තම පාලනය යටතේ ඇෆ්ගනිස්ථානය තුළ මරණ දඬුවම හා අතපය කපා දැමීම වැනි දැඩි දඬුවම් යළි ක්‍රියාත්මක කරන බව තලිබාන් සංවිධානයේ නිර්මාතෘවරයකු හා එහි නායකයකු වන මුල්ලා නූරුද්දීන් තුරාබි මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.
ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන කැතී ගැනොන් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. තලිබාන් සංවිධානය මගින් ප්‍රසිද්ධියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම බටහිර ලෝකය විසින් හෙලා දැකීම සම්බන්ධයෙන් තම විරෝධය පළ කළ තුරාබි ඇෆ්ගනිස්ථානයේ නව පාලනයට ඇඟිලි ගැසීමෙන් වළකින ලෙසටද ලෝකයට අනතුරු අඟවා තිබේ. වර්තමානයේ බන්ධනාගාර කටයුතු භාර අමාත්‍යවරයා වන තුරාබි ජනතාවගේ සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් වරදකරුවන්ට දැඩි දඬුවම් ලබා දීමට පියවර ගන්නා බවට අවධාරණය කර තිබේ. &ක්‍රීඩාංගණවල විශාල පිරිසක් ඉදිරිපිට දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් බොහෝ අය අපව විවේචනය කළා. එහෙත් ඔවුන්ගේ නීති සහ දඬුවම් සම්බන්ධයෙන් අපි කිසිවක් කීවේ නැහැනේ. අපගේ නීති පිළිබඳව කිසිවකු අපට කියා දීම අවශ්‍ය නැහැ. අපි ඉස්ලාමය අනුගමනය කරන අතර අල් කුර්ආනයේ ඇති නීති අනුව කටයුතු කරනවා යැයි ඔහු පවසා තිබේ.
මේ වන විට 60 විය ඉක්මවා සිටින තුරාබිට 1980 ගණන්වලදී සෝවියට් හමුදා සමඟ සටන් කිරීමේදී කකුලක් සහ එක් ඇසක් අහිමි විය. අන්තර්වාර කැබිනට් මණ්ඩල සාමාජිකයන් ද ඇතුළුව එක්සත් ජාතීන්ගේ සම්බාධක ලැයිස්තුවේ සිටින තලිබාන් නායකයන් අතර ඔහු ද එක් අයෙකි. පසුගිය තලිබාන් පාලන සමයේ අධිකරණ ඇමැති සහ සදාචාරය ප්‍රචාරය කිරීමේ හා අපචාර වැළැක්වීමේ අමාත්‍යාංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය. ඔහු කණ්ඩායමේ සිටි ඉතාමත් කුරිරු හා සම්මුති විරහිත බලපෑම් කරන්නෙක් විය. එම කාලයේ කාබුල් ක්‍රීඩාංගණයේ හෝ ඊඩ්ගා මුස්ලිම් දේවස්ථාන භූමියේ සිය ගණනකගේ සහභාගිත්වයෙන් ප්‍රසිද්ධියේ දඬුවම් පැමිණවීම් සිදු කෙරුණේ ඔහුගේ අනුදැනුම මතය. මෙය ලෝක ප්‍රජාව හෙළා දුටුවද එම දඬුවම් නොකඩවා ක්‍රියාත්මක විය. ඔහු සියලුම රජයේ කාර්යාලවල පිරිමින් හට ටර්බනය පළඳින ලෙස අණ කළ අතර ඔහුගේ සගයෝ දිනපතා රුවුල කැපූ පිරිමින්ට පහර දුන්හ. ක්‍රීඩා තහනම් කරන ලද අතර, දිනපතා පස් වතාවක් යාච්ඥා කිරීම සඳහා පල්ලියට යන ලෙසට අණ පැනවීය.
එම පාලන කාලයේ මිනීමැරුමක් සම්බන්ධ වරදකරුවකුට මරණ දඬුවම ලබා දුන්නේ හිසට වෙඩි තැබීමෙනි. වින්දිතයාගේ පවුලේ සාමාජිකයකු විසින් එම දඬුවම ලබා දෙන ලදී. ඇතැමකුට රුධිරය සඳහා වන වන්දි මුදලක් (Blood Money) ලබාගෙන චූදිතයාට ජීවත් වීමට අවස්ථාව සලසන ලදී. සොරකම් සඳහා වැරදිකරුවන් වූවන්ගේ අත් කපා දැමිණි. නඩු විභාග හා වරදකරුවන් ලෙස ප්‍රකාශ කිරීම ප්‍රසිද්ධියේ සිදුවූයේ කලාතුරකිනි. නීතිය ඉස්ලාමීය පූජකයන් සතු වූ අතර ඔවුන්ගේ නීතිමය දැනුම ඉස්ලාමික ආගමික නියෝගවලට සීමා විය. තුරාබි සඳහන් කරන්නේ නව පාලනය තුළ විනිසුරුවරුන් විසින් නඩු තීන්දු ලබා දීමට කටයුතු කරන නමුදු ඇෆ්ගනිස්ථානයේ නීතිමය පදනම අල් කුර්ආනය මත පදනම් බැවින් පැරණි ක්‍රමවේදය අනුව වරදකරුවන්ට දඬුවම් ලබා දීමට පියවර ගන්නා බවයි. &රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා වරදකරුවන්ගේ අතපය කපා දැමීම අත්‍යවශ්‍යයයි. එමගින් අපරාධ වළක්වාගත හැකියි. මෙම දඬුවම් ප්‍රසිද්ධියේ ලබා දිය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් නව කැබිනට් මණ්ඩලය ඉදිරියේ තීරණය කර ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට නියමිතයි. යනුවෙනි.
සුළු සොරකම්වලට වරදකරුවන් වූ පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක කළ පැරණි දඬුවම් නව පාලනය යටතේද සිදුවෙමින් පවතී. වරදකරුවන්ගේ දෑත් බැඳ ට්‍රක් රථයක නංවා ප්‍රසිද්ධියේ අපහාස කරමින් පෙරහරකින් රුගෙන යනු පසුගිය දිනවල අවස්ථා දෙකකදී දැකිය හැකි වූ බව ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍යවේදිනිය සඳහන් කර තිබේ. එක් අවස්ථාවක ඔවුන් සොරුන් බව හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ මුහුණුවල තීන්ත ආලේප කර තිබූ. අතර අනික් අවස්ථාවේ, පරණ පාන් ගෙලෙහි එල්ලා හෝ කටේ ඔබා එලෙස රුගෙන ගිය බව ඇය සඳහන් කරයි.
1996 සිට 2001 දක්වා කාලය තුළ ඇෆ්ගනිස්තානය තුළ පැවැති තලිබාන් පාලනය 2001 දෙසැම්බර් මාසයේදී අමෙරිකාව විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමෙන් අවසන් විය. එහෙත් වසර 20කට පසු පසුගිය අගෝස්තු මාසයේ අමෙරිකන් හමුදාව ඉන් නික්ම යාමත් සමඟ යළි බලය තහවුරු කර ගැනීමට තලිබාන් සංවිධානය සමත් විය. තලිබාන් කලින් පාලනය සමයේ (වෛද්‍යවරියන් හැර) කිසිදු ස්ත්‍රියකට රුකියාවක නිරත වීමට හෝ අධ්‍යාපනය ලැබීමට අවසර නොදුන් අතර කාන්තාවන්ට දැඩි සීමා පනවා තිබිණි. බුර්කාව ඇඳීම අනිවාර්ය විය. පිරිමින්ට පවා ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, හැසිරීම්, ආගමික කටයුතු සහ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සෑම අංගයක්ම දැඩිව නිරීක්ෂණය කෙරිණි. කාන්තාවන් සම්බන්ධයෙන් තම ආකල්ප වෙනස් වී ඇතැයි තලිබාන් නායකයන් ප්‍රකාශ කළද පසුගිය 20 වසර පුරා කාන්තාවන් සමානාත්මතාව සඳහා දරණ ලද උත්සාහය යළි ආපස්සට හැරෙමින් තිබේ. පසුගිය කාලයේ බොහෝ කාන්තාවන් බටහිර විලාසිතාවලට නැඹුරුව සිටි අතර නව පාලනය යළි සාම්ප්‍රදායික ඇඳුම් ඇදීම අනිවාර්ය කර කාන්තාවන්ට නිවෙස්වලින් පිටත නිදහසේ හැසිරීම තහනම් කර ඇත. පාසල්වල කාන්තාවන් සහ පිරිමින් වෙන වෙනම අධ්‍යාපනය ලැබිය යුතු බවට නීති පනවා තිබේ. පසුගිය සතියේ පිරිමින්ගේ යටි රැවුල් කැපීම, කෙටි කිරීම එරට කරණවෑමියන්ට තහනම් කරමින් නියෝග පනවා තිබේ. පසුගිය අගෝස්තුවේ බලය අත්පත් කර ගැනීමෙන් පසු තලිබාන් නායකයන් ප්‍රකාශ කළේ ඔවුන්ගේ පෙර පාලන කාලයට වඩා ලිහිල් පාලනයක් පවත්වාගෙන යන බවටය. එහෙත් එම ප්‍රකාශ ව්‍යාජයක් කරමින් මිනිසුන්ට ප්‍රසිද්ධියේ පහර දීම, කස පහර දීම, වද හිංසා පැමිණවීම, පසුගිය පාලනයට හිතවාදී පිරිස් ඝාතනය කිරීම වැනි පැරිණි ප්‍රතිපත්ති යළි ක්‍රියාත්මක කරමින් සිටිති.
“අපි දැන් අතීත පාලනයෙන් වෙනස් වෙමින් සිටිමු”යැයි තුරාබි ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍යවේදිනියට කියා තිබේ. තලේබාන් සංවිධානය දැන් රූපවාහිනිය, ජංගම දුරකථන, ඡායාරෑප සහ වීඩියෝ සඳහා ඉඩ ලබා දෙනවා. ඒවා ජනතාවගේ අවශ්‍යතාවයන් බව අප දන්නවා. මෙම මාධ්‍ය අපේ පණිවිඩය ප්‍රචාරය කිරීමේ මාධ්‍යයක් ලෙස අපි දකිනවා. අපිට සිය ගණනක් ළඟට යනවා වෙනුවට මිලියන ගණනක් වෙත එමගින් ළඟාවිය හැකියි. ප්‍රසිද්ධියේ දඬුවම් ක්‍රියාත්මක කළහොත් ඒවා වීඩියෝ කිරීමට හෝ ඡායාරෑප ගැනීමට ජනතාවට ඉඩ ලබා දිය හැකි බවද එමගින් ජනතාව වරදට පෙළඹීමෙන් වළක්වා ගැනීමට බලපෑමක් කළ හැකි බවද තුරාබි කියා තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා