සොරුන්ට ගණ දෙවි නුවණ ඇතැයි ජන සම්මතයේ කතාවක් තිබේ. එම කතාව අපට සිහිවූයේ ඊසි කෑෂ් ක්‍රමයට අල්ලස් ගැනීම් පිළිබඳ පුවත් කිහිපයක්ම පසුගියදා අසන්නට ලැබීමත් සමඟයි. අප දන්නා පරිදි රට පුරා විවිධ වංචනික ගනුදෙනු සිදුකිරීම සඳහා ඊසි කෑෂ් ගනුදෙනු භවිතා වේ. එහෙත් ඒ පිළිබඳ බලධාරීන්ගේ විශේෂ අවධානයක් යොමු වී ඇද්ද යන්න සැකයකි.
ඊසි කෑෂ් සම්බන්ධ ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ හැටන් දික්ඔය නගර සභාවෙනි. මෙම පළාත් පාලන ආයතනයේ නිලධාරීන් පිරිසක් ඊසි කෑෂ් ක්‍රමයට අල්ලස් ලබා ගන්නා බවට එහි හිටපු සභාපති ඇතුළු පිරිසක් චෝදනා කර තිබේ. නගර සභාවේ නිලධාරින් සහ සේවකයන් පිරිසක් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඇතුළු පදිංචිකරුවන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට කියැවේ.
කෙසේ වෙතත් අල්ලස් සම්බන්ධව ඊසි කෑෂ් ගනුදෙනු සිදුවන බවට තොරතු හෙළිදරව් වූ පළමු අවස්ථාව මෙය නොවේ. මේ වනවිටත් රාජ්‍ය ආයතන රුසක ඊසි කෑෂ් අල්ලස් ගනුදෙනු සිදුවන බවට තොරතුරු තිබේ. ආරංචිමාර්ග සඳහන් කරන පරිදි ඊෂි කෑෂ් ක්‍රමය ඔස්සේ මුදල් ගනුදෙනු සිදුවීම හේතුවෙන් අල්ලස් ගන්නන් හෝ දෙන්නන් කොටු කර ගැනීමට ඉතා අපහසු වී ඇති බවද කියැවේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය තුළ පවා මෙවන් ගනුදෙනු සිදුවන බව ආරංචි මර්ග සඳහන් කරයි.
eZ Cash යනු ඕනෑම වේලාවක, ඕනෑම තැනකදී ඩයලොග් ජංගම දුරකථන සේවාව භාවිතයෙන් පුළුල් පරාසයක කළ හැකි මූල්‍ය ගනුදෙනු විශේෂයකි. ඩයලොග් විසින් හඳුන්වා දෙනු ලැබූ මෙම සේවය මේ විට තවත් දුරකථන ජාල හරහාද ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් මෙය ශ්‍රී ලංකා මහ බැංකු විසින් අනුමත කරන ලද සේවාවකි. eZ Cash මඟින් පාරිභෝගිකයන්ට ජංගම දුරකථනයේ මුදල් ගිණුමක් ඇති කර ගැනීමට හැකි වන අතර එය ටොප්-අප් කර ඔබේ ජංගම දුරකථනය හරහා කෙළින්ම මුදල් ගනුදෙනු කිරීමේ හැකියාව උදාවේ.
කෙසේවෙතත් මේ වනවිට ඊසි කෑෂ් හරහා බරපතළ ගණයේ ජාවාරම් සිදුකරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ය. හෙරොයින්, අයිස් ආදී මත්ද්‍රව්‍ය මත්ලෝලීන් වෙත අලෙවි කරන වෙළෙන්දෝ ඊසි කෑෂ් වැඩි වශයෙන් භාවිතා කරති. ඊසි කෑෂ් හරහා මුදල් ලබා ගනිමින් සිය තොරතුරු හෙළිදරව් නොවන පරිදි මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ඔවුන් සකසාගෙන ඇත. මෙලෙස ජාවාරම් කළ පිරිස් විශාල ප්‍රමාණයක් නීතියේ රුහැනට කොටුකර ගැනීමට පසුගිය වසර කිහිපය තුළ පොලීසිය සමත් වී තිබේ.
බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කිරීම සඳහාද ඊසි කෑෂ් ගනුදෙනු භාවිත කරන බව මේ වනවිට හෙළිදරව් වී තිබේ. ඊසි කෑෂ් ගනුදෙනු හඳුන්වා දුන් මුල් කාලයේ පටන්ම බන්ධනාගාර තුළ මෙම ජාවාරම ක්‍රියාත්මක වේ. 2013 වසරේදී වසරේදී එවකට බන්ධනාගාරයකින් අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් මත්කුඩු තොගය වැලිකඩදී සොයා ගැනීමට බන්ධනාගාර බුද්ධි ඒකකය සමත්වූයේ ඊසි කෑෂ් ජාවාරමක තොරතුරු ඔස්සේය. කෙසේ වෙතත් ගතවූ වසර දහයක පමණ කාලය තුළ බන්ධනාගාර ඊසි කෑෂ් මත්කුඩු ගනුදෙනු තවදුරටත් සිදුවෙමින් පවතියි. මේ සම්බන්ධවද අත්අඩංගුවට ගැනීම් රුසක් වාර්තා වී තිබේ.
ජංගම දුරකථන ජාල හරහා සිදුවන මෙම මුදල් ගනුදෙනුව නිසි නියාමනයක් සහිතව සිදුවන්නේද යන්න ප්‍රශ්න කළ යුතුය. බැංකු පද්ධතියේ හරහා සිදුවන ගනුදෙනු නියාමනය කිරීමේ හැකියාව බලධාරීන් සතු වේ. වංචනික ගනුදෙනු පිළිබඳ දත්ත සහ තොරතුරු ලබා ගැනීමටද හැකියාවක් තිබේ. එහෙත් ඊසි කෑෂ් ගනුදෙනුවලදී වංචනික පුද්ගලයන්ට ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාවය හෙළි නොවන පරිදි එම ගනුදෙනු සිදු කිරීමට හැකියාවක් ඇත. බොහෝ ජාවාරම්කරුවන් එම අවස්ථාව සිය වාසියට පෙරළාගෙන තිබේ. මෙම සේවාවේ පවතින සිදුරු බලධාරීන්ට නොපෙනීම සැබැවින්ම ගැටලු සහගත.
ඊසි කෑෂ් හරහා සිදුවූ වංචාවන් සහ ජාවාරම් පිළිබඳ කොතෙකුත් වාර්තා අපට ඉදිරිපත් කළ හැකිය. පසුගිය වසරේ හෙද හෙදියන්ට ස්ථාන මාරු ලබාදීම කඩිනමින් සිදුකළ හැකි බව පවසමින් ‘ඊසි කෑෂ්’ ක්‍රමයට මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පොලිසියට ලබාදී තිබිණි. දිනුමක් ලෙස ඇදී ඇති ජීප් රථයක් තමා සන්තක කර ගැනීමට බදු මුදල් ලෙස ගෙවිය යුතු යැයි දැන්වා ගම්පොළ ප්‍රදේශයේ තරුණයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 3ක මුදලක් ඊසි කෑෂ් හරාම් වංචා කිරීම පිළිබඳ පුවතක්ද පසුගිය වසරේ වාර්තා විය.
මීට අමතරව පසුගිය වසරවලදී අන්තර්ජාලයෙන් කාන්තාවන්ගේ ඡායාරෑප ප්‍රසිද්ධ කරමින් එයින් කැමැති කාන්තාවක් සමඟ හැසිරීමට හෝ රුයක් ගත කිරීමට හැකි බව පවසමින් ‘ඊසි කෑෂ්’ මඟින් මුදල් ලබාගැනීමේ ජාවාම් පිළිබඳව මෙන්ම ව්‍යාපාරිකයන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස පෙනී සිටිමින් හදිසි අවශ්‍යතාවයකට බව පවසමින් ඊසි කෑෂ් හරහා මුදල් ලබා ගැනීමේ ජාවාරමක් ජාවාරම් පිළිබඳවද තොරතුරු වාර්තා විය.
මේ අනුව පසුගිය කාලය පුරාවටම ඊසි කෑෂ් වංචාවන් පිළිබඳ තොරතුරු රුසක් වාර්තා තිබේ. සැබැවින්ම වාර්තා වූ ප්‍රමාණයට වඩා විශාල සිදුවීම ප්‍රමාණයක් ඇති බව අප පිළිගත යුතුය. මෙහිදී අවධාරණය කළ යුතු කරුණ නම්, පිළිගත් මූල්‍ය ගනුදෙනු සේවාවක් හරහා මෙම වංචාවන් සිදුව ඇති බවයි. එම නිසාම මහජනතාව ඔබ මේ පිළිබඳ අවධානය අවධානයෙන් සිටීම වැදගත් වේ. එසේම බලධාරීන්ද ඊසි කෑෂ් පිළිබඳ නැවත සිතා බැලීම මැනවි.
I චමිඳු නිසල් ද සිල්වා