ලෝකයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 31000ක් ප්‍රමිතියකට අනුව ශ්‍රේණිගත කරන ස්වාධීන පර් යේෂණ ආයතනයක් වන Cybermetrics Lab, ආයතනයේ නවතම දත්ත අනුව ලංකාවේ විශ්වවිද්‍යාල අතර අංක 01 බවට පත්ව ඇත්තේ කොළඹ සරසවියයි. මෙම ආයතනය මගින් ස්වාධීනව දත්ත රැස් කරමින් සිදු කරන මේ ප්‍රමිතිකරණ මිනුම “Webometrics Ranking of World Universities”, ලෙස වසරකට දෙවතාවක් ලොව උසස් අධ්‍යාපන ආයතනවල විවිධ අංශයන්හි ප්‍රගතිය අනුව විමසා බලා මේ ඇගයීම සිදු කරයි. මේ ඇගයීම අනුව වඩාත් හොඳ උසස් අධ්‍යාපන ආයතනයක් තෝරාගැනීම සඳහා ප්‍රමිතිගත මඟපෙන්වීමක් ලබා දෙයි.
මෙම ශ්‍රේණිගත දත්ත ලබා දී ඇති ආයතනය ස්පාඤ්ඤය මුල්කරගත් විශාලතම මහජන පර්යේෂණ ආයතනයකි.
ශ්‍රී ලංකාවේ සරසවි අතර අංක 01 ලෙස මේ ශ්‍රේණිගත කිරීම කොළඹ විශ්වවිද්‍යාලය නම් කරද්දී එහි දෙවැනි තැන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හිමිය. තෙවැනි තැනට පත්ව ඇත්තේ පේරාදෙණිය සරසවියයි. නමුත් පසුගිය වසරේ කොළඹ අංක 01 වෙද්දී මේ වෙබ් ශ්‍රේණිගත කිරීම පේරාදෙණිය අංක 02ට සහ අංක 03 ලෙස රැහුණු විශ්වවිද්‍යාලය තෝරා තිබුණි. දැන් දෙවැනි ස්ථානය දිනාගත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එදා සිටියේ හතරවැනි තැනය.
මේ වසරේ ලංකාවේ සරසවි අතර සිව්වැනි තැන ලැබී ඇත්තේ මොරටුවටය. රැහුණ පස්වැනි තැනට සහ හයවැනි තැන කැලණියටය. යාපනය සරසවිය අටවැනි තැනට නම්කර ඇති අතර දහවැනි තැනට නැගෙනහිර සරසවිය පත්වන්නේ වයඹ (9)ට පසුවය. සබරගමුව 11 වැනියා වෙද්දී, විවෘත විශ්වවිද්‍යාලයට හිමිව ඇත්තේ 12 වැනි තැනයි. ජෝන් කොතලාවල සරසවිය 14 වැනි තැනට පත්වන්නේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයට (13) පසුවය.
රජයේ සරසවි හැරැණුවිට උසස් අධ්‍යාපනය ලබා දෙන සහ පර්යේෂණයේ යෙදෙන පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන ගණනාවක් මේ තෝම්බුවට ඇතුළත්ය. නිදසුනක් ලෙස ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය මෙහිදී 36 වැනි තැනට පත්ව ඇත්තේ ESOFT ආයතනය (27), හරිත සරසවිය (28) වැනි ආයතන ඉහළ මට්ටමක පෙළ ගැසෙද්දීය. මේ පෙළගැස්මේ 38 වැනි තැන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට හිමිව ඇති අතර 61 වැනි තැන නාගානන්ද අන්තර්ජාතික ආයතනය අත්කරගෙන තිබේ.
ලංකාවේ අංක 01 වූ නමුදු කොළඹ සරසවිය ලෝක සරසවි අතර 1531 වැනි තැන ලබාගනිද්දී, ජ’පුර සරසවිය ලෝකයේ සරසවි අතර 1964 මට්ටමේ සිටියි. ඒ අනුව ලංකාවේ තෙවැනි තැන ගත් පේරාදෙණිය ලෝකයේ 1974 වැනියාය. පිළිවෙළින් මොරටුව, රුහුණ, කැලණිය, රජරට සහ යාපනය සරසවි සඳහා ලෝකයේ හිමිව ඇත්තේ 2395, 2465, 3010, 3223 සහ 3728 යන ස්ථානයන්ය.
මේ වසර දෙකක දත්ත සලකා බැලීමේදී ලංකාවේ සරසවි සිය ඇගැයීම් වර්ධනය කරගෙන ඇති බව සනාථ වෙයි. නිදසුනක් ලෙස ගිය වසරේ ලෝක මට්ටමේදී 1591 ස්ථානය ලබාගත් කොළඹ මෙවර 1531 බවට පත්ව තිබේ. දේශීය මට්ටමෙන් සැලකු කල ජයවර්ධනපුර සරසවිය පසුගිය වසරේ සිටි හතරවැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා සීඝ්‍ර ප්‍රගතියක් පෙන්වා ඇත. විශ්වවිද්‍යාල මේ ලෙස ශ්‍රේණිගත කිරීමේදී ඒ ආයතන ආශ්‍රිත ගුරුවරැන් මෙන්ම ශිෂ්‍ය ප්‍රජාව විසින් ඉදිරිපත් කරන ලද අන්තර්ජාතික මට්ටමේ පර් යේෂණ පත්‍රිකා, නව නිපැයුම් සහ පේටන්ට් ඇගයුම් වැනි කරුණුද සලකා බැලෙයි. කෙසේ වුවද ආසියා පැසිපික් කලාපීය ප්‍රධාන සරසවි 100 අතරට එන්නට අපේ මේ සරසවි හෝ අධ්‍යාපන ආයතන එකක්වත් සමත්ව නැත.
මෙම ශ්‍රේණිගත කිරීම සිදු කළ Ranking Web ආයතනය 2004 දී ආරම්භ වුවකි. ඒ අනුව මේ එහි දත්ත ප්‍රකාශනයේ 18 වැනි වසරයි. උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධ සම්පූර්ණ ආවරණයක් ලබා දීමේ අරමුණින් ඇරුඹූ මෙහි දැනට රටවල් 200කට වඩා වැඩි ගණනක උසස් අධ්‍යාපන ආයතන 31,000ක් ශ්‍රේණිගත කර තිබේ. ලෝක මට්ටමින්, කලාප මට්ටමින් මෙන්ම රටවල් මට්ටමින්ද වඩාත් සුදුසු ප්‍රමිතිගත උසස් අධ්‍යාපන ආයතන පිළිබඳ තෝරාගැනීමේ විද්‍යාත්මක ඇගයීමක් සහිත අවබෝධයක් ලබා දීම මෙහි අරමුණ වී ඇත.
මෙම ශ්‍රේණිගත කිරීමේ වෙබ් සංස්කාරකවරැන් හැටියට කටයුතු කරන්නේ ප්‍රමිතිගත මාර්ගෝපදේශක ඇගයීමේ දීර්ඝ පළපුරැද්ද ඇති ලෝක මට්ටමේ මහජන පර් යේෂණ ආයතනයක සේවය කරන පිළිගත් විද්‍යාඥයන් පිරිසකි.
සුගත් පී. කුලතුංගආරච්චි