අස්වනු නිසි මිලකට විකුණාගත නොහැකිව ගොවීන් නඟන දුක් මැසිවිලි එකම අඬහැරයක් ලෙසින් ඇසෙනු ගොවිබිමේ ඉතා සුලබය. මේ දිනවල රජරට කුඹුු යායටද එය අුමැසි නොවේ. මේ දිනවල අස්වනු නෙළන කුඹුු යායවල ගොවීහු තම වී කිලෝවට ලැබෙන මිල ප්‍රමාණවත් නැතැයි කියා සිටිති. එහෙයින් වී කිලෝවෙහි රජයේ සහතික මිල වැඩිකළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ දිනවල වී අස්වනු නෙළන පොළොන්නුවේ ගොවිබිම් කරා අප ගිය ගමනේදී අසන්නට ලැබුණු මූලිකම කාරණය ලෙස සඳහන් කළ හැක්කේ දැනට පවතින වී මිල කිසිසේත්ම ප්‍රමාණවත් නැතිය යන්නයි. මේ වනවිට පාඩු ලබන රුකියාවක් බවට වී ගොවිතැන පත්ව තිබෙන බව බොහෝ දෙනා කීහ. එම ගොවි ජනතාව කියා සිටියේ වී කිලෝවේ රජයේ සහතික මිල මීට වඩා වැඩිවීම අනිවාර්යයෙන්ම වියයුතු බවය.
මේ අතර දැනට පවතින සහතික මිල ඉක්මවා ගොවීන්ගේ වී මිලදී නොගන්නා ලෙසට සහල් මෝල් හිමියන්ටද රජය උපදෙස් දී හෙයින් වෙනත් කන්නවලදී මෙන් තම වී අස්වනු තරගකාරී මිලකට අලෙවි කර ගැනීමේ අවස්ථාව මෙවර ඇහිරී ගොස් තිබෙන බවද ගොවීහු පැවැසූහ.
මැදිරිගිරිය මහ ගොවි ජනපදයේ දෙවැනි පරපුරේ ගොවියකු වන ධම්මික ප්‍රියන්ත මහතා වී මිල සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූයේ මෙසේයි.
මේ යල් කන්නයේ අස්වැන්න නෙළන්න කලින් කිලෝ 64 නාඩු වී මිටියක් රුපියල් 4400ට මිල ඉහළ ගියා. දැන් ඒ මිල නැතත් රුපියල් තුන්දාස් හත් සීයකට එහා මිලක් අපිට ලැබෙනවා නම් ඒ ඇති. දැන් හැමදේම ගිනි ගණන්. වී කිලෝ එකේ මිල විතරයි ඉහළ යන්නේ නැත්තේ. වී මිල ඉහළ ගියාම හාල් මිල වැඩිවෙනවා කියනවා. දැන් වී මිල අඩුයි. නමුත් හාල් මිල අඩු නෑ. කොහොමත් හාල් කිලෝ එක රුපියල් සීයෙන් එහා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා වී කිලෝවේ රජයේ සහතික මිල රුපියල් 65ක් දක්වා වැඩිකරන්න කියා. එසේ නොකළොත් ගොවියාට මේ ඉන්න තත්ත්වයෙන් ගොඩ ඒම අමාුයි. අද ගොවියා ගොවිතැන් කරන්නේ දස අතේ ණය වෙලා. අන්තිමේ ඒ ණය ගෙවාගන්න පවා බැරිව අසරණ තත්ත්වයට පත්වෙනවා. මෙහෙම ගියොත් ගොවියාත් ගොවිතැනත් දෙකම විනාශයට පත්වෙනවා. ඒ නිසා රටට බත සපයන ගොවි ජනතාව ගැන රජයක් විදියට මීට වඩා සැලකිල්ලක් අවශ්‍යයි.
ඇලහැර මහ ගොවිජනපදයේදී අපට මුණ ගැසුණු අජිත් පෙරේරා මහතා අප හමුවේ මෙසේ සිය අදහස් දැක්වීය.
මොරගහකන්ද ජලාශය නිසා දැන් අපිට වතුර හිඟයක් නෑ. යල මහ දෙකන්නෙට වතුර ඇති තරම් ලැබෙනවා. කලින් නම් යල කන්නෙට අපිට වතුර හිඟය විශාල වශයෙන් බලපෑවා. දැනටත් යල් කන්නයේ අපි අතිරේක බෝග වර්ග තමා වැඩිපුර වවන්නේ. වී වගා කළත් අපට වී වලට ලැබෙන මුදල ප්‍රමාණවත් නෑ. ඒ සඳහා නිසි මිලක් ලැබෙන්න ඕන. නැත්නම් අපිට මේ ගොවිතැන් කරන්න අමාුයි. වගාවට යන වියදම් හැමදේම දවසින් දවස වැඩිවෙනවා. නමුත් අපේ ආදායම එකම තැන. එහෙමත් නැත්නම් තවත් අඩු වෙනවා. මේ වතාවේ අපේ අස්වැන්නත් එහෙමකට සු නෑ. බුසලකට වී බුසල් 35ක් 40ක් වගේ තමා ලැබුණේ. පොහොර හිඟයත් බලපෑවා, ගුණාත්මක බිත්තර වී නොලැබීමත් වී අස්වැන්න අඩුවීමට ප්‍රධාන හේතුවක්. කොහොමහරි ලැබුණු අස්වැන්නටත් නිසි මිලක් ගන්න විදියක් නෑ. ගොඩක් දුක් මහන්සියෙන් අපි මේ ගොවිතැන් කරන්නේ. අලින්ගේ හිරිහැර අඩුවක් නෑ. වී ටික වපුරපු දවසේ ඉඳලා අලි එනවා. රෑ දවල් දෙකම කුඹුර රකින්න ඕන.
දියසෙන්පුර රත්මල්යායේ පැරණි ගොවි මහතකු වන රෝහණ ප්‍රියන්ත මහතා සිය ගොවි ගැටලු අප හමුවේ පැවැසුවේ මෙසේයි.
අපි මේ ගොවිතැන් කරන්නේ ගොඩක් දුක් මහන්සි වෙලා. ඒ වගේම අතේ මිල මුදල් තිබිලා නෙවෙයි. ණය තුුස් වෙලා, කණකර උගස් කරලා සල්ලි හොයාගෙන. වී ඇටේ මහ පොළොවට දාපු දවසේ ඉඳලා අපිට ප්‍රශ්න .පොහොර ටික කලට වෙලාවට නෑ. කෘමි හානි වසංගත රෝග එමටයි. මාස් කන්නෙට ඔය පිටාර ගලලා වගා විනාශ වෙනවා. එක කන්නේ දෙතුන් පාර කුඹුු වපුරන්න සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. යල් කන්නෙට වතුර නැතුව කුඹුු පාළු වෙනවා. මේ විදියට දහදුක් විඳලා ගොවිතැන් කරලා අන්තිමේ ලැබෙන වී ටිකට හරි හමන් මිලක් නැත්නම් ඒක මොනතරම් අසාධාරණයක්ද? කුඹුු අක්කරයක් වගා කරන් රුපියල් හැත්තෑපන්දාහක් විතර වියදම් වෙනවා. දැන් හැමදේම මිල වැඩියි. හාන්න පෝු ගාන්න, වී අස්වැන්න නෙළන්න. මේ හැමදේම කුලියට තමා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා වී කිලෝ එකට අඩුම තරමින් ුපියල් හැට පහකවත් සහතික මිලක් රජයෙන් ලැබෙන්න ඕන කියලයි අපි කියන්නේ.
පොළොන්නුව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සහ පොළොන්නුව දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අුණ කීර්ති මහතා පසුගියදා පොළොන්නුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් වී මිල සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
වී කිලෝවේ රජයේ සහතික මිල අනිවාර්යයෙන්ම මීට වඩා වැඩිවෙන්න ඕන. අපි කියන්නේ වී නාඩු වී කිලෝ එක රුපියල් 60ක් සම්බා වී කිලෝ එක රුපියල් 65ක් හැටියට වැඩිවිය යුතුයි. අපි ගොවි සංවිධාන නියෝජිතයන් විදියට කෘෂිකර්ම ඇමතිතුමා සමඟත් මේ පිළිබඳව සාකච්ජා කළා. රටට බත සපයන ගොවීන් හැටියට මේක ඉතාමත්ම සාධාරණ ඉල්ලීමක්. අපි බලාපොරොත්තු වෙනවා රජය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරලා අපිට සාධාරණත්වයක් ඉෂ්ඨ කරාවි කියලා. දැනට පවතින වියදම් අනුව කුඹුු අක්කරයක් වගා කරන්න රුපියල් 65,000කට වැඩිය වියදම යනවා. ගොවියාගේ ශ්‍රමය ගණන් බලන්නේ නැතිවයි ඒ මුදල. අක්කරයකින් වී කිලෝ බුසල් 100ක් තමයි දැනට උපරිම ගන්න පුළුවන්. දැන් පවතින මිලට අලෙවි කිරීමෙන් ලැබෙන්නේ ආදායම රුපියල් 105600යි. නිෂ්පාදන වියදම ගියාම ඉතිරිය රුපියල් 41,600යි. ඒ මාස තුකට ලැබෙන ආදායම. ඒ කියන්නේ මාසෙකට රුපියල් 15,000කටත් අඩු මුදලක්. ගොවියාට තියන්නේ කුලී කම්කුවෙකුගේ වැටුපටත් වඩා හරි අඩක් තමයි මේ මුදල බෙදල බැලුවොත් ලබන්නේ. මේක තමයි ගොවියාගේ ජීවන තත්ත්වය. ගොවි ආර්ථිකය නංවන්න කියලා කථාකරන කිසිම කෙනෙක් අපි මේ ගොවිතැන් කරන ඉතිහාසේ පුරාවට ඒ දේ කරලා නෑ.
වෙනත් කන්නවලදී මෙන් මෙවර වී කිලෝවේ මිල ඉහළ යන හැඩක් නැතැයි ගොවි ජනතාව කියා සිටිනුයේ දැඩි කණස්සල්ලෙන් යුතුවය. එයට හේතුව සහල් මෝල් හිමියන් තරගකාරී පදනමට වී මිලදී ගැනීමට මෙවර ඉදිරිපත් නොවීම බව ඒ ගොවීහු පෙන්වා දෙති. රජයේ සහතික මිල ඉක්මවා වී මිලදී නොගන්නා ලෙසට නීති පනවා මෝල් හිමියන් මෙහෙයැවීම තුළින් මේ අවස්ථාවේ රජය ගොවි ජනතාවට බලවත් අසාධාරණයක් කළ බව අපි සමඟ අදහස් දැක්වූ ගොවීහු බොහෝ දෙනෙක් පැවැසූහ.
මේ අතර පොළොන්නුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාවට තම වී නිෂ්පාදන අලෙවිකර ගැනීමේදී යම් යම් ගැටලු පවතින බවට පසුගිය දිනවල මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි. රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ දිස්ත්‍රික්කය පුරා නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට ගොවීන්ගෙන් චෝදනාද එල්ල වී තිබුණි.
වී මිලදී ගැනීමේ රජයේ යාන්ත්‍රණය හසුුවනු ලබන්නේ වී අලෙවි මණ්ඩලය මගින් බැවින් අප ඒ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ පොළොන්නුව ප්‍රාදේශීය කළමනාකු නිමල් ඒකනායක මහතාගෙන් විමසූවෙමු. එහිදී ඔහු කියා සිටියේ දැනට දිස්ත්‍රික්කයේ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 26ක ගොවීන්ගේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි. මෙවර යල කන්නයේ පොළොන්නුව දිස්ත්‍රික්කයේ වී අස්වැන්නෙන් වී මෙට්‍රික් ටොන් 50,000ක් රජය මිලදී ගැනීමට අපේක්ෂා කරන බවද ඒකනායක මහතා පැවැසීය.
වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පොළොන්නුව දිස්ත්‍රික්කයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සොයා බැලීම සඳහා නිරීක්ෂණය කිරීම පැමිණ සිටියදී අපට මුණ ගැසුණේ පොළොන්නුව ජයන්තිපුර පිහිටි වී අලෙවි මණ්ඩලයේ ගබඩා පරිශ්‍රයේදීය. එහිදී රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව පැහැදිලි කළ උප සභාපතිවරයා රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ මෙවර යල් කන්නයේ එක් ගොවියකුට සීමාවකින් තොරව වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමේ හැකියාව තිබෙන බව කීය.
ඒ අනුව නියමිත ප්‍රමිතියෙන් යුත් කීරි සම්බා වී කිලොවක් සඳහා රුපියල් 55.00ක්ද සම්බා වී කිලෝවක් සඳහා රුපියල් රුපියල් 52.00ක් සහ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 50.00ක් වශයෙන් රජයේ සහතික මිලක් ගොවීන්ට ගෙවනු ලබන බව ඒ මහතා ප්‍රකාශ කළේය. ඊට අමතරව මණ්ඩලයට අලෙවි කරනු ලබන සෑම වී කිලෝවක් සඳහාම වී අලෙවි මණ්ඩලය රුපියල් 1.50ක මුදලක් ප්‍රවාහන වියදම් වශයෙන් ගොවියාට ලබාදෙන බවද උප සභාපතිවරයා කීවේය. තෙතමනය සහිත වී දිස්ත්‍රික්කයේ පෞද්ගලික සහල් මෝල් හිමියන් මගින් මිලදී ගැනීමේ වැඩපිළිවෙළ මෙවරද ක්‍රියාත්මක වන බවද හෙතෙම සඳහන් කළේය.
ගොවීන් මුහුණදෙන ගැටලු ගැන සාකච්ජා කරන්නට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා පොළොන්නුවට පැමිණි අවස්ථාවේ ඔහු කීවේ වී මිල පිළිබඳ ප්රශ්නයේදී කෘෂිකර්ම ඇමතිවරයා විදියට වී කිලෝව ුපියල් සීයට යනවා නම් තමන් කැමති බවයි. එහෙත් ගොවියෝ ඉන්නේ ලක්ෂ 11ක් බවත් පාරිභෝගිකයන් මිලියන 22ක් සිටින බවද කීය. වී මිල වැඩි වුවහොත් හාල් මිල ඉහළ යන බව කී ඇමතිවරයා මේ දෙපැත්තම සමව පවත්වගෙන යායුතු යැයිද කීවේය.
රජය මගින් නියමකර ඇති සහතික මිලට වඩා වැඩියෙන් වී මිලදී නොගන්නා ලෙස රජය සහල් මෝල් හිමියන්ට තහංචි පනවා ඇත්තේ ඒ නිසා වන්නට ඇතැයි ගොවීහු කියති. එසේ වුවද වෙළඳපොලේ ඉහළ නැඟ තිබෙන සහල් මිලෙහි වෙනසක් නැති බව ගොවි ජනතාතාව පෙන්වා දෙන කාරණයෙකි. රජයේ සහතික මිලට වඩා වැඩියෙන් වී මිලදී ගන්නා වෙළෙඳුන් ඇල්ලීම සඳහා දැල එලන්නට රජය සූදානම් වන නමුත් වැඩි මිලට සහල් විකුණන උදවියට කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ඔවුහු විමසති.
I කරුණාරත්න ගමගේ