මා කුඩා කාලයේ වයසක කත්කාරයෙක් මද්දහන් අව්වේ මල් පෝච්චි දොළහක් ගෙනැවිත් මිදුලේ තබා අනේ රාළහාමි, මේවා අරන් මට කීයක් හරි දෙන්නැයි* තාත්තාගෙන් බෑගපත් ලෙස ඉල්ලීය.
මේවාට කීය ගණනේ ඕනෑ*දැයි පියා ඇසූ විට &අර කන්දෙවත්තේ ලංසි මහත්තයා කිව්වා හදාගෙන එන්න, පනම් හතර ගණනේ ගෙවනවා කියලා. අද ගියාම ඒ මහත්තයා කොළඹ ගිහින්, හැතැප්ම පහක් ගෙනල්ලා මේක ආපහු ගෙනියන්නයි වෙලා තියෙන්නේ. ඒකයි මෙහාට ආවෙ, මේවා දීලා කීයක් හරි ඉල්ලාගන්න. නැත්නම් නිකම් හරි දීලා යන්න.
හොඳයි, ඕවා තියලා පලයං, මම දෙන්නම් පනම් දෙක ගණනේ.*
අනේ හොඳයි, පින් අයිති වෙයි රාළහාමිට* කියා ඒ මිනිහා රු. 1.50ක් පිළිගෙන මගට බැස්සේ මහ බරකින් නිදහස් වූවකු සේය.
මේ බලා හුන් මගේ අයියා ටික වේලාවකට පසු කතා කොට &තාත්තා ඒ මිනිහාගේ අමාරුවෙන් අයුතු ලාභයක් ගත්තා නේදැ*යි ඇසීය. තමා දුප්පතකුගේ අමාරුවට පිහිට වූයේ යැයි සතුටු වෙමින් හුන් පියා මවිත වී, &ඇයි එහෙම කියන්නේ?* යැයි ඇසීය.
මේ මල් පෝච්චි හොඳට හදාපුව. ශත 25 වටිනවා. මේවා නිකම් හරි දීලා යන තරම් අමාරු අඩියක නොවැ ඒ මිනිහා හිටියේ!*
තාත්තා ටිකක් කල්පනා කර, ඔව් පුතාගේ කතාව හරි. එය මා පිළිගන්නවා. අර්නෝලිස් (ගෙදර සේවක කොලුවා) දුවලා ගිහින් අර යන කත්කාරයා කැඳවාගෙන වරෙන්,* යැයි කීවේය.
මෙවන් වූ පියාණන් හා සොහොයුරාණන් හට තමා විසින් ලියූ අභියෝගය* නම් ප්‍රහේළිකා පොත පිළිගන්වමින් ඇස්.පී පෙරේරා මහතා මීට වසර 40කට පෙර අප සමඟ පවසා තිබිණි.
ප්‍රහේළිකා විසඳීම පරිකල්පිත අභ්‍යාසයක්. බුද්ධි ප්‍රබෝධකයක්. එදිනෙදා ගැටලු සාර්ථක ලෙස විසඳීමට මනස පුහුණු කිරීමක්. මේ නිසා මෙම ප්‍රහේළිකා විසඳීමට ඔබ කැඳවනුයේ මෙසේ මානසික සංග්‍රාමයන්හි යෙදී ජයග්‍රහණය කිරීමෙන් ඇතිවන අභිනන්දනයෙන් ඔබ ප්‍රමුදිත වෙනවාය* පෙරේරා මහතා කීවේය.
ලංකාවේ ප්‍රථම ඩයිජස්ට් සිංහල සඟරාව වූ %පාඨකයා^ සඟරාව සංස්කරණය කරමින් දේශ දේශාන්තරයන්හි පළවන රසවත් ලිපි සිංහලයට පෙරළා සිංහල පාඨකයාට ලබා දුන්නේ පෙරේරා මහතාය. එවකට ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකි.
ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි* යන පාඨය සනාථ කරමින් ඇස්.පී. පෙරේරා තම ශිෂ්‍යයන්ට සම්පතක් විය. මේ උතුම් ගුරුවරයාගෙන් උගත් ආනන්දයේ සිසුන් අතර ජේ.බී. දිසානායක, සුනන්ද මහේන්ද්‍ර, බණ්ඩාර විජේතුංග, පසු කලෙක පත්‍ර කලාවේදීන් වූ එස්. සුබසිංහ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, එල්මෝ ගුණරත්න, ඩී.සී. රණතුංග, නිහාල් රත්නායක වූහ. ඒ සුන්දර කාලය ආවර්ජනය කරමින් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රන් මෙසේ කීවේය.
අපේ පන්තිය බාර එස්.පී. පෙරේරා ගුරුතුමා මාසිකව පවත්වාගෙන ගිය %පාඨකයා^ සඟරාව ජනප්‍රිය වුණා. එක් උදෑසනක %පාඨකයා^ සම්පාදක එස්.පී. පෙරේරා මහතා මට කතා කළා.*
මේ පොත කියවලා තියෙනවද?*යි කියමින් ගුරුතුමා මා වෙත දිගු කළේ සරල ඉංග්‍රීසියෙන් ලියන ලද හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නමැති ඩෙනිෂ් සුරංගනා කතාකරුවාගේ %සුරංගනා කතා* සංග්‍රහයකි.
නැහැ සර්*
කියවල බලන්න කැමතිද?*
ඔව් සර්*
සුරංගනා කතා කියවල තියෙනවද?*
ඔව් සර්. ග්‍රීම් සහෝදරයන්ගේ කතා*
එහෙම නම් මේ පොත කියවලා කතාවක් දෙකක් පරිවර්තනය කරල දෙන්න.*
ඒ මගේ ප්‍රථම පරිවර්තන කාර්යයයි. අධිරාජ්‍යාගේ අලුත් ඇඳුම* යන තේරුම දෙන Emperor’s new cloths යන කතාව සිංහලයට පරිවර්තනය කොට එස්.පී. පෙරේරා ගුරුතුමාට බාර කළෙමි. ඔහු එක දිගටම මගේ කතාව කියවා කී දෙය මතකයි.
මේක අපේ සඟරාවේ පළ කරන්න පුළුවන්. මේ දරුවා හුඟාක් මහන්සි වුණාද?*
නෑ සර්. තේරෙන්නේ නැති වචන වගයක් තිබුණා. මම ශබ්දකෝෂයක් පෙරළල වටහා ගත්තා.*
ආ ඒක හොඳයි*
මගේ ලිපිය %පාඨකයා^ සඟරාවේ පළ වුණා. මට එහි පිටපතක් ලැබුණේද පෙරේරා ගුරුතුමාගෙනි.
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් පසු කලෙක ලියූ පොත් ගණන එක උසකට තැබුවොත් ඒවා ඔහුගේ උසට සමාන වුවත් මුල්ම ලිපියක් මුල්වරට පළ වී ඇත්තේ පාඨකයා සඟරාවෙනි.
පෙරේරා මහතා මට මුලින්ම හමුවූයේ 1981 වසරේ කොළඹ 04 ජයා මාවතේ අංක 03 දරන නිවෙසේදී නව යුගය පත්‍රයට විශේෂාංගයක් ලිවීමට ගිය අවස්ථාවේදීය.
පෙරේරා මහතා ආනන්දයේ තමාගෙන් ඉගෙන ගත් කීර්තිමත් ශිෂ්‍යයන් ගැන කතා කළේ ඉමහත් සෙනෙහසකිනි.
මම ආනන්දේ උගන්වන්න ආවේ 1918 දී. එතකොට විදුහල්පති කුලරත්න මහත්තයා. ඒ කාලේ මුල් දක්ෂ ශිෂ්‍යයන් දෙදෙනා ඩී. රණසිංහ (විශේෂඥ වෛද්‍ය) සෑම් විජේසිංහ (පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්). ඇන්.ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, එස්.ඒ. වික්‍රමසිංහ, ඊරියගොල්ල, බර්නාඩ් සොයිසා වැනි පසුව කීර්තිමත් දේශපාලනඥයන් වුණා. මගේ ලොකු පුතා අභය ගාමිණී පෙරේරා (පසුව ටාසි විට්ටච්චි නමින් ප්‍රකටව %ඔබ්සවර්^ පත්‍රයේ කර්තෘ හා ජාත්‍යන්තර මාධ්‍යවේදී) හා කරුණාරත්න ප්‍රේමතිලක (පසුව %සිළුමිණ^ කර්තෘ හා ප්‍රකට කවියකු). මම සංස්කරණය කළ %පාඨකයා^ හා %දැනුම^ නම් ඩයිජස්ට් වර්ගයේ මුල්ම සඟරාවට සුදුසු ලිපි ජාත්‍යන්තර සඟරාවලින් තෝරා දුන්නේ මගේ පුතා.*
1895 ජූලි 16 වැනිදා මීරිගම උපන් විට්ටච්චිගේ සොලමින් පීටර් පෙරේරා හැදී වැඩී ඇත්තේ බුත්පිටියේය. බුත්පිටියේ සිංහල පාසලේ මුල් ගුරුවරයා ඔහුගේ පියා (වියෝලිස් පෙරේරා) නිසා එම පාසලින් මූලික අධ්‍යාපනය ලබා කොළඹ වෙස්ලි විද්‍යාලයට බැඳී ඇත. 1947 වසරේ පෙරේරා මහතා ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයක් සම්පාදනය කළේය. මෙහි නම %වාහීඩ් ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂය^යි. කොළඹ කෙළින් වීදියේ පිහිටි ඩබ්ලිව්.ඒ.ඇම්.ඒ. වාහිඩ් සහ සහෝදරයෝ මේ ශබ්දකෝෂය මුද්‍රණය කර ඇත. එහි මිල රුපියල් දහයකි.
පෙරේරා මහතාට එක්තරා තේ පැන් සාදයකදී සිරියාවන්ත සිනාවකින් මුව සරසාගත් තරුණියක හමුවිය. ආනන්දයේ ගුරුවරයකු වූ ඔහුට හමුවූ මේ තරුණිය කොළඹ මාලිගාකන්දේ ක්ලිප්ටන් විද්‍යාලයේ ගුරුවරියකි.
ඒ කාලය දෙමාපියන්ගේ අනවසරයෙන් තරුණියක් මුණගැසී කතාබහ කිරීම පවා තහනම්. අපි දෙදෙනා තේ බොමින් අපේ සිතුම් පැතුම් හුවමාරු කර ගත්තා. අපි සමුගත්තේ දුටු සැණින් උපන් ආදරය නිසාදැයි මට අදත් ප්‍රහේළිකාවක්. අපේ ආදරය ප්‍රකාශ කරලා ටික දවසකින් නම් ප්‍රසිද්ධ කළාට පසුව ඇය තම දෙමාපියන් සමඟ සිංගප්පූරුවට ගියා. සති කිහිපයකට පසු මමත් සිංගප්පූරුවට ගියා.* පෙරේරා මහතා අපට කීවේය.
1981 වසරේ අප පෙරේරා මහතා හමුවීමට යන විට පෙරේරා යුවළ චෙස් අදිමින් සිටියහ. ඒ වන විට ඔවුන් සිටියේ සිය 60 වැනි විවාහ සංවත්සරය ළඟාවෙමිනි. 1920 දෙසැම්බර් 27 වැනිදා ඔහු සහ කෝරා කැරින්ඩා ගුණසේකර අතිනත ගත්හ. විවාහයෙන් පසු 1922 කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආරම්භක විදුහල්පති වූ එස්.පී. පෙරේරා මහතාට කෝට්ටේ බුඩිස්ට් ඉන්ග්ලිෂ් ස්කූල් නම් ආයතනය %ආනන්ද ශාස්ත්‍රාලය^ තිබූ ස්ථානයට ගෙන ගොස් පාසලක් හැටියට ආරම්භ කිරීමේ ගෞරවයද හිමිවෙයි. පරමාදර්ශී ගුරුවරයකු වූ හෙතෙම ටික කලක් මරදානේ මහාබෝධි විද්‍යාලයේද, පානදුරේ ශාන්ත ජෝන් විද්‍යාලවලද ගුරු මණ්ඩලයේ කටයුතු කොට තිබිණි.
එස්.පී. පෙරේරා පනහ දශකයේ වඩාත් ප්‍රකට වූයේ %පැන පොඩි^ වැඩසටහන නිසාය. %පැන පොඩි% නමින් ඔහු ග්‍රන්ථයක් ද පළ කළේය. %ඉංග්‍රීසි - සිංහල උච්චාරණ ශබ්දකෝෂය^, ක්ෂාන්ති, ලගුහන, ඓතිහාසික මූලධර්ම (පරිවර්තනා), ශබ්ද, ගණිත, ප්‍රායෝගික, නිගාමික ප්‍රහේළිකා, අභියෝගය Mathematics of chance’, Interest reckoner for co- operative societies^’, ‘Wages Ready Reckoner ඔහු පළ කළ ග්‍රන්ථවේ.
කලම්බු ඇෂුවරන්ස් සමාගමයේ සිංහල අංශයක් ආරම්භ කොට ප්‍රථම වරට ලංකාවේ සිංහලයෙන් ජීවිත රක්ෂණ ඔප්පු නිකුත් කිරීමේ ගෞරවය හිමිවන්නේ පෙරේරා මහතාටය. කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන පරිවර්තක ධුරයද දැරෑ ඔහු ලගුහන නම් සිංහල ලඝු ලේඛනයක් නිපදවා පාඨශාලා හැර යාමේ ජ්‍යෙෂ්ඨ විභාගයෙන් එම විෂයයෙන් විශිෂ්ට සාමාර්ථය දිනූ ප්‍රථම ශිෂ්‍යයාද පුහුණු කළ ගුරුවරයා ලෙස ගෞරවය දිනා ගත්තේය.
තම ලොකු පුතා වූ ටාසි විට්ටච්චි විසින් ඉංග්‍රීසි බසින් ලියූ Emergency’ 58: The story of the Ceylon Race Rio කෘතිය %58^ හදිසි අවස්ථාව^ නමින් සිංහලයට පරිවර්තනය කළේද මේ විද්වත් පියාය. 1981 දී පෙරේරා මහතා විසින් ලියූ %ක්ෂාන්ති^ නම් ඉංග්‍රීසි නාට්‍ය (ඉංග්‍රීසි නාට්‍යයක් ලෙස) නිෂ්පාදනය කළේ මිනිබිරියක වූ නේඩ්රා විට්ටච්චි නම් ඔහුගේ බාල පුතාගේ දියණිය විසිනි.
පෙරේරා යුවලට දරුවන් 13 දෙනෙක් වූහ. 1981 අප පෙරේරා මහතා හමුවන විට මුනුපුරු මිනිපිරියන් 14 දෙනෙක් සිටියහ.
පෙරේරා මහතා හමුවී එදා සමුගන්නා විට අපට අභියෝගයක් දුන්නේය.
මහනුවරදී පවත්වන ලද සාහිත්‍ය සම්මේලනයෙන් පසු ග්‍රන්ථ කර්තෘවරුන් සය දෙනෙක් දුම්රිය මැදිරියක අංශයක තිදෙනා බැගින් මුහුණට මුහුණලා වාඩි වී කොළඹ බලා පිටත් වුණා. ඔවුන්ගේ නම් කළුආරච්චි කපිලනාථ, තලගොඩ, අළුබෝමුල, රත්නසාර සහ සුදුසිංහය. ඔවුන් (පිළිවෙළින් නොව) ඉතිහාසඥ, අර්ථ ශාස්ත්‍රඥ, ගණිතඥ, නවකතාකාර, පුරාවිද්‍යා හා රසායන විද්‍යාඥ වශයෙන් ප්‍රසිද්ධ වූ අයයි. මේ සය දෙනා ලියන ලද පොත් හයක් ඔවුනොවුන් අතර මාරු කර බල බලා සිටියා. 1. කළුආරච්චි අර්ථශාස්ත්‍ර පොතක් බැලුවා. 2. අළුබෝමුල කියෙව්වේ ඔහු මුහුණලා සිටි ගත්කරුගේ පොතක්. 3. කපිලනාථ සිටියේ අර්ථ ශාස්ත්‍රඥයාටත්, පුරාවිද්‍යාඥයාටත් මැදින්. 4. රතනසාර සිටියේ ගණිතඥයා ළඟින්. 5. අර්ථ ශාස්ත්‍රඥයා ඉතිහාසඥයාට මුහුණලා. 6. තලගොඩ ගණිත පොතක් බැලුවේ. 7. කපිලනාථ නවකතාකරුගේ මස්සිනා. 8. කෙළවර අසුනක සිටි කළුආරච්චි ඉතිහාසය ගැන උන්නදුවක් දක්වන කෙනෙක් නෙවෙයි. 9. තලගොඩ ඉදිරියේ සිටියේ නවකතාකරුය. 10. රත්නසාර පුරාවිද්‍යා පොතක් බලමින් සිටියා. 11. සුදුසිංහ රසායන විද්‍යාව නොදනී.
කර්තෘවරුන් සය දෙනාගේ පොත් තෝරා නම් කරන්න.
මේ ලිපිය කියවන පාඨක ඔබට මේ අභියෝගය බාරගත හැකිද?
අසූව දශකයේ පෙරේරා යුවළ ජීවිත අභියෝගවලට මුහුණ දෙමින් සිට ජීවිතයෙන් සමුගන්නට ඇති.