මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකයේ සිංහයාගේ චරිතයට පණදුන් දෙවැනි රංග ශිල්පියා වන සමන් බොකලවෙල අප අතරින් වෙන්වූයේ කලකට පෙරය. දැන් පළමු සිංහයාද අපත් මෙලොවත් අතහැර ගොසිනි. 1961 වසරේ පේරාදෙණියේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ මුල්වරට රංගගත වුණ සිංහබාහු නාටකයේ රඟපෑවේ මාක් ඇන්ටනි ප්‍රනාන්දුය. ඔහු හැට ගණන්වල අගභාගය දක්වා එම චරිතයට පණ දී විදේශගත වූයේය. ඉන්පසු 1970 පටන් එම චරිතයට පණ දුන්නේ සමන් බොකලවෙලයි. 1993 නැවත මෙරටට පැමිණි පසු මහාචාර්ය සරච්චන්ද්‍ර සිදුකළ එහි නව නිෂ්පාදනයේ සිංහයාගේ චරිතය මාර්ක් ඇන්ටනි ප්‍රනාන්දු රඟපානු දැකීමේ වාසනාව ප්‍රේක්ෂකයන්ට ලැබිණි.
මාර්ක් ඇන්ටනි ප්‍රනාන්දු රචනා කළ Love, Breeds Sorrow නම් ඉංග්‍රීසි ග්‍රන්ථය 2015 මාර්තු මාසයේදී එළි දුටුවේය. පළමුවෙන් සීනියර් විභාගය දක්වා කොළඹ De laSalle පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ඉන් අනතුරැව වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට ගියේය. ඉන්පසු කුරැණෑගල සාන්ත ආනා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ සාර්ථක ලෙස සරසවියට පිවිසීමේ වරම් ලැබුවේය. ඒ අනුව 1961 පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තෝරා ගැනෙන ඔහු නීති උපාධිය සමත් වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිටව යන්නේ 1965දීය. අනතුරැව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥවරයෙක් ලෙස ඔහු කටයුතු කළේය.
ඔහු පළමු රැකියාව කළේ පුවත්පත් කලාවේදියකු ලෙසයි. ලේක්හවුසියට බැඳී කටයුතු කළ ඔහු මාස 6ක් ඇතුළත ප්‍රධාන කතුවර ධුරයක පත් වූයේය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු පළමු නිෂ්පාදනයට මාර්ක් ඇන්ටනි තෝරා ගැනෙන්නේ නවකයකු වශයෙන් සිටි පළමු වසරේ හෙවත් 1961 දීය. පල්ලියේ ගීතිකා ගැයීමෙන් ලැබූ ආභාෂය ඔහුව තෝරා ගැනීමට හේතු වූ බව ඔහු කියා තිබිණි.
ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ උපදේශක ධුරය දැරෑ ඔහුව ඌව පළාතට පත්කරනු ලැබුවේ එහි ජනතාවගේත්, මන්ත්‍රීවරැන්ගේත්, අමාත්‍යවරැන්ගේත් කටයුතු බලා කියා ගනු පිණිසය. ඔහු 1971 ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය. 1971 එක්සත් රාජධානියට පැමිණි ඔහු සිවිල් සේවාවට බැඳී කටයුතු කළේය. අනතුරැව සොලිසිටර්වරයකු බවට පත්ව එංගලන්තයේ හා වේල්සයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ එම වෘත්තීය කටයුතුවල නියැලුනේය. විශ්‍රාම ගැනීමෙන් අනතුරැව එක්සත් ජනපදයට ගිය ඔහු තම ආචාර්ය උපාධිය එහිදී සම්පූර්ණ කළේය.
නවකතා රචකයකු, කවියකු හා ගායකයකු ද වන ඔහු නාට්‍ය රචකයෙක්ද වූයේය. විනාඩි 40ක් පුරා තනි නළුවකු රඟපාන ඒකාංගික නාට්‍යයක් වූ මමත් මිනිහෙක් නාට්‍ය ඔහුගේ රචනයකි. එය I am also a man යනුවෙන් ඉංග්‍රීසියටද පරිවර්තනය වූයේය. ඔහු කතුවරයකු වශයෙන් සේවය කළ පුවත්පතෙන් සංවිධානය කළ නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය බවට &මමත් මිනිහෙක්* නාට්‍ය පත්වූයේය.
නාට්‍ය කලාව යනු ලොව සියලුම කලාවන් සහ නිපුණතා ඒකරාශි කරන කලාවකි. ඒ තුළ නිරත වන ශිල්පීහුද හිමි නැති නිපුණතා ප්‍රදර්ශනය කරති. මාර්ක් ඇන්ටනි ප්‍රනාන්දු ජීවිතය තුළ කර ඇති නේක විධ කාර්යයන්ගෙන් පෙන්නුම් කර ඇති කුසලතාවන්ගෙන් ඒ බව සනාථ වේ. විශ්ව නාට්‍ය කලාවට අයත් ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍යයේ මාර්ක් ඇන්ටනි චරිතය ලෝකයට වැදගත් වන්නා සේම මාර්ක් ඇන්ටනි ප්‍රනාන්දු අපගේ නාට්‍ය කලාවටත් අපටත් වැදගත් චරිතයකි.
දැන් ඔහුත් ගොසින්ය. එහෙත් ඔහු මුලපිරෑ සිංහ චරිතය, ඔහුත් සමඟ නිරතුරැව අපගේ මතකයේ රැඳී පවතී.
සුමන් පුෂ්ප ලියනගේ