පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කළ බව පසුගියදා වාර්තා විය. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහත්වරැන් හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරැව, එය කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට ගැනීමට නියමිතය.
2018 වසරේ පෙබරවාරි මස 10 පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට තේරී පත් වූ සභිකයන්ගේ සිව් වසරක ධුර කාලය 2022 වසරේ පෙබරවාරි 10 වැනිදායින් අවසන් වීමට නියමිතය. එම පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන බහුතරයක බලය හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.
පළාත් පාලන පනතෙන් හිමිවන බලතල අනුව පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමට විෂය භාර ඇමැතිවරයාට හැකිය. ඒ අනුව, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පළාත් පාලන ආයතනයන්හි නිල කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ..
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ මෙවැනි තීරණයක් ගනු ලැබුවේ රටේ හා ලෝකයේ පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගැනීමෙන් බවයි. මේ වන විට කොවිඩ් නව ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කොට පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට තීරණය කළ බවද, එම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු මැතිවරණ කොමිසමට යැවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සූදානම් කරන බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් ජනතා අභිවෘද්ධිය සඳහා සාර්ථක ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොලැබුණු බව ආණ්ඩුවට බලය හිමි පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් කිහිප දෙනකුම ආණ්ඩුවට පෙන්වා දී ඇති අතර මේ වන විට පැන නැගී ඇති ආර්ථික අර්බුද හමුවේ මැතිවරණය කල් දැමීම වැදගත් බව ඔවුන් පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම සුදුසුද නැද්ද යන්න අප විමසා බැලුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගෙනි. මහචාර්යවරයා පවසන්නේ රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මැතිවරණයකට යා නොහැකි බවයි.
මේ වන විට මුළු ලෝකයම විවිධ අර්බුදවලට මුහුණ පා සිටින සමයක්. අපේ රටෙත් පවතින කොවිඩ් තත්ත්වයත්, ආර්ථික අර්බුදයත්, ජීවන වියදම ඉහළ යාමත් නිසා මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම අසීරැයි. ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන්නේ වසර පහකට වරක් බැවින් පළාත් පාලන මැතිවරණයත් වසරකින් කල් ගියාට ගැටලුවක් ඇතිවන්නේ නැහැ. දැනට පවතින පනත අනුව කාලය දිගු කළ හැක්කේ වසරකට පමණයි. මැතිවරණයක් පැවැත්වීමට සුදුසු පරිසරයක් තිබුණත් රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව අති විශාල මුදලක් වැය කොට මේ අවස්ථාවේ මැතවරණයක් පවත්වනවාට වඩා වසරකින් කල් දැමීම සුදුසුයි කියලයි මට හැඟෙන්නේ.
එමෙන්ම යහපාලන ආණ්ඩුව 2017 දී පනත සංශෝධනය කරලා හඳුන්වල දුන්න මැතිවරණ ක්‍රමය සම්පූර්ණ ඛේදවාචකයක්. එම ක්‍රමය මගින් පළාත් පාලන ආයතන, පළාත් පාලන ව්‍යුහය විකාරරෑපී ක්‍රමයක් බවට පත් කෙරැණා. මෙය නිවැරදි කිරීමට වෙනම තේරීම් කාරක සභාවක් පත් කර තිබෙනවා. මේ වන විට එම තේරීම් කාරක සභාව තුළ වඩා සුදුසු ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා. 2017 යහපාලන ආණ්ඩුව මගින් නිර්මාණය කළ පනතේ විකෘතිය නැති කිරීම සඳහා පනත සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳව සියලු ප්‍රධාන පක්ෂ අතර යම් එකඟතාවත් ඇතිවී තිබෙනවා. ඒ අනුව නව පනතක් හෝ පවතින පනත සංශෝධනය කොට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුත්තේ. ඒ සඳහා යම්කිසි කාලයක් ගතවේවි.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය කටයුතු කර ඇත්තේ කොවිඩ් නිසා නොව පසුගිය කාලයේ ආණ්ඩුව ගත් වැරදි ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාව ආණ්ඩුවෙන් ඈත්වෙමින් සිටින බැවිනැයි විපක්ෂය කියා සිටී. මේ සම්බන්ධයෙන් මහාචාර්ය සුදන්ත ලියනගේ පවසන්නේ &එය දේශපාලන පක්ෂ කියන දෙයක්. ආණ්ඩුව ඉතාම ජනප්‍රිය තත්ත්වයක සිටියත් රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මැතිවරණයකට යෑමට මෙය සුදුසු අවස්ථාව නොවෙයි. ඩොලර් හිඟය, ජීවන වියදම ඉහළ යෑම වැනි තත්ත්වයක් යටතේ කළ හැකි හොඳම දෙය පරිභෝජනය සීමා කිරීමයි. මැතිවරණ පැවැත්විය යුතුයි. එහෙත් මේ අවස්ථාව එයට සුදුසු නැහැ. එමෙන්ම දැනට පවතින විකාරරෑපී මැතිවරණ ක්‍රමය මේ රටට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. වෘත්තිකයන් විදිහට අප උත්සාහ කළ යුත්තේ මේ රට නිසි මගට ගැනීමයි. ඒ නිසා මෙම විකෘති පනත් සංශෝධනය කොට පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුය කියන මතයේ මා සිටිනවා. යනුවෙන් ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටි ආරච්චි මහතා පවසන්නේ එය දේශපාලනික තීන්දුවක් ලෙසය. බලයේ සිටි සෑම ආණ්ඩුවක්ම මැතිවරණ පැවැත්වූයේ තමන්ට වාසිදායක අවස්ථාවලයි. ඔවුන් මැතිවරණ කල් දැම්මා, කොටස් වශයෙන් පැවැත්වුවා. මේ සියල්ල කළේ දේශපාලන වාසිය තමන්ගේ පැත්තට තියෙන වෙලාවෙදියි. පළාත් පාලන මැතිවරණ කල් දැමීමත් එවැනි ක්‍රියාවක්. හැබැයි මේ අවස්ථාවේ ගැටලු කිහිපයක් තිබෙනවා. එකක් කොවිඩ් 19 ගැටලුව, මෙහිදී මැතිවරණයක් පවත්වා ජනතාව ඒකරාශි කිරීම කෙතරම් දුරට සුදුසුද කියන කරැණ මතුවෙනවා. දෙවැන්න පළාත් පාලන මැතිවරණය සඳහා මිලියන හයදහසත් දසදහසත් අතර මුදලක් වැය කරන්න සිදුවෙනවා. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ එය රටට ඔරොත්තු දෙනවද කියන ගැටලුව. තෙවැන්න පළාත් පාලන මැතිවරණයක් පවත්වා සිටින මිනිසුන් මාරැ කළා කියලා රටේ ජනතාවට සෙතක් සැලසෙනවද කියන කරැණ. මෙම ගැටලු මෙරට ජනතාව තුළ මතුවන සාධාරණ ගැටලු. එහෙත් ප්‍රතිපත්තිමය වශයෙන් නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම පාලකයන්ගේ වගකීමක්. ජනතාවට තම මතය ප්‍රකාශ කරන්නට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ඉඩක් නොලැබුණොත් එය වෙනත් විදියකින් පුපුරා යා හැකියි. පසුගිය වකවානුවේ තරැණ නියෝජනය නොමැති වූ විට විවිධ අර්බුද නිර්මාණය වුණා.
පාලනයේ ඇති දුර්වලතා නිසා මේ වන විට ශ්‍රී ලංකාව ආර්ථික, සාමාජයීය හා දේශපාලනික වශයෙන් කිසියම් අර්බුදයකට මුහුණ පා සිටින වකවානුවක්. මේ අර්බුද සියල්ලටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වගකිව යුතු නැහැ. මෙය නිදහසින් පසු පත්වුණු විවිධ ආණ්ඩුවල ක්‍රියාකාරකම් නිසා මේ වන විට උච්ඡතම අවස්ථාවට පත්වුණු දෙයක්. මේ ආණ්ඩුව ගන්නා ලද වැරදි තීන්දු නිසා අනාගතයේ මතුවීමට තිබූ ප්‍රශ්න කලින්ම මතුකර ගත්තා. මේ වන විට ජනතාවගේ මතය වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.
ජනතාවගේ ජනමතය උරගා බලන්නට අවස්ථාවක් නොදීම දේශපාලනඥයන් කරන බරපතළ වැරුද්දක්. පළාත් පාලන මැතිවරණයකින් ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ. තමන් ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුවල හරි වැරුද්ද තේරැම් ගන්න පළාත් පාලන මැතිවරණය හොඳ අවස්ථාවක්. එහෙත් මේ වන විට පැන නැගී ඇති ජනතා විරෝධය නිසා ආණ්ඩුව මැතිවරණයකට යන්න මැලි වෙනවා. කොවිඩ් නිසා මැතිවරණය කල් දානවා කියන එක නම් පිළිගන්න අමාරැයි. පසුගිය කාලයේ කොවිඩ් ප්‍රශ්නය කළමනාකරණය කරගෙන පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වුවා. ඒ වගේ කොවිඩ් තත්ත්වය කළමනාකරණය කරගෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවේ වගකීමක්. එහෙම නොවුණහොත් යම් අවදානමක් ඇතිවෙනවා. පළාත් පාලනය සම්බන්ධයෙන් කමිටුවකුත් පත් කර තිබෙනවා. එම කමිටුවෙන් යෝජනා වී තිබෙනවා සීමා නිර්ණය සම්බන්ධ කරැණු වෙනස් කරලා සභික සංඛ්‍යාව අවම කිරීමට. එම යෝජනාවලට අපත් එකඟයි. එහෙත් මේ වසර අවසන් වන විට එම පනත සංශෝධනය කොට සීමා නිර්ණයකට ගියොත් පහුගිය කාලේ යහපාලන ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් කළ දේ නැවත සිදුවිය හැකියි. අවුරැද්දක කාලය අවසන් වන විට හෝ ඊට මාස කිහිපයක් තිබියදී හෝ කමිටුව මගින් ඉදිරිපත් කළ යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට පුළුවන්. එම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන විට නැවත සීමා නීර්ණය පිළිබඳ ගැටලුවක් එනවා. එවිට මැතිවරණය යළි දින නියමයක් නොමැතිව කල් යා හැකියි. මෙය යහපාලන ආණ්ඩුවත් කළා කලින් ආණ්ඩු කරද්දි මේ කණ්ඩායමත් කළා. ඒ නිසා ප්‍රතිපත්තිමය වශයෙන් මැතිවරණ කල් දැමීම කිසිසේත්ම රටකට සුදුසු නැහැ. එමෙන්ම ආණ්ඩුව මෙහෙයවන කණ්ඩායමට අවශ්‍ය විදිහට මැතිවරණ මෙහෙයවීමට ඇති ඉඩ ප්‍රස්ථාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු වන අතර රටක මැතිවරණ කැලැන්ඩරයක් තිබිය යුතුයි.
ශ‍්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවල ඉතිහාසය වසර 1946 දක්වා දිව යන්නකි. 1977 වසරේදී ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා යන ස්ථර තුනකින් යුත් ක‍්‍රමය හඳුන්වා හඳුන්වා දීමෙන් පසු පළාත් පාලන ආයතන නව පණක් ලැබීය. එම ආයතන සඳහා වන මැතිවරණ ක‍්‍රමය ද 1977 වසරේදී කොට්ඨාස පදනම් කරගත් සරල බහුතර ක්‍රමයක සිට, සමානුපාතික නියෝජනය සහ ලැයිස්තු ක‍්‍රමය පදනම් කරගත් මැතිවරණ ක්‍රමයක් දක්වා මාරැ විය. (මුලින්ම මෙය ක්‍රියාත්මක කරන ලද්දේ 1989 වසරේදීය.)
සමානුපාතික නියෝජනයේ අක‍්‍රමිකතා දුරලීම සහ 1989 දී අත්හැර දමන ලද කොට්ඨාස ක‍්‍රමයේ ධනාත්මක ලක්ෂණ යළි හඳුන්වා දීම සඳහා කේවල කොට්ඨාස ක‍්‍රමය සහ සමානුපාතික නියෝජනය සංයුක්ත කරන ලද මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් 2012 වසරේදී හඳුන්වා දෙන ලදී. 2017 වසරේදී පළාත් පාලන මැතිවරණ පනතට ගෙන ආ වැඩිදුර සංශෝධනය (2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන පනත) මගින් දැන් පළාත් පාලන නියෝජිතයන් සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ ද පත්වන අතර, ඉන් 60෴ක් පමණ තනි නියෝජිත හෝ බහු නියෝජිත කොට්ඨාස නියෝජනය කරමින් ද, 40%ක් පමණ කොට්ඨාස ක‍්‍රමයට ඡන්ද පදනමක් නොමැති "අතිරේක තැනැත්තන්" ලැයිස්තුවකින් ද පත්වන බවට සහතික කෙරිණි. පළාත් පාලන ආයතන සඳහා වන නියෝජිතයින් සංඛ්‍යාව 4486 සිට 8356ක් දක්වා ඉහළ නැංවිණි. 27(ඊ) සංශෝධනය අනුව, සෑම පළාත් පාලන ආයතනයකම සමස්ත නියෝජිත සංඛ්‍යාවෙන් 25෴ක් කාන්තාවන්ගෙන් සමන්විත විය යුතුය. වත්මන් මැතිවරණ ක්‍රමය යටතේ ලංකාවේ ජනගහණයෙන් 2225කට එක් මහජන නියෝජිතයකු බැගින් සිටී.
දැනට වසර තුනක් තිස්සේ පැවැත්වීමට නොහැකිව ඇති ඇති පළාත් සභා මැතිවරණයද හැකි ඉක්මනින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. නව මැතිවරණ ක්‍රමයක් අනුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධ කටයුතු තවදුරටත් කල් යන තත්ත්වයක් තුළ පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය යටතේ ඉක්මනින් පැවැත්වීමට යෝජනා වී තිබේ. ඒ සඳහා නීතිමය ඉඩකඩ පිළිබඳ තත්ත්වය ගැන නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමටද ආණ්ඩුව මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. මැතිවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් විශේෂයෙන් දෙමළ පක්ෂවලින් විවිධ චෝදනා එල්ල වෙමින් තිබේ. දින නියමයක් නොමැතිව කල් දමා ඇති පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන ලෙසටත්, 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට රජයට බල කරන ලෙසත් ඉල්ලා ඉන්දියානු රජයට ලිපියක් යැවීමට දෙමළ සහ මුස්ලිම් පක්ෂවල නියෝජිතයන් පිරිසක් පසුගියදා තීරණය කර තිබිණි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා