දැන් දැන් අසන්නට ලැබෙන්නේ කොවිඩ් පිළිබඳ යහපත් ආරංචිය. මරණ සහ ආසාදිතයන් වාර්තාවීම ලෝකය පුරා තවමත් සිදුවුවත් ඒ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ කොවිඩ් ව්‍යාප්තිය මඳක් මර්දනය වී ඇති බවකි. ලංකාවේද තත්ත්වය මෙසේය.
පසුගිය සතිය තුළ මෙරට තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව 14,000ට ළංවන ලකුණු පෙන්වීය. නමුත් දෛනික ආසාදිතයන් වාර්තාවීම සාපේක්ෂව අඩු වී තිබේ. එසේ වුවද සෞඛ්‍ය හා බලධාරීන් පෙන්වා දෙන්නේ තවමත් මූලික සෞඛ්‍ය ආරක්ෂණ පියවර ගැන මනා අවධානයක් ජනතාව යොමුකරන බවක් නොපෙනෙන බවය. ඒ නිසාම රට සම්පූර්ණයෙන් විවෘත කිරීම මේ මොහොතේත් දෙවරක් සිතා බැලීය යුතු කාරණාවක් බවට පත්ව ඇත.
දැනට කොවිඩ් සංඛ්‍යාත්මකව අඩුවීමක් දක්නට ලැබුණද ඒ මගින් කොවිඩ් මුළුමණින්ම අඩුවූ බවක් තහවුරු වී නැතැයිද ඒ නිසාම සංචරණ සීමා ඉවත්කිරීම සිදුකළ යුතුව ඇත්තේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අප කළ විමසීමකදී පැවසීය.
සීමාවන් කෙතෙක් පනවා තිබියදී වුවද පසුගිය සති අන්තයේ පවා සංචරණය බහුලව සිදුව ඇති බවත් මේ ගමන් බිමන් නිසා සිදුවිය හැකි බලපෑමේ ප්‍රතිපල දකින්නට හැකිවන්නේ ඉදිරි සති කිහිපය තුළදී බවත් ඔහු පෙන්වා දෙයි. කොවිඩ් වසංගතය හමුවේ ජනතාවගේ හැසිරීම් තවමත් ආරක්ෂා සහිත මට්ටමක නැති හෙයින් සංචරණ සීමා ඉවත් කිරීම කඩිනමින් කළ හැකි කාර්යයක් නොවන බව ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී කිසිදු සංයමයක් විනයානුකූල බවක් දක්නට නැති බවත් ඒ අසංවර පොදිගැසීම වැළැක්වීමට තරම් බලධාරීන්ද ශක්තිමත් පියවර ගෙන ඇති බවක් නොපෙනෙන බවද ඔහු පෙන්වා දෙයි. මේ නිසා රට මුළුමණින්ම විවෘත කිරිම යනු ඉතා සීරු මාරුවෙන් යුතුව කළ යුතු කාර්යයක් යැයි ඔහු පෙන්වා දෙයි.
එංගලන්තය ඇතුළු ලෝකයේ යුරෝපා රටවල් මේ වනවිට සීත කාලයේ ඇති විය හැකි අලුත් කොවිඩ් රුල්ලක් ගැන විපරමෙන් පසුවූවද ගෝලීයව කොවිඩ් ව්‍යාප්තිය කිසියම් පාලනයකට යටත් වූ ආකාරයක් පැහැදිලිව පෙනී යයි.
මේ වනවිට අමෙරිකානු ජනාධිපති උපදේශක වෛද්‍ය ඇන්තනි පෞසිද Dr. Anthony Fauci, ඇතුළුව ලෝකයේ විශේෂඥ
පර් යේෂකයන් ගණනාවක්ම 2022 වසර මැද කාර්තුව වනවිට කොවිඩ් පාලනය කරගත හැකිවනු ඇතැයි අනාවැකි කියා තිබේ. දැනට ලොව පුරා එන්නත්කරණය සිදුවන ආකාරයට සහ කොවිඩ් වැළඳී සුවවන අය තුළ ප්‍රතිදේහ වර්ධනය වීම යන කාරණාවන් සමග වඩාත් ඉක්මන් දිනයකදී කොවිඩි මර්දනය සඳහා අවශ්‍ය වන සමූහ ප්‍රතිශක්තිය ජනසමාජය තුළ පැතිර යනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.
මේ ගැන වැඩියෙන්ම විශ්වාසය තබා ඇත්තේ මොඩෙර්නා සමාගමේ ප්රධානියාය. මොඩෙර්නාහි ප්‍රධාන විධායක ස්ටෙපන් බැන්සෙල් Moderna Chief Executive Stephane Bancel ස්විස්ටර්ලන්ත පුවත්පතකට කියා තිබුණේ එන්නත නිෂ්පාදනය ඉහළ දැමීමෙන් මුළු ලොවම එන්නත්කරණයට හැකියාව ලැබෙන අතර එනිසාම 2022 වනවිට කොවිඩ් සහමුලින්ම තුරන් කළ හැකිවනු ඇත කියාය. පසුගිය මාස 6ක කාලය තුළ සිදුකළ නිෂ්පාදන ධාරිතාව අනුව සලකා බැලීමේදී ඒ අනුවම නිෂ්පාදනය කරගෙන ගියහොත් ඉදිරි වසරේ මැද වනවිට ලෝකයටම අවශ්‍ය තරම් එන්නත් නිපදවීමට හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පල කරයි.
මේ අතරේ ලැබුණු තවත් සහනදායී ආරංචියක් වූයේ පිටරට ලොකුම වැක්සින් නිෂ්පාදකයා වන ඉන්දියාව වැක්සීන් පිටරට සඳහා යැවීමට නැවතත් වැඩ ඇරඹූ කතාවයි. ඉන්දියාව, මාර්තු මාසයේදී පැමිණි දෙවැනි රුල්ලත් සමග දේශීය අවශ්‍යතාවය සඳහා වැක්සින් තබාගැනීමට තීරණය කර තිබුණි. ඒ සමග වැක්සින් අපනයනය ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම නතර කළේ, ලෝකයේ රටවල් ගණනාවක් අපහසුතාවයට පත් කරමිනි. නමුත් මේ වනවිට ඔවුන් සිය දේශීය අවශ්‍යතාවයට උවමනා වැක්සින් ප්‍රමාණයටත් වඩා ප්‍රමාණයක් නිපදවා ඇති අතර, එන්නත් තොග රට තුළ ගොඩගැසී ඇති තත්වයක් උදා වී තිබේ.
ඒ අනුව පසුගිය සතියේදී ඉන්දියාව නැවතත් වැඩ ඇරඹුවේය. ඒ, ‘භාරත් බයෝටෙක්‘ සමාගම විසින් නිපදවූ කොවැක්සින් මාත්‍රා මිලියනයක් ඉරානය වෙත යවමිනි. නේපාලය වෙතද ඉන්දියාව මේ වනවිට වැක්සින් තොගයක් යවා තිබෙන්නේ මිලියන 4 දක්වා ඉන්දියාවේ එන්නත් අපනයනය ඉහළ දමමිනි. මේ වනවිට ඉන්දියාවේ ජනගහනයෙන් 3/4ක් පමණ පළමු වැක්සින් මාත්‍රාව ලබාගෙන ඇති අතර, 1/3ක් දෙවැනි වැක්සින් මාත්‍රාවද සම්පූර්ණ කර තිබේ. ඉන්දියාවේ සමස්ත ජනගහනය බිලියන 1.3කට අධික නිසා එය ඔවුන් විසින් ලබාගෙන ඇති සුවිශේෂී ජයග්‍රහණයකි.
මේ වනවිට ඉන්දියාවේ, මසකට නිෂ්පාදනය කරන කෝවිඩ් වැක්සින් ප්‍රමාණය පහත දැක්වේ. සීරම් ඉන්ස්ටිටියුට් - ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා වැක්සිනය - මසකට මාත්‍රා මිලියන 220 බැගින්ද භාරත් බයෝටෙක් - ඉන්දියානු කොවැක්ස් එන්නත - මසකට මාත්‍රා මිලියන 30 බැගින්ද හැටියටය. ඔවුන් මේ ඉදිරි නිෂ්පාදන ගෝලීය අවශ්‍යතා පිරවීමට ලබාදෙනු ඇත.
මේ අතර ඉන්දියාව සිය රට තුළ දේශීය වශයෙන් වැඩිදියුණු කළ තවත් එන්නත් කිහිපයක්ද වාණිජ මට්ටමෙන් නිෂ්පාදනය කරමින් සිටියි. ඒවාද ලබන වසර වනවිට මසකට මාත්‍රා මිලියන 300-320 අතර ප්‍රමාණයකින් නිෂ්පාදනය කිරීමට නියමිතය. මසකට ඉන්දියාව උපරිම වශයෙන් එන්නත්කරණයට ලක් කිරීමට සමත්වනු ඇත්තේ මාත්‍රා මිලියන 210කි. ඒ අනුව ඔවුන්ට අනාගතයේදී කිසිදු වැක්සින් හිඟයකට මුහුණපෑමට සිදුනොවනු ඇත. එසේම ගෝලීය එන්නත් ගබඩාවටද නිෂ්පාදන බරටම සපයනු ඇත.
කෙසේ වුවද සම්පූර්ණ එන්නත්කරණයට ජනතාවගෙන් සියයට 80ක් පමණ ලක්වන තුරු රට මුළුමණින්ම විවෘතකිරිමට කඩිනම් වියයුතු නැතැයි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා කියයි. මේ වනවිට මෙරට තුළ සාර්ථකව පවත්වාගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙළට තවමත් වයස 20-30 අතර කාණ්ඩය නිසි ලෙස යොමුවීමේ අඩුවක් පවතින බවත් ඒ අය සඳහා එන්නත් ලබාදීම කඩිනම් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
ලබන 2022 වසර මැද කාර්තුව වනවිට ලෝකය තුළ කොවිඩ් පාලනය වූ මට්ටමකට පත්වනු ඇතැයි විදෙස් විශේෂඥයන් පෙන්වා දුන්නද අප ඒ එල්ලය සපුරා ගැනීමට නම් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට පවා සංචරණයට අවසර දිය යුත්තේ තවදුරටත් මුව ආවරණ පැළඳීම වැනි පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරන බවට තහවුරු කර ගැනීමෙන් පසුව බව ඔහු පෙන්වා දෙයි.
සුගත් පී. කුලතුංගආරච්චි