2022 ජනවාරි 29 වන සෙනසුරාදා

අනාගත වසංගත ගැන බිල් ගේට්ස්ගෙන් අනතුරු ඇඟවීමක්

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 69

කොවිඩ්වලටත් වඩා භයානක විය හැකි නව වසංගත අනාගතයේ මතුවිය හැකි බවත් ඒ සඳහා ලෝකයේ රට රාජ්ජ සහ පාලකයන් තවම නිසි සූදානමකට පැමිණ නැති බවත් මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස්, පෙන්වා දෙයි. තවදුරටත් ඇතිවිය හැකි අනාගත වසංගතයන්ගෙන් ලෝකය බේරා ගැනීමේ අරමුදලකට දායකවන්නැයි ඔහු බරපතළ ඉල්ලීමක් කර තිබේ.

2014 දී ඉදිරියේදී වඩාත් හානියක් කළ හැකි අන්දමේ කොරෝනා වෛරස වසංගතයක් පැතිර ගිය හැකි බවට අනාවැකි පළකළ මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස්, දැන් මෙලෙස අනාගතයේදී තවත් වසංගත මතුවීමට ඇති අවදානම පිළිබඳව අනතුරු අඟවා තිබේ.

අනාගතයේ එසේ එන රෝග කාරක මර්දනය කිරීමට සහ එන්නත් සැපයුම් වැඩි කරමින් මීළඟ ගෝලීය පිපිරීමට සූදානම් වීම සඳහා ඩොලර් බිලියන ගණනින් දායක වන ලෙස    බිල් ගේට්ස්, රජයන්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු මෙසේ  Covid-19 ට වඩා දරුණු වසංගත පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්තේ Bill - Melinda Gates Foundation සහ UK’s Wellcome Trust විසින් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට එන්නත් ලබාදීම සඳහා Covax වැඩසටහන පිහිටුවීමට උපකාර වූ වසංගත සඳහා නවෝත්පාදනයන් සූදානම් කරන සන්ධානය හෙවත් Epidemic Preparedness Innovation(CEPI) සඳහා ඩොලර් මිලියන 300ක් ලබා දුන් අවස්ථාවේදීය. මෙම (CEPI) යනු නැගී එන බෝවන රෝගවලට එරෙහිව එන්නත් නිපදවීම සහ ස්වාධීන පර්යේෂණ ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීමට සහ රාජ්‍ය, පෞද්ගලික, පරිත්‍යාගශීලී සහ සිවිල් සමාජ සංවිධානවලින් පරිත්‍යාග ලබාගන්නා පදනමකි. නව එන්නතක් නිපදවීමට ගතවන කාලය යන්තම් දින 100කට අඩුකර ගැනීමේ අරමුණින් CEPI ඩොලර් බිලියන 3.5ක් රුස් කිරීමට උත්සාහ කරයි.

2014-2015 ඉබෝලා වසංගතයෙන් පසු වසර පහකට පෙර CEPI පිහිටුවන ලද ආකාරය ඔහු විස්තර කළේය. “අපි දැන් ජීවත් වන්නේ වඩාත් නිරන්තර හා වඩාත් සංකීර්ණ වසංගත සහ වසංගත යුගයක් එලැඹේ යැයි මා සිතන යුගයකයැයි බිල්ගේට්ස් පැවසීය. Covid-19 වසංගතය තුළ එන්නත් සංවර්ධනය සඳහා විශාල අරමුදල් සපයන්නන් දෙදෙනා වන්නේ CEPI සහ එක්සත් ජනපද රජය බව ගේට්ස් පැවසුවේය.” කොවිඩ් වසංගතයට එන්තක් නිපදවීමට සහ එය ඵලදායක ලෙස යොදා ගැනීමට ගතවූ කාලය වැනි පසුගිය වසර 20 තුළ අප ලද අත්දැකීම් අපට උගන්වා ඇත්තේ 

පර්යේෂණ සහ සංවර්ධනය සඳහා මුදල් ආයෝජනය මගින් ජීවිත බේරා ගැනීමට සහ නරකම අවස්ථාවන් වළක්වා ගැනීමට හැකි බවයි. වසර පහකට පෙර, ඉබෝලා සහ සිකා වසංගතවලින් පසුව, CEPI පදනම දියත් කිරීමට හේතුවූ බව ඔහු පෙන්වා දෙයි.

HIV සඳහා එන්නතක් නිර්මාණය කිරීම සහ ක්ෂය රෝගය සහ මැලේරියාව සඳහා වඩා හොඳ එන්නත් නිර්මාණය කිරීම වැනි පවතින ගෝලීය සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා වත්මනෙහි යොදා ගන්නා බොහෝ නවෝත්පාදනයන් අනාගත වසංගතයකට සූදානම් වීම සඳහා ප්‍රයෝජනවත් විය හැකි බව ඔහු පැවසීය.

වසර හතකට පෙර ගේට්ස් මෙලෙසම පැහැදිලි කළේ ලෝකයේ රජයන් වසංගතයකට සූදානම් නැති බවය, කිරීටක වෛරසය මතුවීමෙන් පසු ඔහුගේ ප්‍රකාශ නිවැරදි බව ඔප්පු විය. “ඉදිරි දශක කිහිපය මිලියන 10 කට වඩා මිනිසුන් මරා දමන යමක් මතුවුව හොත්, එය යුද්ධයකට වඩා බෙහෙවින් බෝවන වෛරසයක් වීමට බොහෝදුරට ඉඩ ඇත. යැයි ගේට්ස් එදා 2014දී ටෙඩ් ටෝක් අතරතුර පැවසීය. 

කොරොනා වෛරසයේ Omicron සහ Delta ප්‍රභේද මෙතෙක් දැක ඇති වඩාත්ම සම්ප්‍රේෂණ ඉහළ වෛරස් කිහිපයක් වන අතර, ලෝකයට වඩා ඉහළ මරණ අනුපාතයක් හෝ දරුණු රෝග ඇති කරන රෝග කාරකයකට මුහුණ දීමට සිදු විය හැකි බව ඔහු පැවසීය.

දැන් වසංගතයක් නැවැත්වීම සඳහා අපි ඇත්තටම ඉතා සුළු මුදලක් ආයෝජනය කර ඇත. නමුත් ඊළඟ වසංගතයට අපි තවම  සූදානම් නැත. යැයි කියන ගේට්ස් වසංගත වැළැක්වීම සඳහා ආයෝජනය කරන ලෙස ලෝකයේ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

වසංගත මර්දනයට ලෝකය දැන්  සූදානම් වී ඇති ආකාරය ගැන වසර පහකින් පොතක් ලිවීමට බලාපොරොත්තු වන බව කී ගේට්ස්. වසංගත මර්දන 

පර් ෙය්ෂණ හා එන්නත් ඖෂධ සංවර්ධනය සඳහා බිලියන දස දහස් ගණනක් ගතවනු ඇතැයි පැවසුවේය. “WHO ලෝක සෞඛ්‍ය සංවිධානය මට්ටමේ වසංගත කාර්ය සාධක බලකායක් සඳහා වසරකට බිලියනයක් පමණ වැයවනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. ඔහු කියන අන්දමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය සාධක බලකායක් ගේට්ස් විසින් “විෂබීජ ක්‍රීඩා” ලෙස හඳුන්වනු ලබන ක්‍රියාකාරී වසංගත නිරීක්ෂණ සිදු කරනු ඇත. ගුවන් තොටුපල 10 කදී ජෛව ත්‍රස්තවාදියෙකු වසූරිය මුදා හැරීමට තැත් කිරීම වැනි ඊළඟ අර්බුදයට තුඩු දිය හැකි සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වීමට රටවල් පුහුණු වියයුතු බව ඔහු කියයි. 

අනාගතයේදී ස්වාභාවිකවම ඇති වන වසංගත සහ ජෛව ත්‍රස්තවාදය නිසා ඇති වන වසංගත ඇතිවිය හැකි අතර ඒවා අද අප අත්විඳින දේට වඩා නරක විය හැකි යැයි ගේට්ස් පැවසීය. නමුත් වෛද්‍ය විද්‍යාවේ දියුණුව අපට නව මෙවලම් ලබා දියහැකි  අතර, අපට වඩා හොඳ දෙයක් කළ හැකි බවත් එබැවින් මෙය ප්‍රමුඛත්වයක් දී සැලකිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි. මෙම ගෝලීය වසංගත කාර්ය සාධක බලකාය ඇතුළුව එම ප්‍රතිපාදන සමහරවිට ඊළඟ වසර වනවිට ලබා දිය යුතු වනු ඇති බවටද ඔහු අනතුරු අඟවයි.

මීළඟ වසංගතයට සූදානම් වීමට අවශ්‍ය බොහෝ වැඩකටයුතු අතර එන්නත් මිල අඩු කිරීම, ඒවා නිෂ්පාදනය කිරීමට විශාල කර්මාන්තශාලා තිබීම සහ ඉන්ෆ්ලුවෙන්සා සහ සෙම්ප්‍රතිශ්‍යාව තුරන් කිරීම ඇතුළත් වන බව ගේට්ස් වැඩිදුරටත් පැවසීය. එන්නත් “ඔබේ අතේ තබා ඇති කුඩා පැල්ලමක්” විය හැකි නමුත් වසංගතයක් නොමැති වුවද  ඒ කලින් සුදානම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බව ගේට්ස් පෙන්වා දී ඇත.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05