වර්තමාන ආර්ථික අර්බුදකාරී තත්ත්වයත් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුෙපාළ තුළ, ගුවන් යානා සඳහා ඇති ඉන්ධන තවත් දින 10 කින් පමණ අවසන් වන බවට, වරාය සහ ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ප්‍රකාශ කිරීමත් සමඟ රට තුළත්, ජාත්‍යන්තර වශයෙනුත් අවධානය ලක් වී තිබුණි. එහෙත් මීට මාස කීපයකට පෙර සිටම කටුනායක ගුවන් තොටුෙපාළ තුළ ගුවන් යානා සඳහා වූ ඉන්ධන පිළිබඳව හිඟයක් පැවති බවට අත්දැකීම් සහිත තොරතුරු වාර්තා ෙවන්නට විය.
ගුවන් යානා සඳහා ජෙට් - ඒ - 1 (Jet - A - 1), ඇවුටා (AVTUR), ගුවන් යානා ටර්බයින් ඉන්ධන (Aviation Terbine Fuel) නැතිනම් ගුවන් යානා පංකා තෙල් යන නම් වලින් හඳුන්වන ඉන්ධන විශේෂයක් කටුනායක ගුවන් තොටුෙපාළ තුළ ගුවන් යානා සඳහා ඉන්ධන ලෙස භාවිත කෙරේ. මෙම ඉන්ධන විශේෂය ඉරානය, සෞදි අරාබිය, රුසියාව, කටාර් වැනි රාජ්‍යවල සිට රැගෙන එන බොර තෙල්, සපුගස්කන්ද පිරිපහදු මධ්‍යස්ථානයේදී පිරිපහදු කර ප්‍රමිතියෙන් ඉතා උසස් Streate Run Kerozine වශයෙන් නිෂ්පාදනය කරමින් තිබේ.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෙම ගුවන් යානා ඉන්ධන ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමකට ලක්වූ ඉන්ධන විශේෂයකි. මෙම ඉන්ධන ඇමෙරිකා එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ එක්සත් රාජධානියේ ප්‍රමිතීන් අනුව නිෂ්පාදනය කෙරේ. මෙම ඉන්ධන පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය මගින් අධීක්ෂණය කරමින් අවශ්‍ය නිර්දේශ සහ සහතික කිරීම සිදුකර තිබේ. මෙම ගුවන් යානා ඉන්ධන ගබඩා කිරීම, පොම්ප කිරීම සහ ඒ සඳහා වූ කාර්ය මණ්ඩලය නිරන්තර පුහුණුවකට සහ අධීක්ෂණ නිරන්තරයෙන්ම ලක් කෙරේ. මේ සඳහා විදේශීය පුහුණු වීම්ද ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ ගුවන් යානා පංකා ඉන්ධන දකුණු ආසියාවේ මෙන්ම සමස්ත ආසියාවේම හොඳම ගුවන් යානා ඉන්ධන බවට කාලයක සිටම විශිෂ්ට කීර්තිනාමයක් හිමි කරගෙන තිබේ. මෙම ඉන්ධනවල පවතින ඉහළ ගුණාත්මකභාවය, උසස් මට්ටම රැක ගනිමින්, අඛණ්ඩ තෙල් සැපයුමක්, කටුනායක ගුවන් තොටුෙපාළ තුළ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරමින් සිටිති.
කටුනායක ගුවන් තොටුෙපාළ තුළ තිබෙන, පිරිසුදු, ඉතාම උසස් ගුවන් යානා ඉන්ධන ලබා ගැනීම අතීතයේ කොතරම් ජනප්‍රියව පැවතියදයත්, කටුනායක ගුවන් තොටුෙපාළ වෙත පැමිණෙන විදේශීය ගුවන් යානා බොහොමයක්, තම ගුවන් යානා වෙත වැඩිපුර මෙම ඉන්ධන ලබා ගැනීම සඳහා එම ගුවන් යානාවල ඉන්ධන ටැංකි හිස්ව තබාගෙන කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන බවට තොරතුරු රාශියක් අනාවරණය වී තිබේ. ඒ සමයෙහි ප්‍රමිතියෙන් ඉතා උසස් මෙම ගුවන් යානා ඉන්ධන ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගුවන් තෙල් සැපයුම් අංශය විසින් අඛණ්ඩව, සියලු ගුවන් යානා වෙත සපයමින් තිබුණි.
මෙම කටයුත්ත ඛනිජ තෙල් සංස්ථාවට මෙන්ම පොදුවේ ශ්‍රී ලංකා රජයටත් ඉතා ලාභදායී ව්‍යාපාරයක් විය. එය කොතරම්දයත් දවසකට මෙම ගුවන් යානා ඉන්ධන ලීටර් දහ හතර ලක්ෂයක් පමණ අලෙවි කරන අතර, ඒ වෙනුවෙන් දිනපතා ඇමෙරිකානු ඩොලර් දහ හතර ලක්ෂයක් පමණ උපයමින් සිටී. එහෙත් මේ වනවිට මෙම ක්‍රියාදාමය යම් අඩපණ වීමකට ලක් වී පවතින අතර, ඒ ශ්‍රී ලංකාවේ පිරිපහදු කිරීම සඳහා බොර තෙල් ආනයනය කිරීම අක්‍රමවත්ව, අඩපණ වී පවතින පසුබිමක් තුළය. ඒ තුළින් මෙතෙක් විශාල කීර්ති නාමයක් පවත්වා ගෙන පැමිණ තිබූ ගුවන් යානා පංකා තෙල් කටුනායක ගුවන් තොටුෙපාළ තුළ හිඟවීමක් වාර්තා වෙමින් තිබේ. ඒ සමඟම ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහා මේ වනවිට විවිධ විදේශීය සමාගම් කීපයක් බිහිවෙමින් පවතින අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමි වී පවතින බවට තොරතුරුද වාර්තා වෙමින් තිබේ.
මේ තත්වයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් යානා ඇතුළු තවත් ගුවන් සේවා ආයතන බොහෝමයක්, ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි ඉන්දියාවේ චෙන්නායි, හයිද්‍රාබාද්, නවදිල්ලි, ඩුබායි, සිංගප්පූරුවේ චැංගි වැනි ජාත්‍යන්තර ගුවන් තොටුෙපාළවලින් ඉන්ධන ලබා ගැනීමට පුරුදු වී සිටියි.
එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන බොහෝ ගුවන් යානා තමන්ට ආපසු පිටත්ව යාම සඳහා අවශ්‍ය ඉන්ධනද රැගෙන පැමිණෙන්නේ තම ගුවන් යානා සඳහා අවශ්‍ය රැගෙන පැමිණිය හැකි අවම ගුවන් මගීන් සංඛ්‍යාවක් සහ ඔවුන්ගේ බඩුබාහිරාදියද ඉතාමත් අවම ප්‍රමාණයක්ද සහිතව වීම විශේෂත්වයකි. තවත් සමහර ගුවන් සේවා සමාගම් ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුෙපාළ වෙත පැමිණීම අත්හිටුවා ඇති අතර, සංඛ්‍යාත්මකව එසේ ගුවන් ගමන් අතහැර ඇති ප්‍රමාණය 60෴ක් බව ගුවන් තොටුපළ ප්‍රකාශකවරයෙක් පැවසීය.
මෙම සියලු ක්‍රියාමාර්ග මෙම ගුවන් යානා ඉන්ධන ව්‍යාපාරය වනසා දමා කූඨ ලෙස එම ව්‍යාපාරය විදේශීය සමාගම් වෙත පැවරීම සඳහා ගන්නා උත්සාහයක් බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අශෝක රංවල මහතා මේ පිළිබඳව සිදුකළ විමසීමකදී පැවසීය. ඉන්ධන පිළිබඳව ප්‍රකාශ කිරීමට ඉන්ධන සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිටියදී ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා අදහස් දැක්වීම අදාළ නොමැති එතුමාගේ විෂය පථයට අයත් නොමැති ක්‍රියාවක් බව ගුවන් තොටුපළ ඛනිජ තෙල් සේවකයෝ පවසති.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස ඛනිජ තෙල් පොදු සේවක සංගමය යෝජනා කරන්නේ එක්වරක් පමණක් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් යොදවා බොර තෙල් නැවක් මිලදී ගෙන දෙන ලෙසයි. මේ වනවිට ශ්‍රීලන්කන් ගුවන් සේවා සමාගම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 327ක් ඔවුන් ලබාගෙන ඇති ඉන්ධන සඳහා ගෙවීමට ඇති බවත් එම ණය මුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් පමණක් ලබා දීමෙන් මෙම මුදල සම්පාදනය කර ගත හැකි බවද මෙම වෘත්තීය සමිතිය පෙන්වා දෙයි. ඔවුන් එම නැව පිරිපහදු කර ගුවන් යානා පංකා තෙල් නිෂ්පාදනය කර ඇමෙරිකානු ඩොලර්වලට අලෙවි කර ඉන්පසුව අවශ්‍ය බොර තෙල් නැව් ලබාගැනීම සිදුකළ හැකි බවද ඔවුහු පෙන්වා දෙති.
මාසයක කාලයක් සඳහා අවශ්‍ය වන්නේ බොර තෙල් නැව් දෙකක් පමණක් බවත්, පළමු නැව පමණක් ඔවුන්ට මහා භාණ්ඩාගාරයෙන් ලබාදීම පමණක් ප්‍රමාණවත් බවත් එම සංගමයේ සාමාජිකයෝ පවසති. මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමට ඒ ආකාරයට අඛණ්ඩ බොර තෙල් සැපයුමක් අත්‍යාවශ්‍ය බවද පෙන්වා දෙන ඔවුහු මෙසේ මෙම බොර තෙල්වලින් ගුවන් යානා පංකා ඉන්ධන පමණක් නොව, ශ්‍රී ලංකාවට අවශ්‍ය අනෙකුත් ඉන්ධන සහ ගෑස් නිෂ්පාදනය කිරීමටද හැකි බවද පෙන්වා දෙති.
ඒ අනුව රජය මේ වනවිට උත්සාහ ගනිමින් සිටින්නේ මෙම ජාතික ධන උල්පත විදේශීය සමාගම් සහ ජාවාරම්කරුවන් වෙත ලබාදීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම බව එම වෘත්තීය සමිතියේ අදහස වී තිබේ. එහි මූලික පියවරක් ලෙස ගුවන් යානා පංකා තෙල් හිඟයක් ඇතිකිරීම සහ ඒවා ගුණාත්මකභාවයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් පහළ හෙළීම මගින්, ශ්‍රී ලංකාවට ලාභදායී මෙම ගුවන් යානා ඉන්ධන කර්මාන්තය අවසාන වශයෙන් රටට අහිමි කිරීම ඔවුන්ගේ ප්‍රයත්නය බවද, මෙම ජාතික අපරාධයෙන් රට සහ ගුවන් යානා පංකා තෙල් කර්මාන්තය මුදාගත යුතු බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
කටුනායක ටී.කේ.ජී. කපිල