වසරක් ගෙවී නව වසරක් උදාවන මොහොතේ අප කාගේත් බලාපොරොත්තුව සෞභාග්‍යමත් නිරෝගිමත් නව වසරක් දැකීමටයි. ගෙවී ගිය වසරවලට සාපේක්ෂව මෙම නව වසරද ලෝකයටත්, අප රටටත්, ජනතාවටත් කවර තත්ත්වයක් උදා වේදැයි විමසිලිමත්ව ජ්‍යොතිෂ සිද්ධාන්ත මත සලකා බැලීම වටී.
අප රට ගැන සලකා බැලීමේදී, මෙම වසරේ අර්ධ සූර්ය ග්‍රහණ දෙකක්, පූර්ණ චන්ද්‍රග්‍රහණ දෙකක් සිදුවීමට නියමිතයි. මෙයට අමතරව අප්‍රේල් මාසය තුළදී ප්‍රධාන ග්‍රහ මාරු තුනක් සිදුවනවා ඇත. ඒ රාහු, කේතු, සෙනසුරු වශයෙනි. සෙසු ග්‍රහ ගෝචරයන්ද සලකා බලන කල්හි විශේෂ සිදුවීම්වලට ලක්වන වසරකි. ස්වභාවික විපත්, අතුරු අනතුරු බහුල වෙයි. වෙළඳ ගනුදෙනුවලට හානි පැමිණේ. වරින්වර මතුවන වසංගත රෝග තත්ත්වයන් හේතුවෙන් මිය යන සංඛ්‍යාව ඉහළ යයි.
ආර්ථික දුෂ්කරතා ඉහළ යන අතර ඒ නිසා මහජන නොසන්සුන්තා ඇතිවේ. මිනීමැරුම්, මංකොල්ලකෑම් බහුල කරයි. බාල වියේ දූ දරුවන් රැක බලා ගැනීමට දෙමාපියන් විශේෂයෙන් සිතට ගත යුතුයි. රාගික හැඟීම් ඉහළ යයි. කාලගුණ විපර්යාස හේතුවෙන් නියඟයන්, ජල ගැලීම්, භවභෝග හිඟයන් ඇති කෙරේ. නව නිර්මාණ බිහිවෙයි. කලාකරුවන් පෙරට එන යුගයකි. ජනතාවගේ දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට රජයට සිදුවේ. පාලක පක්ෂවල අර්බුද උග්‍ර වේ.
විදේශ සංචාරකයන්ගේ පැමිණීම තරමක් දුරට වැඩිවේ. ඉන්ධන අර්බුද රජය දැඩි දෝෂදර්ශනයට ලක්කරයි. විදේශ විනිමය උග්‍ර වීම, ණය වාරික වැඩිවීම හේතුකොටගෙන රට තුළ ඇති කරන ආර්ථික අර්බුදයෙන් ජනතාව පීඩාවට පත්වේ. ආගමික ප්රබෝධයක් ඇතිවේ. තරුණ පිරිස් මත්ද්‍රව්‍යවලට යොමුවීමේ ප්‍රවණතාවය ඉහළ යයි. අධ්‍යාපන ක්ෂේත්රයේ පිබිදීමක් පෙන්නුම් කරයි. සෞඛ්‍ය අංශවල අර්බුද මතුවන අවස්ථා ඇතිවේ. මෙම වසර විෂ්ණු විංසතියට අයත් &ශුභකෘත්* නම් සංවත්සරය බැවින් සැවොම ආගමට දහමට යොමුව සුචරිතවත්ව දිවි ගෙවන්නේ නම් දුක් විපත් අවම කරගත හැකිවේ.
ලෝකය දෙස බැලීමේදී ප්‍රධාන පෙළේ රටවල් ලොවටම ඔබින තීන්දු තීරණ ගනු ඇත. ඉන්ධන සම්බන්ධයෙන් යම් යම් කතිකාවන් ඇතිවෙයි. ඇතැම් රටවල දැඩි ආර්ථික දුෂ්කරතා මතුවෙයි. නියඟය, සාගතය නිසා ලොව රටවල් අසීරුවට පත්වේ. ඇතැම් රටවල ජල ගැලීම්, වසංගත රෝගයන්ගෙන් විනාශ වන ජන ජීවිත ඉහළ යයි. ලෝකයේ ප්‍රබල රටවලට පවා අන් රටවලට ආධාර උපකාර කිරීම බැරි තත්ත්වයක් උද්ගත වේ.
ලග්න දොළහට නව වසර මෙසේය.
• මේෂ - වැයවීම් ඉහළට
වසර ආරම්භයේදී රාහු දෙවැන්නේ, සඳු-කුජ-කේතු 8 වැන්නේ, රවි-සිකුරු 9 වැන්නේ, බුධ-ශනි 10 වැන්නේ, ගුරු 11 වැන්නේද ගෝචර වෙමින් වසර ආරම්භ වේ.
ගෘහ ජීවිතය: තීන්දු තීරණ ගන්නට පෙර සුදුසු අය වෙතින් උපදෙස් ලබාගත යුතුයි. නව නිවසක් ආරම්භ කරන්නට හෝ අලුත්වැඩියාවක් කරන්නේ නම් අප්‍රේල් මාසයට පෙර සිදුකිරීම උචිතයි. 4 වැනි රාශි අධිපති සඳු ගමන් කරන්නේ 8 වැනි රාශියේය. ගෙදර දොර කටයුතුවලට තරමක් බාධක මතුකරනු ඇත. අවිවාහක අයගේ පැතුම් ඉටුවේ. වැඩිහිටි කෙනෙකුට අපල සහිතයි. ඔබගෙන් උදව් ලබාගත් සමහර අය ඔබටම විරුද්ධ වන්නට ඉඩ ඇත. නව ව්‍යාපාර, කර්මාන්ත ආරම්භ කරන්නට අවස්ථාවන් උදාවෙයි. කලාවට බර ඔබේ ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන අවස්ථාද ඇත. දේපල වාසියක් උදා කරයි.
රැකියා හා ධනය: නව ව්‍යාපාරයන්, කර්මාන්ත ආරම්භ කළ හැක. අලුත් ආයෝජන මගින් වාසි සැලසේ. කෘෂිකාර්මික, වෛද්‍ය වෘත්තිකයන්ට ශුභයි. ගුරු අයස්ථාන ගත බැවින් ආර්ථික තත්ත්වය යහපත් වේ. තැන්පත් ධනය වර්ධනය කරයි. අතිරේක ආදායම් මාර්ග සලසා ගන්නට හැකිවේ. වැය පස ඉහළ යා හැකි බැවින් වියදම් පාලනය කරගත යුතුයි.
අධ්‍යාපනය: 9 වැන්නේ සිටින රවි සිකුරුට ලග්නය මෙන්ම පස්වැන්නද පෙනෙන බැවින් කලා අංශයෙන්, සාහිත්‍යයෙන් උසස් අධ්‍යාපනය සපල කරයි. සඳු, රාහු පිහිටීම් අනුව දුර්වල කරන අවස්ථාද පැමිණේ.
සෞඛ්‍යය: සෙම් සහිත අසනීප ඇතිවේ. 8 වැන්නේ පිහිටි ග්‍රහගෝචරය අනුව ජලය ආශ්රිත කටයුතුවලින් ප්‍රවේසම් වන්න. ලේ දූෂ්‍ය අසනීප, ශෛල්‍යකර්ම ඇති විය හැකියි.
ජය අංකය - 09 / සුබ දවස - අඟහරුවාදා, සිකුරාදා, බදාදා/ සුබ වර්ණය - රතු, පබලු පාට, කොළ
• වෘෂභ - විදෙස් ශිෂ්‍යත්ව වරම්
ඔබේ කේන්ද්‍රයේ රාහු ලග්නගතවද, සඳු-කුජ-කේතු 7 වැන්නේද, ලග්නාධිපති සිකුරු රවි සමඟ 8 වැන්නේද, බුධ-ශනි දෙදෙනා 9 වැන්නේද, ගුරු 10 වැන්නේද ගෝචර වෙමින් නව වසර ඇරඹේ.
ගෘහ ජීවිතය: සුබපල දායක නව වසරකි. සිතුම් පැතුම් ඉටුකර දෙන අතර ගෙදර දොර අලුත්වැඩියා කරගත හැකිෙව්. අලුත් දේ මිලට ගත හැකි කාලයකි. වසර මුල තරමක් සුළු බාධක යෙදුනත් අප්‍රේල් වලින් පසු කාලය ඉතා සුබපල ඇති කරයි. ව්‍යාපාර කටයුතුවලට මුදල් යෙදවීමෙන් වාසි සැලසෙයි. හදිසි ලොතරුයි ජය සහිතයි. නව ව්‍යාපාර ආරම්භ කරන්නට, අලුත් කර්මාන්තවලට මේ වසර ශුභඵලයි. අප්‍රේල් වලින් පසු විවාහ කටයුතු ඉතා හොඳින් සාර්ථක කරයි. හිත මිතුරන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් විවිධ උදව් උපකාර අත්වේ. මැයිවලින් පසු ඔබේ ආර්ථික තත්ත්වයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.
රැකියා හා ධනය: අප්‍රේල් දක්වා සුළු සුළු බාධක යෙදුනත් එතැන් සිට රැකියා අංශවල විශාල වෙනසක් ඇති කරමින් තත්ත්වයේ උසස් වීම්, නව රැකියා ලාභ ලැබේ. ව්‍යාපාර, කර්මාන්ත හා විවිධ අංශ වෙතින් ඔබේ ආදායම් සරුවීමෙන් මූල්‍ය ශක්තිය වැඩිදියුණු කරයි.
අධ්‍යාපනය: කේන්ද්‍රයේ දෙවැන්න, පස්වැන්න අධිපති විද්‍යාපති බුධ වාසනා ගුණයෙන් 9 වැන්නේ සිටින බැවින් ඉගෙනීම සාර්ථක කරමින් උසස් අධ්‍යාපන වරම් හිමිකර දෙයි. විදෙස් ශිෂ්‍යත්ව සඳහා වාසනාව ඇත.
සෞඛ්‍යය: ලේ ගමන් වේගවත් අසනීප, නිදන්ගත රෝග මතුවිය හැක. ආමාශයේ තෙත් ගතිය සහිත අසනීපයන්ටද ඉඩ සහිතයි.
ජය අංකය - 02,04/ සුබ වර්ණය - පබලු පාට/ සුබ දවස - බදාදා, සිකුරාදා
• මිථුන - අලුත් රැකියා ලාභ
සඳු-කුජ-කේතු 6 වැන්නේ, රවි-සිකුරු 7 වැන්නේද, ලග්නාධිපති බුධ ශනි සමග 8 වැන්නේද, ගුරු 9 වැන්නේද රාහු 12 වැන්නේද ගෝචරව උදාවන නව වසරකි.
ගෘහ ජීවිතය: ආගමට දහමට සිත යොමු කරමින් පවුලේ අය සමග සතුටින් කාලය ගත කළ හැකිවෙයි. මෙතෙක් කල් පමා වෙමින් පැවති බොහෝ කටයුතු සාර්ථක කරගත හැකි වසරකි. දියුණුව පිණිස කරන සියල්ල සාර්ථක වේ. නිවාස ඉදිකිරීම්, මිලදී ගැනීම් හා අලුත්වැඩියා සිදුකරගත හැක. විවාහ බාධක දුරු වී සාර්ථක මංගල යෝග උදාවෙයි. විදෙස් ගත වන්නට තිබූ බාධක දුරු වී පැතුම් ඉටුවෙයි. දරුවන්ගේ සුබ සිද්ධියට කරන කටයුතු යහපත් ලෙස සාර්ථක වෙයි. වසර මුල යම් යම් බාධා ආවද මැයි සිට ඉදිරිකාලය ඉතා සුබ පලයි. අලුතින් ආරම්භ කරන ව්‍යාපාර, කර්මාන්ත සාර්ථක වේ. දුර බැහැර වන්දනා ගමන් බිමන් යෙදෙනු ඇත. ධෛර්යය හා විශ්වාසය මත කටයුතු කිරීමෙන් මෙම වසර ඔබට සාර්ථකම වසරක් වෙනවා ඇත.
රැකියා හා ධනය: අලුත් රැකියා තනතුරු ලාභ හිමවින කාලයක්. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වේ. තමා යටතේ සේවය කරන්නන්ගේ සහය හොඳින් ලැබේ. අප්‍රේල්වලින් පසු ඉතාම හොඳයි. ව්‍යාපාර හා ආයෝජන මගින්ද, මුතු, මැණික් කර්මාන්ත ආශ්‍රිතවද ධනලාභ සහිතයි.
අධ්‍යාපනය: ලග්නාධිපති බුධ 8 වැන්නේ හා ගුරු 9 වැන්නේ බලවත් ෙව්. ඉගෙනීම් සාර්ථක කරයි. තරඟ විභාග ජය සහිතයි. විදෙස් ඉගෙනීම්, ශිෂ්‍යත්ව හිමිකර දෙයි.
සෞඛ්‍යය: සඳු-කුජ-කේතු රෝගස්ථාන ගත බැවින් ලේ විෂවීම්, සෙම් අමාරු සහිත අසනීප, උදරාබාධ ඇතිවිය හැකි බැවින් ශරීර සෞඛ්‍ය ගැන හොඳින් සැලකිලිමත්වන්න.
ජය අංකය - 04, 05 / සුබ වර්ණය - ලා කොළ, මුතු පාට/ සුබ දවස - බදාදා, සිකුරාදා
• කටක - පින්වත් දරුඵල
ඔබගේ ලග්නයෙහි වසර උදාවත්ම සඳු-කුජ-කේතු පස්වැන්නේද, රවි-සිකුරු 6 වැන්නේද, බුධ-ශනි 7 වැන්නේද, ගුරු 8 වැන්නේ හා රාහු 11 වැන්නේ ගෝචර වෙමින් නව වසර උදාවෙයි.
ගෘහ ජීවිතය: ගෙදර දොර දියුණුව පිණිස කරන කටයුතුවලදී හිතවත් අයගෙන් හා උසස් අයගෙන් උදව් උපකාර හිමිවේ. නව මිත්‍ර සබඳතා ගොඩනැගෙන කාලයකි. රහස් සතුරු කරදරවලින් ප්‍රවේසම් වන්නට නිතර කල්පනාකාරී වන්න. දරුවන්ගේ අනාගත දියුණුව වෙනුවෙන් කරන කටයුතු සාර්ථක වේ. වසර මුල තරමක් අශුභ ඵල උදා වුවත් මැයි සිට වෙනස් වේ. අලුත් ඉදිකිරීම් නිවාස මිලට ගැනීම් වැනි තමාගේ සුබසිද්ධියට අදාළ දේ සාර්ථක කරගත හැකියි. දරුවන් අපේක්ෂාවෙන් සිටි අයට පින්වත් දරු ලාභ උදාවෙයි. ආගමික කටයුතු කෙරෙහිද සිත ඇදී යනු ඇත. උරුම හිමිකම්වලට වාසනාව ඇත. භූමිය ආශ්රිත වැඩවලින් ලාභ ලැබේ. කෘෂි කර්මාන්තයේ අයට තරමක් බාධක උද්ගත වේ.
රැකියා හා ධනය: නව රැකියා බලාපොරොත්තු ඉටුවේ. උසස්වීම් තනතුරු ලාභ වසර මුල සිදුවේ. අලුත් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. හදිසි ධනලාභ සහිත කාලයකි. රැකියා ආශ්‍රිතව ලැබිය යුතු හිඟ මුදල් පවා ලැබේ. ලොතරුයි වාසනා ඇත. විදෙස්වලින් පවා ආර්ථික වාසි සැලසෙයි. පෙර පින උදාවන අවස්ථාද සහිතයි.
අධ්‍යාපනය: ලග්නාධිපති පස්වැන්නේ කුජ කේතු සමඟ යෝගයි. පාසල් හා උසස් අධ්‍යාපන සඵල කරයි. තරග විභාගවලට සුබයි. ගුරුවරුන්ගේ ඇප උපකාර ලැබේ.
සෞඛ්‍යය: නිදන්ගත රෝග, සෙම් රෝග, ආමාශගත අසනීප මතුවිය හැකියි.
ජය අංකය - 02, 04, 07 / සුබ දවස - බදාදා, බ්‍රහස්පතින්දා/ සුබ වර්ණය - කහ, ක්‍රීම් පාට, කොළ පාට
• සිංහ - නොසිතූ ධන උල්පත්
උදාවන වසරෙහි සඳු-කුජ-කේතු 4 වැන්නේ ලග්නාධිපති රවි-සිකුරු සමග පස්වැන්නේද, බුධ-ශනි 6 වැන්නේද, ගුරු 7 වැන්නේද ගෝචරව අලුත් අවුරුද්ද උදාවෙයි. යහපත් ප්‍රතිඵල රුසක් උරුම වන වසරකි.
ගෘහ ජීවිතය: ජීවිතයේ නව පිටුවක් සනිටුහන් කරමින් අලුත් ගමනකට වාසනාව උදා කරයි. සිතුම් පැතුම් සාර්ථක වේ. මෙතෙක් කරගෙන ආ වැඩකටයුතු වේගවත්ව කරගෙන යන්නට හැකිවේ. නව සිතුම් පැතුම් සපල කරයි. පවුලේ දියුණුව, ගෙදර දොර දියුණව හොඳින්ම සිතුවෙයි. උරුමයෙන් ලැබිය යුතු දේ ලැබෙනු ඇත. පෙම් සබඳතා වැඩිදියුණු වෙයි. මංගල යෝජනා සාර්ථක වන අතර සහකරු පාර්ශ්වයෙන් මිල මුදල් දේපල ලැබෙනු ඇත. දූ දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට සමත් වෙයි. ඔබ අවිවාහක නම් අප්‍රේල් වලින් පසු මංගල අවස්ථා ඇත. නෑදෑයන්, අසල්වාසීන් හා පෙරට වඩා සහයෝගයෙන් කටයුතු සිදුවන බවක් පෙනේ. දරුවකුගේ මල්වර උත්සවයක් වසර මුල බලාපොරොත්තු වන්න.
රැකියා හා ධනය: නොසිතූ ධන ලාභයන්ට වාසනාව ඇත. ලොතරුයි වාසනා පෙන්වයි. අලුත් හා ආරම්භ කරන කර්මාන්ත වැඩිදියුණු වේ. විදේශ රැකියා ලැබෙන අතරම විදෙස් මගින් ආදායම්ද ලැබේ. උසස් රැකියා තනතුරු හිමිවන කාලයකි. අප්‍රේල්වලින් පසු රැකියාවේ උසස්වීම්.
අධ්‍යාපනය: රවි-සිකුරු විද්‍යස්ථාන ගතයි. සාහිත්‍ය කලාව, සංගීතය යන අංශවලින් මෙන්ම අනෙකුත් අංශ වෙතින්ද අධ්‍යාපන සාර්ථක වේ. විදෙස් ශිෂ්‍යත්ව අධ්‍යාපනයන් ලැබෙනු ඇත.
සෞඛ්‍යය: සෞඛ්‍ය තත්ත්වයේ යහපත් බවක් ඇතිවේ. පැවති රෝග පීඩා සුවවේ.
ජය අංකය - 02, 03, 05/ සුබ දවස - ඉරිදා, බදාදා, සිකුරාදා/ සුබ වර්ණය - රතු, කොළපාට, සුදු
• කන්‍යා - ස්වයං රැකියා ලාභ
වසර උදාවේ සඳු-කුජ-කේතු 3 වැන්නේ රවි-සිකුරු 4 වැන්නේ සිටී. බුධ-ශනි 5 වැන්නේ ගුරු 6 වැන්නේ ගෝචරව අලුත් අවුරුද්ද උදාවෙයි. සුබපල රුසක් අත්වන වසරකි.
ගෘහ ජීවිතය: අඹු සැමි අමනාපකම් දුරුවෙමින් පවුලේ සාමය සතුට වර්ධනය වේ. නිවසේ උත්සව අවස්ථාවල් ඇතිවේ. නව නිවාස දේපල වාහන මිලදී ගන්නට වාසනාව සැලසෙයි. අහිමිව ගිය සම්පත් උරුමකම් ලැබේ. අවිවාහක තරුණ තරුණියන්හට මංගල යෝග උදා වී විවාහ කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ මල්වර උත්සව නිවසේ පැවැත්වෙනු ඇත. සමාජ සේවා කටයුතුවලින් ප්‍රශංසා හිමිවෙයි. නීතිමය ගැටලුවලින් නිදහස ලැබෙයි.
රැකියා හා ආදායම: රැකී රක්ෂා අංශවල ප්‍රගතියක් ඇති කරයි. ස්වයං රැකියා, ව්‍යාපාර ආරම්භ කරන්නටත් ඒවායින් ධනය ලබන්නටත් වාසනාව ඇත. රැකියා සම්බන්ධ කාර්ය බහුල බවක්ද සිදුවේ. ව්‍යාපාරවල නිරත අයගේ ආදායම් තත්ත්වය සරුවෙයි.
අධ්‍යාපනය: ලග්නාධිපති බුධ විද්යස්ථානගතව පස්වැන්නේ ගමන් කරන බැවින් අධ්‍යාපන කටයුතු සාර්ථක කරයි. අධ්‍යාපන, උසස් අධ්‍යාපන අංශවල ප්‍රගතියක් මෙන්ම අලුත් දේ ඉගෙනීමටත් තරග විභාගවලින් ජය ලබන්නන්ටත් වාසනාව ඇත. දෙස්-විදෙස් ශිෂ්‍යත්ව හිමිවේ.
සෞඛ්‍යය: උදරගත අසනීප, වාතාබාධ වැනි රෝගයන් සෙම් රෝගයන් ඇතිවිය හැකියි. පිරිසිදු ජලය නිතර පානය කරන්න.
ජය අංකය - 03, 04 / සුබ වර්ණය - සුදු, කහ, ලා කොළපාට/ සුබ දවස - බදාදා, සිකුරාදා
• තුලා - තරග විභාග ජය
සඳු-කුජ-කේතු දෙවැන්නේ, ලග්නාධිපති සිකුරු රවි සමඟ 3 වැන්නේ, බුධ-ශනි 4 වැන්නේ, ගුරු 5 වැන්නේ හා රාහු 8 වැන්නේ ගෝචර වෙමින් උදාවන නව වසර සතුටුදායක වසරක් වේ.
ගෘහ ජීවිතය: සතුරු කරදර මග හැරීයමින් දියුණුව වෙනුවෙන් කරන කටයුතු සාර්ථක කරයි. වෙනදාට වඩා ගෙදර දොර සාමය සතුට වැඩිදියුණු වෙමින් අලුත් පරිසරයක් ගොඩනැගේ. පෙම්වතුන්ගේ පැතුම් ඉටුවෙමින් සුහදතාවයන් වර්ධනය කරයි. අවිවාහක අයට මංගල යෝග උදාවේ. කලක් වෙන්ව සිටි හිතවතකුගේ උපකාර සැලසේ. නෑ හිතමිතුරන් ඔබ සොයා එනු ඇත. දේපල ඉඩකඩම් සම්බන්ධ ගැටලු දුරු වී යයි. නව නිවාස දේපල මිලදී ගන්නට වාසනාව උදාවේ. අතරමග නැවතී තිබූ නිවාස කටයුතු කඩිනමින් ඉදිකිරීමට නිමා කරන්නට හැකිවෙයි. දූ දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන අතරම දරුඵල අපේක්ෂා කළ අයට පුත්‍ර ලාභ හිමිවේ.
රැකියා හා ධනය: රැකියා තනතුරු උසස් කෙරේ. සේවක සේවිකා අංශවල සහය හොඳින් ලැබේ. ඉල්ලන ලද ණය මුදල් ලැබේ. ව්‍යාපාර අංශවලින් මෙන්ම විවිධ ක්‍රම මගින් ආදායම් හිමිවේ. පතල් ආශ්රිත කර්මාන්තවලින් භූමිය ආශ්‍රිතව සම්පත් ධනය උරුමය.
අධ්‍යාපන: ගුරු ග්‍රහයා විද්‍යස්ථාන ගත බැවින් උසස් ලෙස ඉගෙනීමේ යෙදෙන්නට වරම් ලබයි. තරග විභාග ජය සහිතයි. ශිෂ්‍යත්ව හිමිකම් සැලසේ.
සෞඛ්‍යය: සෞඛ්‍ය තත්ත්වය යහපත් කරයි. මානසික අසනීප සඳහා ප්‍රතිකාර ගන්නා අයට අප්‍රේල් අග දක්වා ප්රවේසම්ව ප්‍රතිකාර කළ යුතුයි.
ජය අංකය - 02, 03, 05 / සුබ වර්ණය - කහ, සුදු, දම් / සුබ දවස - සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා
• වෘශ්චික - ආදායම් ඉහළට
වසර උදාවන්නේ සඳු-කුජ-කේතු ලග්න ගතවද, රවි-සිකුරු දෙවැන්නේද, බුධ-ශනි 3 වැන්නේද, ගුරු 4 වැන්නේද ගෝචර වෙමින් බලාපොරොත්තු තබාගත හැකි නව වසරක් වේ.
ගෘහ ජීවිතය: වෙනදාට වඩා කාර්යබහුල බවක් ඇති කරයි. තමාට කියා ඉන්න හිටින්න වාසස්ථාන, දේපල ගොඩනගා ගන්නට හැකිවේ. උනන්දුව උත්සාහය නිසා බොහෝ කටයුතු සඵල වෙයි. දූ දරුවන්ගේ ආවාහ, විවාහ ඉක්මණින් සිදුකළ හැකිවෙයි. අප්‍රේල්වලින් පසුව තත්ත්වය මෙයට වඩා සාර්ථක වෙයි. පෞද්ගලික ව්‍යාපාර, කර්මාන්ත සාර්ථක කරගත හැකිවෙයි. දරුවන්ගේ ජයග්‍රහණ දැක සතුටු වන්නට හැකිවෙයි. අනාගතය ගැන සිතා කරන බොහෝ වැඩ කටයුතු සාර්ථක කරගත හැකි වසරක් වේ.
රැකියා හා ධනය: රැකිරක්ෂා බලාපොරොත්තු අයගේ පැතුම් ඉටුවෙයි. නව රැකියා හිමිවේ. රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා මෙන්ම පවතින රැකියා සුරක්ෂිත කරයි. අලුතින් පටන් ගන්නා කර්මාන්ත, ව්‍යාපාර, ස්වයංරැකියා සාර්ථක වෙයි. ආදායම් තත්ත්වය සතුටුදායක ලෙස වර්ධනය වේ. ලොතරුයි ජයග්‍රහණ හිමිවේ.
අධ්‍යාපනය: පස්වැන්න හිමි ගුරු 4 වැන්නේ ගමන් කරන බැවින් දෙස් - විදෙස් අධ්‍යාපන උසස් අධ්‍යාපන සාර්ථක වෙයි. ශිෂ්‍යත්ව හිමිකම් ලැබේ.
සෞඛ්‍යය: සෙම් රෝග, සිරස රෝග මතුවිය හැක. හිසේ තුවාල වීම්වලට ඉඩ පවතින බැවින් ප්‍රවේසම් විය යුතුයි.
ජය අංකය - 2, 3, 4 / සුබ වර්ණය - රන්වන් පාට, කහ පාට / සුබ දවස - බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
• ධනු - නිවසට සිරිකත ගොඩ වේ
රවි-සිකුරු ලග්නයේ බුධ-ශනි දෙවැන්නේ, ගුරු 3 වැන්නේ, රාහු 6 වැන්නේ, සඳු-කුජ-කේතු 12 වැන්නේ ගෝචර වෙමින් වසර උදාවෙයි.
ගෘහ ජීවිතය: සිතුම් පැතුම් අපේක්ෂා මුදුන්පත් කර ගන්නට හැකිවේ. සමාජ සේවා කටයුතුවලින් ප්‍රශංසා ලැබයි. අසල්වාසීන් හා නෑදෑ හිතමිතුරන්ගේ සහය හොඳ හිත වර්ධනය කරගත හැකිවේ. ගෙදර දොර උත්සව, නෑදෑ ගමන් බිමන් යෙදෙනු ඇත. තරුණ දූ දරුවන්ගේ මංගල කටයුතු සාර්ථක වන කාලයකි. යාන වාහන ලාභ ලැබේ. අඹු සැමි වාදබේද දුරු වී නිවසේ ශ්‍රියාව උදාවේ. නව නිවසක උරුමය හිමිවෙයි. කෘෂි කර්මාන්තයේ යෙදෙන අයට වසර මුල යහපත්.
රැකියා හා ධනය: රැකියා ස්ථානවල බාධක අවහිර දුරු වී ප්‍රබෝධමත්ව කටයුතු කළ හැකිවෙයි. අලුත් රැකියා සඳහා තෝරා පත්කර ගනී. ව්‍යාපාර, රැකියා. ආයෝජන, කර්මාන්ත යන සෑම අංශයකින්ම ධනය ලැබේ. විශේෂ මුදල් ලාභ සහිතයි. තැන්පත් ධනය වර්ධනය වන වසරකි.
අධ්‍යාපන: ලග්නගත රවි, දෙවැන්නේ බුධ හා 3 වැන්නේ ගුරු නිසා අධ්‍යාපන අංශ ශක්තිමත් කරන්නට හේතු වේ.
සෞඛ්‍යය: ඇදුම, පීනස, හා නිදන්ගත රෝග වැඩිවන්නට ඉඩ ඇත. සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි
ජය අංකය - 1, 2, 9 / සුබ වර්ණය - කහ, සුදු /සුබ දවස - සිකුරාදා, බ්‍රහස්පතින්දා
• මකර - පෙර පින් මතුවේ
ලග්නාධිපති ශනි-බුධ හා යෝගව ලග්නයේ සිටින අතර ගුරු දෙවැන්නේද, රාහු පස්වැන්නේද සඳු-කුජ-කේතු 11 වැන්නේද රවි සිකුරු 12 වැන්නේද ගෝචරව උදාවන නව වසර යහපත් වසරක් වේ.
ගෘහ ජීවිතය: පෙර පින මතුවන කාලයක් උදාවේ. ගෙදර දොර දියුණුව වාසනාව උදාකරමින් පවුලේ සාමය සතුට වර්ධනය කරයි. අසල්වාසීන් නෑදෑයන්, හිතවතුන්ගේ සහයෝගය හොඳින් ලැබෙයි. අනාගතය ගැන සිතා කරන බොහෝ කටයුතු සුබඵලදායක වෙමින් ජය අත්වේ. විදෙස් ගත හිතවතුන්ගේ සහයත් හිමිවෙයි. දූ දරුවන්ගේ මංගල යෝජනා ස්ථීර වේ. පෙම්වතුන්ගේ සිතුම් පැතුම් ඉටුවනු ඇත. සන්නිවේදන අංශවලට ශුභඵල ලැබේ. නව මිත්‍ර සබඳතා ගොඩනැගේ. එමගින් තම දියුණුවට උපකාර ලැබෙනු ඇත. විදෙස් ගමන් බිමන් සාර්ථක කරයි.
රැකියා හා ධනය: දෙවැන්නේ ගුරුට 10 වැන්න පෙනීමෙන් ගුරුගේ ශක්තිය ලැබ රැකියා උසස්වීම් තනතුරු වරප්‍රසාද හිමිවෙයි. නව ආයෝජන ඵලදරන අතරම ධනස්ථාන ගත ගුරුගෙන් ධනය වාසනාව හිමිකර දෙයි.
අධ්‍යාපනය: අප්‍රේල් දක්වා තරමක් අධ්‍යාපනයට බාධක යෙදෙන අතර එතැන් සිට යහපත් වේ.
සෞඛ්‍යය: ආහාර විෂවීම්, අජීර්ණ දෝස ඇති කරයි. ලේ ගමන වේගවත් රෝග හා උෂ්ණ රෝගවලටද ඉඩකඩ සහිතයි.
ජය අංකය - 01, 02/ සුබ වර්ණය - ලා නිල් / සුබ දවස - සෙනසුරාදා, සිකුරාදා
• කුම්භ - අඳුරු වලා දුරුවේ
වසර ආරම්භය ගුරු ලග්නගතවද, රාහු 4 වැන්නේද, සඳු-කුජ-කේතු 10 වැන්නේද රවි-සිකුරු 11 වැන්නේ හා ලග්නාධිපති ශනි, බුධ හා 12 වැන්නේද යෙදෙන නව වර්ෂය සුබඵල දායක වෙයි.
ගෘහ ජීවිතය: පදිංචි භූමියේ අලුත්වැඩියා, ඉදිකිරීම් කරන අතර අතර අතපසු වී පැවැති බොහෝ කටයුතු නිමා කරගත හැකිවේ. ඉඩකඩම් ලාභ ලැබෙන කාලයකි. දරුවන්ගේ දියුණුව සලසා දෙන්නට හැකිවේ. සිතේ ශක්තිය මත බොහෝ වැඩකටයුතු සාර්ථක කරයි. උසස් හිත මිතුරන් දැන හඳුනා ගන්නට ඉඩ සැලසෙන අතරම ඒ අයගෙන් උදව් උපකාරද සැලසෙනු ඇත. පවුලේ සාමය සතුට වැඩිදියුණු කරමින්, අඳුරු වලා දුරු වී සෞභාග්‍යය ගෙන දෙන කාලයක් උදාවේ.
රැකියා හා ධනය: රැකීරක්ෂා කටයුතු ඉවසීමෙන් කරගෙන යාමට හැකිවෙයි. ව්‍යාපාරවලින් ආයෝජන වලින් හෝ කැපවීමෙන් කරන සෑම අංශයකින්ම ධනය ලැබෙනු ඇත.
අධ්‍යාපන: අධ්‍යෘපන අංශ සාර්ථක වේ. දෙස් විදෙස් ශිෂ්‍යත්ව, අධ්‍යාපන වරම් හිමිවේ.
සෞඛ්‍යය: සුළු සුළු අසනීප තත්ත්වයන් ඇතිවුවත් පොදුවේ නිරෝගිමත් වසරකි.
ජය අංකය - 01, 02, 04 / සුබ වර්ණය - නිල්, කහ, සුදු / සුබ දවස - සෙනසුරාදා, සිකුරාදා, බදාදා
• මීන - විදෙස් ගමන් බිමන්
වසර උදාවේ රාහු 3 වැන්නේද, සඳු, කුජ, කේතු 9 වැන්නේද, රවි, සිකුරු 10 වැන්නේද බුධ ශනි 11 වැන්නේ හා ගුරු 12 වන්නේද වර්ෂය ආරම්භ වේ.
ගෘහ ජීවිතය: ආගමට, දහමට සිත යොමු කරමින් වන්දනා ගමන් බිමන් සංචාර ඇති කරයි. අප්‍රේල්වලින් පසුව ආවාහ විවාහ කටයුතු සාර්ථක කරයි. මොන බාධක ආවත් පෙම්වතුන්ගේ පැතුම් ඉටුවනු පෙනේ. පවුලේ යහපත වෙනුවෙන් කරන කටයුතු සඵල කරන අතරම අඹු සැමි සමගියද ඇති කෙරේ. දේපල ඉඩකඩම් මිලදී ගන්නට, ගෙදරට කොටසක් එක්කර ගන්නට අවස්ථාව සැලසේ. විදෙස් ගමන් බිමන් සඵල කෙරේ. දුර බැහැර අයගේ උදව් උපකාර ලැබිය හැකි කාලයකි.
රැකියා හා ධනය:රවි, සිකුරු කර්මස්ථාන ගත බැවින් රාජ්‍ය අංශයේ රැකියා ලැබේ. රැකියා අංශවල පරිසරය සාමකාමී වේ. මුදල් ආයෝජනය මගින් වාසි සැලසේ. අය මාර්ග උදාකර ඉදිරි කාලය සාර්ථක කරයි.
අධ්‍යාපනය: බාධක මැදින් වුව අධ්‍යාපන අංශ සඵලකර ගන්නට හැකිවේ.
සෞඛ්‍යය: නිදන් ගත රෝග මතුවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න
ජය අංකය - 03, 07 / සුබ දවස - සිකුරාදා, බදාදා / සුබ වර්ණය - කහ, කොළ
► ප්‍රවීන ජ්‍යෙතිෂවේදී
බී.ඒ. සමන් ගුණසේන