2022 මැයි 29 වන ඉරිදා

ජාතික රාජ්‍යට මොකද වුණේ?

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 56

(මෙහි මුල් කොටස ඉකුත් සතියේ පළවිය)

වර්තමානයෙහි ගෝලීය ප‍්‍රබල ව්‍යාපෘතියක් බවට පත්වන්නේ ජාතික රාජ්‍යය බිඳ වැට්ටවීමේ ක‍්‍රමවේදය බවත්, එය ඩොලරයෙහි ආධිපත්‍ය තුළ පමණක් නොව තවද ඒ සඳහා ප‍්‍රබල ක‍්‍රමවේදීය සැලසුම් ලෝකය තුළ නිර්මාණය වෙමින් පවතින බවත් අප අවබෝධ කරගත යුතුය. මෑත ඉතිහාසය තුළ කොවිඩ්-19 හි ආරම්භය මෙහි ප‍්‍රතිඵලයක් බවත්, ධනවාදය සහ සමාජවාදය අතර ගොඩනැඟුණු අර්බුදය කේන්ද්‍රීයව සමාජවාදී ක‍්‍රමවේදයක් තුළින් එය සමාජගත කිරීමත් දැකිය හැකි වූ අතර එමගින් මේ වනවිටත් මිලියන 62 කටත් වඩා ලෝකයෙහි මිනිසුන් මියගොස් ඇති බවත් පැහැදිලිය. මේ හා සමඟින්ම ලෝකයට ජාලගත ක‍්‍රමවේදය වඩාත් වේගයකින් ගමන් කරමින් තාරුණ්‍ය ඒ හා කේන්ද්‍රගත කිරීමත් බොහෝ අවශ්‍යතාවන්ගේ තෘප්තිය ජාලය හා සම්බන්ධ වන බවත්, ජාලීය ක‍්‍රමය නිසි සංවර්ධන ක‍්‍රම සඳහා උපයෝගී කරගැනීමේ නොහැකියාව තවමත් මිනිසුන් තුළ පවතින බවත්, ඒ තුළින් සත්‍යට වඩා අසත්‍ය පිළිඹිඹු වන බවත්, එහි ප‍්‍රතිඵල ලෙස මේ වනවිටත් පශ්චාද් සත්‍ය යුගයක් නිර්මාණය වී ඇති බවත් දැකිය හැකි වේ. 

ජාතික රාජ්‍ය පිළිබඳ අර්බුදයෙහිදී රුසියාව සහ යුක්‍රේන ගැටලුව එම රටවල් දෙකට පමණක් සීමා නොවන අතර බටහිර සහ නේටෝව සහ රුසියාව අතර අර්බුදයෙහි යුක්‍රේනය ගොදුරු බවට පත්වී ඇති බවත් ඒ තුළ ලෝකයෙහි ආර්ථිකයට පමණක් නොව දේශපාලන ක‍්‍රමවේදයන්ටද ගැටලු නිර්මාණය වී ඇති බවත් දැකිය හැකි වේ.  තෙල් අර්බුදය, ගෑස් අර්බුදය පමණක් නොව ඉදිරියෙහිදී මෙයටත් වඩා ප‍්‍රබල වන ආහාර අර්බුදයේ ප‍්‍රබල සාධකය පවට පත්වන්නේද මෙම අර්බුදය බව පැහැදිලිය.

ජාතික රාජ්‍ය අර්බුදයට රුගෙන යාමේ තවද නිදසුනක් බවට පත්වන්නේ පාකිස්ථානයයි. පාකිස්ථානය දකුණු ආසියානු කලාපයෙහි ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් වන අතර එය බිඳ වැටීමට සැලසීම සරල නොවන්නේ ඉම්රාන් ඛාන් බටහිර විදේශ ප‍්‍රතිපත්තීන්ට එරෙහිවීම සහ රටෙහි න්‍යෂ්ටික ආයුධ තිබීම නිසා පමණක් නොව රුසියාව සහ චීනයත් සමග ගොඩනැගූ සබඳතාද නිසාය. ශ‍්‍රී ලංකාවද ආසියාවෙහි ප‍්‍රධාන භූ දේශපාලනික කලාපයෙහි රටක් වශයෙන් ප‍්‍රබල ආර්ථික ගැටලු තුළින් දේශපාලනික අර්බුදයකට මුහුණ දී තිබේ. යේමනයෙහි සහ සුඩානයෙහිද ශ‍්‍රී ලංකාව මෙන්ම ගැටලු නිර්මාණය වී ඇති බවත් ඒ අනුව ලෝකයෙහි විවිධ රටවල මේහා සමාන ගැටලු නිර්මාණය වී තිබෙන බවත් පැහැදිලිය.

වර්තමාන බල කේන්ද්‍රීය ලෝකය තුළ ව්‍යාජ ලෙස පුද්ගල ප‍්‍රතිරෑප බිඳ වැට්ටවීම සහ ගොඩනැංවීමද දැකිය හැකිය. බටහිර අර්ධ අර්ධගෝලයෙහි පළමු සමාජවාදී රාජ්‍ය බිහිකළ ලිබියානු නායක පිදෙල් කස්ත්‍රෝගේ ප‍්‍රතිරෑපය බිඳ දමමින් ඔහුගේ විනාශයද සිදු කරමින් එම රටද අස්ථාවර කළේය. රුසියානු නායක පුටින්ගේ ප‍්‍රතිරෑපය බිඳ දමන්නේද රට තුළ රෑබලය බිඳ වට්ටවමින්, ජනතාවගේ රුකියා සහ ආදායම් මට්ටම් සහ ජීවන තත්ත්වයන්ට බලපෑම් එල්ල කරමින්ය. මේ වනවිටත් ව්‍යාපාරික පන්තියට සම්බාධක පනවමින් ඒ තුළ අර්බුද ගොඩනංවා තිබේ. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ නේටෝවෙහි  ප‍්‍රධානියා මේ වනවිටත් පෙන්වා දී ඇත්තේ මෙය දිග්ගැස්සෙන යුද්ධයක් බවට පත්වන බවත් රුසියාවෙහි පුටින්ට බලයේ සිටීමට අයිතියක්ද නැති බවත්ය. එමෙන්ම රුසියානු නායකතුමාද මෙම සම්බාධක තුළින් මුලු යුරෝපයම අස්ථාවර වන බවත් ප‍්‍රකාශ කොට ඇත. 

වර්තමානය වනවිට ලෝකයෙහි ජාතික රාජ්‍යය බිඳ වැට්ටවීමේ ගෝලීය ක‍්‍රමවේදය පිළිබඳ නිවැරදි අවබෝධය අප වැනි රටවලට තිබීම අත්‍යවශ්‍ය වන බවත්, ඒ පිළිබඳ අවබෝධය නොමැති වුවහොත් අර්බුදයෙන් අර්බුදයට ගමන් කිරීමට ශ‍්‍රී ලාංකීය සමාජයට නිරන්තරයෙන්ම සිදුවනු ඇති බවත් පැහැදිලිය. මේ අනුව ගෝලීය බල අරගලයෙහි ප‍්‍රතිඵල ලෙස විදේශීය හමුදාවන්හි ශ‍්‍රී ලංකා ආගමනයටද අනාගතයෙහි හේතු විවර විය හැකි බවත්, ඒ සඳහා අවශ්‍ය ක‍්‍රමවේදය දේශීය දේශපාලන බර අරගලයද නිර්මාණය කරන බවත් වර්තමානය තුළින් පැහැදිලි කරගත හැකිය. මෙවැනි ගැටලු අවස්ථාවකදීවත් දේශපාලනිකමය වශයෙන් ඒකීය ක‍්‍රමවේදයකට පැමිණ රාජ්‍ය සහ සමාජ ස්ථාවරය සඳහා අවශ්‍ය ක‍්‍රමවේද සහ සැලසුම් නිර්මාණය නොකරන බවට අදාළ විඤ්ඤාණය ඔවුන් විසින්ම ජනතාව තුළ ගොඩනැගීමත් දැකිය හැකිය. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික ගැටලුව මගින් සමාජ අස්ථාවරත්වය නිර්මාණය කොට එය පෝෂණය වීමට ඉඩ සැලසීමද මෙහිදී දැකිය හැකි අතර ඒ කිනම් හෝ බලපෑමක් තුළින් සිදුවන ආකාරයත් පැහැදිලි කරගත යුතු වේ.

ඒ අනුව ශ‍්‍රී ලාංකේය සමාජය තුළ මෙම මතු කොටගත් ගැටලු යනු නිර්මාණාත්මක චින්තනයෙහි බිඳ වැටීමෙහි ගැටලු බවත් පැහැදිලිය. නිර්මාණාත්මක බව බිඳ වැටුනු තැන මිනිසාගේ ගොදුර බවට මිනිසාම පත්වනු ඇත. ඉතිහාසයෙහි සිටම නව නිර්මාණාත්මක ක්ෂේත‍්‍ර රටට හඳුන්වා නොදීමත්, තරුණයන්ගේ ජවසම්පන්න බව සහ නිර්මාණාත්මක හැකියාව තේරුම් නොගනිමින් කටයුතු කිරීමත්, විශ්වවිද්‍යාල උපාධිධාරීන්ව නිවැරදිව සංවර්ධන ක්ෂේත‍්‍රයන්ට යොමු නොකිරීමත්, ඔවුන්ගේ දැනුම් හැකියාවන් සහ පෞරුෂයන් සමාජයට නිවැරදිව එකතු කිරීමට කටයුතු නොකිරීමත්, මෙම අර්බුදයට හේතුවෙයි.

ඒ අනුව මිනිස් ශ‍්‍රමය නිසි ආකාරයට සැලසුම් කරමින් සංවර්ධන සමාජයකට අවශ්‍ය ප‍්‍රතිපත්ති සහ සැලසුම් නිර්මාණය කිරීම අතිශය වැදගත් වේ. විශේෂයෙන් ශ‍්‍රී ලාංකේය තාරුණ්‍ය රාජ්‍ය සංවිධානය හා නිසි ක‍්‍රමවේද හා සැලසුම් ඔස්සේ සම්බන්ධ කර ගැනීම අත්‍යවශ්‍ය වන අතර ඔවුන්ට නිවැරදි නායකත්ව පවරාදීමේ ක‍්‍රමවේද තුළින් සමාජයෙහි සංවර්ධනයෙහි වගකීම් පැවරීමේ කටයුතු සැලසුම් කිරීම අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා විශ්වවිද්‍යාල සියලු උපාධිධාරීන් නිරන්තරයෙන්ම වගකීම් සහිතව එම සංවර්ධන ක‍්‍රියවලියට ඉතිහාසයෙහි සිටම සූදානම් බවත් අපට අවබෝධ කරගත හැකිය. එසේ නොමැති වුවහොත් තරුණ්‍යයෙහි ශක්තිය සහ ජවසම්පන්න බව සමාජ අර්බුද සඳහා ගමන් කිරීමට ඉඩ ඇති බවත්, නිසි ක‍්‍රමවේදයකට එම ශක්තීන් සමාජගත නොවනු ඇති බවත් සමාජ ඉතිහාසයෙහි අත්දැකීම් තුළින් අපට කියවා ගත හැකිය. ඒ අනුව දේශපාලන බල අරගලවලින් ඉවත්ව ශ‍්‍රී ලාංකේය සමාජය ගොඩනැංවීමට එකා මෙන් අප සැවොම එක්විය යුතු වේ.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05