ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ප්‍රසිද්ධ ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි මෙවර සිය 60 වැනි උපන් දිනය සැමරීම සඳහා, ඩොලර් බිලියන 8ක් පුණ්‍යායතන සඳහා පරිත්‍යාග කිරීමට කටයුතු කළේය.
අදානි පදනම මෙම පරිත්‍යාගය අධීක්‍ෂණය කරන අතර, එම මුදල් රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය සඳහා යොදාගනු ඇත. මෙම කැපවීම සිදුකළ දිනයේ තම පියා වන ශාන්තිලාල් අදානිගේ 100 වැනි උපන්දිනයද සැමරෑ බව ගෞතම් කියා තිබුණි. &ඉන්දියානු ඉතිහාසයේ පදනමකට සිදුකරන ලද විශාලතම මුදල් ගෙවීම් වලින් එකක් බව මාධ්‍ය පෙන්වා දී තිබේ.
1996 දී එය ආරම්භ කළ දා සිට, ගෞතම්ගේ බිරිඳ ප්‍රීති අදානිගේ ප්‍රධානත්වයෙන් යුත් අදානි පදනම, ඉන්දියාවේ ග්‍රාමීය අභ්‍යන්තර ප්‍රදේශවල සමාජ මුල පිරීම්වල නිරත වී ඇත. එහි වෙබ් අඩවියට අනුව, එය ඉන්දියාවේ ප්‍රාන්ත 16 ක ගම්මාන 2,409 ක මිලියන 3.7 කට වැඩි ජනතාවක් වෙත ළඟා වී තිබේ.
ඉන්දියාවේ පළමු පරම්පරාවේ ව්‍යාපාරිකයකු වන වයස අවුරුදු 60 සැපිරෑ ව්‍යාපාරික අධිරාජ්‍යයා, මේ පරිත්‍යාගයත් සමඟ ඔවුන්ගේ ධනයෙන් විශාල ප්‍රමාණයක් පුණ්‍ය කටයුතු සඳහා ලබාදුන් වොරන් බෆට් සහ මාර්ක් සකර්බර්ග් වැනි ලොව ධනවත්ම පුද්ගලයින් අතරට එක් වේ. නමුත් අදානි විසින් පොරොන්දු වූ පරිත්‍යාගය 2021 දී Bill සහ Melinda Gates ඔවුන්ගේ පදනමට ලබාදුන් මුදලින් අඩක් පමණ වේ.
ගෞතම් අදානි යනු ඉන්දියාවේ සහ ආසියාවේ ධනවත්ම පුද්ගලයාය. බ්ලූම්බර්ග්ට අනුව, ඔහු 2022 මැයි 11 වැනි දිනට වොරන් බෆට්ට පසුව සහ ලැරී පේජ්ට පෙර ලෝක ප්‍රකෝටිපති ලැයිස්තුවේ සිටින පස්වැනියා වේ. Bloomberg Billionaires Index අනුව, අදානිගේ ඇස්තමේන්තුගත ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 92 කට ආසන්නය.
ඔහුගේ සමාගම්වල කොටස් මිල අධික ලෙස ඉහළයාමේ ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ අදානි ඔහුගේ ධනය ඩොලර් බිලියන 15කට වඩා වැඩි කරගෙන ඇත. ඉන්දියාවේ විශාලතම වරාය ක්‍රියාකරු වන Adani Enterprises, Adani Power සහ Adani Transmissions හි 75% කොටස් ඔහු සතුය. ඔහුට Adani Total Gas හි කොටස් 37%ක්ද, Adani Ports සහ විශේෂ ආර්ථික කලාපයෙන් කොටස් 65%ක් සහ Adani Green Energy හි කොටස් 61%ක් ඉන්දියාවේ පිහිටා ඇත.
1988 දී කුඩා කෘෂි වෙළෙඳ සමාගමක් ලෙස ආරම්භ වූ අදානි සමූහ ව්‍යාපාරය වෙළෙඳාම, පතල් කැණීම, ප්‍රවාහනය, නිෂ්පාදනය සහ විදුලිය බෙදාහැරීම යන ක්ෂේත්‍රවල විශේෂත්වයක් දක්වන සමූහ ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත. මෑතකදී එය සිමෙන්ති, දත්ත මධ්‍යස්ථාන, ගුවන් තොටුපළ සහ පුනර්ජනනීය බලශක්තිය දක්වාද ව්‍යාප්ත වී ඇත.
ගෞතම් අදානි 1962 ජූනි මාසයේදී බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ශාන්තිලාල් සහ ශාන්ති අදානිට දාව අහමදාබාද්හි උපත ලැබීය. ඔහුගේ පියා ගුජරාටයේ උතුරු ප්‍රදේශයේ තාරාඩ් නගරයෙන් සංක්‍රමණය වූ කුඩා රෙදිපිළි වෙළෙන්දෙකි. ගෞතම් ගුජරාට් විශ්ව විද්‍යාලයේ වාණිජවේදී උපාධියක් සඳහා ලියාපදිංචි වූ නමුත් ඔහු දෙවැනි වසරෙන් පසු එයින් ඉවත් විය. ව්‍යාපාර කෙරෙහි ඇති ඇල්ම ඔහු 1978 දී මුම්බායි වෙත ගෙන ගිය අතර එහිදී ඔහු දියමන්ති වර්ග කිරීමට මහේන්ද්‍ර සහෝදරයන්ට උදව් කළේය. ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන මහසුක්භායි අදානි අහමදාබාද්හි ප්ලාස්ටික් ඒකකයක් මිල දී ගෙන මෙහෙයුම් කළමනාකරණය කිරීමට ඔහුට ආරාධනා කළ විට ඔහුගේ ව්‍යාපාරික ලැදියාව වර්ධනය වීමට පටන් ගත් අතර පොලිවිවයිල් ක්ලෝරයිඩ් ආනයනයේ ගෝලීය වෙළඳාම සඳහා මුල් පියවර තැබීමට ඔහු ඉක්මනින්ම මෙයින් ප්‍රයෝජන ගත්තේය.
1985 දී ඔහු කුඩා පරිමාණ කර්මාන්ත සඳහා ප්‍රාථමික පොලිමර් ආනයනය කිරීම ආරම්භ කළේය. 1988 දී, ඔහු කෘෂිකාර්මික සහ බලශක්ති වෙළෙඳ භාණ්ඩවල මුලින් ගනුදෙනු කරන ලද භාණ්ඩ ආනයනය සහ අපනයනය කිරීම සඳහා සමූහයේ ප්‍රමුඛ සමාගම වන අදානි එන්ටර්ප්‍රයිසස් පිහිටුවන ලදී.
ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා 1994 දී මුන්ද්‍රා වරායේ කළමනාකරණය බාහිරයට ලබා දෙන බව ප්‍රකාශ කළ අතර, 1995 දී අදානි එම කොන්ත්‍රාත්තුව ලබාගත්තේය. ඉන්පසුව ඔහු පළමු ජැටිය පිහිටුවීය. එය මුලින් මුන්ද්‍රා වරාය සහ විශේෂ ආර්ථික කලාපය විසින් පවත්වාගෙන ගිය නමුත් පසුව එය අදානි වෙත මාරුකරන ලදී. ඉන්දියාවේ විශාලතම වරාය නිර්මාණය කිරීම සඳහා ඉන්දියාව පුරා ඉඩම් හිමියන් 500කට අධික ප්‍රමාණයක් සමඟ තනි තනිව සාකච්ඡා කිරීමෙන් එය වාණිජ වරායක් බවට පත් කිරීමටත්, එයට දුම්රිය හා මාර්ග සම්බන්ධතා ගොඩනගා ගැනීමටත් අදානි කටයුතු කළේය.
අද වනවිට සමාගම ඉන්දියාවේ විශාලතම පෞද්ගලික බහු-වරාය ක්‍රියාකරු වන අතර, වසරකට භාණ්ඩ ටොන් මිලියන 210 කට ආසන්න ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව ඇත. එතැන් සිට, මේ සමූහය ඉන්දියාවේ මෙන්ම ලොව පුරා වාර්තාගත ස්ථානයක් අත්කරගෙන ඇත. 1996 දී, Adani Power ආරම්භ කරන ලද අතර රටේ විශාලතම පෞද්ගලික තාප විදුලි නිෂ්පාදකයා හැටියට 4620MW නිපදවමින් නමක් දිනා ගත්තේය. සමූහය 2006 දී විදුලි ජනන ව්‍යාපාරයට අවතීර්ණ වූ අතර 2009 සිට 2012 දක්වා ඕස්ට්‍රේලියාවේ ඇබොට් පොයින්ට් වරාය අත්පත් කර ගැනීම හරහා ද ව්‍යාප්ත විය.
ගෞතම් අදානි විවාහ වී සිටින්නේ ප්‍රීති සමඟ වන අතර ඔවුන්ට දරුවන් දෙදෙනෙක් සිටිති. 1998 දී ඔහු පැහැරගෙන ගොස් කප්පම් ගැනීම සඳහා ප්‍රාණ ඇපයට තබාගත් නමුත් මුදල් එකතු නොකර නිදහස් කරන ලදී. 1996දී ආරම්භ කරන ලද අදානි පදනම හරහා ඔහු කොරොනා වයිරස් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ඩොලර් මිලියන 13ක දායකත්වයක් ලබාදුන් අතර ගුජරාට් සී.එම්. සහන අරමුදලට ඩොලර් 660,000ක් සහ මහාරාෂ්ට්‍ර සී.එම්. සහන අරමුදලට ඩොලර් 130,000ක් ද පරිත්‍යාග කළේය.
ඔහුගේ ඩොලර් බිලියන 6ක් වටිනා ඉන්දියාවේ Solar Energy Corporation (SECI) විසින් ලොව විශාලතම සූර්ය බලශක්කි ලංසුව දිනා ගත්තේය. Adani Green විසින් සිය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර ව්‍යාපෘතිය මගින් 2000MW අතිරේක සූර්ය කෝෂ සහ මොඩියුල නිෂ්පාදන ධාරිතාවක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ. 2022 පෙබරවාරි මාසයේදී අදානි සමූහ ව්‍යාපාරය මාධ්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල ව්‍යාපාරය කරගෙන යාම සඳහා එහි පූර්ණ අනුබද්ධිත AMG Media Networks සංස්ථාගත කරන බව නිවේදනය කිරීමෙන් පසු මුකේෂ් අම්බානි අභිබවා යමින් ගෞතම් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් විය.
සුගත් පී. කුලතුංගආරච්චි