මිනිසාත් සොබාදහමේ කොටස්කරුවෙකි. සොබාදහම විසින් මිනිසා නිර්මාණය කළා මිස මිනිසා සොබාදහම නිර්මාණය කළේ නැත. එහෙත් මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉහළ යාමත් සමඟ සොබාදහම මිනිසාගේ ගොදුරක් බවට පත්වූයේ නිරායාසයෙනි. සොබාදහම දාම චක්‍රයක් අනුව කැරකී ගියත් මිනිසාගෙන් සොබාදහමට සිදුවන හානියට නැවත ප්‍රතිකාරයක් හෝ ප්‍රතිචාරයක් සිදුකළේ නැත. මේ නිසා අද විශාල වශයෙන් මිනිසාගේ පාලනයක් නැති ක්‍රියා හේතුවෙන් සොබාදහම තර්ජනයට ලක්වෙමින් තිබේ.
එකී තර්ජනයේ ප්‍රධානම හෙණය වැදී ඇත්තේ වැසි වනාන්තර වෙතය. ජනාවාස පිහිටුවීම නිසා දිනෙන් දින තර්ජනයට ලක්වන වැසිවනාන්තර හේතුවෙන් ජෛව විවිධත්වයට මරු පහරක් එල්ලවී ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. මේ නිසාම එකී සොබාදහමේ මළගම සටහන් කිරීමට අද වනවිට රතු දත්ත පොත් පවා පවත්වාගෙන යාමට මිනිසාට සිදුවී ඇත. වටිනා ශාඛ සහ සතා සීපාවන් දිනෙන් දින මිනිසාගේ තර්ජනයට නතුවෙමින් විනාශයට පත්වෙමින් යන මොහොතක රතු දත්ත පොත යනු ලෝකයේ පුදුමය උපදවන ලේඛනයක් බවට මේ වනවිට පත්ව ඇත.
ලෝකය ගැන කතා කළත් අපේ භූමිය තුළද විවිධ තර්ජන හමුවේ සොබාදහමට සිදුවූ හානිය සුළුපටු නැත. මේ නිසාම අපේ රටෙන් රතු දත්ත පොතට ගිය නාමලේඛන පොඩි නැත. ඉන් දිගම නාමලේඛනයේ ඇත්තේ වඳවෙමින් යන අපේ රටට ආවේණික ශාඛයන්ය. එකී ශාඛ සංඛ්‍යාව කිවහොත් ඔබ පුදුම වනු ඇත. එහෙත් කිවයුතුය. මෙලෙස ජීවිත අවදානමට ලක්ව ඇති අපේ රටට ආවේණික ශාඛ සංඛ්‍යාව 625 කි. මේ සියලු ශාඛ අදවන විට වඳවීමේ තර්ජනයට ගොදුරු වී ඇති බව රතු දත්ත පොතේ සටහන් වී තිබේ.
කෙසේ වෙතත් ගස් 625ක් රතු දත්ත පොතට යනතෙක් මෙරට පාලකයන්,පරිසර ආරක්ෂක වේදීන් කුමක් කළේද යන්න ප්‍රශ්නයකි. එහෙත් ප්‍රශ්න මත නැහීම අපේ රටේ පුරුද්දක් නිසා පිළිතුර සෙවීම කෙරෙහි අපි අවධානය යොමු කළෙමු. මේ ශාඛ නැවත ආරක්ෂා කළ හැකිද? එසේ නම් කෙසේද? එය කරන්නේ කවුද? මේ සියල්ලට පිළිතුරු පසුගිය 17 වනදා ලැබිණි. අප ඔහුගෙන්ම ඒ ගැන ඇසුවෙමු.
''ඇත්තටම මම මේ රටේ ගස් හිටවන්නේ 2000 ඉඳලා. මගේ මුල්ම ව්‍යාපෘතිය ගස් මිලියනයක් හිටවන එක. ඒ අරමුණ වෙනුවෙන් මම මේ වෙද්දි ගස් 520000ක් මේ භූමිය තුළ පැළ කරලා තියෙනවා. ඒ නිසා ගස් හිටවන එක මට අමුතු දෙයක් නෙමේ.''
මෙලෙස කීවේ වෙනින් කවුරුත් නොව මෙරට අංක එකේ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතාය. එලෙස ඔහු පැවසුවේ මෙලෙස හදිස්සියේ ගස් හිටවන්න පටන් ගන්නෙ ඇයිද යන්න ගැන අප කළ විමසුමකටය. ඔහු එලෙස පැවසුවත් 17 වනදා ආරම්භ කළ ව්‍යාපෘතියේ ඊට වඩා වෙනසක් අපිට දැකගන්නට හැකිවිය. ඒ නිසා අප තවත් හාරා අවුස්සා ඒ සම්බන්ධයෙන් විමසුවෙමු.
''මෙහෙමයි මම ලිව්ව පොතේ එක කොටසක් පරිසරය ආරක්ෂා කිරීම. ඒක කරන්නේ කොහොමද කියලත් මගේ පොතේ ලියලා තියෙනවා. අන්න එතනදී රතු දත්ත පොතේ තියෙන අපේ රටට ආවේණික ශාඛ 625 මේ වෙද්දි වඳවෙමින් යන්නේ. ඉතිං මම මේ පාර ආරම්භ කළේ ඒ වඳවීගෙන යන අපේ රටට ආවේණික ශාක 625 නැවත හිටවලා රතු දත්ත පොතෙන් ඉවත් කරගන්න.ඉතිං ඒ ව්‍යාපෘතිය අපි නිල වශයෙන් පසුගිය 17 වනදා ආරම්භ කළා.''
ධම්මික පෙරේරා මහතා කියන ආකාරයට මෙය ලෙහෙසි පහසු කටයුත්‍තක් නොවන්නේය. රතු දත්ත පොතෙන් ශාඛ 625 ක් ඉවත් කිරීම කෙසේවත් සුළුපටු වන්නේ නැත.එය කෙලෙස සිදුකරන්නේද යන්න අපි ඔහුගෙන්ම අසා සිටියෙමු.
''දැන් ඔය ගස් හිටෙව්වා කියලා රතු දත්ත පොතෙන් නම ඉවත් කරගන්න බෑ. ඒ ගස් හඳුනගෙන, ඒවට ආවේණික ප්‍රදේශ, පළාත්, දිස්ත්‍රික්ක හඳුනගෙන ඒ තැන්වලම ගස් හිටවන්න ඕන.එහෙම නැතුව නිකන් හිටෙව්වා කියලා නම අයින් කරන්න බෑ. උදාහරණයක් හැටියට පහුගිය කාලයේ අර හයිවේ එකට කැපෙන්න ගිය පඬුකරද ගහක් ගැන කතාවක් ගියා. ඒක මේ ගම්පහ පැත්තේ තිබිලා හොයාගත්තා. ඒ ගහ රතු දත්ත පොතේ තියෙනව. ඒත් ගම්පහින් හම්බවුණාට වැඩක් නෑ. ඒ ගහ තියෙන්න ඕන කළු ගඟ දෙපැත්තේ. අන්න එතකොටයි ඒ ගහ තර්ජනයෙන් ඉවත් වෙන්නේ.''
ඔහු කියන ආකාරයට සැබවින්ම මෙය ලෙහෙසි පහසු නැත වඳවීගෙන යන ශාඛයක් නම් ඒවා හඳුනාන්නත්, ඒවා හොයාගන්නත්, නැවත රෝපණය කරන්නත් සුළු පටු නැත. ඊටත් වඩා මේ ගස් 625 සොයා ගැනීම කොහෙත්ම ලේසි නැත.
''මේක ලේසි වැඩක් නෙමෙයි. කොහොම වුණත් මම ප්‍රශ්නය එක්ක ඉන්න කෙනෙක් නෙමේ.මම ඉන්නේ විසඳුම එක්ක. ඒ නිසා මේ වෙද්දී අපි පරිසරවේදීන් මහජනතාව එක්ක මේ ශාඛ හඳුනාගෙන යනවා. එහෙම හඳුනාගත්තට පස්සේ මේ සියල්ල ගැන අපේ DP එඩියුකේෂන් වෙබ් අඩවියේ පළකරනවා. ඇත්තටම මේකට මහජනතාවගේ උදව් ඕන.මේ ගස් හොයාගන්න වවන්න. නැවත පැළ කරන්න. ඒ නිසා මේක සාමූහික වැඩක්. අනික මම මේ ව්‍යාපෘතිය තුළ ගස් කෝටියක් හිටවනවා. ඒ නිසා මම කියන්නේ මේකට සහයෝගය දෙන්න කියලා. ඔබට සහායක් දෙන්න පුළුවන් නම් අපේ DP එඩියුකේෂන් එකේ ඊමේල් එකට පණිවිඩයක් තියන්න පුළුවන්.''
ව්‍යාපෘතියකට වඩා සැබවින්ම මෙය ජාතික මෙහෙවරක් බව කිවයුතුමය. නැති වෙන්න යන අපේම රටේ අපිටම අයිති ගස් රුකගැනුම අපේ රටේ මහජනතාවගේ යුතුකමකි. ඒ අනාගතය වෙනුවෙන් රුකගන්නටය. ඒහෙත් ධම්මික පෙරේරා මහතා මේ ව්‍යාපෘතිය හරහා යම් ස්වයං රුකියා වැඩසටහනකුත් ඉබේම පිහිටුවා ඇති ආකාරය ඔහුගේ කතාවෙන් හෙළිවිය.
''මම කිව්වේ අර පඬුකරද ශාඛය. අපි ඒක කළු ගඟ දෙපැත්තේ හිටවනවා. ගස් 5000ක් විතර ඕන. අඩි දෙකහමාරකට වඩා උස වැඩි පඬුකරද ගහක් අපි රුපියල් 1000 කට මිලදී ගන්නවා. දෙන්න පුළුවන් අයගෙන් අපි ගන්නවා. පඬුකරද ශාඛ වගේම අනිත් ශාඛත් අපි ගන්නවා. ඒ සියල්ල අපි ඉදිරියේ දැනුම් දෙනවා. ජනතාවගේ සහාය මේ වෙනුවෙන් ඕනමයි.''
සැබවින්ම මේ වෙනුවෙන් ඔබේ දායකත්වය ලබාදෙන්නට හැකිනම් එය මහඟු කටයුත්තකි. එනම් මෙවන් ව්‍යාපෘතියක් නිකන්ම නිකම් ව්‍යාපෘතියක් නොව පරිසරසය සතු අපේ අනන්‍යතාව රුකෙන වැඩකි. එහෙත් මෙවැනි ව්‍යාපෘති කෙතරම් දුර යයිද? මේවා සිදුකිරීමෙන් පළක් තියේද යන්න අප අවසන් වශයෙන් ධම්මික පෙරේරා මහතාගෙන් විමසුවෙමු.
''මෙහෙමයි. ඕනම ව්‍යපාපෘතියක හරි වැඩක හරි මම අවසානයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.මොකද කිසිම දෙයක් 100෴ අවසන් කරන්න බෑ. ඒත් අපි වගේ අය මේවා ආරම්භ කරන්න ඕන. එතකොට තමයි මේ දේවල් ඉදිරියට යන්නේ. අනික මගේ DP එඩියුකේෂන් හරහා ඉදිරියේ වෙනම පාඩමක් යනවා අපේ පරිසරය රුකගන්න හැටි. වැඩි දියුණු කරන හැටි, සංරක්ෂණය කරණ හැටි. අපේ මතු පරපුරට මම ඒක කියාදෙනවා. මම හදනවා මම වගේම අනාගතය සුරකින පරම්පරාවක්. උගත්තු විතරක් නෙමේ ප්‍රායෝගික පරම්පරාවක්.''
පාරිසරික සම්පත අනාගතයෙන් අප ණයට ගත් දෙයක් බව ප්‍රකට කියමනක සඳහන්ය. අනාගතයෙන් ණයට ගත් මෙම සම්පත සුරක්ෂිත ලෙස මතු පරපුරට පවරාදීමට දැරෙන මෙවන් ප්‍රයත්නයන් සඳහා ජවය හා දිරිය සැපයීම පුරවැසි කාගේත් යුතුකමක් මෙන්ම වගකීමක්ද වෙයි.
I ගයාන් ගාල්ලගේ