මිනිසුන්ට මාරාන්තික විය හැකි නව කිරීටක වෛරස් වර්ගයක් සොයාගත් බවට වූහාන්හි විද්‍යාඥයන් පිරිසක් පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමත් සමඟ ඒ ගැන ආන්දෝලනයක් පැතිර ගොස් ඇත. Neocov ලෙස නම් කරන ලද මෙම නව කොරෝනා ෛවරස් වර්ගය වූහාන් විද්‍යාඥයන් විසින් දකුණු අප්‍රිකාවේදී හඳුනාගෙන ඇති අතර එයට ඉහළ මරණ සහ සම්ප්‍රේෂණ අනුපාතයක් ඇති බව කියයි.
මේ වනතුරු NeoCov වෛරසය වවුලන් අතර පමණක් හමුව ඇති නමුත් එහි එක් විකෘතියක් සිදුවුවහොත් ඒ සමඟ එය මිනිසුන්ට ආසාදනය වී මිනිසුන් 3 දෙනෙකුගෙන් 1 අයෙක් මියයාමට තරම් මාරාන්තික විය හැකි අතර ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වනු ඇති බවත් කියයි.
මෙහි විශේෂය වන්නේ දැන් අපට COVID-19 ඇති කරන SARS-CoV-2 වෛරසය මිනිස් සෛල ආසාදනය කිරීමට භාවිතා කරන ප්‍රතිග්‍රාහකයම භාවිත කරමින් වවුලන් ආසාදනය කිරීමට NeoCov වෛරසය සමත් වීමය.
NeoCoV යනු MERS-CoV (මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය ඇති කරන වෛරසය) ට ජාන ලක්ෂණ සහ හැසිරිම් අතින් සමීප ඥාති සහෝදරයකු වැනි බව පර්යේෂකයන් සොයා ගන ඇත. MERS-CoV යනු මාරාන්තික කිරීටක ෛවරසයක් වන අතර එය 35%ට වැඩි මරණ අනුපාතයක් පෙන්නුම් කරන්නකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2012 වසරේ ප්‍රථමවරට ආරම්භ වූ දා සිට, රටවල් 27 කින් MERS රෝගීන් වාර්තා වී ඇති අතර, මුළු මරණ 858ක් වාර්තා වී ඇත. එය SARS-CoV-2 තරම් සම්ප්‍රේෂණය කළ නොහැකි හෝ බෝ නොවන්නකි. මෙයට හේතුව සෛල ආක්‍රමණය කිරීම සඳහා MERS - විසින් DPP4 ප්‍රතිග්‍රාහක ලෙස හැඳින්වෙන වෙනත් ප්‍රතිග්‍රාහකයක් ඒ සඳහා භාවිතා කිරීමයි.
නමුත් MERS-CoV සමඟ සමීපව සම්බන්ධ NeoCoV නව වෛරසය COVID-19 ඇතිකරන වෛරසය වන SARS-CoV-2 සෛලවලට සම්බන්ධවීමට භාවිත කරන ACE2R නමින් හැඳින්වෙන ප්‍රතිග්‍රාහකයම භාවිතා කරන බව පර් යේෂකයන් සොයාගෙන තිබේ. NeoCoV මේ නිසා SARS-CoV-2 ලෙස බහුලව බෝවන බවත් පසුව MERS-CoV තරම් මාරාන්තික විය හැකි බවත් ප්‍රකාශ කිරීමට ඔවුන් උත්සුක වූයේ මේ ගැලපීම් සලකා බලාය
ඒ අනුව නව වෛරසය සම්බන්ධ මෙතෙක් දන්නා සැබෑ සත්‍යය මෙසේය. NeoCov යනු DPP4 ප්‍රතිග්‍රාහක හරහා සෛලවලට ඇතුළු කරන MERS Cov හා සමීපව සම්බන්ධ පැරණි වෛරසයකි. NeoCov හට වවුලන්ගේ ACE2 ප්‍රතිග්‍රාහක භාවිත කළ හැකි නමුත් නව විකෘතියක් සිදුවුවහොත් මිස ඔවුන්ට තවම මිනිස් ACE2 ප්‍රතිග්‍රාහක භාවිත කළ නොහැක. දැන් සමාජය තුළ පැතිර යන භීතියට මූලිකව ඇත්තේ මේ සැක සහිත සමීප සබඳතාවයි
වවුලන්ගේ ACE2R වෙනුවට මානව ACE2R භාවිතා කිරීමට අවශ්‍ය එක් විකෘතියක් ඇති කර ගැනීමෙන් NeoCoV යනු මාරාන්තික නව වසංගතයකට මුල පිරිමක් වනු ඇතැයිද, දැනට SARS-CoV-2 සහ MERS වලට එරෙහි එන්නත් මගින් NeoCoV වලින් ආරක්ෂා වීමට නොහැකි වනු ඇතැයිද යනුවෙන් පර් යේෂකයෝ අණතුරු අඟවා තිබේ. නව මාරකය පිළිබඳ සමාජ භීතීකාව පැතිර ගොස් ඇත්තේ ඒ හේතුවෙනි.
දැනට දකුණු අප්‍රිකාවේ වවුලන් අතර පමණක් පැතිර යන කොරෝනා වයිරස් වර්ගයක් වන මෙම NeoCov වලින් මිනිසුන්ට සිදුවිය හැකි අනතුර පිළිබඳව වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ ගැන දැඩි අවධානය යොමුකරමින් කියා තිබේ.
“නව අධ්‍යයනයෙන් අනාවරණය වූ වෛරසය මිනිසුන්ට අවදානමක් ඇති කරයිද යන්න වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය වනු ඇත” යනුවෙන් පවසා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය සත්ත්ව සෞඛ්‍ය සඳහා වන ලෝක සංවිධානය (OIE), ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ UN පරිසර වැඩසටහන (UNEP) සමඟ &නැගී එන zoonotic වෛරස්වල තර්ජනය නිරීක්ෂණය කිරීම සහ ප්‍රතිචාර දැක්වීම* සඳහා සමීපව කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට සමහර සංවිධාන සහ විද්වතුන් චීනයේ වූහාන් පර් යේෂණාගාරයෙන් නිකුත් කළ මේ අරුම පුදුම හදිසි වාර්තාව ගැන සැකසංකා මුසුව බලති. සමහරු මේ ඉදිරියේ එන්නට නියමිත ඔවුන්ගේ අලුත්ම ජෛව අවිය දැයි ප්‍රශ්න කරති. දැන් මේ කොවිඩ් 19 මහා වසංගතයට හේතු වූ SARS-CoV-2 වෛරසයේ සම්භවය ගැන මුලසිටම සැකයේ ඇඟිල්ල දිගු වූයේද වූහාන් පර්යේෂණායතණය වෙතටය. දැන් මේ වඩාත් මාරාන්තික විය හැකි මාදිලියක් ගැන ඔවුන් වෙතින් එන අලුත් කතාබහ සමහරු දකින්නේ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක් හැටියටය.
සුගත් පී. කුලතුංගආරච්චි