අත පාටියේ ලේකම්තුමා පහුගිය ටිකේ ආණ්ඩුවට ගහපු ගැහිල්ල එයාලගෙ පක්ෂයේ ඇතුළේ කිහිප දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලාලු .එයයි ලොක්කයි එකතුවෙලා කටේ හයියට ගැහුවට ඡන්දයක් පේන්න නැති මානයේ මෙහෙම ගහලා කොහෙන් නතර වෙන්න වෙයිද කියලා මේ කට්ටිය පහුගිය ටිකේ දුරකථනවලින් කතා වෙලාලු. කොහොම වුණත් මේ දුරකථන කතාබහ ගැන පක්ෂයේ ලොකු තැනටයි ලේකම් තැනටයි දෙන්නටම ආරංචිවෙලා කිව්ව අයයි කතා කළ දේවලුයි සියල්ල. ඒ අතරෙ පක්ෂයෙ ලොක්කෙක් පසුගියදා මෙහෙම කෑගහන අයට පොර ටෝක් දීල ආණ්ඩුව වට්ටන්න බැහැ කියලත් අවවාද කරලත් තිබුණා.
දැන් මේ ආරංචිය නිසා එහෙම කතා කරන කට්ටිය අතරට අත පාටියේ ඉදිරි සැලසුම් යවන්නේ නෑ කියලයි ආරංචිය. කොටින්ම කිව්වොත් ඉදිරි සැලසුම් දැන් දන්නේ පක්ෂයේ ලොකු තැනයි ලේකම් තැනයි විතරයිලු. වෙන කාටවත් දැන් කියන්නෙ නෑ. ඒ වගේම සමහර අදහස් මේ අය හුවමාරැ කරන්න දුරකථන පාවිච්චිය පවා ටිකක් මඟ ඇරලා කියලයි දැනගන්න තියෙන්නේ.