත්තු තුළ කළමනාකරණය වූවක් බව පැහැදිලිය. අපේක්ෂාවෙන් තොර වූ කිසිදු ප‍්‍රකාශනයක්ද මිනිසා තුළ නොමැත. ඒ අනුව සිතිවිල්ලටද කළමනාකරණය වී සිටිය නොහැකිය. භෞතිකය පමණක් නොව සිතිවිලිද නිවැරදිව කළමනාකරණය නොවුවහොත් භෞතිකයේ පැවැත්ම පමණක් නොව සිතිවිල්ලෙහි පැවැත්මද අස්ථාවර වනු ඇත. අස්ථාවර වූ බොහෝ තැන් අප සමාජයෙහි සහ පරිසරයෙහි ඇත. අස්ථාවරත්වය සංවර්ධනයෙහි ගැටලු නිරන්තර ගොඩනගනු ලබයි. 

කළමනාකරණය වූ මෙම සියලු සාධක මිනිසා විසින් මිනිසාගේ ප‍්‍රයෝජනය සඳහා යොදාගනු ලබයි. ඒ අනුව මිනිසා ඉදිරියෙහි ඇති මිනිසාගේ ඇසට පෙනෙන පාරිසරික සාධක පරිසරය විසින්ම කළමනාකරණය කර ගත්තකි. පරිසරය විසින්ම පරිසරය කළමනාකරණය යනු ස්වභාවික ක‍්‍රියාවලියක් වුවද වර්තමානයෙහි ඒ සඳහා මිනිසාගේ ප‍්‍රබල බලපෑම් සිදුවන බැව් පැහැදිලිය. එහෙත් මිනිසාගේ කළමනාකරණ ක‍්‍රියාවලිය ස්වභාවික නියමයන්ගෙන් ඔබ්බට ගමන් කොට කෘත‍්‍රිම කොටගෙන ඇති බවද බොහෝ දුරටම පෙනේ. එනම් බොහෝ අවස්ථාවන්හි ඒවා සියල්ල ස්වභාවික නියමයට එරෙහි ලෙස ගොඩනගා ගනු ලබන්නකි. කෘත‍්‍රිම ලෙස ගොඩනගා ගන්නා ලද සියල්ල තුළින් මිනිසාට ලබාදෙන්නේ අපහසුව සහ වේදනාව පමණි. එහෙත් එය ඔහුට තේරුම් ගැනීමේ පහසුව නොමැති බව පැහැදිලිය. කිසිවකු අපහසුවට හෝ වේදනාවට පත්වීමට කිසිදින කැමති නොවෙනු ඇත. එහෙත් අපහසුවෙන් හෝ වේදනාවෙන් වෙන්වීමට සහ එයින් මිනිසාව ඉවත් කිරීමට මිනිසාට ඒ පිළිබඳ ප‍්‍රබල අවබෝධයක් තිබිය යුතුය. නමුත් එම අවබෝධය මිනිසා තුළ ඇද්ද යන්න ගැටලුවකි. ඒ සඳහා අත්දැකීම් පදනම්ව සිතිවිලි කළමනාකරණය තුළින් ගොඩනැගුණු නිවැරදි මානසික ස්වරෑප පිළිබඳ ගැටලුවද මිනිසා තුළ ඇති නිසා මානසික සිතිවිලි සහ එහි ස්වරෑප පිළිබදව ඔහුට නිවැරදිව තේරුම් ගැනීමට නොහැකිව ඇති බවද අපට පැහැදිලිය. 

නිවැරදි සිතිවිලි මගින් කළමනාකරණය නොවුණු මනස සෑම මොහොතක්ම මිනිසාට වේදනාව ගෙන දෙනු ලබයි. සිතිවිලි සිතිවිලි අතර ද සබඳතා ගොඩනැගෙන බැවින් ඒවා නිසි ලෙස කළමනාකරණය වීම අත්‍යවශ්‍යය. මේ සියල්ල තුළින් පැහැදිලි වන්නේ ලොව කිසිවක් තනිව හෝ හුදෙකලාව නොපවතින බවයි. සිතිවිල්ලට ද තනිව පැවතිය නොහැකිය. එය තවද සිතිවිල්ලක් හා නිරන්තර සබඳතා ගොඩනගා ගනී. පරමාණුවට ද තනිව ගොඩනැගීමට හෝ පැවතීමට නොහැකිය. එය තවත් එකක් හා නිරන්තර සබඳතා ගොඩනගා ගනු ලබයි. එහෙත් ගොඩනගනු ලබන එම සබඳතාවන්ගේ ස්වරූප වෙනස් විය හැකිය. පරිසරයෙහි ද මානව සහ අනෙකුත් සත්ත්ව සහ සමාජ සාධකයන්ගේ ද ස්වරෑපය එයයි. එසේම එකම දෙය වුවද නැවත නැවත ඒ අයුරින්ම නිර්මාණය කළ හැකිද නොවේ. එසේම මිනිසාගේ සමාජ සංස්කෘතික පරිණාමය සිදුවන්නේද පරිසරය මූලික වීමෙනි. ඒවා තේරුම් ගැනීමට නම් මිනිසාට සියුම් ලෙස අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. 

කළමනාකරණයෙහි දී උපක‍්‍රම අත්‍යවශ්‍ය කාරණාවකි. පාරිසරික කළමනාකරණයේදී නම් එම උපක‍්‍රම පරිසරය විසින්ම ගොඩනගා ගනු ලබයි. එම පාරිසරික උපක‍්‍රම සහ එහි ක‍්‍රියා පරිසරයෙහි පැවැත්ම සඳහා හේතුවන බව පැහැදිලිය. එහෙත් මිනිසා විසින් ගොඩනගනු ලබන උපක‍්‍රම පරිසරයට පමණක් නොව මිනිසාගේ ස්ථාවර පැවැත්ම සඳහා ද ගැටලු මතු කරන බව පෙනෙයි. කළමනාකරණයෙහි ප‍්‍රබලතම අරුත වන්නේ සම්පත් ප‍්‍රයෝජනවත් ලෙස යොදාගැනීම සහ ඒ සඳහා උපක‍්‍රම භාවිත කිරීම පමණක් නොව එම භාවිත තුළ කිසිවකට හෝ කිසිවකුට හානි සිදු නොකිරීමය. හානි සිදුවන්නේ නම් එය නිවැරදි කළමනාකරණ ක‍්‍රියාවලියෙන් පරිබාහිර වූ ස්වරෑපයක ප‍්‍රතිඵල බවද පැහැදිලිය. ඒ අනුව පරිසරය විසින්ම ස්වාධීන ලෙස ගොඩනගනු ලබන කළමනාකරණය තුළ එම හානි දැකිය හැකි නොවේ. එතරම්ම එය විද්‍යාත්මකය.

එය සැලසුම් වන්නේත්, සංවිධානය වන්නේත් සහ පාලනය වන්නේත් පරිසරාත්මක සාධක මූලික වෙමිනි. එහෙත් මිනිසාගේ කළමනාකරණ ක‍්‍රියාවලිය පාරිසරික සාධක තරම්ම විද්‍යාත්මක නොවන බව පැහැදිලිය. පාරිසරික කළමණාකරණය තුළ මිනිසාට හෝ පරිසරයට අගති සිදු නොවේ. විද්‍යාව දියුණු වර්තමාන යුගයෙහි පවා පරිසරයෙහි නිර්මාණ සහ එහි නිෂ්පාදිත ද්‍රව්‍ය හෝ ඒ හා සමාන ද්‍රව්‍ය තවමත් මිනිසාට නිෂ්පාදනය කර ගැනීමටද නොහැකි වී තිබේ. නිදසුන් ලෙස අඹ ගෙඩියක්, මිදි ගෙඩියක්, වී ඇටයක් හෝ ඒ හා සමාන ද්‍රව්‍ය යනාදී වශයෙනි. මිනිසාට කළ හැකි වන්නේ ඒවා නැවත ලබාගැනීම සඳහා වගා කිරීම් සහ භුක්ති විඳීම පමණි. ඒවා එකතු කොටගෙන තවද ඔහු එවාහි වෙනත් ස්වරෑප ගොඩනැංවීම්ය. ඒ අනුව මිනිසා සිදු කරන්නේ නව දේවල් සොයාගැනීම නොව තිබෙන පරිසරාත්මක සාධක එකතු කිරීම් සහ කළමනාකරණය කිරීම් පමණි. අප නව නිෂ්පාදන යනුවෙන් හඳුනාගන්නේ එම කළමනාකරණය කිරීම්ය.

ඒ අනුව අලුතින් සොයාගන්නා ලද කිසිවක් ලෝකය තුළ පවතී ද යන්න ගැටලුවකි. ගුරුත්වය ද අලුත් සාධකයක් නොවේ. එය පරිසරයෙහි පවතින දේ මිනිසා විසින් හඳුනා ගැනීමක් පමණි. පාසලෙහිදී අප ඉගෙනගත් චලිතය හෙවත් චලනය යන්න ද එසේමය. ගුරුත්වය චලිතයට ද හේතු වේ. ගුරුත්වය නැති තැන චලිතය තිබේද යන්නද ගැටලුවකි. ඒවා හඳුනාගෙන ඇත්තේ ද පාරිසරික සිද්ධි මූලික වීමෙනි. එම නිවැරදි හඳුනාගැනීම තුළ මිනිසාට විශ්වයට ගමන් කිරීමේ හැකියාව පවා ඔහුට ගොඩනගා ගත හැකි විය. ගුරුත්වය, චලිතය පිළිබඳ අවබෝධයෙන් මිනිසාට වාහන නිෂ්පාදනය සහ ඒවා ඉදිරියට ධාවනය කිරීමේ හැකියාව ද ගොඩනගා ගත හැකි විය. ගහෙන් බිමට වැටෙන ගෙඩිය ගුරුත්වය පමණක් නොව චලිතය පිළිබඳවද අපට ඉගැන්වීය. එයට අමතරව වේගය පිළිබඳවද අපට උගන්වයි. බර අනුව වේගය සහ චලිතයද වෙනස්වන බව පැහැදිලි කරනවා පමණක් නොව ඒවාට ගුරුත්වයෙහි බලපෑම ඇති බවද පවසයි. ඒ අනුව පරිසරයට මිනිසාව විද්‍යාත්මකව දියුණු කිරීමේ හැකියාව පවතී. එසේම සිද්ධීන්වල සිට හේතූන් දක්වාද මිනිසාව රුගෙන යා හැකිය. එහෙත් මිනිසාට පරිසරය විද්‍යාත්මකව ගොඩනැගිය හැකිද යන්න ගැටලුවකි. ඒ අනුව ලොව ජීවත්වන එකම දෙවියෝ බවට පත්වන්නේද පරිසරයයි.   

පරිසරය මිනිසා පමණක් නොව සමස්ත සත්ත්වයාවම පෝෂණය කරමින් ඔවුන්ගේ හැඩරුව පමණක් නොව පරම්පරාව ද නිර්මාණය කිරීමට උදව් කරමින් ඔවුන්ව වර්ෂ දස දහස් ගණන් දක්වා ඈතට රුගෙන යාමට දිරිදෙන බව පැහැදිලිය. සත්වයාට ජීවත් වීමට ඔක්සිජන් ලබාදෙන්නේ ද පරිසරයයි. ඔහුට ගස් සිටුවා ඔක්සිජන් ලබාගත හැකිය. එහෙත් මෙම අවශ්‍යතා තමන්ටම සිදුකර ගැනීමට තරම් මිනිසා තවමත් ශක්තිමත් වී නැත. ස්වභාවික නියමයෙහි අපූර්වත්වය මිනිසාගේ නිර්මාණයෙහි අපූර්වත්වයට වඩා සුවිශේෂීව වෙනස් වේ. මිනිසාගේ නිර්මාණයට වඩා ස්වභාවිකත්වයේ නිර්මාණය ලොව පැවැත්මට හිතකර වනවා පමණක් නොව වින්දනය සහ විද්‍යාත්මක බවද එහි නිරන්තරයෙන් ඇති බවද පැහැදිලිය. එහි පවතින විද්‍යාත්මක බවට මිනිසාට තවමත් ළංවීමට නොහැකි වී තිබේ. 

කළමනාකරණයේදී සහයෝගීතාව අනිවාර්ය සාධකයක් වන අතරම පරිසරය තුළ පරිසරාත්මක සාධක අතර කිසි දිනෙක විරෝධී සාධක නිර්මාණය නොවීමක් ද පැහැදිලිය. එහෙත් මිනිසා සහ සත්ත්ව ගහණය අතර විරෝධී සහ ප‍්‍රතිවිරෝධී සාධක අනිවාර්ය කාරණාවන් බවට පත්ව තිබේ. මිනිසාගේ බුද්ධියට මිනිසාව එම ගැටලුවලින් ඉවත් කිරීමට තරම්වත් ඔහුගේ බුද්ධිය දියුණු නොවී ඇති බව පැහැදිලිය. ඒ අනුව වර්ග කුල භේද ද අප සමාජය තුළ දක්නට ලැබේ.

ගැටලුව යන්න ද නිර්මාණයකි. ඕනෑම නිර්මාණයක තිබෙන්නේ එම නිර්මාපකයාගේ මූලික ගති ලක්ෂණ බව පැහැදිලිය. එම මූලික ගති ලක්ෂණවලින් ඔහුගේ නිර්මාණය ඉවත් කිරීමට තරම් තවමත් ඔහු ශක්තිමත් වී නැති බව පෙනෙයි. ඒ අනුව ඕනෑම නිර්මාණයක් තුළින් එම නිර්මාණය කරන්නා පිළිබඳ කියවීමේ හැකියාව තිබේ. ඒ අනුව පරිසරාත්මක සාධක තුළ ගොඩනැගෙන නිර්මාණ මගින් එම නිර්මාණ කියවීමට හැකිවන අයුරින් මිනිස් බුද්ධිය ද වර්ධනය කර ගැනීම අවශ්‍යය. එය එතරම්ම වර්ධනය වී නැති බව පැහැදිලි වන්නේ අගනා පරිසර නිර්මාණ මිනිසා විසින් විනාශ කර දැමීමේ ක‍්‍රියාවලියත් සමඟිනි. පරිසරය නිසාම මිනිසා ජීවත්වන බව තේරුම් ගැනීමට නොහැකි වීමට තරම් අඥාන ස්වරූපයක් ඔහු තුළ ඇති බව ඔහුටම පමණක් නොව ඔහුව පෙනෙන මිනිසාට ද නොමැති බව ඔවුනට තේරුම් ගැනීමට අපහසුය.  

පරිසරයෙහි  ප‍්‍රධානතම දූෂකයා බවට පත්වන්නේ ද මිනිසාය. මිනිසාගේත් ප‍්‍රධානතම දූෂකයා බවට පත්වන්නේ ද මිනිසාමය. එනම් මිනිසාට මිනිසාව දූෂණය කිරීමේ හැකියාව පමණක් නොව තමන්ට තමාවම දූෂණය කර ගැනීමේ හැකියාවද පවතී. පරිසරය කිසි දින මිනිසාව දූෂණය නොකරයි. පරිසරයට මිනිසාව දූෂණය කිරීමට කිසිදු ඉඩක් ද නැත. එනම් එය එතරම්ම නිවැරදි ලෙස කළමනාකරණය ගොඩනගාගෙන ඇති බැවිනි. 

ඒ අනුව දූෂණය වන්නේම හෝ දූෂණය කරන්නේම කළමනාකරණයෙහි පවතින ගැටලු මගින් බව පැහැදිලිය. එහෙත් මානව කළමනාකරණය නිවැරදි නොවන බව ඉතිහාසයේ සිටම අපට දැකිය හැකිය. වර්තමාන කොවිඩ් නැමැති රෝග කාරක අවස්ථාවන්හිදී පවා කොවිඞ් වැළඳුණු මළසිරුරු ගංගාවලට විසි කළ බව ද දක්නට ලැබිණි. ඉතිහාසයෙත් මිනී පුළුස්සා අළු ගංගාවලට දැමූ අයුරු දක්නට ලැබිණි. වස විෂ ද්‍රව්‍ය පරිසරයට ඉතිහාසයෙහි සිට එකතු කළේ ද මිනිසා මිස වෙන කිසිදු සත්ත්වයකු නොවේ. පරිසරයෙහි අපද්‍රව්‍ය පරිසරය විසින්ම හිතකර ලෙසින් කළමනාකරණය කරගනු ලබන ආකාරය දක්නට ලැබේ. එහෙත් මිනිසා විසින් එකතු කරන ලද වස විෂ ද්‍රව්‍ය පරිසරයට සහ මිනිසාට කළමනාකරණය කිරීමට නොහැකිව පරිසරයටත් ඔහුටත් එවා භුක්ති විඳීමට සිදුව තිබේ. ඒ අනුව රෝග කාරකයා වන්නේ ද පරිසරය සහ මිනිසාමය. රෝග නිර්මාණයට සහ වැළඳීමට අවශ්‍ය හේතු නිෂ්පාදනය කරන්නේ සහ ඒවා පවත්වාගෙන යන්නේ ද මිනිසාමය. ඒ අනුව පරිසරයට විෂ එකතු කිරීමෙන් වැළකීම පමණක් නොව, විෂ එකතු කොට විෂ කවා පොවා සිදු කරනු ලබන මනුෂ්‍ය සහ සත්ව ඝාතනයෙන් වැළකීම ද මිනිසාගේ පරම යුතුකමක් බවට ද පත්වන බව අප අවබෝධ කරගත යුතුය.

මෙම පාරිසරික සාධක සහ මිනිසාගේ අනාගත ජීවිතය පිළිබඳව මෑතකදී පර්ෙය්ෂණ කරමින් The next five hundred years – Engineering life to reach new worlds යනුවෙන් කෘතියක් රචනා කරන ලද මහාචාර්ය ක‍්‍රිස්ටෝපර් මේසන් පවසන්නේ මෙම මිහිතලය අනාගත මනුෂ්‍ය වාසස්ථානය සදහා නුසුදුසු පරිසරයක් වන බවත් ඉදිරි වසර 500ක කාලය තුළ වෙනත් ග‍්‍රහලෝකයක් කරා මිනිසාට ගමන් කොට ජීවත්වීම සඳහා අවශ්‍ය විද්‍යාවේ දියුණුව මිනිසා උදාකර ගන්නා බවත්ය. එහිදී එම ග‍්‍රහලෝකය තුළ ජීවත් වීමට ගැලපෙන ලෙස ජාන වෙනස් කිරීමට අවශ්‍ය දැනුම මිනිසා ඉදිරි වසර 500ක කාලය තුළ අත්කර ගනීවි යනුවෙන් ද ඔහු පවසයි. අවසානයෙහිදී සූර්ය රශ්මිය මගින් මුහුදු ජලය රත්වී උතුරා යන බවත්, ඒ සඳහා තවත් වසර මිලියන 4.7ක කාලයක් ඉතිරි වී ඇති බවත් පවසයි. බෞද්ධ දර්ශනයෙහිද ලෝක විනාශය සිදුවන ක‍්‍රමවේදය පිළිබඳ පැහැදිලි කොට තිබේ. මෙම කෘතිය තුළින් ජාන විද්‍යාව සහ තාරකා විද්‍යාව අතර සම්බන්ධතාවක් ද ගොඩනගා තිබේ. වෙනත් ග‍්‍රහලෝකයකට අනුව ජාන වෙනස් කිරීම යනුද එම පරිසරයට ගැලපෙන සේ සැකසීමයි. ඒ අනුව කිසිදු සත්ත්වයකුට පරිසරය නොමැතිව ජීවත් විය නොහැකිය.

මම යනුද පරිසරයෙහි නිෂ්පාදනයකි. ඒ අනුව මම යනු පරිසරයයි. පරිසරය නොමැති කල මට ජීවත් විය නොහැකි වුවත් මම නැති කල පරිසරයට ජීවත් විය හැකිය. ඒ අනුව පරිසරයට මා අත්‍යවශ්‍ය නොවූවත් පරිසරය මට ජීවත්වීම සඳහා අත්‍යවශ්‍යය.