ආර්ථික අර්බුදයට පෙර දේශපාලන අර්බුද විසඳාගත යුතුය. ආර්ථික අර්බුද විසඳීමට නම් දේශපාලන ස්ථාවරයක් තිබිය යුතුය. මේ ආදී අදහස් පසුගිය කාලය පුරාවට ඉතා ප්‍රබල ලෙස ලාංකීය දේශපාලන සාමාජය අභ්‍යන්තරයේ මුල් බැසගෙන තිබුණි. විසි එක්වැනි සංශෝධනය නම් වූ විසඳුම යෝජනා වන්නේද එහි ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව විසි එක සම්බන්ධ බොහෝ වැඩ කටයුතු මේ වනවිටත් අවසන් වී ඇති බව කියැවේ. එහෙත් විසි එක්වැනි සංශෝධනය කැබිනට්ටු අනුමැතිය ලැබීම නම් ක්‍රියාවලියේ යම් පමාවක් වෙයි. අප ඒ පිළිබඳ සහ විසි එක සම්බන්ධ ඉදිරිපත් වී ඇති පක්ෂ යෝජනා සම්බන්ධ සොයා බැලීමට තීරණය කළෙමු.
විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉකුත් සතියේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වෙතැයි බොහෝ දෙනෙක් බලා සිටියහ. එහෙත් අවසාන මොහොතේ කෙටුම්පත කැබිනට්ටුව වෙත ඉදිරිපත් වීමෙන් පසු කටයුතු මන්දගාමී විය. එමනිසාම විසි එක් වැනි සංශෝධනය පිළිබඳ කතිකාව තවත් දික් ඇදුණි.විසි එකටත් බාලගිරිද ඇතැමෙක් ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් ඉකුත්දා දැනගැනීමට ලැබුණේ විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේදී සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් කල්තබනු ලැබ ඇති බවකි.
21 සම්බන්ධ අදාළ යෝජනාව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා කටයුතු ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට සඳුදා (06) රාත්‍රියේ ඉදිරිපත් කරනු ලැබීය. පක්ෂ නායකයන් සමග පැවති සාකච්ඡාවලදී ඉදිරිපත් වූ සංශෝධන සහිතව ඇමැතිවරයා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි. සමස්ත රටේම අවධානය මේ වෙත යොමුව තිබූ අතර මෙදින සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඉතා කඩිනමින් සංශෝධනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්වනු ඇති බව කියැවුණි. මාධ්‍යයේද ඉහළ අවධානයක් මේ වෙත යොමුව තිබුණේ ඒ නිසාවෙනි.
කෙසේ වෙතත් එදින අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේදී යෝජනා වී ඇත. ඒ අනුව එළඹෙන සතියේදී කැබිනට් මණ්ඩලයේදී ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට යෝජනා වී තිබේ. මේ පිළිබඳ අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද පවසා තිබුණේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඉදිරි සඳුදා දිනයේ කැබිනට් අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බවකි.
මේ අතර 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ලබන සතියේ අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී සාකච්ඡා ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද කැබිනට් තීරණ දැනුම් දෙමින් පවසා තිබුණි. “21 පිළිබඳව ඉතාම සරල ලෙස සියලුදෙනාගේ එකඟතාව එලෙසින්ම ලබාගන්න ටිකක් අසීරුයි” ඔහු එහිදී සඳහන් කර තිබුණි. එහෙත් ඒ පිළිබඳ උනන්දුව රජයට තවදුරටත් ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
“ඊයේ විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරලා ඒ ඇති වෙච්ච සංශෝධන කෙටුම්පත අපිට කැබිනට් මණ්ඩල අවසානයේදී ලබාදුන්නා. ඒක අපේ අතට ලැබුණේ කැබිනට් මණ්ඩලය අවසානයේදී ඒ විවිධ දේශපාලන පක්ෂ නායකයින් සමග හුවමාරු වෙච්ච අදහස් අනුව කලින් ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනයට තවත් සංශෝධන එහි ඇතුළත් කරලා තිබුණා. ඒ පිළිබඳව ඊළග සතියේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා ආරම්භ වෙයි කියලා අපි හිතනවා.”
පෙනී යන ආකාරයට සංශෝධනය සම්බන්ධයෙන් නිර්මාණය වී ඇත්තේ තවත් දේශපාලන අර්බුදයකි. ආණ්ඩුවට සහාය දක්වන පාර්ශ්ව අතර සංශෝධනය සම්මත කරගැනීම සඳහා පොදු එකඟතාවක් නිර්මාණය කර ගැනීමට දුෂ්කර කාර්යයක් වී ඇති බව පෙනී යයි. ඉකුත්දා පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ හමුවේද එය මනාව නිරෑපණය වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එක්තරා හිටපු ඇමැතිවරයෙක් පෝලිම් නිමා කොට සංශෝධනය ගෙන ආයුතු බව කියත්දී තවත් හිටපු ඇමැතිවරයක් පවසා ඇත්තේ ජනාධිපතිවරයා 21ක සාකච්ඡාවට ප්‍රසිද්ධියේ එකඟතාව පළකර ඇති පසුබිමක මෙය පාර්ලිමේන්තුවට රුගෙන ඒම කල් දැමිය නොහැකි බවකි.
පැහැදිලිවම මෙම සංශෝධනය කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේ ආණ්ඩු පක්ෂ විසිනි. එසේ නොවූවහොත් මේ සම්බන්ධ පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට නොයනු ඇත. විපක්ෂ විසින් දැනටමත් පාර්ලිමේන්තු සංශෝධනය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඇති මුත් පාර්ලිමේන්තු ක්‍රමවේද අනුව ඒවා සඳහා ප්‍රමුඛතාව නොලැබේ. ප්‍රමුඛතාව ලැබෙන්නේ අදාළ කෙටුම්පත ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබූ විටදීය. එම නිසාම 21ක සම්බන්ධ ආණ්ඩුවේ අභ්‍යන්තරික එකඟතාව මේ මොහොතේ තීරණාත්මක වී තිබේ.
මෙම සංශෝධනයේ ඉලක්කය තමා යන මතයේ රුඳෙමින් ඉකුත් සතියේ සිදුවූ බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමට මෙම සංශෝධනය සම්බන්ධ කතිකාව හා සබැඳෙයි. බැසිල් ඉවත් වීමෙන් සංශෝධනය සඳහා ඇති උනන්දු අඩුවෙතැයි පාර්ශ්වයක් විශ්වාස කරයි. එහෙත් බැසිල් ඉවත්වීම හරහා 21ට මනාප වීමට පොහොට්ටුවේ පිරිසකට වූ බාධාව ඉවත් වූ බව තවත් පිරිසක් කියා සිටිති. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ ඉවත් වීමත් සමඟ සංශෝධනයේ අනිවාර්ය අංගයක් වූ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ යෝජනාවට විරුද්ධ වීමට පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් හට ඇති හැකියාව අහෝසි වී ගියේය. අනෙක් පසින් ඔවුන් කෙරෙහි වන බැසිල් රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් සංශෝධනයට විරුද්ධ වන්නේය යන චෝදනාද අවලංගු වී ඇත.
ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන අර්බුද සේම මෙම සංශෝධනය සම්බන්ධ විපක්ෂයේ එකඟතාද සලකා බැලිය යුතුය. මන්ද සංශෝධනය සම්මත වීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවැසිය. කෙසේ වෙතත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳ සියලු පාර්ශ්ව අතර පොදු එකඟතාවකට ඉකුත්දා පැවැති පක්ෂ නායක රුස්වීමේදී පැමිණීමට සමත්විය. කෙසේ වෙතත් සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු මෙම කණ්ඩායම කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දක්වයිද යන්න තවදුරටත් පැහැදිලි නොමැත.
අවසානයේ සඳහන් කළ යුත්තේ සංශෝධනය සමස්ත අර්බුදයට විසඳුම නොවන බවයි. එය අර්බුදය විසඳීමට මුලපිරීමක් පමණි. එම මුලපිරීම පවා මේ ආකාරයට අර්බුද රුසකට තුඩුදීම අප කෙරෙහි ඇති කරනුයේ යහපත් බලාපොරොත්තුවක් නොවේ. දේශපාලන අර්බුදය විෂය වන්නේ දේශපාලනඥයන්ට සහ සිවිල් ක්‍රියාකාරීන්ටය. ආර්ථික අර්බුදය මහජනතාවගේය.
චමිඳු නිසල් ද සිල්වා