පසුගිය සඳුදා ආණ්ඩුවේ පාලක මණ්ඩලයේ සතිපතා රැස්වීම ලොකු මහත්තයගේ ප්‍රධානත්වයෙන් තිබුණා. පවතින කොවිඩ් කේස් නිසා සූම් එකෙන් තියපු මේ රුස්වීමට ඇමැති සයිස් කට්ටිය සේරම වගේ සැට්වෙලා හිටියා.
මේ පාර රැස්වීම ටිකක් ඉලාස්ටික් මීටිමක් වුණාලු. ඒකට හේතුව රටේ මේ දවස්වල හටගෙන තියෙන ලයිට්/ පෙට්‍රල් ප්‍රශ්න ගැන දිගට කතා කරන්න සිද්ධ වුණු නිසා. පැය තුනහමාරක් දිගට ඇදුණු රුස්වීම ඉවර වුණේ රෑ දහය කිට්ටු වෙලාලු.
ඉතින් මේ ඉලාස්ටික් වෙච්ච පාලක මණ්ඩල රුස්වීම අවසානෙදි අපේ පංචායුධ ඇමැතිතුමා පොඩි ප්‍රකාශයක් කරන්න අවසර ඉල්ලුව. ලොකු මහත්තය අවසරය දුන්න ගමන් පංචායුධ මෙන්න මෙහෙම තමන්ගේ ප්‍රකාශය නිකුත් කළා.
අද රුස්වීම හුඟක් වෙලා ඇදුණු නිසා අපි හැමෝටම මහන්සියි. ඒ වුණත් විශේෂ කාරණාවක් නිසා මට අද හරි සන්තෝසයි කියලා එයා කියනකොට සෙසු ඇමැති සයිස් මහත්තුරැ සන්තෝසෙට හේතුව ප්‍රශ්න කළාලු. එතකොටම නැවතත් පංචායුධ ඇමැතිතුමා මෙහෙම කිව්වලු.
අද මේ තරමින් අපේ රුස්වීම ඉවර වුණේ අහවල් ඇමැතිතුමා (නම කියලා) කිසිම පත්‍රිකාවක් ඉදිරිපත් නොකරපු නිසයි. බැරි වෙලාවත් උන්නැහේ ඒ වගේ පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබුණා නම් මේ රුස්වීම ඉවර කරන්නෙ හෙට හැන්දෑවෙ පහට. ඒ නිසා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකිරීම ගැන මම අපේ ඒ ඇමැතිතුමාට මගේ ගෞරවය ස්තූතිය සහ ප්‍රණාමය පුද කරනවා
පංචායුධ එහෙම කිව්වම එයා ඉලක්ක කළ ඇමැතිතුමා ඇතුළු සියලුම ඇමැතිවරැ සිනා වෙවී විසිර ගියාලු.