2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

මාකට් එකේ කුඩු මිල තුන්ගුණයකින් නැගලා

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 30

I ආරක්ෂක වාර්තාකරු

පොලීසිය විසින් දිගින් දිගටම සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් නිසා මේ දිනවල හෙරොයින් මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි රාජ්‍ය බුද්ධි අංශවලට වාර්තා වී තිබේ. ඒ අනුව හොරොයින් මත්කුඩු ග්‍රෑම් 1ක් රුපියල් 21,000ක් (විසි එක්දහසක්) දක්වා ඉහළ ගොස් ඇත. මෙයට පෙර හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 1ක මිල රුපියල් හයදහසකි.

ඒ සමඟ මෙරට කුඩු කිලෝවක මිල රුපියල් 2,10,00000 (දෙකෝටි දස ලක්ෂය) දක්වා ඉහළ ගොස් තිබේ. මෙයට පෙර හෙරොයින් කිලෝවක් පාතාල ජාවරම්කරැවන් අලෙවි කළේ රුපියල් ලක්ෂ හැටක මිලකටය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ මෙන්ම ඉන්දීය සාගර කලාපයේ කරන ලද මත්කුඩු වැටලීම් නිසා පසුගිය මාස හතරක පමණ කාලය තුළ කුඩු කිලෝ දහසකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වනවිට ලංකාවේ කුඩු බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානය දකුණු මුහුදු තීරයේ බේරුවල සිට වැලිගම දක්වා නගර ආශ්‍රිතව සිදුවන බව පොලීසිය පවසයි.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් මතුකුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා දියත් කළ සැලසුම් සහගත වැඩපිළිවෙළ සහ රාජ්‍ය බුද්ධි අංශවල සහයෝගයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.