මැතිවරණයක් වර්තමාන අර්බුදයට විසඳුම වන්නේ කෙසේද? එය වර්තමාන දේශපාලන වටපිටාව තුළ නිතර සාකච්ඡා වන පැනයකි. එනිසාම මේ හා සම්බන්ධ විද්වත් කතිකාවකට අපි අවකාශය වෙන් කළෙමු. අප හා එක්වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතාය. ඒ මහතා සමඟ ඇති කරගත් සංවාදය ඇසුරෙන් මෙම සටහන ලියැවේ.
අප සංවාදයට එළැඹියේ පොදුවේ මේ මොහොතේ මැතිවරණයක ඇති වටිනාකම පිළිබඳ පැහැදිලි කර ගනිමිනි.
“අප සියලු දෙනාම දන්නව ජනාධිපතිවරණයකින් හෝ මහ මැතිවරණයකින් තමා ආණ්ඩුවක් වෙනස් වෙන්නෙ. මේ මොහොතේ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව දෙස අවධානය යොමු කරද්දී, වර්තමාන ආණ්ඩුවට බලයක් තිබෙනවද නැද්ද යන්න පිළිබඳ සැලකිලිමත් වෙනවා. ඒ වගේම ආයෝජකයන් වුණත් රටට පැමිණීමේදී ස්ථාවර රජයක් තිබෙනවාද නැද්ද යන්න පිළිබඳ සලකා බලනවා."
ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා අවධාරණය කරන්නේ රජයේ ස්ථාවරත්වය පිළිබඳ කාරණයි. ඔහුට අනුව මේ වන විට මෙරට පාලන ව්‍යුහය විසිර ගොස් තිබේ. එම නිසා ආර්ථික අර්බුදය සමනය කර ගනිමින් ස්ථාවර රටක් නිර්මාණය කර ගැනීමට මැතිවරණයක අවශ්‍යතාව මතුව ඇත.
“මේ වෙද්දි ලංකාවේ ආණ්ඩුව සහ විපක්ෂය කෑලි කෑලිවලට කැඩිලා තියෙන්නෙ. ආණ්ඩුවේ හිටපු අයත් දැන් විපක්ෂයේ ඉන්නවා. ඒ වගේම විපක්ෂයේ ප්‍රධාන පක්ෂ වන සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය වගේ පක්ෂවලට ඉහළ මහජන ප්‍රතිචාරයක් ලැබෙන බවකුත් පේනවා. මෙවන් අවස්ථාවක ආණ්ඩු දුර්වලයි වගේ පේන්නේ. මම ආයෝජකයෙක් නම් ලංකාවට ආධාර ලබා දෙන කෙනෙක් නම් නැවත නැවතත් කල්පනා කරනවා, වර්තමාන ලංකාවේ මේ පවතින අවිනිශ්චිත බව පිළිබඳව."
තමා ආයෝජකයකු නම් මෙවන් වටපිටාවක් තුළ ස්ථීර වශයෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජනය නොකරන බව ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා කියා සිටී. ආයෝජකයන් මගින් රට තුළට ඩොලර් රුගෙන ඒමේ මේ ගැටලුවට අමතරව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ද දේශපාලන ස්ථාවරත්වය වැදගත් බව ඒ මහතා පෙන්වා දෙයි.
“මේ වගේ තත්ත්වයක් යටතේ කවුරැත් අපිට අලුතින් ණයක් ලබා දෙන්න කැමැති වෙන්නෙ නෑ. ණය ප්‍රතිව්‍යුහගත කරන්නත් දැන් අපි යනවා. අපි පැරිස් ක්ලබ් එකට වගේම ඉන්දියාව, චීනය වගේ රටවල් ඉදිරියටත් යනවා. ඒ වගේම අපට ණය ලබා දීපු පෞද්ගලික ආයතනත් ඉන්නවා. මේ වගේ දේශපාලන වටපිටාවක ඒ කාටවත් අපි ගැන විශ්වාසයක් ගොඩනැගෙන්නේ නෑ."
රාජ්‍ය කළමනාකරණය කර ගනිමින් නිසි වැඩපිළිවෙළකට අවතීර්ණ වීමට සේම මේ මොහොතේ සෙසු ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ලබාගැනීමට ද ස්ථාවර දේශපාලන වටපිටාවක් අවශ්‍ය බව ප්‍රසන්ත ලාල් අල්විස් මහතා අවධාරණය කරයි.
“දැන් බදු ගැටලුව නිසා ඉතාම පැහැදිලිව පෙනී යනවා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මධ්‍යම පන්තිය වර්තමාන රජයට විරෝධය පාන බව. ඒ විරෝධයේ උත්සන්න වීමක් මිසක් අඩුවීමක් නෑ. මේ පිරිස් එක පෙළපාලියක්, එක විරෝධතාවයක් කරල නතර වුණා නම් ගැටලුවක් නෑ. නමුත් ඔවුන් දිගින් දිගටම විරෝධය පළ කරනවා. ව්‍යාපාර ලෝකය ඇතුළේ අපි ගනුදෙනු කරන සමාගමුත් මේ වෙලාවේ අලුත් දෙයක් කරන්න සූදානම් නෑ. ඔවුන් දන්නවා රට අස්ථාවරයි කියලා."
මෙම අස්ථාවරත්වය තුළ පෞද්ගලික ආයතන පවා අලුත් රුකියා නිර්මාණය නොකරන බව ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා පැහැදිලි කරයි. ඔහුට අනුව මෙවන් වටපිටාවක් තුළ තරැණ ඉච්ඡාභංගත්වය ද ඉහළ යමින් පවතී. එසේම බුද්ධි ගලනය ද වේගවත් වී ඇත. දැන් සියලුම දෙනාට අවශ්‍ය වී ඇත්තේ රට පිළිබඳ යම් සහතිකයකි. විශ්වාසයකි. අනෙක් පසින් නීතියේ ආධිපත්‍ය පිළිබඳව ද ගැටලු මතු වී තිබේ. නීතිය සමාන ලෙස ක්‍රියාත්මක නොවීම සහ මහා පරිමාණ වංචාවලට දඬුවම් නොලැබීම ද ගැටලුවකි.
මෙවන් වටපිටාවක් තුළ රොඩී ජනතාවට සිය අදහස් මැතිවරණයක් හරහා පළ කිරීමට අවකාශය ලබා දීම අතිශය වැදගත්ය.
“නීතිඥයෙක් හැටියට වගේම ව්‍යාපාරික ලෝකයට සම්බන්ධ කෙනෙක් හැටියට මම විශ්වාස කරනවා, ලෝකයට රටට ජනතාවට පණිවිඩයක් දෙන්න මොන හරි මැතිවරණයක් තියන්න ඕනෑ. සමහරක් විට එහිදී ආණ්ඩුව කරන දෙය හරි කියලා ජනතාව පිළිගනියි. නැතිනම් විකල්පයකට බලය ලබා දෙයි. මම හිතන්නෙ නෑ මැතිවරණයකදී එක කණ්ඩායමකට විශාල බලයක් ලැබෙයි කියලා. නමුත් ජනතාව බල කරයි එකතුවෙලා වැඩ කරන්න කියලා."
මෙහිදී අර්බුදයට පිළියමක් ලෙස පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධව ද අපි සාකච්ඡා කළෙමු. පළාත් පාලන මැතිවරණය කරා සැලකිය යුතු වෙනසක් කිරීමට හැකි වේ දැයි අපි ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතාගෙන් විමසා සිටියෙමු.
“මගේ මතය තමයි පළාත් පාලන ආයතන හරහා කෙරෙන්නේ එදිනෙදා ජීවිතයේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන එක. මට පේන විදිහට මේ කොට්ඨාස ඡන්ද ක්‍රමය තුළ ඒ ඒ පුද්ගලයන්ට සමීප කෙනා පත් කරන්න තමා මේ යන්නේ. දේශපාලන පක්ෂයත් අදාළ වෙනවා, ඊට වඩා ජනතාවට මේ මැතිවරණයේදී වැදගත් වෙන්නේ පුද්ගලයා. මම හිතනවා මෙතනදි මිනිස්සුන්ට විශ්වාසයක් ඇතිවෙයි ඡන්දයක් දීල කෙනෙක් පත් කර ගන්නවා කියන එක ගැන. ලොකු ලොකු ආර්ථික ප්‍රශ්නවලට මේ හරහා විසඳුමක් නොවුණත්, මේ මැතිවරණය හොඳ ආරම්භයක්."
පහළම ස්ථරයේ සිට ඉහළට රට නැවත ප්‍රතිනිර්මාණය කිරීමට මෙම මැතිවරණය ඉවහල් වනු ඇතැයි ප්‍රසන්ත ලාල් අල්විස් මහතා විශ්වාසය පළ කරයි.
“දෙවැනි කාරණාව තමයි අපි දැක්කා අරගලය තුළ නීතිය අතට ගත්තා. එක් අවස්ථාවක් ආවා ව්‍යවස්ථාව ඉරල දාන්න ඕන කියලා නීතිඥ මහත්තුරැ පවා කියන. ඒක හරි වෙන්න බෑ. ඒ නිසා මේ මැතිවරණය හරහා නීත්‍යානුකූලව ඡන්දෙකින් තම හැඟීම් අදහස් ප්‍රකාශ කරන්න ජනතාවට නැවත අවස්ථාවක් ලැබීම වැදගත්. ඒක ඉතා හොඳ දෙයක්. එය නීතියේ ආධිපත්‍ය නැවත ස්ථාපිත වීමටත් හේතු වෙනවා."
ප්‍රසන්ත ලාල් අල්විස් මහතා අවසාන වශයෙන් පෙන්වා දෙන්නේ මෙවන් මොහොතක මැතිවරණයක් පැවැත්වීම ජනතාවගේ මෙන්ම ප්රජාතන්ත්රවාදයේ ද ජයග්‍රහණයක් බවයි. අනීතික ක්‍රියාවලි හරහා ජනතා මතය ප්‍රකාශයට පත්වීමේ භයානක බව පෙන්වා දෙන ප්‍රසන්ත ලාල් අල්විස් මහතා ප්රජාතන්ත්රවාදී බලාපොරොත්තුවක වටිනාකම තවදුරටත් පැහැදිලි කරයි.
I චමිඳු නිසල් ද සිල්වා