ජගත් ප්‍රජාව බලශක්ති උත්පාදනය කෙරෙහි අලුත් පැතිවලින් අත්හදාබැලීම් කරමින් සිටී. ප්‍රාථමික යුගයේදී ගින්දර, සුළඟ සහ වාතය කෙරෙහි නැඹුරුව තිබුණ ප්රවණතා දැන් නැවත දියුණු තාක්ෂණය සමඟ ඉදිරියට ගමන් කිරීමක් සිදුවෙයි. නිතිපතා අලුත්වන අදහස් අනුව එකිනෙකට වෙනස් ක්‍රමවලින් බලය, බලශක්තිය නිපදවන ක්‍රම හඳුනාගනිමින් තිබේ. ලෝකයේ කරන අත්හදා බැලීම් ගැන අනාවරණය වන තොරතුරු අලුතින් හිතන්නට පොළඹවයි.
පොසිල ඉන්ධන මිලදී ගැනීම ඒවායෙන් හෝ ගල් අඟුරුවලින් විදුලිය නිපදවීම යල් පැන ගිය පිළිවෙළකි. ජලය, සුළඟ සහ සූර්ය තාපය මගින් විදුලිය උත්පාදනය කරන තැනට පත්ව තිබේ. සුළඟ එන දිසාව බලා එහි පෙති කරකැවෙන්නට සලස්වා විදුලිය නිපදවමින් සිටි නමුත් තවත් ඔබබ්ට හිතන්නට නැඹුරු වී ඇත. සුළඟ එන දිසාව මාරු වෙමින් තිබේ. මෝසම් සුළං කාලයට ඊසාන දිග හෝ නිරිත දිග වශයෙන් සඳහන් කරන පරිදිය. එයට අනුකූලවන පරිදි කුළුණ මත කරකැවෙන පෙති පමණක් නොව අක්ෂයද භ්‍රමණය වෙමින් සුළඟ එන දිසාවට යොමුවන තාක්ෂණයද දියුණු කළේය. පර් යේෂකයෝ එයින් නතර වී නැත. පාවෙන සුළං බලාගාර ඉදිකර තිබේ. නිශ්චිත දුරක් පාවී එහා මෙහා යන අතර සුළඟ එන තැනට ගොස් විදුලිය නිපදවනු ඇත. සමහරවිට ගොඩබිම ඉතිරිකර ගන්නා අතර සාගරයේ හෝ ගංගාවල පාවෙමින් කරන විදුලිය උත්පාදනයකි.
අලුත් ක්‍රම ගැන සොයන්නේ ඇයි? අඩුම පිරිවැයකින් විදුලිය නිපදවාගතහොත් පාරිභෝගිකයාට වාසියක් ලැබේ. නිෂ්පාදනයට බලශක්තිය අවශ්‍යය. එයට ගෙවන මිල නිපදවන දෙයට වැයකරන මුදල තීරණය කරනු ඇත. වැඩිමිලක් විදුලියට අයකරන විට එතැනින් නිපදවන දේ මහජනතාවට දරාගත නොහැකි තැනකට පත්වෙන්නට ඉඩ තිබේ. අඩුම බිලක් විදුලියට ගෙවන්නට අඩුම වියදමක් දරා විදුලිය නිපදවිය යුතුය. නිදහසේ හමන පවන සොයාගෙන ගොස් විදුලිය නිපදවා බෙදාහරින්නට කරන වෑයම තුළ ආර්ථිකයට බරක් නොවන අදහසක්ද ඇත.
නෙදර්ලන්තයේ තෙල් හා ගෑස් සමාගමක් හා ස්කොට්ලන්තයේ විදුලිය සමාගමක් එකතු වී බ්‍රිතාන්‍ය බලධාරීන්ට පාවෙන සුළං බලාගාරයක් හදන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මෙගා වොට් පනහක විදුලියන් නිපදවනු ඇති අතර මෙය ලෝකයේ දැනට ඇති පාවෙන විශාලතම බලාගාරය වනු ඇත. සම්පූර්ණ සංකල්පය සාර්ථක වුවහොත් වැඩි කාලයකට කලින් එහි උත්පාදනය ලබාගත හැකිය. පාවෙන සුළං බලාගාර පළමුවෙන් හැදෙන්නේ ජපානයේ බව දැක්වෙයි. මුහුදේ පාවෙමින් නැව් හා බෝට්ටු වලට ඉඩ දිය හැකි පරිදි මුලින් සුළු වශයෙන් නිර්මාණය වූ අතර දැන් එය වාණිජ මටට්මට පැමිණ තිබේ. ස්කොට්ලන්තය 2016 දී එහි වෙරළට කිලෝමීටර් විසි හයක් ඈතින් පාවෙන සුළං බලාගාරයක් ඉදි කළේය. එයින් කිලෝවොට් හයක් ජනනය කර තිබේ. සාර්ථකත්වය අනුව තවත් පාවෙන බලාගාර ඇති කිරීම සංකල්පය බව පෙනේ.
නෝර්වේ රාජ්‍යය පවා වසර තුන හතරක් අත්හදා බැලීමෙන් පසු මෙයින් වසර හතරකට කලින් පාවෙන සුළං බලාගාරයක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. බ්‍රිතාන්‍යයෙන් අවසර ඉල්ලන සමාගම් එහි නැඹුරුවටද හේතුවක් තිබේ. ලෝකයේ දැනට බලගැන්වෙන සුළං බලාගාරවලින් සෑහෙන ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය සතුය. ඔවුන් සතු සුළං බල කුලුනු ගණන එකොළොස් දහසකට ආසන්නය. මේවායේ උත්පාදනය බ්‍රිතාන්‍යයේ නිපදවන විදුලියෙන් සියයට විසි හතරක ප්‍රතිශතය ඉක්මවන බව දැක්වෙයි.පාවෙන බලාගාරවලින් ඇති අවස්ථා ගැන දන්නා බි්රතාන්ය මෙම ඒකාබද්ධ ව්‍යාපෘතියට අනුමැතිය පළ කළහොත් එය අලුත් ව්‍යුහයකට අවතීර්ණ වීමකි. අනෙක තෙල් සමාගම්, ගෑස් සමාගම් හා විදුලිය සමාගම් එකතු වී සිය ව්‍යාපාර වෙනුවෙන් සුළං බලාගාර තනන තැනට පත්වීමද අවධානයට ගත යුතු වැදගත් කරුණකි. තෙල් සමාගම්වලට තෙල් ගැන හිතන්නට පමණක් හැකියාව තිබේ. ගෑස් හිඟයක් ගැන අනාවරණය නොවන හෙයින් එවැනි සමාගම්වලට අලුත් පැතිවලට හැරෙන්නට විශාල වුවමනාවක් නැත. නමුත් අද පවතින තරගකාරී රාමුව අනුව තමන්ගේ ව්‍යුහය පමණක් ආරක්ෂා කරගෙන ප්‍රමාණවත් නැත. ඛණිජ තෙල්වලින් විදුලිය නිපදවන අතර එයට වඩා ලාබදායී අංශවලටද යොමුවීම වැදගත් බව තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ බලධාරීන් පවා අලුතින් හිතන්නට අවශ්‍යය. සම්ප්‍රදායික ක්‍රම අනුව ඒවායේම එල්බ සිටිය යුතු ඇයි? විදුලිය සමාගම විදුලිය නිපදවීම සඳහා විවිධාංගීකරණ ප්‍රතිපත්ති අනුගමනය කළහොත් වාසිය පාරිභෝගිකයාටය.
අනෙක් පැත්තක්ද තිබේ. ලෝකයේ සෑම රටක්ම පරිසරය ගැන උනන්දුවක් දක්වයි. මිහිතලය ආරක්ෂා කරගැනීම ගැන අවධානයකය. ගෝලීය උණුසුම ඉහළ නැගීම අවදානමක් වන අතර එයින් වන විපත් ගැන අවබෝධයකින් තීරණ ගනිමින් සිටිති. තවදුරටත් පොසිල ඉන්ධන දහනය සුදුසු නැත. එයින් එකතුවන අහිතකර වායු ඕසෝන ස්ථරයට හානි කරන අතර එය හිරුගෙන් ලැබෙන උණුසුම වැඩිකරන හේතුවකි. සෝලා විදුලිය නිපදවන්නට වාසි විය හැකි නමුත් අර්ධගෝලවල හිම දියැවී මුහුදු ජල මට්ටම ඉහළ යන අනතුරක්ද තිබේ. අනෙක වැඩිවන දාහය සමග ජීවත්වන්නේ කෙසේද? සෑම රටක්ම කාලගුණ විපත් අවදානමකය. කල්තබා තීරණ නොගතහොත් අනාගතය අඳුරු වන බව ඉතාම පැහැදිලිය. ජලය, සුළඟ හෝ සූර්ය තාපය වැනි ස්වභාවික ක්‍රම මගින් දැනට වැඩිවන බලශක්ති ඉල්ලුමට උත්තර සොයා ගැනීමට යුහුසුළු වී සිටිති. තව තවත් අලුත් දේ ඉදිරියේදී සොයාගන්නට ඉඩ තිබේ. දශක කිහිපයකට කලින් සුළු බලාගාරයක් උසම කඳු මුදුනක සිටුවා එයින් විදුලිය උත්පාදනයට සුළඟ හමා එන තෙක් බලා සිටි මිනිසුන් දැන් සුළඟ එන දෙස බලා එහි කෝණය අනුව පා වී ගොස් විදුලිය බලය නිපදවන තරමට පැවැත්ම දියුණු කරගෙන තිබේ.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.
මිලින්ද මොරගොඩ