පිටරුටියන්ට කරන්නට බැරි දේ ලාංකිකයන්ටත් කරන්ට බැරි යැයි සිතන මානසිකත්වයෙන් මිදිය යුතුය. මේ වනවිට වෛරස් උවදුරින් ලංකාව ඉතාමත් අසීරුතාවයකට පත් වී ඇති අතර රටේ ආර්ථිකයද විශාල ලෙස පහත වැටී ඇත. ජනගහණය අනුව ලංකාවේ රෝගීන්ගේ ප්‍රතිශතය මේ වනවිට ඉන්දියාවේ රෝගීන්ගේ ප්‍රතිශතය මෙන් හරි අඩක් පමණ වී ඇත. දැනට දිනකට දහස් ගණනින් හමුවන රෝගීන් සංඛ්‍යාවෙන් පෙන්නුම් කරන්නේ වැඩිකල් නොගොස් ලංකාවේ ප්‍රතිශතය ද එම තත්ත්වයටම පත් විය හැකි බවයි.
මෙම තත්ත්වය මැඩ පැවැත්වීමට ලක් රජය මෙන්ම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ද හමුදාව හා පොලිසියද මේ වනවිට අසමත් වී ඇති බවක් පෙනී යයි. හුදකලා කරන ගම් හා නගර ගණනද දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයද බොහෝ සේ අඩපණ වී ඇත. රජය විසින් අනුමත කරන ලද හා මෙපමණ කලක් සෞඛ්‍ය බලධාරීන් විසින් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත තුළින් මුල් කාලය තුළදී රෝගය පැතිර යාමේ කිසියම් පාලනයක් ඇති වුවද, දැන් එම ක්‍රමය නිසා එහි ව්‍යාප්තිය සීග්‍රයෙන් පැතිරී යන බව මනාව පැහැදිලි වේ.
සති දෙකක් තුළදී මෙය සම්පූර්ණයෙන් පාලනය කිරීමට හා නැවත ඇතිවීම වැළැක්වීමට හැකි ක්‍රමවේදයක් මවිසින් මීට වසරකට පෙර යෝජනා කොට ඇතත් රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය.
ගතවූ ප්‍රමාදයත් සමඟ දැනුදු එම ක්‍රමය මගින් සති හතරක කාලයක් තුළදී මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම නවතා දැමිය හැක. රජය දැන්වත් එම ක්‍රමය සලකා බැලීම නොකළහොත් රට ඉතාමත් අසීරු තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැක.
සෞඛ්‍ය බලධාරීන් මොන විදියේ ක්‍රියාවක් අනුගමනය කළද දහස් ගණනින් මිනිසුන් මියැදීම පිළිබඳව රජයේ වගකීම ඉටු නොකළහොත් අවසානයේදී අපවාද පැවරෙන්නේ ඔවුන්ට නොව රජයටමය.
මා යෝජනා කරන්නේ කුමන වෛරසයක් පැමිණියද රෝගී නොවන ක්‍රමයකි. ඇත්තටම මෙවැනි දෙයක් නොසලකා හැරීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. මෙම වෛරසය ශරීරයෙන් පිට දී දිරාපත් වූ කොළයක් මෙනි. මෙයට වර්ධනය වීමට හෝ බෙදීමට නොහැකිය. එයට ගමන් කළ නොහැක. හිරුඑළිය හමුවේදී විනාශ වී යයි. නමුත් ශරීරයට ඇතුළු වූ විට එය වර්ධනය වේ. බෙදේ. බෝවේ. වයිරස් ප්‍රමාණය වැඩිවේ. එය නාසයේ හෝ උගුරේ තැන්පත් වූ පසු එහි පටලවල ඇති ACE2 නාමැති ග්‍රාහකයකට (Receptor) ඇතුළු වෙයි. ග්‍රාහකය බටහිර කොදෙව් හා අප්‍රිකානු අයගේ වැඩි වුවද එයට සාපේක්ෂව ආසියාතිකයන්ගේ අඩුය. මේ නිසා අප්‍රිකානු හා කොදෙව්වන් බොහෝ දෙනා රෝගී වූ විට මරණ සංඛ්‍යාවද ඉහළ යයි.
කුඩා ළමයින්ගේ එම ග්‍රාහකය නොවැඩී ඇති නිසා ඔවුන් රෝගී වීම අතිශයින්ම අඩුය. ඒ වගේම ACE 2 අවහිර කරන බෙහෙත් (A2 Blockers) ගන්නා අයටද (රුධිර පීඩනය, වකුගඩු අමාරුව, හදවත් රෝග ආදියට මේ බෙහෙත පාවිච්චි වේ) රෝගය වැළඳීම අඩුය.
මෙම වෛරසයට ග්‍රාහකවලට නොඇලී සිටීමට කටයුතු කළහොත් එයට වර්ධනය වීමට නොහැකි නිසා වසංගතය පාලනය කරගත හැක. බෝ වීම සිදුවනුයේ ශරීරයකින් තවත් ශරීරයකටය. කහින විට පිටවන සෙම බිංදුවලින් හා ශරීරයේ මතුපිට ඇති වෛරස, ස්පර්ශය හරහා නාසය තුළින් ඇතුළු වීම නිසාද බෝවීම සිදුවේ. මෙම බෝවීම පහසුවෙන් වැළැක්විය හැක්කේ ශරීරයේ ඇති වෛරස ඇතුළුවීම නැවැත්වීමට ස්වභාවයෙන්ම ඇති වෛරස අවහිර කරන ක්‍රියාවලිය ඉහළ මට්ටමකින් තබාගතහොත් පමණි.
මෙම වසර අග වනවිට හා ඉදිරි වසර පහ තුළ තව තවත් මෙවැනි වූ හෝ වෙනස් වූ හෝ සම්පූර්ණයෙන්ම අලුත් වෛරස පැතිරෙන බවට ලකුණු දැනටමත් ඇති බව පෙන්වා දිය යුතුය.
එවැනි රෝග පාලනය කිරීමට පමණක් නොව සහමුලින් උදුරා දැමීමට ඔවුන්ගේ පිටරටවලින් ගත් දැනුමෙන් ලැබූ අධ්‍යාපන ක්‍රමයෙන් අපහසු වේ. දේශීය ආයුර්වේද ක්‍රමවලින් වුවද නොහැක. දිගින් දිගටම පැතිරීමට නියමිත වූ වෛරස රැළි සහමුලින්ම නවතා දැමිය හැක්කේ සියලුම වෛරස මුලිනුපුටා දමන ක්‍රමවේදයක් මගිනි.
අද පවතින ක්‍රමවේදය සමගම ඊට වඩා වැදගත් කරුණු දෙක තුනක් කෙරෙහි අවධානය යොමුකිරීමට උත්සාහ කරන්නෙමි. එය විද්‍යාඥයන් හෝ දොස්තරවරුන් අවධානය යොමු නොකළ පැත්තකි. ඊට හේතුව ඔවුන්ගේ අධ්‍යාපනය එවැනි පැත්තක් සඳහා යොමු නොකිරීමයි. ඒ අයගේ උපදෙස් පිළිපදින ගමන්ම ඊට අමතරව කළ යුතු තවත් දේ ඇති බව පෙන්වීමට අදහස් කරමි.
අපේ ශරීරය තුළට වෛරසයක් ඇතුළු වූ විට ඊට විරුද්ධ ප්‍රතිශක්තිය සතියක් පමණ කාලයක් ඇතුළත නිර්මාණය වේ. එම ප්‍රතිශක්තිය මගින් මේ වෛරසය දින කිහිපයක් ඇතුළත නසා දමයි.
දෙවැනිවරට මේ වෛරසය අපේ ශරීරයට ඇතුළු වීමේදී ශරීරය ඊටත් වඩා කාර්යක්ෂම ලෙසට මේ වෛරසය නසා දැමීමට ප්‍රතික්‍රියාවක් ඇතිකර ගනී. ප්‍රතිදේහ (antibodies) ඇති කිරීම මගින් මේ වෛරසය නසා දැමීම, ස්වභාවධර්මයෙන් අපිට ලැබී ඇති මේ ක්‍රමය අපි immunity කියා හඳුන්වමු. ඒ ගැන අප ප්‍රමාණවත් අන්දමට සොයාබලා නොමැත.
ඕනෑම වෛරසයක් අපේ ඇඟට ඇතුළු වුණොත් ඒක නසා දමන්න ක්‍රමයක් අපේ ශරීරය තුළම ඇත. එහෙත් මේ වෛරසයට විතරක් ප්‍රතික්‍රියා දක්වන්න අපේ ශරීරයට නොහැකි වුණේ ඇයි?
මේ ප්‍රතිශක්තිය අපේ ඇඟේ හීනවෙලා තියෙන්නේ ඇයිද? එයට හේතුව අප ගන්නා ආහාර වේ. මේ කාලයේ අප ගන්නා ආහාර බොහෝසෙයින්ම ජාන මාරු කළ ආහාරයි. ඒවා (Genatically Modified) කියා හඳුන්වන ආහාර වේ. අපේ ආහාර අස්වාභාවික ලෙස වෙනස්කර ඇත.
ඉතාමත් වැදගත් දේ වන්නේ ප්‍රතිශක්තිය හීන අයට රෝගය වැළඳෙන ප්‍රවනතාව වැඩිවීමය. නිරෝගී, ප්‍රතිශක්තිය වැඩි අයට මේ ලෙඩේ වැළඳීම අඩුය. එවැනි අයට මේ වෛරසය ඇතුළු වුණත් දවසකින් දෙකකින් එය හීන වී ලෙඩේ බෝ නොවේ. පෙනහැල්ලේ සෙම නිසා නියුමෝනියා තත්ත්වයක් ඇතිවන්නේ නැත. පෙනහැල්ලට මේ දියර ගලාගෙන විත් නියුමෝනියා තත්ත්වය වැඩිව පැය දෙක තුනකින් මියගිය අය ගැන දැනගත හැකයි. ඒ වගේම මේ වනවිට පිටරටවල්වලත් පෙනහල්ලට සෙම ගලාගෙන ඇවිත් රෝගී වුණු අයට, අවශ්‍ය කෘත්‍රිම ස්වසන උපකරණ (Ventilators) අඩු බව දැනගන්නට තිබේ.
ඇත්ත වශයෙන්ම මේ වෛරසය දුර්වල වෛරසයක් වන නිසා අපේ ශරීරය මගින්ම ප්‍රතිශක්තිය තුළින් නසා දැමිය හැකිය. දැන් පාවිච්චි කරන පාන් පිටි මීට අවුරුදු දහයකට ඉස්සර තිබූ පාන්පිටි නොවේ. ජානමය ලෙස මාරුකර එහි අඩංගු glutton ප්‍රමාණය (glutton නිසා තමයි පාන් පිටි ඇලෙන්නේ) වැඩි කර ඇත. පාන් පිටිවල තිබුණු glutton ප්‍රමාණය, 8 පමණ වුවද දැන් 14 දක්වා වැඩිවී තිබේ. ජාන මාරුකර ඇත. Glutton වල කොටස් දෙකක් අඩංගුයි.
එකක් glutenin වන අතර අනික gliding කියන කොටසයි. අපට හානි කරන්නේ එයයි. එයින් අපේ ප්‍රතිශක්තිය හීන කරයි. අපේ ශරීරයේ අපේම සෛල හඳුනාගැනීමේ ශක්තිය පවා නැති කරයි. එයට කියන්නේ ස්වයං ප්‍රතිශක්ති හීන කිරීමේ රෝගය (auto immunity desease) යනුවෙනි. එයින් සමහර අයගේ බඩවැලේ ඇතුළත සිවිය දිය කර ආහාර උරා ගැනීම හීන කිරීමේ රෝගයක් ඇති කරයි.
ග්ලයිඩීන් කුඩා බඩවැලට පැමිණි විට proteases නම් එන්සයිමය සමඟ එකතු වී ප්‍රෝටීනයේ තිබෙන ඇමිනෝ අම්ල ඛණ්ඩනය කරයි. ඉන්පසුව එම ඇමිනෝ අම්ල කොටස් එකතු වී දිග ඇමිනෝ අම්ල දාම නිපදවයි. එම දිග දාම හැදුණු පසු තමාගේ සෛල යනුවෙන් හඳුනාගත නොහැකි තත්ත්වයක් උදාවේ. මෙම දිග දම්වැල් මෙන් වූ දාම ඉතාමත් ඇලෙනසුලුයි. ඊළඟට වෛරසයක් ඇතුළු වුණු විට, ඇතිවන ප්‍රතිදේහ තනන සුදු සෛලවල මෙම කුඩා ඇමිනෝ අම්ල කොටස් ඇලීම නිසා ප්‍රතිදේහ (antibodies) තැනීමට නොහැකියි. ප්‍රතිශක්තිය හීන වෙයි. Glutton අඩංගු ආහාර වර්ග හතරක් ඇත. ලංකාවේ භාවිත කරන පාන් පිටි, රයි, ඕට්ස් සහ බාර්ලි ඒ ආහාර හතරයි. අපේ රටේ බොහෝ පාවිච්චි වන්නේ පාන්පිටියි. රයි වැනි දේවල්වලින් විස්කි නිපදවේ. විස්කිවල glutton අඩංගුය. අපේ රටේ පාන් පිටිවලින් හද කෑම බොහොමයක් ඇත. පාන්, බනිස්, රෝල්ස්, කට්ලට්, පැටිස් අප ගන්නා ආහාර වර්ග වේ. ආටා පිටි, සව්, රුලං, කොත්තු රොටි වගේ හැම දේකම මේ glutton අඩංගුය. අපේ රටේ ජනතාවට මේ කාලය තුළවත් අඩු ගණනේ මේ මාස දෙක තුනක්වත් glutton තියෙන ආහාර නොගෙන ඉන්න පුළුවන් නම් යහපත්ය.
ඇත්ත වශයෙන්ම මේ ආහාර සම්පූර්ණයෙන් නැවැත්තුවොත්, දින දෙක තුනකින් ඔවුන්ගේ ප්‍රතිශක්තිය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැක. මිනිසුන්ගේ ප්‍රතිශක්තිය සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් එතැන් සිට වසංගතය පැතිර යෑමේ ප්‍රවණතාවය අඩුවෙයි. රෝගීන් අවම වේ. සති දෙකක් වැනි සුළු කාලයක් ඇතුළත අපට සම්පූර්ණයෙන්ම මෙය පාලනය කරන්න පුළුවන් වෙයි.
මේ සඳහා අපේ ප්‍රතිශක්තිය නැතිකරන ආහාරවලින් වැළකී එය සාමාන්‍ය තත්ත්වයට පවත්වා ගත යුතුයි. දෙවැනි හේතුව කිරිපිටි ආහාරයි. එළකිරි මීකිරි වගේ දේවල්වලින් හදන ආහාරයි. අයිස්ක්‍රීම්, යෝගට්, චොක්ලට්, බටර් සහ කිරිද අඩංගුය.
මේ ආහාර ගත්විට වෛරසය අපේ ශරීරයට ඇතුළු වෙන උගුරේ, නාසයේ තියෙන ශ්ලේෂ්මල පටලවල යම්කිසි වෙනසක්, තුනීවීමක් සිද්ධ වේ. එයින් අපේ ප්‍රතිශක්තිය හීනවෙයි. වයිරසයට පහසුවෙන් ඇතුළු වෙන්න හැකිවේ. සටන් කරන, ශරීරයට ඇතුළු වෙන පළවෙනි තැනදී ඇතුළුවුණොත් සටන් කරන්න තියෙන්නේ ප්‍රතිදේහ සමගයි. එතැන තමයි දෙවැනි නැත. ශ්ලේස්මල පටලය හොඳින් තිබේ නම් ඇතුළුවෙන්න පෙර පළවෙනි තැනදීම එය නවත්වාගත හැකිය. එසේ කරන්න නම් උගුරේ නාසයේ ඇති ශ්ලෙශ්මල පටල සාමාන්‍ය තත්ත්වයේ තබාගැනීම අවශ්‍යයි. කිරි සහ පිටි අඩංගු කෑම කන අයට එය කළ නොහැකියි. අඩු තරමින් මේ ගතවෙන කාලයේ පමණක්වත් ඇත්ත වශයෙන් කිරිපිටි පාවිච්චි නොකර සිටියොත් රෝගය බෝ නොවෙයි. එම ආහාර නොගෙන මාස කිහිපයක් වුවද අපට ජීවත්විය හැකියි.
පාන් පිටි රටින් අපිට පුරුදු කළ දෙයකි. බත් කන්න පුළුවන් සහල් වර්ග මේ රටේ අවශ්‍ය තරමට ඇත. පාන් පිටි නොකා මේ කිරි ආහාර වර්ග නොගෙන මාස දෙක තුනක් ගත කරන්න අපට හැකියි. එවිට මේ වෛරසරයට අපේ ශරීරයට ඇතුළු වෙන්න නොහැකි වේ. දැනට තියෙන ක්‍රමවලින් මේ පැතිරීම පාලනය කරගෙන සිටින නමුත් හදිසියේම තවත් තැනකින් මෙන් මතුවිය හැකිය.
අපේ රටේ හොඳට සූර්ය රශ්මිය ඇති නිසා වෛරසයට දීර්ඝකාලීනව ජීවත්විය නොහැකි වේ. වැසි කාලයේදී තෙතමනය සහිත තැන්වල මේ වෛරසය රුඳී සිටීමේ කාලය වැඩිවේ. ඒ නිසා ඊට පෙර සම්පූර්ණයෙන් මේ වෛරසය නැතිකරගත යුතුයි. ඉතා ඉක්මණින් මේ සම්බන්ධව ආණ්ඩුව පියවරක් ගනී යැයි අපි බලාපොරොත්තු වන්නෙමු. ගරු ජනාධිපතිතුමාටත් මේ පණිවිඩය ඇසෙයි කියා අපට සිතේ. මේ වෛරසය නැතිකරන ක්‍රමවේදය වන පිටි කෑම සහ කිරි භාවිතය මුළු රටටම බලපාන අන්දමට නැවැත්වීමට රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. එවිට මේ වසංගතයෙන් බේරීමට අපට අපහසු නැත.
එංගලන්තයේ Bradford Royal intirmary රෝහලේ හෘද රෝග අංශයේ සේවය කළ විශ්‍රාමික වෛද්‍ය ගාමිණී අභය