මෙරට කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම් ඉහළ යාමත් සමඟ නිවෙස්ගත ප්‍රතිකාර සේවාවේ යෙදෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය දේශයට පැවසීය. මේ අතර කොවිඩ් ඔමිෙක්‍රාන් ප්‍රභේදය ආසාදිත වූ රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති අතර මෙහි ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ප්‍රභේදයක් ලෙස සොයාගෙන ඇත.
“මේ වනවිට කොවිඩ් රෝගය ආසාදිතයන්ගේ වර්ධනයක් දිනෙන් දින සිදුවෙමින් පවතිනවා. අවුරුදු 65 දක්වා වැඩිහිටි අයටත් අවුරුදු 2-15 අතර දරුවන්ටත් නිවෙස්ගත ප්‍රතිකාර සේවය හරහා ප්‍රතිකාර ගැනීම දැනට ඇතිකරල තියෙන්නේ. මොවුන්ගෙන් යම් කෙනකුට යම් අසාමාන්‍ය, අසාධ්‍ය තත්ත්වයක් වාර්තා වන්නේ නම් ඔවුන්ව රෝහල් ගත කිරීමටත් කටයුතු යොදවලයි තියෙන්නේ. මේ වනවිට ඔමික්‍රොන් ප්‍රභේදයද ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙනවා.”
යැයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය දේශයට පැවසීය.
කොවිඩ් රෝගය මෙරටින් වාර්තා වූ මුල් කාලයේදී රෝගීන් රෝහල් ගත කළද දිගින් දිගටම රෝගීන් වාර්තා වීමත් සමඟ රෝහල් පද්ධතියට දරාගත නොහැකි ධාරිතාවයත් සමඟ නිවෙස් නිරෝධානය කොට රෝගීන්ව නිවෙස්ගත ප්‍රතිකාර සේවාවක් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් ආරම්භ කෙරිණි. ඒ අනුව අසාධ්‍ය නොවුණු කොවිඩ් රෝගීන් තම නිවෙස් තුළම තබා වෛද්‍ය කණ්ඩායමේ අධීක්ෂණය යටතේ රෝග ප්‍රතිකාර හා උපදෙස් ලබා දෙනු ලැබීය. මෙය ඉතා සාර්ථක සේවාවක් වූ අතර රෝගීන්ගේ සංඛ්‍යාව දරාගත නොහැකි වුණ රෝහල්වලට මෙය මඳ අස්වැසුමක් විය.
රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් නොකරන, අසාධ්‍ය නොවන ආසාදිතයන් රෝහල්ගත නොකොට නිවෙස්ගත ප්‍රතිකාර සේවාව වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශයේ මින් පෙර ගත් තීරණය මේ වනවිටත් ඉතා සාර්ථක ලෙසත් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම සේවාව සඳහා දිවයින පුරා විසිරී සිටින වෛද්‍යවරුන්ගේ සහාය ලැබුණි. මෙම සේවාව ආරම්භ වීමත් සමඟ නිවෙස්වල සිටම වෛද්‍යවරුන් දුරකථන ඔස්සේ ලබාදුන් උපදෙස් හා ප්‍රතිකාර මගින් සුව වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.
“මෙම සේවාව ආරම්භ වූ දින සිට අද දක්වා නොකඩවා මේ නිවෙස්ගත ප්‍රතිකාර සේවාව පවත්වාගෙන යනවා. කෙනෙක් තමන්ට කොවිඩ් ආසාදිත වී ඇති බව දැනගත් දවසේ පටන් මෙම සේවාවට ඇතුළත් වෙන්නැයි අපි උපදෙස් ලබාදීල තියෙනවා. දවස් ගණන වැඩි වීමෙන් සංකූලතා ඇතිවීමේ වැඩිවීමක් සිදුවෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඇතුල් වෙන්න යැයි අපි හැමටම උපදෙස් ලබාදීලයි තියෙන්නේ. කොහොමත් අපේ සේවා පද්ධතියට අලුතින් කොවිඩ් ආසාදිතයකු සම්බන්ධ වීමෙන් පසු ආසාදිතයා සමඟ දුරකථනයෙන් කතා කිරීමෙන් පසුව අපි ඔහුට හෝ ඇයට මෙම සේවා පද්ධතියට ඇතුළත් කරගන්නවා. මේ වෙද්දී ඇතුළත් වෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරනවා. මෙය ඉතාම අවදානම් තත්ත්වයක්....”
යැයි ගල්හේන මහත්මිය වැඩිදුරටත් දේශයට පැවසීය.
කොවිඩ් ආසාදිතයන් වැඩිවීමත් සමඟ ඉදිරි සති දෙක ඇතුළත කොවිඩ් නවරුල්ලක් ඇතිවීමට ඉඩ ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවති. එන්නත්කරණය සිදුකර ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය වුවද නව කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ තවමත් කොවිඩ් එන්නත්කරණය සිදු නොකළ පිරිසක් රට පුරා සිටීම හේතුවෙන් රෝගය වැළඳීමේ ප්‍රවණතාවය වැඩිය.
නිවෙස්ගත ප්‍රතිකාර සේවාව සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටින වෛද්‍යවරුන්ගේ කණ්ඩායමෙන් කෙනකු සෑම කොවිඩ් ආසාදිතයකුටම වෙන්කර ඇති අතර එම වෛද්‍යවරුන් අධීක්ෂණය කිරීමට වෙනම විශේෂඥ වෛද්‍යවරයකු පත්කර ඇත. මේ නිසා ප්‍රමිතියෙන් ඉහළ සේවාවක් සපයා ගැනීමට මේ වනවිට හැකියාව ලැබී ඇත.
මේ වනවිට නිවෙස්ගත ප්‍රතිකාර සේවාව සඳහා හාරදහසකට ආසන්න ප්‍රමාණයක් පද්ධතියට ඇතුළත් වී සිටිති. මෙම පිරිසෙන් එක් එක් ආසාදිතයා වෙනුවෙන් කැපවුණ වෛද්‍යවරයෙක් සිටී. මෙම සංඛ්‍යාව පසුගිය සති දෙකකට පමණ පෙර අඩුවීමක් තිබුණි. නැවත රට පෙර පැවැති සාමාන්‍ය පරිදි විවෘත වීමත්, ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත ආසාදිතයන් වාර්තා වීමත් මෙන්ම පැවැති දිගු නිවාඩු සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සම්බන්ධයෙන් ජනතාව තුළ තිබූ සැලකිල්ලේ අඩුකමත් හේතුවෙන් කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් ඇතිවුණි. මේ වනවිට රෝගීන් හාරදහසකට ආසන්න ප්‍රමාණයක් සක්‍රීයව නිවෙස්ගත ප්‍රතිකාර සේවාව තුළ රුඳී සිටීම එම අවදානම් තත්ත්වය පෙන්නුම් කරන සාධකයකි.
දිශානි ජයමාලි කරුණාරත්න