කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, ශ්‍රී ලංකාවට පිවිසීමේ රන් දොරටුවයි. 1956 වසරේදී බලයට පත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් එතෙක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් පවත්වා ගෙන ගිය මෙම ගුවන් තොටුපළ ජනසතු කිරීමට පියවර ගෙන තිබුණි. ඒ සමඟම ත්‍රිකුණාමලය වරායත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කර ගැනීමට ඔහු පියවර ගෙන තිබුණි. මෙම සිදුවීම සිහිපත් කරමින් කටුනායක ගුවන් තොටුපළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස නම් කිරීමට 1970 දී බලයට පත්වූ සමගි පෙරමුණ රජය පියවර ගෙන තිබේ.
එහෙත් 1977 දී බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව එම නම අහෝසි කර කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස නම් කළ අතර, පසුව බලයට පත් වූ චන්ද්‍රිකා රජය විසින් යළිත් මෙම ගුවන් තොටුපළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස නම් කිරීමට පියවර ගෙන තිබුණි.
කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසය රාවණා රාජ සමය තෙක් ඈතට දිවයන්නක් වේ. එකල ශ්‍රී ලංකාවේ රජ කළ රාවණා සතුව ශ්‍රී ලංකාව පුරා ගුවන් තොටුපළ 18ක් තිබූ බවත්, එයින් එක් ගුවන් තොටුපළක් මෙම කටුනායක ගුවන් තොටුපළ සමීපයෙහි ඇති කටියල නම් ග්‍රාමයේ පිහිටා තිබූ බවත් පැරණි ජනප්‍රවාදවල සඳහන් වේ.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ද මෙම ස්ථානයේ ගුවන් තොටුපළක් ඉදිකිරීම සඳහා තෝරා ගත්තේ, ප්‍රදේශ දෙකකින් එන සුළං මාරුවක් මෙම ස්ථානයේ පවතින බව අධ්‍යයනයකින් පසුව තේරුම් ගෙන තිබූ නිසාය. මෙම කටුනායක ගුවන් තොටුපළ අවට එම සුළං මාරුව කොතෙක්දැයි වටහා ගැනීමට ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට වර්ෂාවක් පැවතියහොත් එම වර්ෂාව ගුවන් තොටුපළ පරිශ්‍රයට ඇති නොවී පවතින අතර ගුවන් තොටුපළ පරිශ්‍රයට වර්ෂාව පවතී නම් එම වර්ෂාව ඒ අවට ප්‍රදේශවලට ඇති නොවී පැවතීමම ප්‍රමාණවත් වේ.
මෙවන් කදිම පාරිසරික තත්වයන් අධ්‍යයනය කරමින් එදා සිටි රාවණාද පසුව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ද මෙම ගුවන් තොටුපළ මෙම ස්ථානයේ ස්වභාවික ගොඩනංවා තිබේ. මෙම සුළං මාරුව ගුවන් යානා ගුවන් තොටුපළ තුළ ගොඩ බැස්සවීමටත්, ගුවන් යානා ගුවන්ගත කිරීමටත් මනා පහසු දායකත්වයක් ගුවන් නියමුවන් වෙත නිරායාසයෙන්ම ලබාදෙමින් සිටින්නේය. ගුවන් නියමුවන්ට ඔවුන්ගේ ගුවන් යානා පහසුවෙන් හසුරුවා ගනිමින් තම ගුවන් යානා මෙහෙයවා ගැනීමට මෙම පාරිසරික තත්ත්වයට ඔවුන්ට මහත් පිටිවහලක් වී තිබේ.
ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ස්වභාවික ගුවන් තොටුපළක් ලෙස ක්‍රමයෙන් සංවර්ධන වෙමින් ඉදිරියට පැමිණෙමින් තිබුණි. එසේ දිනෙන් දින සංවර්ධන වූ ගුවන් තොටුපළේ හැසිරීම් කරන ගුවන් යානා සංඛ්‍යාව සහ ගුවන් මගීන් සංඛ්‍යාව වසරින් වසර ක්‍රමයෙන් ඉහළ යමින් තිබීම තවදුරටත් ගුවන් තොටුපළට දරා ගැනීමට නොහැකි මට්ටම දක්වා වර්ධනය වෙමින් තිබුණි. මෙම තත්ත්වයන් අවබෝධ කරගත් රජය, අනාගත අවශ්‍යතා ගැනද සිතා බලා ලොව පිළිගත් අන්තර්ජාතික මට්ටමේ ගුවන් තොටුපළක් බිහිකිරීමේ අරමුණින් විශාල සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජපානයේ අග්‍රාමාත්‍ය ෂින්ෂුවා අබේ මහතාගේ සහභාගීත්වයෙන් සහ ජපානයේ ජයිකා මූල්‍ය සංවර්ධන බැංකුවේ අනුග්‍රහයෙන් කටයුතු කිරීමට පියවර ගෙන තිබුණි.
එහෙත් මෙම සංවර්ධන වැඩ කටයුතු ඉන්පසුව බලයට පත් වූ යහපාලන රජය අත්හැර දැමීමට පියවර ගෙන තිබූ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රංශයෙන් මිලදී ගැනීමට සැලසුම් කර තිබූ එයා බස් ගුවන් යානා කීපයක මිලදී ගැනීම්ද අඅවලංගු කිරීමටද පියවර ගෙන තිබුණි. පසුව යළිත් බලයට පත් වූ මහින්ද රාජපක්ෂ රජය සිය &මහින්ද චින්තනය* සහ ගෝඨාභය රාජපක්ෂ &සෞභාග්‍යයේ දැක්ම* වැඩසටහන යටතේ මෙම ගුවන් තොටුපළ නවීකරණය වැඩසටහන ආරම්භ කළේය.
ජපාන - ශ්‍රී ලංකා ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස නැවත ආරම්භ කළ මෙම වැඩසටහන සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක පමණ මුදලක් වැය කිරීමට ඇස්තමේන්තු කර තිබේ. ව්‍යාපෘති - A සහ ව්‍යාපෘති - B වශයෙන් නම් කර ඇති මෙම වැඩසටහන මගින් ව්‍යාපෘති - A යටතේ ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි, විවේකාගාර, ආගමන - විගමන පරීක්ෂණ කවුළු සහ ගුවන් යානා මගින් පැමිණි ගුවන් මගීන්ට ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ල වෙත පිවිසීමේ ගමන් මාර්ග (Aeoro Bridges) සංවර්ධන සිදු කිරීමට නියමිතය. එසේම ව්‍යාපෘති - B යටතේ ගුවන් යානා නවතන නව යාත්‍රාංගනයක් ගොඩනැංවීම, ගුවන් යානා ධාවන පථයේ සිට ගුවන් යානා යාත්‍රාංගනය වෙත පැමිණෙන (Taxi Way) නව ධාවන පථ ගමන් මාර්ගයක් සැකසීමද මෙම නව සංවර්ධන වැඩසටහනට අයිති වේ
මෙම ව්‍යාපෘතිය මගින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෝකයේ නැගෙනහිර බටහිර යා කෙරෙන, ආසියාවේ ගුවන් සේවා මධ්‍යස්ථානය බවට පත් කිරීම අරමුණ කර ගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන දෙවැනි විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන අතර, ලෝකයේ දියුණු සංවර්ධිත රටවල පවතින ප්‍රධාන ගුවන් තොටුපළවල ආකෘතිවලට සමාන වන අයුරින් මෙම ඉදිකිරීම් සැලසුම් සකස් කර තිබේ.
මෙහිදී 2021.12.25 දින විවෘත කළ ව්‍යාපෘති - B මගින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ යාත්‍රාංගනය තුළ එකවර ගුවන් යානා නවතා තැබීමේ ධාරිතාවය ගුවන් යානා 23 සිට ගුවන් යානා 49 දක්වා වැඩිවීමකට ලක්කර තිබේ. ඒ අනුව මෙම අංගනය වර්ග මීටර් 269,000 සිට වර්ග මීටර් 479,000 ක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එසේම ගුවන් යානා ධාවන පථයේ සිට යාත්‍රාංගනය වෙත පිවිසෙන ධාවන පථය (Taxi Way) පුළුල් සහ දිගු කිරීමටද පියවර ගෙන තිබුණි. ව්‍යාපෘති - B යටතේ මේ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 06 ක මුදලක් වැයකරමින් මෙම නව ඉදිකිරීම් ගුවන් තොටුපළ තුළ සිදුකර තිබුණි.
එමෙන්ම ව්‍යාපෘති - A යටතේ ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළ වාර්ෂිකව ගුවන් මගීන් හැසිරවීමේ ධාරිතාවය ගුවන් මගීන් මිලියන 06 සිට මිලියන 15 දක්වා ඉහළ නැංවීමටත්, එසේ පැමිණෙන ගුවන් මගීන්ට කෙටි කාලයක් තුළ සිය සේවා ඉටුකර ගැනීම සඳහා පිරික්සුම් කවුළු 53 සිට 149 දක්වා ඉහළ නැංවීමටත් පියවර ගැනීමට සැලසුම් කර තිබේ. ඒ අතර විගමන කවුළු 21 සිට 53 දක්වාත්, ආගමන කවුළු 27 සිට 96 දක්වාත් වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතී. එසේම ගුවන් මගීන්ට ගුවන් යානයේ සිට පර්යන්ත ගොඩනැගිල්ල දක්වා පිවිසෙන බැහැරුම් පත සහ බස් දොරටු සංඛ්‍යාව 06 සිට 16 දක්වා වැඩි කිරීමටත්, ගුවන් මගී සේවා විවේකාගාර 04 සිට 10 දක්වාත් වැඩි කිරීමටද ව්‍යාපෘති - A යටතේ අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටිති. මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු එළඹෙන 2023 වසරේදී නිම කිරීමේ අපේක්ෂාවෙන් දිවා රාත්‍රී නොබලා කම්කරුවන් විශාල සංඛ්‍යාවක් මේ වනවිට ගුවන් තොටුපළ තුළ සේවය කරමින් සිටිති.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති - B විවෘත කිරීම 2021.11.25 දින උදෑසන 10.30 ට යෙදුණු සුභ මොහොතින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොශි හිදේකි (Mizukoshi Hideaki) සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සිවිල් ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තවත් දේශීය විදේශීය සම්භාවනීය අමුත්තන් රාශියකගේ සහභාගීත්වයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පැවති උත්සවයකදී සිදු විය.
ඒ අනුව මෙම වැඩසටහන යටතේ ව්‍යාපෘති - A ද 2023 වසරේදී නිමාවීමත් සමගම ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ එදා රාවණා යුගය සිහිපත් කරමින් ආසියාවේ ප්‍රධානතම ස්වභාවික ගුවන් තොටුපළ බවට පත්වීමේ සිහිනය සැබෑ කරගනු ලැබීමට නියමිතය.
කටුනායක ටී.කේ.ජී. කපිල