ග්‍රහ මණ්ඩලයේ පෙරළිකාර වූත් අවාසනාවන්ත වූත් සිදුවීම් ඇති කිරීමට සමත් වූ සෙනසුරු ග්‍රහයා වක්‍ර ගමනින්ම 2022 ජූලි මස 12 වන කුජ දින දහවල් 2 පසුවී විනාඩි 50ට සෙනසුරුට අයත් වූ මකර රාශියට පිවිසී 2023 ජනවාරි 17 වැනි දින දක්වාම මකර රාශියෙහි ගමන් කරනු ඇත. මීට ප්‍රථම 2020 ජනවාරි 24 වන දින සිට 2022 අප්‍රේල් 29 වන දින දක්වාම සෙනසුරු මකර රාශියෙහි ගමන් කළ අතර එහිදී අයහපත් ප්‍රතිඵල ලැබුණි.
සෙනසුරු මකර රාශිගතව ගමන් කරන මෙම කාල වකවානුව මුළු විශ්වයටම ඉතා අයහපත් වූ බලපෑම් ඇති වන කාලයක් වනු ඇත. විශේෂයෙන් අප රට කෙරෙහි ඇතිකරන තත්ත්වය විමසා බැලීමේදී අප රටේ යළිත් වරක් සියලුම වැඩ කටයුතු අඩපණ වෙමින් අඳුරු යුගයකට පත්වනවා ඇත. ව්‍යාපාරික ස්ථානවලට ආදායම් නොමැති වී යාම හේතුවෙන් එම ආයතනවල සේවා කටයුතුවල නිරත සේවකයන්ගේ රැකියා අහිමි වී යන අතර ඇතැම් ආයතන වසා දැමීමද සිදුවනු ඇත. ජනතාවට අත්‍යවශ්‍ය කටයුතු පවා සිදුකර ගැනීමට නොහැකි වන කාලයක් වනු ඇත. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටද ඉතා තද බලපෑම් ඇතිවන අතර ඇතැම් පාසල් වසා දැමීමටද සිදුවෙයි. නැවත වරක් ගෙදර සිට පාඩම් වැඩ කිරීමට සිදුවන කාලයක් බවට පත්වනු ඇත. බන්ධනාගාර ආශ්‍රිතව අශුභ සිදුවීමක්ද වාර්තා වන අතර ඒවායේ හදිසි ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවීමත් ආරක්ෂක අංශ සමග ගැටුම් ඇතිකර ගැනීම්ද ඇතිවන කාලයක් බැවින් ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුයි. රට තුළ ජීවත්වන වයස්ගත පුද්ගලයන්ගේ අභාවයන් වැඩිවන කාලයක් වන අතර ප්‍රසිද්ධ කලා ශිල්පීන් ශිල්පිනියන්, රංගන ගායන ක්ෂේත්‍රවල නියැලි අයට විපත්ද මාරකද වැඩිවන කාලයකි.
රටේ ආර්ථිකය ඉතාමත් දරුණුම ආකාරයට පහළටම යන අතර විවිධ වූ හේතු මත නිවාසවල ජනතාව අතර යම් යම් ගැටුම් ඇති කර ගැනීම් ඇතිවන අතර ඒ නිසා ඝාතනය කිරීම්ද නිරන්තරයෙන් අසන්නට ලැබෙනු ඇත. නැවත වරක් වෛරස් රෝග තත්ත්වයක්ද ව්‍යාප්ත වන අතර එයට අවශ්‍ය ඖෂධ රෝහල්වල නැති වී යාමෙන්ද ජනතාව තව තවත් අසරණ වීමෙන් තම ජීවිතවලින් විශාල වශයෙන් වන්දි ගෙවීමට සිදුවන කාලයක් වනු ඇත. මෙම වකවානුව තුළ රට යම් කාල සීමාවකට හෝ වසා දැමීමට සිදුවනවා ඇත. මෙම තත්ත්වය මත රජය පවත්වාගෙන යාමටද රාජ්‍ය පාලකයන්ට අසීරු වන කාලයක් වෙයි. රාජ්‍ය පාලනයේ යම් යම් වෙනස්කම් ඇතිකිරීමටද සිදුවන්නේය. රට තුළ ජීවත්වන ජනතාවගේ රුකියා නොමැති වී යාම්ද ඇතිවේ. රාජ්‍ය සේවකයන්ටද ගෙවීමට ප්‍රමාණවත් මුදල් රජයට නොමැති වීමේ ගැටලුවක් මතුවේ. රටේ යම් යම් ආයතන රාජ්‍ය ආයතන තාවකාලිකව වසා දැමීමටද කටයුතු කරන කාලයක් වේ. රාජ්‍ය පාලනය කරන ප්‍රධානියකු හට ඉතා අශුභ වන අතර තම වගකීම්වලින් ඉවත්වීමටද සිදුවන කාලයක් වේ. පවතින අර්බුදකාරී තත්ත්වයන් තව තවත් තීව්‍ර වී පීඩාකාරී තත්ත්වයකට රට පත්වනු ඇත.
• මේෂ - විදේශ ගමන්
ඔබ අයහපත් නොවන අතර අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. රැකියාව ආශ්‍රිතව පැවති ප්‍රශ්න මගහැරී යනු ඇත. දුරගමන් විදේශ ගමන් යාමට අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ට වනු ඇත.
• වෘෂභ - නව රැකියා
වැඩි වශයෙන් ආගමික කටයුතුවලට මුල් තැන දෙමින් කටයුතු කරන කාලයක් වේ. ඔබ කරන කටයුතු සාර්ථක වන කාලයක් වන අතර කෙටි ගමන් අධිකව යෙදෙනු ඇත. නව රුකියා බලාපොරොත්තු වූ අයට යහපත්ද වේ.
• මිථුන - මිතුරන්ගෙන් ප්‍රශ්න
ඔබට අයහපත් කාලයක් වන අතර ඔබ කරන කටයුතුවලට බාධා ඇතිවීම්ද මිතුරන්ගෙන් ප්‍රශ්න ඇතිවීමත් හදිසි ශරීර පීඩා අනතුරුවලට ලක්වීමක්ද සිදුවන කාලයක් බැවින් පරිස්සම් වන්න.
• කටක - මංගල යෝජනා
ඔබට යහපත් වන අතර ඔබ කරන කටයුතු සාර්ථක බවට පත්කර ගත හැකි කාලයක් වේ. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ආගමික කටයුතුවලටද වැඩි වශයෙන් සහභාගී වනු ඇත. ආර්ථික වාසිද අත්වනු ඇත.
• සිංහ - සතුරන් පාලනය වේ
ඔබට එරෙහිව පැවතියා වූ යම් යම් සතුරු උපද්‍රව පාලනය කරගත හැකි කාලයකි. විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ට වනු ඇත. විශාල ආයෝජන කිරීමෙන් වැළකීම වැදගත් වේ.
• කන්‍යා - ලිංගික බැඳීම්
අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වන අතර විරුද්ධ ලිංගික බැඳීම්ද ඇතිවනු ඇත. ගෙදරට වඩා පිට ස්ථානවල වැඩි වශයෙන් ගමන් යෙදෙන අතර ඇස්වල පීඩාවක් ඇතිවනු ඇත.
• තුලා - පපුවේ අමාරු
ඔබට යහපත් ඵල ඇතිවන අතර ඔබට එරෙහි සතුරු උපද්‍රව පාලනය කරගත හැකි කාලයක් වේ. විදේශ ගමන් අපේක්ෂාවන්ද ඉෂ්ඨ කරගත හැකිවනු ඇත. පපුව ආශ්‍රිත පීඩාවක්ද මතුවනු ඇත.
• වෘශ්චික - සිතේ අසහනය
ආගමික කටයුතුවලට වැඩි වශයෙන් කාලය යොදවන අතර සිතේ සහනය අඩුවනු ඇත. විදේශ ගමන් බලාපොරොත්තු ඉෂ්ට කරගත හැකි වන අතර පිටස්තර අයහපත් උදව් උපකාර නොලැබී යන කාලයක්ද වේ.
• ධනු - තැන්පත් වැයවේ
ඔබට යහපත් නොවන අතර ආර්ථික අවාසි ඇතිවන අතර තැන්පත් ධනයද වියදම් වී යන කාලයක් වේ. අවදානම් සහිත ස්ථානවල ගමන් කිරීමෙන් වැලකී සිටිය යුතුවේ.
• මකර - කැපී පෙනේ
ඔබට යහපත් වන අතර අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. තමාගේ බලාපොරොත්තු ඉෂ්ට වනු ඇත. ඇස්වල පීඩාවක් ඇතිවනු ඇත.
• කුම්භ - මූල්‍ය පාඩු
ඔබට අයහපත් වන අතර විශාල මූල්‍ය පාඩු ඇතිවනු ඇත. පවුල් දිවියේ සමගියටද බාධාවීම් ඇති වනු ඇත. නිතර උදාසීන ගති ඇතිවන අතර සතුරු උපද්‍රව ඇතිවීම්ද හදිසි ශරීර පීඩාද ඇතිවීම්ද වනු ඇත.
• මීන - භූමියෙන් ලැබීම්
හවුල් කටයුතුවලින්ද ඵල ලබන ආගමික කටයුතු වලට සහභාගි වීම් වැඩිකරන පිටස්තර අයගෙන් උදව් උපකාර හිමිවන කාලයක් වන අතර භූමිය ආශ්‍රිතව ලැබීමක්ද ඇතිවනු ඇත.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය, ගෝනපල