මානසික අවපීඩනයකින් තොරව ජීවත් වෙන්න අරපිරිමැස්ම ජීවිතයට හුරුකර ගැනීමේ වටිනාකම ගැන ගිය සතියේ අපි කතා කළා.
මේ අපි ජීවත් වෙන්න පුරුදු වෙලා තිබෙන විදිහ... අපිට වෙනස් වෙන්න බෑ කියලා හිතන අයත් ඕනතරම් ඉන්නවා. ඒත් අපි හැමෝම මේ ගෙවමින් ඉන්නේ තීරණාත්මක මොහොතක් වෙනස් වෙන්න බෑ කියලා හිතන තැන් අපි වෙනස් කරගන්නෙ කොහොමද?
ඉතුරුම් යනු මනෝවිද්‍යාව සම්බන්ධ කලාවක්. අපගෙන් බොහෝ දෙනෙක් වියදම් කරන්නේ කෙසේදැයි දැන සිටියද, ඉතිරිකිරීමේ සූක්ෂ්මතාවයන් ගැන දන්නේ ඉතා සුළු පිරිසක්. ඉතිරි කිරීමේ සූක්ෂ්මතාව දත් අයට තම ජීවිත ඉතා සැහැල්ලුවෙන්, මානසික ලිහිලනයකින් යුක්තව ගත කරන්නට හේතු වෙන බව පැහැදිලි කරුණක්.
ඉතිරිකිරීම් විනෝදජනක හා අභියෝගාත්මක කරන්න.
අපි හැමෝම කැමතියි විනෝදජනක සහ අභියෝගාත්මක දේවල් කරන්න. අද, ඔබට ඉතිරිකිරීම් විනෝදජනක මෙන්ම අභියෝගාත්මක කිරීමට උපකාර වන විවිධ සබැඳි මෙවලම් තියෙනවා. මෙම මෙවලම් ආධාරයෙන්, ඔබේ මුදල් වර්ධනය වන ආකාරය දැක ගන්න පුළුවන්.
ඔබේ කාඩ්පත් සඳහා සීමාවක් තැබීමෙන් ආවේගශීලී වියදම් පුරුදු වළක්වන්න.
ඩිජිටල් යුගයේ ණය සහ ක්‍රෙඩිට් කාඩ් ආකාරයෙන් ප්ලාස්ටික් මුදල් විශාල ප්‍රමුඛත්වයක් ලබාගෙන තියෙනවා. ඔන්ලයින් සාප්පු සවාරි සමඟ එක්ව, ඔබේ කාඩ්පත් භාවිතා කිරීම ඉතා පහසුයි. කෙසේ වෙතත්, ඔබගේ කාඩ්පත් භාවිතයෙහි සීමාවන් ඔබව ආවේගශීලී මිලදී ගැනීම් වලින් වළක්වනවා.
එසේම, කාඩ්පත් විස්තර අන්තර්ජාලයේ ගබඩා කිරීම සාමාන්‍ය සිරිතක්. ඔබට අවශ්‍ය නොවන දෙයක් මිලදී ගැනීමට එය භාවිතා කිරීමට යොමුවිය හැකි බැවින් සහ අන්තර්ජාල සොරුන්ට නතුවිය හැකි බැවින් මෙය හානිදායක වෙන්න පුළුවන්.
අවශ්‍යතා සහ අවශ්‍යතා හඳුනා ගැනීමට ඔබම පුහුණුවන්න.
අරපිරිමැස්මට පහසු මනෝවිද්‍යාත්මක ක්‍රමයක් වන්නේ ඔබේ අවශ්‍යතා සහ අවශ්‍යතා නොවන දෑ අතර වෙනස හඳුනා ගැනීම. ඔබ අවශ්‍යතා සහ අවශ්‍යතා අතර වෙනස හඳුනා ගැනීමේ කලාව ප්‍රගුණ කළ පසු, ඔබට අවශ්‍ය නොවන දේ මිලදී ගැනීම ඉබේම නවතිවා. උපයෝගීතාවය පිළිබඳ දර්ශනයක් තියෙනවා. අප සෑමවිටම හුරු වෙන්නට අවශ්‍ය අපට උපයෝගී දෑ පමණක් මිලදී ගැනීමට යොමු වීමයි.
ඔබ වැඩිපුර ඉතිරි කරන්නේ නම් ඔබේ අනාගතය දෘෂ්‍යමාන කරන්න.
ඔබ වැඩිපුර ඉතිරි කළහොත් අනාගතයේදී ඔබ කෙබඳු වනු ඇත්දැයි ඔබට සිතාගත හැකිනම්, ඔබට ඉතිරි කළ හැක්කේ කොතැනද සහ කෙසේද යන්න ඔබ බොහෝ විට දැනගන්නට පුළුවන්. ඔබේ මනසෙහි ඔබගේ වර්තමාන සහ අනාගත ජීවිත පිළිබඳ මානසික රූප දෙකක් සාදා, වැඩිපුර ඉතිරි කිරීම ඔබේ වර්තමාන ජීවන රටාව සහ අනාගතයේ ජීවන තත්ත්වය වෙනස් කළ හැකි ආකාරය පරිකල්පනය කොට බලන්න. එවිට ඔබේ සාර්ථකත්වය කොතැනද පවතින්නෙ කියල ඔබට සිතින් දකින්නට පුළුවන්.
බොහෝවිට, අපි වැඩි වැඩියෙන් වියදම් කරන්නේ අනාගතයේදී පවා එම ආදායම් රටාවම පවතිනු ඇතැයි සිතමින්. කෙසේ වෙතත්, හදිසි රුකියා අහිමිවීමක්, මාරාන්තික රෝගාබාධයක් හෝ හදිසි අනතුරක් ආදායමට බාධාවක් විය හැකි අතර, එබැවින් අවශ්‍ය අවස්ථාවේ ප්‍රයෝජනයට ගැනීමට සඳහා ඉතිරි කිරීම අත්‍යවශ්‍ය වෙනවා.
ආයෝජනයට කැපවන්න.
නිවැරදිව ආයෝජනය කිරීම ඔබට ඉතිරි කිරීමට පමණක් නොව ඔබේ මුදල් වර්ධනය කිරීමටද උපකාරී වෙනවා. නිදසුනක් වශයෙන්, ඔබට යම් මුදලක් ආයෝජනය කිරීම සඳහා බැංකුව සමඟ කතාකර ගන්නට පුළුවන්. ඔබගේ වැටුපෙන් සුළු හෝ කොටසක් සෑම මාසයකම බැංකු පොතක් වෙත යන ආකාරයට සකස් කර ගන්නට පුළුවන්. එවිට ඔබට නොදැනීම ඔබගේ ගිණුවේ යම් මුදලක් ඉතුරු වෙනවා. එය ඔබට පහසුවෙන් ලබාගත හැකි රක්ෂණයක් වෙනවා.
මෙම සරල මනෝවිද්‍යාත්මක උපක්‍රම අනුගමනය කරන්නට පුළුවන් නම් ඔබට මුදල් ඉතිරි කරගැනීමට සහ ඔබේ මුදල් පාලනය කිරීමට උපකාරී වෙනවා. අරපිරිමැස්ම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරල තියෙන ඇතැම් සංකල්ප ක්‍රියාත්මක කරන්නට පුළුවන් නම් නියත වශයෙන්ම අපට මානසික ආතතියකින්, මානසික අවපීඩනයකින් තොරව සාර්ථක ජීවිත ගත කරන්නට පුළුවන්.
බුදුරජාණන් වහන්සේ අවධාරණය කරපු සංකල්පයක් තමා සල්ලහුකවුත්තී කියන සංකල්පය. ඒ කියන්නෙ සැහැල්ලු දිවි පැවැත්ම. අපගේ ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන්නට පුළුවන් නම් අපට අනිවාර්යයෙන් මානසික වශයෙන් යහපැවැත්මක්, ලිහිලනයක් පවත්වාගෛන යන්නට පුළුවන්.
ඒ අතර ඉතා වැදගත් සංකල්පයක් තමා යථා ලාභ සංතුට්ටිය. ඒ කියන්නෙ ලද දෙයින් සතුටු වීම. බොහෝ දෙනෙක්ට මෙය ජීවිතයට බද්ධවෙලා නැහැ. තමා සතුටු විය යුත්තේ තමාට ලැබෙන දේ අනුව. තමාට නොලැබෙන දේ පසුපස ගමන් කරනවිට, තමාට නොලැබෙන දේ ගැන සිතනවිට ඇතිවන්නේ දුකක්, ආතතියක්, පශ්චාත්තාපයක්.
තවත් වැදගත් සංකල්පයක් තමා අල්පේච්ඡතාව යම්කිසි පුද්ගලයෙක්ගෙ ආශාවන්, අභිරුචීන්, කැමැත්ත අඩුනම් පැහැදිලි ලෙසම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට පුළුවන්. බොහෝ අය තුළ තියෙන්නෙ මහේච්ඡතාව. ඒ කියන්නෙ ආශාවන්, අභිරුචීන් ඉතා බහුල වීම. අවසාන ප්‍රතිඵලය මොකක්ද? ඒවා ලබාගත නොහැකි වූ විට මානසික පීඩනයට ලක්වීම.
තවත් වැදගත් සංකල්පයක් තමා සුභරතාව ඒ කියන්නෙ පහසුවෙන් පෝෂණය කළ හැකි බව. යම්කිසි පුද්ගලයෙක් පහසුවෙන් පෝෂණය කළ නොහැකිනම් එතැන ආර්ථික කළමනාකරණයක් ගැන සිතාගැනීමටත් අපහසුයි. අපි සෑම විටම භාණ්ඩ මිළදී ගත යුතු වන්නේ අපගේ අවශ්‍යතාවට සෑහෙන්න පමණයි. උපයෝගීතාව අනුව පමණයි. උදාහරණයකින් මෙය පැහැදිලි කළහොත් තට්ට හිසක් තිබෙන මිනිසෙකුට පනාවක් අවශ්‍ය වෙන්නෙ නැහැ. එහෙත් ඇතැම් නිවෙස්වල තිබෙන භාණ්ඩ දිහා බැලුවම මේ උදාහරණය මානාව ගැලවෙනවා. කිසිදා ප්‍රයෝජනයට නොගන්නා භාණ්ඩවලින් ඇතැම් ගෙවල්, මුළුතැන් ගෙවල් පිරිලා. අප සෑමවිටම හුරුවිය යුත්තේ අපගේ දෛනික අවශ්‍යතාවන් සලකා බලා අවශ්‍ය දෑ පමණක් මිලදී ගැනීමට. එතකොට ජීවිත්වීම හරි පහසුයි. ආර්ථිකය කළමනාකරණය කරගැනීමත් ඉතා පහසුයි.
තමාට ලැබෙන ධනය කළමනාකරණය කරගන්නට වටිනා සංකල්පයක් බුදු රජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රය තුළ දේශනා කරල තිබෙනවා.
“ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය - ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථංව නිධාපෙයිය - ආපදා සුභවිස්සති”
බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ උපයන ධනය කොටස් තුනකට බෙදිය යුතුයි කියලා. පළමු කොටස තියෙන්නේ හතරෙන් එක පංගුවයි. දෙවැනි කොටසට හතරෙන් දෙකක් අඩංගු වෙනවා. තුන්වන කොටස ඉතිරි හතරෙන් පංගුව අන්තර්ගත වෙනවා.
යම්කිසි ආදායමක් තමන්ට ලැබෙන විට එම ලැබෙන ආදායම හතරෙන් එකක් වශයෙන් වෙන් කර එම කොටස භුක්ති විඳිය යුතුයි. ඉතිරි හතරෙන් එක් පංගුවක් ඉතිරි කර ගත යුතුයි. ඉතිරි හතරෙන් දෙක ආයෝජන සඳහා යෙදවිය යුතුයි. උදාහරණයක් වශයෙන් ගතහොත් රුපියල් දාහක් ගතහොත් රුපියල් දෙසිය පනහක් ආහාරය සඳහා ගත යුතුයි. රුපියල් දෙසිය පනහක් ඉතිරි කර යුතු වගේම පන්සියයක් ආයෝජන ප්‍රවර්ධන සඳහා යෙදවිය යුතුයි. මෙය තමාගේ වැටුපට අදාළ කරන්නට පුළුවන්නම් වඩාත් ප්‍රායෝගිකයි.
අරපිරිමැස්ම නම් සංකල්පය බුදුන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ ආගමික ශාස්තෘවරුන් විසින් පවා අනුදැන වදාරණ ලද්දක්. අරපිරිමැස්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්නම් ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මානසික සැහැල්ලුවෙන් සාර්ථකව ජීවිත පවත්වාගෙන යන්නට පුළුවන් බව අවසාන වශයෙන් කිව යුතුයි.