වසර ගණනාවක් පුරා කළ පර් යේෂණ සාර්ථක වෙමින් ඩ්‍රෝන යානයක් මගින් වගාවන් සඳහා කෘමිනාශක සහ වල්නාශක ඉසීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකීය තරුණයෙක් සමත් වී සිටී. ඔහු නමින් සංකල්ප ද සිල්වා ය.
මෙය කෘෂි කර්මාන්තය සඳහා පරිහරණයට ගනු ලබන ඩ්‍රෝන යානයකි. ඩ්‍රෝන යානා මේ වනවිට විවිධ මාදිලියේ නවීන තාක්ෂණයත් සමඟ නිෂ්පාදනය වෙමින් තිබේ. මේ අනුව සංකල්ප විසින් නිෂ්පාදනය කෙරුණු මේ ඩ්‍රෝන යානය සඳහා මෙතෙක් නීතියෙන් අනුමැතිය හිමිව ඇත්තේ කෘෂිකාර්මික වගා කටයුතු සඳහා පමණි. නමුත් මෙම ඩ්‍රෝන යානය මඟින්ද කැමරාගත කිරීම, භාණ්ඩ ඉහළට එසවීම ආදී සාමාන්‍ය ඩ්‍රෝන යානායකින් සිදුකළ හැකි අනෙකුත් ක්‍රියාවලියක්ද සිදු කිරීමේ හැකියාව පවතී.
''කෘෂි කර්මාන්තයට ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් පර් යේෂණ ආරම්භ කළේ 2015 වසරේදීයි. මෙම ඩ්‍රෝන යානය ලංකාව් නිෂ්පාදනය කළ අපේම වැඩක්. මේ සඳහා අවශ්‍ය විවිධ කොටස් විදෙස් රටවල්වලින්ද ගෙනාවා. ඇත්තම කිව්වොත් මේක මා විසින් නිෂ්පාදනය කළත් මට මගේ යහළුවෝ කිහිප දෙනෙකුත් ඒකට උදව් කළා. 2015 අවුරුද්දේ මෙය භාවිත කිරීමේ හැකියාව සම්බන්ධයෙන්
පර් යේෂණ ආරම්භ කළා. එතැන් සිට මේ සඳහා අපි විවිධ අත්හදා බැලීම්, දැනුම් එකතු කරගත්තා. ඒ අනුව 2018 අවුරුද්දේ තමයි මෙම ඩ්‍රෝන යානය කොටස් ටිකින් ටික නිෂ්පාදනය කිරීමේ කටයුත්ත ආරම්භ කෙරුණේ. 2019 අවුරුද්දේ එය නිෂ්පාදනය කොට අවසන් කරද්දී 2020 අවුරුද්දේදී එය ක්ෂේත්‍රයට මුදා හැරියා...'' යැයි සංකල්ප ද සිල්වා මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
ඒ අනුව 2020 වසරේ සිට මේ දක්වා අක්කර නවසීයකට අධික වගා කොටසකට මෙම ඩ්‍රෝන යානය හරහා කෘමිනාශක හා වල්නාශක දියර ඉස අවසන් කොට ඇත. පළමුව සංකල්ප මෙම ඩ්‍රෝන යානය මගින් කුඩා කුඹුරුවලට පොහොර ඉසීමේ කටයුත්ත ආරම්භ කළේය. කුරුණෑගල ආශ්‍රිතව වගා බිම් ඔහුගේ ආරම්භය විය. ඒ අනුව මේ වනවිට අක්කර නවසිය තිහකට මෙම ඩ්‍රෝන යානයෙන් දියර ඉසීම් සිදුකර ඇත.
එයින් ලැබෙන ප්‍රතිඵලය හා ප්‍රතිචාරය ඉතා හොඳ මට්ටමේ පවතී. මෙමගින් ගොවීන්ට විශාල ප්‍රතිලාභ ලැබේ. විශේෂයෙන් ඉහළට එසවෙන ඩ්‍රෝන යානයෙන් දියර ඉසීමේ හේතුවෙන් ගොවීන්ට කෘමිනාශක දියර ආශ්වාස ප්‍රාශ්වාස වීමත් සිදුවන්නේ නැත. ශරීරයේ ගෑවීමක් සිදුවන්නේ නැත. කුඹුරු හා වගාවන්ට යෙදීම සඳහා මඩේ බැසීමත් අවශ්‍ය වන්නේ නැත. දියර යොදා ටැංකි පිටේ බැඳ පැය ගණනාවක් කුඹුරේ ගතකිරීමට අවශ්‍ය වන්නේ නැත.
''මෙම ඩ්‍රෝන යානය මඟින් දියර 60%කට වැඩි ප්‍රමාණයක් ඉතිරි කරනවා. යම් කුඹුරකට හෝ වගා බිමකට ඩ්‍රෝන යානයට පෙර යෙදූ දියර ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් මෙමගින් වගා බිම්වලට යොදන්නට පුළුවන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සම්මත කළ ප්‍රමාණයට අනුව දියර ඉසීමෙන් වල්පැළෑටිත් විනාශ වන බව සඳහන් කර තිබෙනවා. ඒ සම්මතයට වඩා අඩු ප්‍රමාණයකින් ඩ්‍රෝන යානයෙන් වල් පැළෑටි විනාශ කිරීමේ හැකියාව පවතිනවා. එකවරකට මෙම ඩ්‍රෝන යානයෙන් ලීටර් විසිපහක දියර ප්‍රමාණයක් ඉහළට රුගෙන යාමේ හැකියාව පවතිනවා. ඇත්තම කිව්වොත් එකවරකට ලීටර් හතළිහක් ගෙන යාමේ හැකියාව පවතිනවා. නමුත් අපිට නීතියෙන් අවසරය ලැබී ඇත්තේ ලීටර් විසිපහකට විතරයි.'' යැයි සංකල්ප ද සිල්වා කියයි.
මේ වනවිට ඉතා සාර්ථක ලෙසින් මෙම ඩ්‍රෝන යානය කෘෂිකර්මාන්ත කටයුතු සඳහා යොදාගැනීමේ හැකියාව පවතී. වසර ගණනාවක් තිස්සේ පර් යේෂණ කරමින් නිෂ්පාදනය කළ සංකල්පගේ ඩ්‍රෝන යානය ඉතා සාර්ථක නිර්මාණයක් වශයෙන් දැන් ක්‍රියාත්මක වෙයි. 2019 වසරේදී විවිධ මාධ්‍යයන් තුළින් සංකල්පගේ ඩ්‍රෝන යානයට යම් ප්‍රචාරයක් ලබා දී තිබුණි. මේ අතරේ සමහරු විවිධ රටවල්වලින් මෙවැනි ඩ්‍රෝන යානා මෙරටට ගෙන්වා ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමට යම් උත්සාහයක් දැරෑහ. නමුත් සංකල්ප වැනි ශ්‍රී ලාංකීය තරුණයන් නිර්මාණය කරන ලද මෙවැනි සාර්ථක නිර්මාණයන් අගය කළ යුතු අතර ඔවුන් දිරිගැන්වීම ඉතා වැදගත් වේ. ශ්‍රී ලාංකීය මිනිසුන්ට තම රට තුළම යමක් කළ හැකි බවට සංකල්ප වැනි තරුණයන් හොඳ ආදර්ශයකි. නමුත් ඒ සඳහා ඔවුන්ට රජයෙන් ඉහළ නිලධාරීන්ගෙන් මෙන්ම ව්‍යවසායකයින්ගේ අනුග්‍රහය හා අතදීම ඉතා වැදගත් වේ. ඒ අනුව සංකල්ප විසින් නිෂ්පාදනය කරන ලද ඩ්‍රෝන යානාවන් දීපව්‍යාප්ත කරලීමේ වැඩපිළිවෙළක් සකස් කළයුතු ය.
සංකල්ප කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. හතර වසරේ සිට සංකල්ප විවිධ අත්හදා බැලීම් කර ඇත. පාසලේදී චිරාත් නම් මිතුරා සමඟ එක්වූ සංකල්ප වයර් කැබලි අමුණමින් පළමුව රොබෝ පරිපථයක් නිර්මාණය කළේය. එතැන් සිට මෙම මිතුරන් දෙදෙනා විවිධ විද්‍යුත් අත්හදා බැලීම් සමඟ නිර්මාණයක් කළහ. පහ වසරේදී ඔවුන් FM රේඩියෝවක් නිර්මාණය කළහ. එවැනි විද්‍යුත් උපාංග නිර්මාණ කිරීමේදී ඇතැම්විට ඇතැම් තැන් වැරදුණ අවස්ථාවක්ද තිබුණි. ඔවුහු ඒ කිසිදු අවස්ථාවක අධෛර්යමත් නොවූහ. වසර ගණනාවක් විදෙස් ගතවුණ සංකල්ප ගුවන් යානා තාක්ෂණය සම්බන්ධයෙන්ද වැඩිදුර අධ්‍යාපනයක් ලැබුවේය. ඒ සියලු දැනුමත් සමඟ සංකල්ප ඩ්‍රෝන යානයෙන් කෘෂිකර්මාන්තයට යම් වාසිදායක සාර්ථක වැඩපිළිවෙළක් හඳුන්වා දීමට ඔහු සමත් විය. මේ කටයුත්ත රටපුරා ව්‍යාප්ත කිරීමට නම් මේ සඳහා රජයෙන් හෝ යම් ආයතන අනුග්‍රාහකයන් අවශ්‍යව ඇත. විදෙස් රටවල්වලින් මෙරටට ගෙන්වන්නට සූදානම් වූ මෙම ඩ්‍රෝන යානා නිෂ්පාදනය ශ්‍රී ලාංකීය තරුණයකු අතින් සිදුවීම රටටම ආඩම්බරයකි.
I දිශානි ජයමාලි කරුණාරත්න