දකුණු ආසියාවේ 'පොප් සෙන්සේෂන්' (Pop Sensation) ලෙසින් හඳුන්වන ශ්‍රී ලාංකික ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා හට ඩුබායි රටෙන් 'ගෝල්ඩන් වීසා' (Golden Visa) බලපත්‍රය ලබා දෙනු ලැබීය. පසුගිය 04 වැනිදා 'ක්ලැසික් ග්ලෝබල්' සමාගම විසින් යොහානි හට මෙම බලපත්‍රය ලබා දීමට මූලිකත්වය ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ කලා කටයුතුවල නිරත වෙමින් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්වූ යොහානි මෙම ඇගයීමට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික කලාකාරිය ලෙසින් හැඳින්විය හැකිය. ශ්‍රී ලාංකික ගායිකාවක සහ බහු වාදක ශිල්පිනියක ද වන යොහානි මේ වනවිට ඇගේ ගායනයෙන් ජාත්‍යන්තර රසික හදවත් දිනාගෙන සිටී.
ඩුබායි දේශයෙන් ප්‍රදානය කරන ලද රන් වීසා (Golden Visa) ලාභියාට ජාතික අනුග්‍රාහකයකුගේ අවශ්‍යතාවයකින් තොරව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජීවත් වීමට, එහි කටයුතු කිරීමට, අධ්‍යාපනය ලැබීමට සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ප්‍රධාන භූමියේ ඔවුන්ගේ ව්‍යාපාරවලින් 100' ක් හිමිකර ගැනීමට ඉඩ ලැබෙයි.
මෙය වසර දහයක් සඳහා ලබාදෙනු ලබන වීසා බලපත්‍රයක් වන අතර නැවතත් ඊළඟ වසර දහයක් දක්වා දීර්ඝ කිරීමේ හැකියාව පවතී. ආයෝජකයන්, ව්‍යවසායකයන්, පර් ෙය්ෂකයන්, වෛද්‍ය වෘත්තිකයන්, විද්‍යාත්මක දැනුම ක්ෂේත්‍රවල අය, සුවිශේෂී කුසලතා ඇති පුද්ගලයන් සඳහා මෙම ගෝල්ඩන් වීසා බලපත්‍රය ලබාදීම සිදු කරයි. ඒ අනුව ගායිකාවක ලෙස ජනප්‍රියත්වයක් හිමි කරගත් ශ්‍රී ලාංකික කලාකාරියක වන යොහානි ද සිල්වා ඩුබායි දේශයේ රන් වීසා හිමිකාරියක් බවට පත්ව සිටී.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් ලබා දෙනු ලබන ගෝල්ඩන් වීසා හෙවත් රන් වීසා බලපත්‍රය හිමිකර ගැනීමෙන් වාසි කිහිපයක්ම හිමිවේ. වීසා බලපත්‍රය හිමිකර ගන්නා විදේශිකයකුට පදිංචිකරුවකුගේ අනුග්‍රාහයක් නොමැතිව ඩුබායි රාජ්‍යයේ ජීවත් වීමට, අධ්‍යාපනය ලැබීම මෙන්ම වැඩ කටයුතුවල නිරත වීමට ඉඩ ලැබෙයි. ගෝල්ඩන් වීසා හිමිකරුවකුට හෝ හිමිකාරියකට ඔවුන්ගේ පවුලේ බිරිඳ, සැමියා, දරුවන්, මව්පියන් සමඟ ඩුබායි රාජ්‍යයේ ජීවත් වීමට හැකියාව ලැබෙයි.
රන් වීසා බලපත්‍රලාභීන් හට ඕනෑම ආයතනයක රැකියා කිරීම සඳහා අයැදුම් කිරීමට සහ තනතුරු බාරගැනීමට අයිතියක් හා නිදහසක් හිමිය. ශ්‍රී ලාංකික කලාකාරියක වන යොහානි ද සිල්වා හට ඩුබායි රාජ්‍යයෙන් මෙම රන් වීසා බලපත්‍රය ප්‍රදානය කළ ද එයට හිමිකම් කීම එතරම් ලෙහෙසි පහසු වන්නේ නැත.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රන් වීසා බලපත්‍රයක් ලබාගැනීම සඳහා අයැදුම් කරනු ලබන ආයෝජකයන්ට අවම වශයෙන් ඩිරාම් මිලියන දහයක රාජ්‍ය ආයෝජනයක්, ආයෝජන අරමුදලක් හෝ සමාගමක් හිමිව තිබිය යුතුය. කෙසේ වෙතත් එය මුළු ආයෝජනයෙන් අවම වශයෙන් 60' ක වත්කම් ආකාරයෙන් නොවිය යුතුය. ආයෝජනය කළ මුදල ණයට නොදිය යුතුය.
ඩුබායි රාජ්‍යයේ සුවිශේෂී උසස් පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ට වසර පහක නේවාසික වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකිය. නමුත් මෙම බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැක්කේ තම රටදී ඉහළ ලකුණු ලබාගත් සිසුන් සඳහා පමණි.
මෙම විශේෂ වීසා බලපත්‍රය ශ්‍රී ලාංකික කලාකාරියක වන යොහානි ද සිල්වාට ඩුබායි දේශයේ 'ක්ලැසික් ග්ලෝබල්' සමාගම විසින් ප්‍රදානය කිරීම ඇය ලද ජයග්‍රහණයකි. ගෝල්ඩන් වීසා සැකසීමේදී ක්ලැසික් ග්ලෝබල් සහ සෙරන්ඩිබ් ක්ලැසික් විසින් ලබාදෙන සහාය සහ විශේෂඥ දැනුමද යොහානි ඇගයීමට ලක් කර තිබිණි. තම කලා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඇගේ කළමනාකරු වන දිලංජන් සෙනෙවිරත්න ඇතුළු කණ්ඩායමෙන් ද ඇයට අනගි සහායක් ලැබේ.
''මෙම ජයග්‍රහණය මා පමණක් ලද ජයග්‍රහණයක් නොවේ. ඔබ සැමගේ කාරුණික ආදරය සහ සහයෝගය ඒ ජයග්‍රහණයේ සාක්ෂියයි.'' යොහානි ද සිල්වා කියන්නීය.
I දිශානි ජයමාලි කරුණාරත්න