දකුණු අප්‍රිකාව තමන්ගේ රටේ හමුවූ විකෘති ගණනාවක් සහිත නව කොවිඩ් ප්‍රභේදය ගැන විස්තර ඉදිරිපත් කිරීමත් සමඟ මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්වෙමින් ඇති මාතෘකාව බවට ඔමික්‍රෝන් පත්ව ඇත. දැන් මේ ගැන අපේ රට තුළද දැඩි විමසිලිමත් බවක් මතුව ඇති අතර රටපුරා ඔමික්‍රොන් පැතිර යනු ඇතැයි භීතිකාවක්ද ඇතිව තිබේ.
ඔමික්‍රොන් (B.1.1.529) ලෙස නම්කර ඇති මේ කොවිඩ් ප්‍රභේදය බෝවීමේ හැකියාව වැඩි බවට මතුව සමහර වාර්තා නිසා ලොවපුරා රටවල් සංචරණ සීමා සහ කොවිඩ් රෙගුලාසි දැඩිකර ඇති අතර, විදේශීය සංචාරකයන් රටට ඇතුළුවීම තහනම් කිරීමටද ඇතැම් රටවල් පියවර ගෙන ඇත. මේ වනවිට ලංකාව තුළින්ද පළමු ආසාදිතයා හමුව තිබේ.
නයිජීරියාව බලා ගිය මාරවිල ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන ඇය ඔමික්‍රොන් ආසාදිතයකු බව සොයා ගන්නා විට දින 10කට ආසන්න කාලයක් නිදැල්ලේ එම විෂබීජයද රැගෙන සැරි සරා තිබූ බව කියයි. මේ අන්දමට නිසි පරීක්ෂාවන්ගෙන් තොරව රටට ඇතුළුවන සහ නිරෝධායන නිති ලිහිල්ව ගෙන ක්‍රියාකරන පිරිස බොහෝ හෙයින්ද ඒ සමඟම රජය මගින්ම කොවිඩ් පරීක්ෂණ අවම කර ඇති වටා පිටාවක් තුළ ඔමික්‍රොන් පමණක් නොව එයටත් වඩා වැඩි හානිදායී වෛරස මාදිලි ඇතුළුවීම වැළැක්විය නොහැකි යැයි දේශය සමඟ කීවේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ්ය.
රට තුළට මේ නව මාදිලි ඇතුළු වීමට දොර විවර කර තබා දැන් ජනතාවට කොවිඩ් සුනාමියක් ගැන කියමින් අනතුරැ ඇඟවීම මගින් මේ වසංගතය පාලනය නොකළ හැකි බව ඔහු කියයි. ඔහු කියන්නේ නිසි ක්‍රමවේදයකට පරීක්ෂා කළොත් මේ ප්‍රභේදය පැතිර ඇතිද නැතිද යන්නට නිසි පිළිතුරැ ලබාගන්නට හැකිවේය කියාය. ඒ අනුව කොවිඩ් රැලි සහ සුනාමි ගැන බිල්ලන් පෙන්වමින් සිටීම නොව මේ අවස්ථාවේ ගතයුතු හොඳම විද්‍යාත්මක ක්‍රියාමාර්ගය වන්නේ කොවිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණ ප්‍රමාණය ඉහළ දමා විවිධ නව මාදිලි රටට ඇතුළුවීම වළක්වා ගැනීම යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් පෙන්වා දෙයි. ඕනැම ප්‍රභේදයකින් ආරක්ෂා වීමට ඇති හොඳම විකල්පය වන්නේ රටට ඇතුළුවීමේදී පරීක්ෂාවට ලක්කිරීම බව ඔහු කියයි. නමුත් දැන් මාෆියාවකට යටවීම නිසා මේ පරීක්ෂණ සිදුනොවන අතර නිරෝධායනය පිළිබඳවද දැඩි අවධානය යොමු නොවන බව ඔහු පෙන්වා දෙයි.
කොවිඩ් ප්‍රභේද හඳුනාගැනීම පිළිබඳ පර්යේෂණ කිරීමේ හැකියාවක් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාරවලට නොමැති බැවින් නව කොවිඩ් ප්‍රභේදයක් ඇතුළු වී ඇතිදැයි විද්‍යාත්මකව ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තරම් ඉක්මණින් හඳුනා ගැනීමට ඇති හැකියාව අවම බව ඔහු පෙන්වා දෙයි.
එසේම ගුවන් තොටුපළ ආශ්‍රිත පී.සී.ආර්. පරීක්ෂණ සහ සමාජයේ අහඹු ලෙස සිදුකරන පරීක්ෂණ අත්හිටුවීම සහ අවම කිරීම මගින් සිදුවන්නේ විවිධ නව මාදිලි රටට ඇතුළු වී පැතිර යාම සහ එමගින් කොවිඩ් අලුත් රැලි ඇතිවීමට පහසුකම් සැපයීමක් බව ඔහු කියයි. රටට ඇතුළුවන හැම අයෙක්ගේම පී.සී.ආර්. ලබාගන්නා ලෙසත් ආසාදිතයන් හරහා අලුත් ප්‍රභේද හඳුනාගැනීමේ පරික්ෂණ ඉහළ දමන ලෙසත්, සහ සමාජගතව නිරන්තර අහඹු නියැදි පරීක්ෂාව ඔස්සේ වසංගතයේ පැතිරීම සෑමවිටම පරීක්ෂාවට ලක්කළ යුතු බව සිය සංගමය මගින් ජනාධිපතිතුමන් වෙතින්ද ඉල්ලා ඇතැයි ඔහු කීය.
මේ වනවිට දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියා, සිම්බාබ්වේ හා ස්වාසිලන්තය යන රටවල සිට පැමිණෙන මඟීන්ට මෙරටට ඇතුළුවීම තහනම් කර තිබේ. අදාළ රටවල සිට අතරමැදි ගුවන් ගමන් සඳහා පැමිණෙන මඟීන්ටද මෙරටට ඇතුළුවීම තහනම්ව ඇත. මෙය අශ්වයා හැරගිය පසු ඉස්තාලය වැසීමක් වැනි යැයි පෙනෙන්නේ ඔමිෙක්‍රාන් මේ වනවිට රට තුළට ගොඩවැදී හමාර නිසාය.
නව වෛරස් ප්‍රභේදය PCR පරීක්ෂණයකින් හඳුනා ගැනීමට හැකියාව පවතින බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර කියයි. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් කියන්නේද තමන්ට අවස්ථාව ලබා දෙන්නේ නම් සිය ගුවන් තොටුපළ පරීක්ෂණ කුටි සහ රටපුරා විසිරැණ පළපුරුදු කාර්යය මණ්ඩලය යොදවා මේ ගැන පුළුල් පරීක්ෂාවක් සිදුකළ හැකි බවටය.
වඩාත් ඉහළ පැතිර යාමේ හැකියාව ඇති බව කී ඩෙල්ටා මාදිලියටත් වැඩි ඉහළ ව්‍යාප්ත වීමේ හැකියාවක් සහ වරක් කොවිඩ් ආසාදනය වී සුව වූ පුද්ගලයන්ට හිමිවිය හැකි ස්වභාවික ප්‍රතිශක්තියට අභියෝග කරමින් යළි යළිත් ආසාදනය වීමේ හැකියාව මෙම නව විකෘති වෛරස් ප්‍රභේදයට පවතින බව වාර්තා වුවත්, භාවිතයේ පවතින එන්නත්වලට එය කෙසේ ප්‍රතිචාර දක්වයිද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්වෙමින් තිබේ. මේ නිසා ඔමිෙක්‍රාන මෙරට තුළද තදින් පැතිර යාවිද යන්න පිළිබඳව තවම ඇත්තේ සැකසහිත තත්ත්වයකි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පෙන්වා දී තිබුණේ ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදු නොවනු ඇති බවය. දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් ඔමිෙක්‍රාන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ මෙම තොරතුරැ අනාවරණය කරගෙන ඇති බව කියා ඇති ඔහු එම වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ස්ථීර නිගමනයකට පැමිණීමට තවත් කාලය සහ දත්ත අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව පෙන්වා දී ඇත.
මෙහි ඇති ජාන විකෘතිතා සංඛ්‍යාව 32කි. එය අනෙකුත් ප්‍රභේද සමග සංසන්දනය කරන විට එබඳු ඉතා ඉහළ අගයක් ගැනීම සුළුකොට තැකිය නොහැකි තත්ත්වයකි. මෙබඳු මොනයම් විකෘති ප්‍රභේදයක් වුවත් අප හොඳින්ම දන්නා පුද්ගල දුරස්ථභාවය, නිවසින් පිටතට යන හැමවිටම නිවැරදිව මුහුණු ආවරණ භාවිතය, දෑත් නිතර පිරිසිදුකර ගැනීම යන මූලික සෞඛ්‍ය පුරුදු මඟින් වළක්වාගත හැකි නිසා, මේ අවස්ථාවේ ඒවා තදින්ම ක්‍රියාත්මක කිරීම අපේ යුතුකමක් බව දේශය පාඨකයන් හට මතක් කර දුන්නේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වාය.
එසේම ලෝකය පුරා පැතිරෙමින් පවතින බිහිසුණු ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු විවිධාකාර අවධානය යොමු කළ යුතු ප්‍රභේදවලට එරෙහිව එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව ගැන විශ්වාසය තහවුරැ කරන දත්ත දිනෙන් දින ඉදිරිපත්වෙමින් පවතින බවත්, එන්නත්කරණය ඉහළ සාර්ථකත්වයක් පෙන්වන රටවල දැන් දැන් වාර්තාවන රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව එන්නත්කරණයට පෙර සමයට වඩා පැහැදිලිවම අඩු අගයක් පෙන්වන බවත් විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා පෙන්වා දෙයි. ඒ අන්දමටම බූස්ටර් මාත්‍රාවක් ලබාගැනීම මගින් ප්‍රතිශක්ති බලය ඉහළ යන බවද සනාථ වී තිබේ. මේ නිසා වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ රටපුරා වෛරසය පැතිරුණාද නැද්ද යන්න සොයනවාට වඩා එන්නත්කරණයට යොමු වී තමන්ද සමීපතමයන්ද වෛරස ආසාදනයෙන් සහ පැතිර යාමෙන් ආරක්ෂා කර ගැනීම බව ඔහු කියයි. මේ සඳහා බූස්ටර් මාත්‍රාව බලා ගැනීමද සුදුසු බව ඔහු පෙන්වා දෙයි. එබඳු ආවරණයක් යටතේ රටපුරා මෙම වෛරසය මුතු නොව වෙන ඕනෑම නව කොවිඩ් මාදිලියක් මගින් පවා අනාගතයේ ඇතිවිය හැකි හානිකර බලපෑමට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය ස්වභාවික ආරක්ෂාව ලැබෙනු ඇතැයි මහාචාර්යවරයා පෙන්වා දෙයි.
සුගත් පී. කුලතුංගආරච්චි