අගෝස්තු 23 දා සිට භාණ්ඩ 300කට අධික සංඛ්‍යාවක් මෙරටට ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට මුදල් අමාත්‍යංශය පියවර ගත්තේය. මෙම තීරණය මත රටේ ආර්ථික වර්ධන වේගය තව තවත් අවම වී භාණ්ඩ මිල ඉහළ යන බව ආර් ථික විශේෂඥයෝ පෙන්වා දෙති. මෙම ආනයනික භාණ්ඩවලින් 20%ක් පාරිභෝගික භාණ්ඩ වන අතර ඉතිරි 80% අන්තර් ප්‍රාග්ධන භාණ්ඩ වේ.
එම තීරණය හේතුවෙන් බොහෝ කර්මාන්ත වැසී යාමේ තත්ත්වයක් මතුව ඇතැයි ආනයනකරුවන් මෙන්ම කර්මාන්තකරුවෝද බියට පත්ව සිටිති. එලෙස වැසී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති එක් කර්මාන්තයක් වන්නේ සනීපාරක්ෂක ටිෂූ කඩදාසි කර්මාන්තයයි. ඇතැම් බලධාරීන්ගේ අදූරදර් ශී ක්‍රියා හේතුවෙන් වැසිකිළි කඩදාසි (Toilet papers) කඩදාසි අත්පිස්නා, (Handkerchiefs and serviettes) මුහුණ පිසදැමීමට ගන්නා ටිෂූ කඩදාසි (cleansing or facial tissues) ආදියේ විශාල හිඟයක් ඉදිරියේදී ඇති විය හැකි බවට එම කර්මාන්තයේ නියැලෙන පිරිස් අනතුරු අඟවති.
වෙනත් මහා පරිමාණ කර්මාන්ත හා සැසඳීමේදී සනීපාරක්ෂක ටිෂූ කඩදාසි කර් මාන්තය එතරම් විශාල ලෙස ව්‍යාප්ත වූවක් නොවුවද එය මෙරට ජනතාවගේ පෞද්ගලික සනීපාරක්ෂාව මෙන්ම සංචාරක කර් මාන්තය, හෝටල්, ආපනශාලා, කැෆේ, රෝහල් සහ ගුවන් සේවා වැනි ආයතන ආශ්‍රිත කටයුතු සඳහා අත්‍යවශ්‍යම නිෂ්පාදනයකි. කලකට ඉහත රෙදි අත්ලේන්සු භාවිතයට පුරුදුව සිටි මෙරට ජනතාව ක්‍රමයෙන් සනීපාරක්ෂක ටිෂූ කඩදාසිවලට යොමු වූයේ ඒවා වඩාත් සෞඛ්‍යාරක්ෂිත මෙන්ම භාවිතකොට ඉවත දැමිය හැකි වූ බැවිනි. වර්තමානයේ වැසිකිළි කඩදාසිද ගෘහස්ථව මෙන්ම රෝහල්, හෝටල්, සාප්පු සංකීර් ණ, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, බැංකු සහ කර් මාන්තශාලා ආදී පොදු ස්ථානවලද අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් බවට පත්ව තිබේ.
සනීපාරක්ෂක ටිෂූ කඩදාසි කර් මාන්තයෙන් සෘජුව සහ වක්‍රව යැපෙන පවුල් සංඛ්‍යාව 6000ක් පමණ වෙතැයි පැවසේ. අමුද්‍රව්‍ය ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇති හෙයින් කර් මාන්තකරුවන් හා සේවකයන්ගේ ආදායම් අනාරක්ෂිත වන අතර විවිධ ආයතන මෙන්ම සාමාන්‍ය පාරිභෝගිකයන්ටද සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාගැනීම අසීරු වනු ඇත.
මෙරටට වැඩිම විදේශ විනිමයක් ලබා දෙන සංචාරක කර් මාන්තය කොරෝනා වසංගතය නිසා විශාල ලෙස බිඳ වැටීමකට ලක්විය. මේ වන විට සංචාරකයන්ගේ පැමිණීම යළි වර්ධනයක් පෙන්නුම් කරන අතර ඔවුනට ද මෙම සනීපාරක්ෂක ටිෂූ කඩදාසි අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. ඔවුන් නවාතැන් ගන්නා සංචාරක හෝටල් සහ සංචාරවලදී ආහාරපාන ගන්නා කැෆේ, ආපන ශාලා වැනි ස්ථානවලින් එම අවශ්‍යතා සපුරාලිය යුතුවේ. එහෙත් ආනයන නවතා දැමීම හේතුවෙන් දැනට පවතින ස්වාරක්ෂක තොග (buffer stock) ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද වන තෙක් පමණක් වන අතර ඉන් පසුව එම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවනු ඇතැයි නිෂ්පාදකයෝ පෙන්වා දෙති. එවන් තත්ත්වයක් නිර්මාණය වුවහොත් එය සංචාරක කර්මාන්තයටද අනිසි ලෙස බලපානු ඇත.
වසර 15කට අධික කාලයක් පුරා මෙරට ප්‍රමුඛ පෙළේ සනීපාරක්ෂක ටිෂූ නිපදවන ආයතනයක් වන රෝවින් ඇසෝසියේට්ස්හි අධිපති රෝහිත රන්සිරි මහතා දේශයට සඳහන් කළේ මෙම තහනම එකවරම ක්‍රියාත්මක නොකොට යම් කිසි කාලසීමාවකින් පසු තහනම් කිරීමට කටයුතු කළේ නම් මෙවැනි අර්බුදයක් නිර්මාණය නොවන බවටය. එම ආයතනය සෑම වර්ගයකම සනීපාරක්ෂක ටිෂූ වර්ග නිෂ්පාදනය කරන අතර ඒ සඳහා අති නවීන ස්වයංක්‍රීය යන්ත්‍රසූත්‍ර මිලදී ගෙන ඇති තිබේ. එහෙයින් සේවකයන් සිටින්නේ 30ක පමණ ප්‍රමාණයක් වුවද ආයතනය වසා දැමුණහොත් ඔවුන්ගේ රැකියා පවා අහිමි වනු ඇති බවත්, යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට ලබාගත් ණය, ආදායම් බදු ආදිය ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් උදාවන බවත් ඔහු සඳහන් කළේය. තම ආයතනය සාමාන්‍යයෙන් වසරකට ලක්ෂ 300ක පමණ අමුද්‍රව්‍ය ආනයනය කරන බවත් කලින් ලක්ෂ 30කට මිලදී ගත් කන්ටේනරයක් සඳහා මේ වන විට ලක්ෂ 90ක් පමණ ගෙවීමට සිදුවී ඇති බවත් ඔහු සඳහන් කළේය. ණය සඳහා වනපොලී අනුපාතය වැඩි කිරීම හේතුවෙන් තමා මෙන්ම මෙම කර්මාන්තයේ නියැලෙන අනෙකුත් සහෝදර ව්‍යාපාරිකයන් මේ වන විට දැඩි අර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බවත්, තහනම දැමීමට පෙර අමුද්‍රව්‍ය ආනයනය සඳහා මුදල් ගෙවා ඇති ව්‍යාපාරිකයන් දැන් කරන්නේ කුමක්දැයි නොදැන සිටින බවත්, අවිධිමත් ලෙස තීන්දු තීරණ ගැනීමෙන් රටේ කර්මාන්ත විශාල වශයෙන් කඩා වැටෙන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා රේගුවේ ගාස්තු ලේඛනයෙහි සනීපාරක්ෂක ටිෂූ කඩදාසි එච් එස් කේත දෙකක් යටතට ගැනෙයි. ඒ, 4803.00 දරන ප්‍රධාන එච් එස් කේතය යටතට (උප කාණ්ඩ නොමැත) සහ 4818.00 එච් කේතය යටතට (උප කාණ්ඩ සහිත) ගැනෙන ටිෂූ කඩදාසි රීල් අමුද්‍රව්‍ය හා නිමි නිෂ්පාදන වශයෙනි..
එච්එස් කේත 4803.00 යටතේ ආනයනය කෙරෙනුයේ, වැසිකිළි කඩදාසි සහ මුහුණ පිසදැමීමට ගන්නා ටිෂූ කඩදාසි නිෂ්පාදනය කෙරෙන අමුද්‍රව්‍ය වන සෙන්ටි මීටර් 36ට වැඩි ජම්බෝ ටිෂූ රීල්ය. එච්එස් කේත 4818.00 යටතේ ආනයනය කෙරෙන ජම්බෝ රීල් මගින් අනෙකුත් අවශ්‍යතා සඳහා යොදා ගැනෙන ටිෂූ කඩදාසි නිෂ්පාදනය කෙරේ. ඒ යටතේ උප කාණ්ඩ කිහිපයක්ම ඇති අතර ඉන් එක් උප කාණ්ඩයක් වන එච් එස් කේත 4818.90.20 මගින් සෙන්ටි මීටර් 15ත් 36ත් අතර ජම්බෝ රීල් ආනයනය කෙරේ.
කඩදාසි අත්පිස්නා නිෂ්පාදන සමාගමක් වන ෆේත් ටිෂූ ආයතනයේ සම හිමිකරු උදාන දසනායක මහතා දේශයට ප්‍රකාශ කළේ මෙම තත්ත්වය මත තමන් විශාල ගැටලුවකට මුහුණ පා සිටින බවයි. විවිධ නිෂ්පාදන සඳහා භාවිත කරන ටිෂූ කඩදාසි ලංකාවේ නිෂ්පාදනය නොකරන හෙයින් ඒවා අමුද්‍රව්‍ය ලෙස මෙරටට ආනයනය කොට මෙරටට අවශ්‍ය කඩදාසි අතපිස්නා නිෂ්පාදනය කරන අතර මේ වන විට තමන් සතුව තිබූ අමුද්‍රව්‍ය තොග අවසන් වෙමින් පවතින හෙයින් කර්මාන්ත ශාලාව වසා දැමීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය. තමන් ආනයනය කරන්නේ අඟල් 30 ප්‍රමාණයේ රීල් බවද තම ආයතනය මහා පරිමාන ආයතනයක් නොවූවද වසරකට ටොන් 16 කන්ටේනර් තුනක් හෝ හතරක් පමණ ආනයනය කරන බවත් එක කන්ටේනරයක ඇති කඩදාසිවලින් අතපිස්නා බන්ඩ්ල් 7000ක් පමණ නිෂ්පාදනය කරන බවත්. එක් කන්ටේනරයක් ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 20,000ක් පමණ වැය වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තමන් යන්ත්‍රෝපකරණ සඳහා විශාල මුදලක් වැය කර ඇති බවත් කඩදාසි ආනයනය තාවකාලිකව තහනම් කිරීම මත සේවකයන්ගේ රැකියා අහිමිවී යාමේ තර්ජනයක් මතු වී ඇති බවත් සඳහන් කළේය.
සනීපාරක්ෂක ටිෂූ කඩදාසි නිෂ්පාදනය 1982 සිට ශ්‍රී ලංකාවේ මනාව ස්ථාපිත කර් මාන්තයක් වන අතර, වසර 40 කට අධික කාලයක් පුරා මෙරට අවශ්‍යතාව සපුරාලීමට සමත් වූවකි. එහෙයින් දේශීය කම්හල්වලට සනීපාරක්ෂක ටිෂූ වර්ග නිෂ්පාදනය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම තාවකාලික තහනම කඩිනමින් ඉවත් කොට තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය බාධාවකින් තොරව ආනයනය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසට නිෂ්පාදකයෝ ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. රටේ පවතින ඉල්ලුමට සරිලන පරිදි සනීපාරක්ෂක ටිෂූ කඩදාසි නිෂ්පාදනය කිරීමට මෙරට නිෂ්පාදකයන් සමත්ව ඇති බැවින් ඒවා විදේශයන්ගෙන් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැත. මෙරට නිෂ්පාදන ලොව ප්‍රධාන පෙළේ ගෝලීය සන්නාම හා තරග කිරීමට සමත්ය. මෙම නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට මෙන්ම විදේශ රටවලටද ආනයනය කරන හෙයින් එය ජාතික ආර්ථිකයට විදේශ විනිමය ගෙන එන කුඩා කර්මාන්තයකි.
ශ්‍රී ලංකාවෙන් සනීපාරක්ෂක ටිෂූ කඩදාසි වැඩි වශයෙන් අපනයනය කරනුයේ මාලදිවයිනටය. ඒ හැර හයිටි සහ ඉතියෝපියාවටද අපනයනය කරන බව ඉන්ඩෙක්ස් බොක්ස් නම් වෙබ් අඩවිය සඳහන් කරයි. එමෙන්ම එම කර් මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරන ප්‍රධාන රටවල් වන්නේ ඉන්දියාව, බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව යැයිද එම වෙබ් අඩවියේ සඳහන්ය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා