මෙවර අයවැය කතාව සිදුකරමින් මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ අපනයනය සඳහා කංසා වගා කිරීම පර් ෙය්ෂණාත්මකව ආරම්භ කිරීමට යෝජනා කරන බවය. යටත් විජිත සමයේ සිට සුද්දාගේ නීතියෙන් තහනම් වූ කංසා වගාව නැවත සංක්‍රීය කිරීම සඳහා නොයෙකුත් දෙනා කාලෙන් කාලයට උත්සාහ ගත්තත් එය සාර්ථක වූයේ නැත. එයට හේතුව ලෙස බොහෝදෙනා කීවේ එය මත්ද්‍රව්‍යයක් ලෙස රටතුළ ව්‍යාප්ත කිරීමට ඉඩදීම ඉතා භයානක ප්‍රතිඵල ඇති කිරීමට හේතු විය හැකි බව කියාය. ඒ නිසා ආගමික නායකයන්, සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම්වල විරෝධය මැද කංසා නීතිගත කිරීම කාලයෙන් කාලය යට ගියේය.
කෙසේ වෙතත් කංසා කතාව නැවත කරළියට රැගෙන එන්නේ කංසා ගස සම්බන්ධයෙන් පර් යේෂණාත්මක කටයුතු කරන ආචාර්ය වසන්ත වැලිඅංග හරහාය. ඔහු විසින් මේ සඳහා නව මානයක් හඳුන්වා දෙන්නට උත්සාහ ගත්තත් පාලකයන් විසින් හරිහැටි ඔහුගෙන් ප්‍රයෝජනයක් නොගත් නිසා අවසානයේ ඔහු මෑතක කංසා නීතිගත කළ තායිලන්තයේ සහාය සඳහා ගොස් එහි නැවතුණේය. අවසානයේ කංසා කතාව යට ගියේය.
එහෙත් අවසානයේ කංසා වගාව ගැන කතාව අතට ගන්නේ සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය වූ ඩයනා ගමගේ විසිනි. ඇය දිගින් දිගටම ඉල්ලා සිටින්නේ අපනයන ශාකයක් ලෙස කංසා වගාකරන ලෙසය. එහෙත් ඇයටද දැඩි බලපෑමක් එල්ල වෙන අතර කංසා නීතිගත කිරීම වැරදි සහගත දෙයක් ලෙස දැඩි විවේචනයට ඇයව ලක්වන්නට විය.
කෙසේ වෙතත් සියල්ල උඩියටිකුරු වන්නේ කංසා වගාව අපනයන ශාකයක් ලෙස වගාකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සිය මුල්ම අයවැය වෙනුවෙන් කරන යෝජනාවත් සමඟිනි. එම යෝජනාව කංසා ශාකය මෙරට නීතිගත කිරීමේ සැලසුමක ආරම්භයක් ලෙස බොහෝදෙනාට ඒත්තු ගියේය.
මේ යෝජනාවත් සමඟ පසුගියදා ප්‍රථම කංසා විරෝධය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ප්‍රකාශයට පත් කෙරුණේ කංසා වගා කිරීම සඳහා උන් වහන්සේ වැඩසිටින ඇඹිලිපිටිය යොදාගැනීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරක් සමඟය. කංසා වගාකිරීම සඳහා ඇඹිලිපිටියේ අක්කර දස දහසක ප්‍රදේශයක් තෝරාගන්නා බවට එම පුවත මගින් හෙළි කෙරිණි. මේ සම්බන්ධයෙන් සෝභිත හිමියන් සිය විරෝධය පළකළේ මෙසේය.
''ඇඹිලිපිටිය කිව්වම ඉස්සර තිබුණේ නරක චිත්‍රයක්. ප්‍රදේශයේ මහා සංඝරත්නය බෞද්ධ පිංවතුන් එක්වෙලා ඇඹිලිපිටියට අධ්‍යාත්මික දියුණුවක් ලබාදුන් බව කියන්න ඕන. හැත්තෑව වන තෙක්ම ඇඹිලිපිටිය ප්‍රසිද්ධව තිබුණේ ගංජාවලට, මැලේරියාවට, අඩු කුලියට කුලීකරුවන් සපයන මධ්‍යස්ථානයක් හැටියට. දඩමස් මිනී මස්වලටත් ප්‍රසිද්ධියක් තිබුණා. නැවත ආයේ ඇඹිලිපිටිය ගංජා පුරවරයක් බවට පත් කරන්න යන්නේ. දේශීය වෛද්‍ය අමාත්‍යවරයා කිව්වා ගංජා වගාවට ඇඹිලිපිටිය ප්‍රදේශයේ අක්කර දස දහසක් වෙන් කරනවා කියලා. ගංජා වගාව නීතිගත කළොත් රජය බලාපොරොත්තු වන ආර්ථික දියුණුව නෙවෙයි සදාචාරාත්මක පරිහානියක් ඇති වෙනවා'' යැයි උන්වහන්සේ සිය විරෝධය ප්‍රකාශ කළහ.
උන්වහන්සේ පවසන ආකාරයට දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් මෙම යෝජනාව සිදුකර ඇත. මත්ද්‍රව්‍ය භාවිතය මේ රටේ කිසිවකුත් අනුමත කරන්නේ නැත. එහෙත් එක් ප්‍රශ්නයක් ඇත. එනම් තවමත් ඇඹිලිපිටිය, මොනරාගල, තණමල්විල ආදී ප්‍රදේශවල මහා පරිමාණයෙන් හොරට කංසා වගාකිරීමය. එසේ අනීතිකව වගාකරන කංසා අදටත් කිසිදු වෙනත් කටයුත්තක් සඳහා යොදාගන්නේ නැත. ඒ සියල්ල මත්ද්‍රව්‍යයක් ලෙස පානය කිරීම සඳහා යොදාගනියි.
එහෙත් රජය විසින් ගෙන එන යෝජනාව වන්නේ අපනයන ශාකයක් ලෙස කංසා වගා කිරීමටය. අප දන්නා තරමින් අපනයනය සඳහා සූදානම් වන කංසා ශාකය පානය සඳහා ගන්නා කංසා ශාකයට වඩා හාත්පසින්ම වෙනස්ය. එය පානය කිරීම හරහා මත්ද්‍රව්‍ය පානය කරන්නන් බලාපොරොත්තු වන මත්බව ලැබීමේ ඉඩකඩක් නැත. එම ශාකයෙන් තෙල්, පට්ටා වශයෙන් විවිධ ඖෂධ, ආහාර, ඇඳුම් පැළඳුම් වැනි දෑ සඳහා යොදා ගැනේ. කෙසේ වෙතත් පානය සඳහා කංසා ශාකය රෝපණය කරනවා නම් ඒ සඳහා සුදුසුම ශාකය තණමල්විල මේ මොහොතේ වගාකාරන කංසා ශාකය බව මේ සම්බන්ධයෙන් දැනුම ඇත්තෝ කියති.
මෙම ලිපියේ වැදගත්කම සාධාරණය කිරීම සඳහා තවත් තොරතුරු රැසක් මෙලෙස ඉදිරිපත් කරමු. ලෝකයේ කංසා තෙල් අපනයනය කොට 2021 වසරේදී වැඩිම ආදායම් ලබාගත් රටවල් කිහිපයක ආදායම මෙසේ දක්වමු. චීනය ඩොලර් බිලියන 1.3, ඉන්දියාව ඩොලර් මිලියන 348.6, ස්පාඤ්ඤය ඩොලර් මිලියන 116.5, වියට්නාමය ඩොලර් මිලියන 78.2, ස්විට්සර්ලන්තය ඩොලර් මිලියන 24.3 වශයෙන් එසේ රටවල් 15ක් ඉහළ ආදායම් ලබා ඇත. කෙසේ වෙතත් මේ සියල්ල එම රටවල අපනයන ආදායම් වන අතර ඒ සියලු ආදායම් රජය සතුවේ. එසේ නම් ශ්‍රී ලංකාව ඒ සඳහා අත නොගසන්නේ ඇයි? එමගින් විදේශ විනිමය ඉපැයීමට විරුද්ධවන්නේ ඇයි යන්න හැමදෙනාටම ඇතිවන ගැටලුවකි.
අප බෞද්ධ රටක් ලෙස මත්ද්‍රව්‍යවලට එරෙහි බහුතර ජනතාවක් ඉන්න රටක් ලෙස කංසා සම්බන්ධයෙන් තිබෙන සමාජ මතය එතරම් පිරිසිදු නැත. කංසා පානය කර සිදුකළ අපරාධ, කංසා පානය සිදුවීමෙන් සිදුවූ ඇතැම් අනීතික ක්‍රියා සියල්ල අප මාධ්‍ය හමුවේ දැක ඇත. විශේෂයෙන් වෛද්‍යවරුන් පවා ඊට විරුද්ධ වී ඇත. ඒ නිසා කංසා සම්බන්ධයෙන් භීතිය ඉබේ ඇතිවන දෙයකි.
විශේෂයෙන් කංසා නීතිගත කළ පසුව නිවැරදි ක්‍රමවේදයකට එය පාලනය කළ හැකි වුණත් අපේ රටේ නැවෙන නීතිය හමුවේ යම් ආකාරයක පාලනයකින් තොරවීමේ ඉඩකඩ ඇත. ඒ නිසා පාලනයෙන් තොර කංසා වගාව එළිපිට ජාවාරමක් විය හැකි වීම ගැන අවධානය දැඩිව යොමු විය යුතුය. ඒ නිසා සෝභිත හිමියන්ගේ විරෝධයේ ඇත්තක් නැතුවාම නැත.
කෙසේ වෙතත් කංසා වගාව නීතිගත කළ පසුව විදේශ විනිමය ලබාගැනීම සඳහා දැවැන්ත ආයෝජනයක් රජය විසින් ක්‍රියාත්මක කළත් ඒ හරහා මේ පිටුපස ඇතිවන තවත් කඳුළු කතාවක් ඇත. එනම් ඇතැම් දිළිඳු පවුල් පුද්ගලයන් අදටත් රුකෙන්නේ මේ අනීතික මහා කැළෑ මැද රහසින් වවන කංසා ගස් නිසාය. මේ හරහා සෘජු සහ වක්‍ර රුකියා 7000කට වැඩිය. ඒ හරහා ලැබෙන ආදායම් එම පවුල් අතරේ රහසින් බෙදී යයි.
එහෙත් මෙය නීතිගත කළ පසුව මේ වගාකිරීම් සඳහා ආයෝජනය කරනු ඇත්තේ දැවැන්ත ව්‍යාපාරිකයන් විසින්ය. ඒ හරහා දැනට සාමයෙන් ජීවත්වන ජනතාවට එම ව්‍යාපාරිකයන්ගේ සේවකයන් ලෙස කටයුතු කරන්න සිදුවන අතර ඔවුන්ගේ මිනිස් ශ්‍රමය තුට්ටුවට මායිම් නොකිරීමට ඉඩ තිබේ. අඩු පඩියකට වැඩ කරන්නට සිදුවනු ඇත. ඒ නිසා ඔවුන්ගේ ආදායම් තත්ත්වය වෙනස් වනු ඇත. මෙය ඔවුන්ට ඛේදවාචකයන් වනු ඇත.
මේ සියල්ල බැලූ කළ සෝභිත හිමියන් පවසන කාරණාවලට අමතරව තවත් ප්‍රශ්න මතුවීමේ අවදානම ඇත. ඒ නිසා දැන් ඇත්තටම කළ යුත්තේ අපනයන ශාකයක් ලෙස මෙය වගාකරනවා නම් නියත වශයෙන් ඒ සඳහා නිවැරදි ක්‍රමවේදයක් සමාජය හමුවේ ඉදිරිපත් කළ යුතු වීමය. අද වනවිට තායිලන්තයේ පවා කංසා නීතිගත කර ඇති මොහොතක මෙවන් විරෝධයක් එල්ල වීම සම්බන්ධයෙන් ආණ්ඩුව මීට වඩා සැලකිලිමත් විය යුතුව ඇත.
කෙසේ වෙතත් අපේ අදහස නම් ආණ්ඩුවත් ආගමික නායකයනුත් එක මේසයකට මේ සම්බන්ධයෙන් පැමිණිය යුතු බවය. එනම් කංසා ශාකය අපනයන ශාකයක් ලෙස වර්ධනය කරනවා නම් ඒ සඳහා අවශ්‍ය නීති සැකසිය යුතුය. ඒ සඳහා ආගමික නායකයන් සහාය ලබාදිය යුතුය. එසේ නොවනතාක් අපේ රටේ ආර්ථිකයට අපනයන ව්‍යාපෘතියක් අහිමිවනු ඇත.
I ගයාන් ගාල්ලගේ